IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දේශපාලන සියදිවි නසාගැනීම

රට තිබෙන්නේ එකම ගිනි ජාලාවකය. රඹුක්කන ඇවිලෙන්නට ගිය ගින්න ඒ ගිනි ජාලාවේ එකක් පමණය. පසුගිය සති 03ක්ම  ගෙවී ගියේ විශාල විරෝධතා මැදය. ජනතාවගේ මූලික අවශ්‍යතා වන ගෑස්, විදුලිය, ඉන්ධන, බෙහෙත් වැනි දේවල් නොමැති වීමෙන් පටන් ගත් මේ අර්බුදය මේ වනවිට ආණ්ඩු වෙනස් කිරීමක් දක්වා වර්ධනය වී ඇත. එපමණක්ද නොවේ. ආණ්ඩු වෙනසක් පමණක් නොව ජනාධිපතිවරයාද ඉවත් විය යුතු බව විරෝධතාකරුවන්ගේ වර්තමාන සටන් පාඨය වී ඇත. Gota go home සටන් පාඨය යටතේ ගෝල්පේස් පිටියට පැමිණි විරෝධය  සති 02කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වෙමින් තිබේ.

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ රටේ පවතින මේ බරපතළ තත්ත්වය පිළිබඳවය. ඒ තත්ත්වයෙන් මිදීමට ගත හැකි පියවර කීපයක් සාකච්ඡා කිරීමටය.

 

රටේ තත්ත්වය

මේ අර්බුදය මුලින්ම පැමිණියේ ආර්ථික ක්ෂේත්‍රයේය. විදේශීය මූල්‍ය සංචිත නොමැතිකමින් රටේ ආනයන ආර්ථිකය බරපතළ ලෙසින්  සෙළවෙන්නට පටන් ගැනීම මෙහි එක් ආකාරයක ප්‍රකාශයක් විය. දැන් මේ අර්බුදය ආර්ථික ක්ෂේත්‍රයෙන් දේශපාලන ක්ෂේත්‍රයටද පැමිණ ඇත. ජනාධිපතිවරයා පමණක් නොව මුළු පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තරමේ විරෝධයක් ජනතාව තුළින් මතු වෙන්නේ එහි තවත් එක් ප්‍රකාශනයක් ලෙසින්ය. රටේ ආර්ථිකයේ බරපතළ කොටසක් ආනයනය කරන භාණ්ඩ සමග ගැටගැසී ඇති තත්ත්වයක විදේශ මුදල් නොමැතිවීම යනු ආර්ථිකය කඩා වැටීම යැයි සිතීමේ වැරැද්දක් නැත. 1977 ආරම්භ වූ විවෘත වෙළඳපොළ ක්‍රමය හේතුවෙන්  රටේ ආර්ථිකයේ විශාල කලාපයක් ගැටගැසී ඇත්තේ භාණ්ඩ ආනයනය සමග බව තවමත් සමහරුන් පිළිගන්නේ නැත. ඩොලර් අඩු වුණාට රුපියල්  තිබෙනවා යැයි කියන්නේ විවෘත වෙළඳපොළ ක්‍රමය තේරුම් ගන්නේ නැති අය විසින්ය. කනගාටුවට කාරණයක්  වන්නේ මේ යල් පැන ගිය ආකල්පය (එනම් ඩොලර් නැතත් අපට එතරම් බලපෑමක් නැතැයි ආකල්පය) ආණ්ඩුවේ සිටි හා සිටින සමහරුන් ද දැරීමය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්ධන නැති, ගෑස් නැති විදුලිය නැති, බෙහෙත් නැති තත්ත්වයක් උද්ගතවීමය.

මේ වනවිට පෝලිම්වල සිටින අයට ප්‍රායෝගිකව අත්විඳින්නට සිදුවී තිබෙන වේදනාවේ සංඛ්‍යාත්මක දත්තමය පැත්ත අපේ අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍යය.

2021 වර්ෂය වනවිට මෙරට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 81ක්ය. රටක් ලෙසින් අපි ගෙවන්නට තිබෙන විදේශීය ණය ප්‍රමාණය  ඩොලර් බිලියන 51ක්ය. ඒ කියන්නේ  දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙසින් සීයට හැට දෙකක්ය. (62%) 2021 වසරේ සම්පූර්ණ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5වූ අතර භාණ්ඩ ආනයනය සඳහා ගිය මුළු වියදම ඩොලර් බිලියන 20.6කි. එතනම හිඟය හෙවත් පරතරය ඩොලර් බිලියන 8.1කි. ඒ පසුගිය වසර සඳහාය.

මීට අමතරව ඩොලර් ආදායම ලැබෙන තවත් මාර්ග ඇති බව බොහෝ අය දන්නා කරුණකි. 2021 වසරේ විදේශ රැකියා කරන අයගෙන්  ලැබුණු මුදල ඩොලර් බිලියන 5.5කි. එය 2020  වසරේ ලැබුණු ඩොලර් බිලියන 7.1 සාපේක්ෂව  බැලූ විට ඩොලර් බිලියන 2.6අඩුවකි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල ඉතාමත් අඩු  තත්ත්වයක් බවද 2021 පෙන්නුම් කරන කාරණයකි.

