ඇය අපට අපේ කමට වඩාත් ලෙංගතුය. මේ ලෙංගතුකම, සහෝදරකම, නෑදෑකම සකල ශ්‍රී ලංකාවාසීන් සමඟ ඇය ඇතිකර ගත්තේ විශ්වයටම පොදු සොඳුරුතම ආමන්ත‍්‍රණය වූ සංගීතය වෙතිනි. ශ්‍රී ලාංකීය සුභාවිත සංගීතයේ අමරණීය මතක සටහන් පෙළ ගැසූ ඕ විශාරද නන්දා මාලිනියයි. අප මෙන්ම සංගීතයට ලැදි ලෝකයේ විවිධ රටවල බොහෝ දෙනා ඇයට ආදරය කරති. එහෙව් වූ විශාරද නන්දා මාලිනිය පසුගිය පළමුවැනිදා කුවේට් රාජ්‍යයට ගියේ ප‍්‍රසංගයකට සහභාගිවීම සඳහාය. මින් පෙර ලොව පුරා ප‍්‍රසංග සඳහා ඇය සංචාරය කර තිබේ. ඒ සංචාර සියල්ලක්ම ඇයට සදාදරණීය සිහිවටනයන්ය. නමුත් මේ කුවේට් සංචාරය ඇය ජීවිතයේ මුහුණදුන් අමිහිරිතම සංචාරය වග ශ්‍රී ලංකාවාසී සියල්ලෝම මේ වන විට දන්නා දෙයකි. ඇය ඇතුළු සංගීත ශිල්පි පිරිස මුහුණ දුන් ඒ පිළිකුල් සහගත අමිහිරි සිදුවීම මෙලෙස අප සටහන් කරන්නේ යළි කිසිදු දිනෙක එවැන්නක් යහපත් පුරවැසියන්ට සිදු නොවේවා යන ප‍්‍රාර්ථනාව ඇතිවය. වැරැදි කරන අයට, අයහපත්ව හිතන අයට මෙවැනි දේ කනගාටුවට කරුණක් නොවූවද යහපත්ව හිතන වඩාත් ගුණ යහපත් අතිශය සංවේදී කලාකාරියක වූ ඇය මේ නිසා පසුවන්නේ වඩාත් සංවේගයකිනි. නමුත් ඒ සංවේගය යටපත් කරගෙන නිර්දෝෂි ඇයට එදා මුහුණ දුන් ඒ සිදුවීම රටට කිව යුතුව තිබේ. මක් නිසාද යත් මුළු රටම ඇයට ආදරය කරන නිසාවෙනි. ඒ ආදරයේ ශක්තිය දරාගෙන විශාරද නන්දා මාලිනිය මේ විස්තර කරන්නේ එදා මුහුණ දුන් ඒ අමිහිරි සිදුවීම ගැනයි. ”එදා මාර්තු පළමුවෙනිදා කුවේට් රටට අප ගියේ ප‍්‍රසංගයකට සහභාගි වෙන්නයි. මේ ගමනට සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්දෙ ඇතුළු තවත් ශිල්පීන් හතර දෙනෙක් හිටියා. අපි ඔක්කෝම හය දෙනයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 227 ගුවන් යානයෙන් මෙහෙන් අපි පිටත් වුණේ සවස දෙකට විතර. කුවේටයට ගොඩබසින විට සවස හයට විතර ඇති. මීට පෙරත් ප‍්‍රසංගයක් සඳහා මම කුවේටයට ගොස් තිබෙනවා. ඒත් මෙවර ගුවන් තොටුපොළ කටයුතු සිද්ධ වුණේ වෙනස් විදියකට. වෙනදා ස්වරූපයට නැතිව කටයුතු සිදුවෙන අතරේ වෙන වෙනම කට්ටියක් අප කොටු කරගෙන සිටින බව දැනුණා. ඒ අයගේ ඇඳුම් පවා වෙනස්. ඒ වෙනකොට අපි එකිනෙකාට අයත් ගමන්මලූ සහ සංගීත භාණ්ඩ සහිත බහාලූම්වත් අරගෙන නෙවෙයි හිටියෙ. ඒවා ගන්නවත් මේ අය අපට ඉඩ දුන්නෙ නැහැ. එයාලා කතා කළේ අරාබි භාෂාවෙන්. අප කියන දේ එයාලට තේරෙන්නෙත් නැහැ. එයාලගෙ දේ අපට තේරුණෙත් නැහැ. එක්කෙනෙකුට ගිහින් ඔක්කොම ගමන්මලූ ගේන්න කියන වග අපට තේරුණා. සුරේෂ් මාලියද්දෙ ගිහින් ඉතා අසීරුවෙන් ඒ සියල්ල අරගෙන ආවා.