(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නිසි මිලක් නොමැතිකමින් නවගත්තේගම මහ අන්දරවැව දොඩම් වගාකරුවෝ අන්ත අසරණ වී සිටිති.
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් වසමට අයත් මහ අන්දරවැව ගම්මානයේ පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් තම ජීවිකාව සරිකර ගැනීමේ අරමුණින් දොඩම් වගාව අරඹා තිබුණද එය මේ වනවිට සිහිනයක් බව ඔවුහු පවසති.
මෙහිදී වගාකරුවන් අතරින් පළමුව අදහස් දැක් වූ මහ අන්දරවැව ඊ. එම්. ගුණරත්න බණ්ඩා පැවසූවේ මෙවැන්නකි.
‘අපේ දොඩම්වලට නියම මිලක් නොමැති නිසා අපි පුදුම විදියට අසරණ වී සිටිනවා. මහ අන්දරවැව දොඩම්වලට නියම ගැනුම්කරුවකු නොමැති නිසා මිලදී ගන්න එන ගැනුම්කරුවන් අපිට දෙන්නේ අඩුම මිලක්. හොඳ ගැනුම්කරුවකු ආවොත් ස්ථාවර සාධාරණ මිලක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා’ යැයි ඔහු පවසයි.
දොඩම් වගාකිරීමේ යෙදී සිටින චම්පා දිල්හානි මහත්මිය මෙසේ පැවසුවාය.
‘අපි දොඩම් වගාව සඳහා විශාල වියදමක් දරනවා. මේ පළාතේ පවතින නියගයට ඔරොත්තු දෙන ආකාරයට දිවුල් ගසට දොඩම් ගස බද්ධ කරලායි වගා කරන්නේ. නමුත් රසයේ කිසි අඩුවක් නැහැ. ඵලදාවත් හොඳ මට්ටමක තියෙනවා. ඇතැම් කාලවලදී දොඩම් ගෙඩි ගස් යට කුණු වී යනවා. ඒ තරමට අපේ දොඩම් අස්වැන්නට නිසි මිලක් නැති වෙලා’ යැයි ද ඇය පවසයි.
දොඩම් වගාකරුවකු සහ දොඩම් වෙළදාම් කරන්නෙකු වන ආර්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා දොඩම් තොගයක් අලෙවි කිරීමට රැගෙන යන අතරතුරදී මෙසේ පැවසීය.
‘නවගත්තේගම මහ අන්දරවැව කියන්නේ දොඩම් වගාවට හොඳ ගම්මානයක්. මේ ගම්මානයේ පවුල් 100ක් විතර දොඩම් වගාකරනවා. අක්කරවලින් කිව්වොත් 100කට වැඩිය වගා කරනවා. ඒ තරමට සාර්ථක අන්දමින් දොඩම් වගා කරනවා. නමුත් ඒ සඳහා වෙළඳපොළක් නැහැ. මම දොඩම් වගා කරනවා වගේම අලෙවි කටයුතුත් සිදු කරනවා. ඇතැම් කාලවලදී අපේ දොඩම් මිලදී ගන්න කිසිම පුද්ගලයෙකු එන්නේ නැහැ. නමුත් පිටරටින් එන දොඩම් වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ඒ දොඩම්වල තියෙන රසායනික ද්‍රව්‍ය ගැන අපේ මිනිසුන්ට කිසි තැකීමක් නැහැ. පොත්තටයි රහටයි වහවැටිලා වහ කනවා’ යි ඔහු පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකතුවෙලා කොළඹට ගෙනෙන්න මේ දොඩම් වීදුරුවක් 100 -250 යනකල් යනවා. ගෙඩියට සාධාරණ ගානක් දෙන්න බැරි මොකද?
මේ රටේ 15 % රාජ්‍ය නිලධාරීන් , දිසපති කාර්යලවලට අනුයුක්ත කරලා ඉන්න සංවර්ධන නිලධාරීන් මොනවද කරන්නේ . මේ රට දියුණු කරන්ඩ ඕනනම් කෘෂිකර්මාන්තය දියුණු කරන්ඩම ඕන . මේ මෝඩ දේශපාලකයන්ටයි සහ රාජ්‍ය නිලදරීන්ටයි මේක තේරුම්ගන්ඩ බැහැ. ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ 8000 නඩත්තු කරනවා එත් මුන්ගෙන් වැඩක් නැහැ .
මේවා ගැන සොයලා බලලා කටයුතු කරන්න තමයි මන්ත්‍රීවරු සහ ආණ්ඩු පත්කරන්නේ... ඔවුන් මේවා බල්න්නේ නෑ. හම්බ කරගන්නේ කොහොමද කියලයි හැම වෙලාවේම බලන්නේ...
මේ මගේ ගමට අල්ලපුගම. අපෙත් තියනවා අක්කර තුනක පැනි දොඩම් වගාවක්... ගෙඩියක මිල රුපියල් පහක් විතර වෙන්නේ කිලෝඑකක් රුපියල් පනහක්වත් නෑ. හැබැයි පෙරේදා කොළඹ සුපිරි වෙළඳසල්වල කිලෝ එක රුපියල් 350යි. ගොවියට වැඩකුත් නෑ පාරිභෝගිකයට සහනයකුත් නෑ. මේකට අනිවාර්යයෙන් අපේ මිනිස්සු එක්ක එකතුවෙලා පියවරක් ගන්නවා. අතරමැදියන් අතට පත්නොකර කෙලින්ම අදාල අායතන වෙතටම දොඩම ලබාදීමට... මා පිලිබඳ අායතන කිහිපයක් සමගම කතා කළා... යහපත් පිළිතුරු ලැබුණා... හැබැයි මෙය මගේ ලාභය උදෙසා නොව අපි සියලු දෙනාගේ ලාභය උදෙසා. වැඩේ පටන් ගන්නයි ටිකක් අමාරු..
මේකට හේතුව රට පාලනයෙන් තොර වීමයි. මහන්සි වෙන ගොවියාගෙන් කුණුකොල්ලයට අරගෙන පාරිභෝගිකයාට ගිණි ගානට දෙනවා. අන්තිමට මිනිස්සු ගන්නේ නැතිව පලතුරු කුණු වෙලා යනවා. රටේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ ආයතන කීයක් තියෙනවද ? රටේ හැමතැනම එක කාලෙට එකම දේ වගකරලා අස්වැන්න විසි කරන්නේ නැතිව ගොවියන් සමග සම්බන්ධීකරණයෙන් එක් එක් ප්‍රදේශ වල විවිධ දේ වගා කලා නම් මෙතරම් පාඩුවක් වෙන එකක් නැහැ. අපේ පැතිවල එළවලු, පලතුරු ගිනි ගණන්, දඹුල්ලේ ඒවා අලින්ට කන්න දමනවා. කිලෝ මීටර් කීයද තියෙන්නේ .
දොඩම් යුෂ බෝතල් කරන්න දොඩම් වැඩි කාලෙට.
දොඩම් ආනයනය තහනම් කරන්න, දේශිය ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න හොඳ බෙදාහැරීමේ ජාලයක් සකසන්න
පිට රටින් දොඩම් ගෙනාවම රටට ගොවියන්ට මොනවා වුනත් තීරුබදු ලැබෙනවානේ. පාලකයො හිතන්නේ ඒක පමණයි. ලංකාවේ දොඩම් ඵලදාව ලැබෙන කාලෙටවත් විදේශ විනිමය වැයවෙන දොඩම් ගෙන්වීම නතර කරන්න බැරිද. ගමක් ගානෙ සිටින කෘෂිකර්මය ගැන පර්යේෂණ කරන කණ්ඩායම් මේවාට වගකිව යුතු නැද්ද.
මහා ලොකුවට සතුන්ගෙන් වෙන හානි වලක්වන්ට සතුන් මරන්න හදනවා එත් තවම බැරිඋන ගොවියන්ගේ අස්වැන්න විකුණා ගන්න ක්‍රමයක් හදලා දෙන්න .
මේවා අපනයනය කල හැකිය අපනයන මණ්ඩලයට යන්න මටද උදව් කල හැක............
ඔබ ගමම එකතු වෙන්න. වාර්ෂික අස්වැන්න ගණනය කරන්න. ෆූඩ් සිටි වගේ ප්‍රධාන ගැණුම් කරුවන්ට කතා කරන්න. ඔවුන් අකමැති වෙන එකක් නෑ.
රටට වැඩක් නොකරන හොර දේශපාලකයන් සහ වහල්කම් කරන මෝඩ මිනිස්සු ඉන්නකම් මේවා වෙනස් කරන්න බෑ.
ඔච්චර මහන්සිවෙලා වගාකරන දොඩම් පොඩි බට්ට ලොරියක පටවාගෙන නගරයකට ගෙනවිත් ලොරියේම තියාගෙන විකුණගන්න බැරි මොකද ? සාධාරණ මිලක් දුන්නොත් පාරිභෝගිකයෝ ඕව ගන්නේ පොරකකා , විවෘත ආර්ථිකයක් ඇති රටක හැමදේකටම රජයට මැදිහත්විය නොහැක.
අපේ රටේ කෘෂිකර්මය සංවර්ධනය කරන්න කොයිතරම් දේශපාලකයින් රාජ්‍ය නිලධාරින් ඉන්නවද...? ඒ අයට පුරුදු සනීපෙට සීතල කාමර වලට වෙලා අපේ බදු මුදලින් යැපෙන්නයි පිටරට සංචාර යන්නයි විතරයි. ගොවියාගේ යහපතට මෙතෙක් මොනවද කරලා තියෙන්නෙ...? අඩු ගනනේ පිට රට ගිහින් බලල ඉගෙනගත්තු එක දෙයක් මෙහෙ ක්‍රියාත්මක කරලා තියනවද..?
මම අපේ රටේ පැණි දොඩම් අලෙවි කිරීමට තිබෙන කාලයට ෆූඩ් සිටි සහ නාරාහේන්පිට ආර්ථිකයෙන් හැමදාම මිළදී ගන්නවා∙ ඇතැම් කාලවලදී දොඩම් මිලදී ගන්න කිසිම පුද්ගලයෙකු එන්නේ නැත්නම් ගමේම කට්ටිය එකතු වෙලා යම් වැඩපිළිවෙලක් ඇතිකර ගත යුතුයි