පරිවාස භාරයේ පවතින ළමා නිවාසයක සේවිකාවක් පරිවාස භාරයේ සිටි දැරියක ඇය අපහරණය කළ තැනැත්තාටම නැවත ලබාදී මුදල් ලබාගැනීමේ පුවතක් පසුගියදා කොළඹ ප්‍රදේශයේ අධිකරණයකින් වාර්තා විය.
ඇයට අප සෙව්වන්දි යැයි කියමු. තමන්ගේ පියා කවුදැයි සෙව්වන්දි දැන සිටියේ නැත. ඇය හැදුනේ වැඩුණේ මව සමගය. මව අධික ලෙස හොරොයින් භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවකි. ඒ නිසා සෙව්වන්දිගේ අධ්‍යාපනය අඩපන වන බව දුටු අසල්වැසි ධනවත් කාන්තාවක් ඇගේ ඉගෙනීමට උදව් කළාය.
සෙව්වන්දිගේ මවගේ ක්‍රියා කලාපය නිසා සෙව්වන්දි සිටියේ ලෝකයේම තනිවූ දැරියක ලෙසය. මවගේ හිතවත්කම මත නිවසට ආ ගිය පුද්ගලයෙක් සෙව්වන්දි සමග කුළුපග විය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු දාහතරකි. මවගේ නොසැලිකිලිමත් හැසිරීම, කිසිදු හව්හරණක් තමන්ට නැති බව සෙව්වන්දිට දැනෙන්නට වීම, ආදරය රැකවරණය සලසන කෙනෙක් නොමැතිවීම වැනි කාරණා මත සෙව්වන්දිගේ හිත දිනා ගැනීමට මවගේ මිතුරා සමත් විය. මව නිවසේ නැති අවස්ථාවල ද නිවසට පැමිණි මේ පුද්ගලයා සෙව්වන්දිට ලිංගික බලපෑම් කරමින් ඇය තමන්ට අවශ්‍ය පරිදි පොළඹවා ගැනීමට සමත්විය.
මේ ආකාරයට සෙව්වන්දි අපයෝජනයට ලක් කළ මවගේ මිතුරා ඇය ද රැගෙන නිවසින් පළා ගියේය. මේ පිළිබඳව පොලිසියට ලැබුණ පැමිණිල්ලක් අනුව සෙව්වන්දි හා ඇගේ හිත දිනාගත් මවගේ මිතුරා අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළ අධිකරණය බාලවයස්කාරියක වන සෙව්වන්දි පරිවාස භාරයට පත් කළේය.
පරිවාස භාරයේ සිටියදී එම ළමා නිවාසයේ කාන්තාවක හා කුළුපග වූ සෙව්වන්දි ඇගේ උදව්වෙන් රිමාන්ඞ් භාරයේ සිටින සැකකරු සමග පණිවුඩ හුවමාරු කරගන්නට සමත්වූවාය. මේ අතරතුර සෙව්වන්දිට සිය මව සමග ජීවත්වීමට අවසරය ලැබිණ. එහෙත් මවගේ නොමනා හැසිරීම නිසා දැරිය අතරමං විය හැකි බව සිතූ පෙර කී අසල්වැසි ධනවත් කත ඔවුන්ට වෙනත් ප්‍රදේශයකින් හොඳ ගෙයක් කුලියට අරන් දුන්නාය. දැන් මේ වැඩවල යෙදෙන්න එපා යැයි සෙව්වන්දිගේ මවට අවවාද කළ මේ කාන්තාව සෙව්වන්දි තම නිවසේ නවත්වා ගත්තාය.
එහෙත් නිසි හව්හරණක් නැතිව ඉබාගාතේ ගිය සෙව්වන්දි මෙම අසල්වැසි කාන්තාවගේ නිවසේ සිටියදී ද තම පුරුදු අත්ඇරියේ නැත. ඇය තමන්ට උදව්කරන කාන්තාවගේ ජංගම දුරකථනය භාවිතා කරමින් පරිවාසයේ සිටියදී තමන් හිතවත් කරගත් එහි සේවිකාවට ඇමතුම් ලබාගත්තාය. මේ ආකාරයට රිමාන්ඞ් භාරයේ පසුවන සැකකරු සමග සම්බන්ධතා පැවැත්වූ සෙව්වන්දි ඔහු ඇපමත නිදහස්වූදාට පෙර දිනයේ නිවසින් පිටව ගියාය. ඒ තමන්ට රැකවරණය දෙමින් අධ්‍යාපනය ලබාදුන් කාන්තාවට ද හොර රහසේය. එසේම ඇගේ රන් ආභරණ පවා සොරා ගනිමිනි.
සෙව්ව- න්දිගේ අපේක්ෂාව වූයේ තමන්ගේ හිත ගත් සැකකරු ඇප මත නිදහස්ව පැමිණි පසු ඔහු සමග කාටත් සොයා ගත නොහැකි ප්‍රදේශයකට පළා යාමය. ඒ සඳහා දෙදෙනාට උදව් කළ පරිවාස නිවාසයේ සේවිකාවට යහමින් මුදල් ලැබිණ. අධිකරණයෙන් පරිවාස භාරයට දැරියක හෝ දරුවෙකු පත්කරන්නේ කන්න බොන්න දී රැකබලාගන්න පමණක්ම නොවේ. නොමග ගිය මනස යහමගට ගැනීම ද එයින් බලාපොරොත්තු වේ. එහෙත් සෙව්වන්දි වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය පරිදි අනෙක් අය මෙහෙයවා ගැනීමට සෙව්වන්දිත් ඇය අපහරණය කරනු ලබන සැකකරුත් සමත්ව තිබීම මෙහි ඇති කනගාටුදායක තත්ත්වයයි.
තවමත් සෙව්වන්දි සොයාගැනීමට හැකිවී නැත. ඇප ලැබූ සැකකරු ද නැත. දෙදෙනා සොයා පොලිසිය යළිත් පරීක්ෂණ අරඹා තිබේ.
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරියාට කිකිළි බාරදුන් පරිවාසේ සේවිකාව
අමරසිරි Wednesday, 26 October 2016 04:22 PM
රට කුඩා වුණාට නීති ලොකුයි. නීති ලොකු වුණාට වැඩ අක්‍රියයි. රටේ පොලිස් කාර්‍යාල කොපමණ ඇතත් තොරතුරක් සොයා ගැනීමට තරම් දුර්වලකමක් ඇත්තේ කුමන හේතුවක් නිසාද? ධනයද,බලයද,නීතියද.......? (නි)