ඊළඟට මේ මිනිස්සු ඒ සියල්ල පුදුම විදියට පරීක්ෂා කරන්න පටන් ගත්තා. තබ්ලා ශිල්පියා සතු බෑග් එක අරගෙන තබ්ලාව පිහියකින් පැලූවා. තබ්ලාව ටියුන් (සුමට) කරන්න යොදාගන්නා පවුඩර් බිම හලලා ඒවා පිච්චුවා. ඉන් පස්සෙ බටනළා සියල්ල පැලූවා. ඒවායේ තිබූ ලී කුඩු පවා පුච්චලා බැලූවා. මේ විදියට කරගෙන යද්දි තමයි අපට තේරුණේ මෙයාලා මොනවා හරි පරීක්ෂා කරන බව. කොහොම හරි ගිටාර් එකත් පලන්න හැදුවා. ශිල්පියා ඉතා දුකෙන් හිටියෙ. ඒ නිසා එයා ගිටාර් එක වයමින් අරාබි සිංදුවක් පවා ගැයුවා. ඒ පාර ඉලෙක්ට්‍රොනික් වයලීනය කඩන්න හැදුවා. එය කඩන්න එපා කියලා ශිල්පියා පිංසෙණ්ඩු වුණා. මේ විදියට අපේ ගමන් මලූ සියල්ලම අපට වේදනා ගෙන දෙන අන්දමින් පරීක්ෂා කළා. මගේ බෑග් එකට ඉබ්බෙක් දාලා තිබුණෙත් නැහැ. හැබැයි දින දෙකක සංචාරයක් නිසා ඇඳුම් දෙක තුනක් හැර වැඩිපුර කිසි දෙයක් ගෙනිහින් තිබුණෙ නැහැ. මේ සියල්ල අතරේ ශිල්පීන් දෙදෙනෙකුගේ සිරුරු පවා පරීක්ෂා කරලා තිබුණා. මේ සියල්ල සිදුවන අතරේ ටයි කෝට් ඇඳ ගත් කෙනෙක් ආවා. ඒත් මේ මිනිස්සු එයාට අපි එක්ක කතා කරන්නවත් ඉඩ දුන්නෙ නැහැ. මේ පරීක්ෂා කරන පිරිසේ සිටි කෙනෙක් බුකී, බුකී කියලා මොනවද ඉල්ලූවා. එහෙම කියලා අපේ පසුම්බි සියල්ල අරගත්තා. රාති‍්‍ර 9 වෙනකල් මේ විදියට අපෙන් ප‍්‍රශ්න කරමින් පරීක්ෂා කළා. තොලකට වේළිලා වතුර උගුරක්වත් දුන්නෙ නැහැ. විශාල වැරැද්දක් කළ පිරිසකට වගෙයි අපට සැළකුවේ. පසුව අපට යන්න ඉඩ හැරියා. කිසිදු වරදක් නැති අපට ඇයි මෙහෙම දෙයක් කළේ කියන සන්තාපය නිසා කතා කර ගන්න බැරි තරමට අපි ගොළුවෙලා. ටයිකෝට් පැළඳගෙන ඇවිත් හිටියෙ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එහි සිටින කළමනාකරු බව අප දැනගත්තෙ මේ ප‍්‍රසංගය සංවිධානය කළ අයගෙන්. ඒ අය ඇවිත් අපට වෙච්ච දේට දුක වැඩිකමට අඬමින් අපව සිප වැළඳ ගත්තා. ඒත් කිසිවක් කතා කරන්න වචනවත්, අඬන්න කඳුළුවත් අපට තිබුණෙ නැහැ. එච්චරටම අපි හෙම්බත්වෙලා දුකෙන් හිටියෙ. කොහොම වුණත් පසුවදා ප‍්‍රසංගයට සහභාගි වෙන්න අප තීරණය කළා. එදා ප‍්‍රසංගයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් සියලූ දෙනාට මේ සිදුවීම ගැන කිව්වා. කුවේටයේ ශ්‍රී ලංකා තානාපති ප‍්‍රසංගය නරඹන්න පැමිණ සිටියා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ඔහුගේ කනගාටුව ප‍්‍රකාශ කරමින් කීවා.” ඒ අමිහිරි සිදුවීම ගැන විශාරද නන්දා මාලිනිය මෙන් අනෙකුත් ශිල්පීන් මතක් කිරීමටවත් කැමැති නැත. නමුත් නිර්දෝෂි ඔවුන් එය රටට කිව යුතුම නිසා ඇය එලෙස සියල්ල ප‍්‍රකාශ කළාය. ඒ සමගම මෙම ප‍්‍රසංගය සංවිධානය වූ හැටි අපි විමර්ශනය කර බලමු. මෙම ප‍්‍රසංගය පාර්ශ්වයන් දෙකක සංවිධානයෙන් සිදුවූවකි. එනම් සුමිත් රංජන් (කුවේටය) සහ සිසිර අමරබන්ධු (ශ්‍රී ලංකාව) යන දෙපාර්ශ්වය විසිනි. ඔවුන් එලෙසින් මෙම ප‍්‍රසංගය සංවිධානය කර ඇත්තේ යහපත් සංගීතයේ හරය ප‍්‍රකාශ කිරීම සඳහාය. නමුත් මේ සියල්ල මීට වඩා අධීක්ෂණයෙන් සංවිධානය කිරීමට මින් පසු වගබලා ගැනීම කාගේත් වගකීමකි. නැතහොත් සිදුවිය හැක්කේ මීට වඩා බරපතල තත්ත්වයකි. මක්නිසාද යත් මැද පෙරදිග බලධාරීන් කිසි විටෙකත් අනුකම්පා විරහිත අය බව පැහැදිලි වන නිසාය. ඔවුනට පුද්ගලයා වැදගත් නොවන අතර ලැබුණු අසත්‍ය ඔත්තුවක් මත මේ සියලූ දෙනා මෙලෙස පරීක්ෂාවට ලක්වී ඇති බව පැහැදිලි වේ. මෙලෙසින් අභූත චෝදනා කොට කුවේටයේ සිරගතව බොහෝ දෙනා සිටින බව ද සමහරු ප‍්‍රකාශ කරති. එසේ අවාසනාවන්ත දේ සිදුවූව ද තානාපති අංශ ඒ වෙනුවෙන් ශක්තිමත් නොවීම බලවත් කනගාටුවකට කරුණකි. මෙම සිදුවීම පැය ගණනක් පුරාවට සිදුවෙමින් තිබියදීත් මේ නිර්දෝෂී කලාකරුවන් මෙලෙස පීඩාවට ලක් කරමින් සිටියදීත් තානාපති අංශ නිද්‍රා සහගතව සිටීම මහා අවමානයකි. සියලූ දෙනා මත ප‍්‍රකාශ කරන විට සියල්ල සිදුවී හමාරය. මේ පිළිකුල් සහගත වූ සිදුවීම නිසා විශාරද නන්දා මාලිනිය ඇතුළු අනෙකුත් කලාකරුවන් කිසිවකුට දොස් පවරන්නේ නැත. වෛර කරන්නේ ද නැත. ඒ කලාකරුවන්ගේ හැටිය. යහපත් මිනිසුන්ට කෙදිනකවත් වරදින්නේ නැත. සැබෑ සත්‍යවාදී කලාකරුවන් ලෝකයට ආදරය කරන්නේය. ඒ කලාකරුවන්ට ආදරය කරන ජනපති මහින්ද රාජපක්ෂ මහතා විශාරද නන්දා මාලිනිය අමතා මේ ගැන විමසා කනගාටුව ප‍්‍රකාශ කර තිබේ. මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා සිදුවූවේ කුමක්ද යන්න වාර්තා කරන ලෙස අදාළ නිලධාරීන්ට එතුමා උපදෙස් දී ඇත. කෙසේ වෙතත් කොතැන ගියත් සමගිවීම වෙනුවට භේද භින්න වන ශ්‍රී ලාංකිකයන් මේ සිද්ධියට සම්බන්ධ නම් දඬුවම් පැමිණවීම කළ යුතුම දෙයකි. එය ආධ්‍යාත්මයක් ඇති ශ්‍රී ලාංකිකයින් හට කරන ගෞරවයකි. විටෙක කටුක වූත් විටෙක අසිරිමත් වූත් දේට මුහුණ දෙමින් වසර පනහක ශාස්තී‍්‍රය ගමනක යෙදුණු නන්දා මාලිනියගේ ආධ්‍යාත්මයට මේ නිසා තවත් පන්නරයක් ලැබූ බව ඇය ප‍්‍රකාශ කරන්නීය. අද ඇය බදුල්ලේදී ශ්වේත රාති‍්‍රය ප‍්‍රසංගයට දායක වන්නෙත් එනිසාමය. නිර්දෝෂී මිනිසුන්ට මෙලෙස ජීවිතයට මුහුණ දිය හැකි වුව ද හුදු ලාභය මෙන්ම තාවකාලික වින්දනය සඳහා පමණක් කටයුතු කරන අය මැරි මැරී උපදින එලොවටත් නැති මෙලොවටත් නැති අයම වන්නේය.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නන්දා මාලිනියගේ අමිහිරි අත්දැකීම