2021 වසරේ මේ ඩොලර් බිලියන 5.5ත් අපනයන ආදායමට (බි. 12.5) එකතු කළ විට සමස්තය ඩොලර් බිලියන 18කි. ඒ වසරේ වියදම වූ ඩො. බි. 20.6න් එය අඩු කළ විට හිඟය ඩො. බි. 2.6කි. මේ රටේ විදේශ ණය ගෙවීම් එකක්වත් නොකළත් අපිට 2021 වර්ෂයේ තිබුණු වෙළඳ හිඟයයි. 2022 වසර සඳහා අපට ගෙවන්නට  ඇති ණය වාරිකවල  එකතුව ඩො. බි. 6.5කි. එයින් ඩො. මි. 500 ගෙවා ඇති අතර මහ බැංකුව පසුගියදා  ප්‍රකාශයට පත් කළේ ඉතිරි ණය ගෙවීම් මේ වසරේ සිදු කරන්නට නොහැකි බවය. ණය ගෙවන්නට නොහැකි  වීම කියන්නේ රටක් සම්පූර්ණ කඩා වැටීමක් යැයි සමහරුන් කියන බව සැබෑවක්ය. එහෙත් එවැනි නිගමනයකට පැමිණෙන්නට අපි ඉක්මන් නොවිය යුතු බව මගේ යෝජනාවය. රට තිබෙන්නේ බරපතළ මූල්‍ය අර්බුදයක බව සැබෑවක්ය. එහෙත් රටක් ලෙසින් අපිට තිබෙන වත්කම් පදනමට (Assets Foundation)  සාපේක්ෂව  සිතන විට අපේ ණය ගෙවීම් කල් දැමීම නිසාම රට සම්පූර්ණයෙන්ම බංකොලොත් තත්ත්වයකට පත් වන්නේ නැති බව මගේ මතයයි. රටේ  සම්පූර්ණ වත්කම් ගණනය කර ඇත්තේ ඩොලර් බිලියන 402ක් ලෙසින්ය. මෙම වත්කම් පදනමට සාපේක්ෂව විදේශීය ණය ඩො. බි. 51ක් ගෙවීම සම්පූර්ණයෙන්ම කළ නොහැකි තත්ත්වයක් නොවේ. එසේම සමහර රටවල වත්කම්වලට සාපේක්ෂව විදේශ ණය ප්‍රතිශතය තිබෙන්නේ ඉතාමත් ඉහළ අගයකය. බ්‍රිතාන්‍යයේ එය සියයට හැට තුනකි (63%) ලංකාවේ තත්ත්වය ඊට වඩා හුඟක් අඩුය. එනම් සියයට 13කි. එහෙත් මෙරට ගැටලුව වන්නේ රටේ වත්කම් මත සිට විදේශ මූල්‍ය ශක්තිය වර්ධනය කර ගැනීමේ ප්‍රතිපත්ති හා උපාය මාර්ග පැත්තෙන් අපි සිටින්නේ යල් පැනගිය මතවාදවල වීමය. පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් ඍජුවම වගකිවයුතු ආයතනයයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය දිනවල නිතර කියනු ඇසුණු පරිදි රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු වගකීම නිසි ලෙසින් භාවිතා නොකරන්නේ නම් ජනතාව ඒ ආයතනය ප්‍රතික්ෂේප කළ හැකි බව ඉතාමත් පැහැදිලිය.

 

අභියෝග තුනක්

මේ මොහොතේ රටේ දේශපාලනය ඉදිරියේ ප්‍රධාන අභියෝග 03ක් තිබෙන බව මගේ අදහසය. මේ අභියෝග 03 ජය ගන්නට හැකි පුද්ගලයන් හා පක්ෂ මේ මොහොතේ සමාජයෙන් වලංගුභාවයක් ලබාගත හැකි අතර මේ අභියෝග 03 හමුවේ විහිලු සපයන අය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අතුගෑවී යාමට නියමිත බව මගේ තේරුම් ගැනීමය.

 අප හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ජන ජීවිතය යථා පරිදි ස්ථාපිත කිරීමට අවශ්‍ය විදේශ මූල්‍ය ශක්තිය කෙටිකාලීන (මාස 06) සහ දීර්ඝ කාලීනව (වසර 02කට) වර්ධනය කර ගැනීමේ උපාය මාර්ග සැකසීමයි. මේ සඳහා IFM ආයතනය සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව බොහෝ අය දන්නා කාරණයකි. එහෙත් එක පැත්තකින් ඒ සාකච්ඡා පල දරන්නට ගතවන කාලය පිළිබඳව සිතිය යුතු අතර අනෙක් පැත්තෙන් රටේ දේශපාලන තත්ත්වය සෞඛ්‍ය සම්පන්න ලෙසින් පවත්වාගෙන යාමත් එහිදී අත්‍යවශ්‍යය. ආර්ථික තීරණ සඳහා දේශපාලන ස්ථාවරත්වය බරපතළ ආකාරයෙන් බලපාන බව මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණයකි.

යහපත් ප්‍රජාතන්ත්‍රීය පාලන ආකෘතියක් පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යාමත් මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එසේම රට යනු ජනාතවගේ පොදු වගකීමක් මිස පුද්ගලයකුගේ හෝ පවුලක වගකීමක් නොවන බවද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි.

රට හමුවේ ඇති දෙවැනි අභියෝගය වන්නේ මන්ත්‍රීවරුන් 113ක් සිටින සහ රට් මේ මොහොතේ අභියෝග භාර ගත හැකි ආණ්ඩුවක් හැදීමය. හුදු පුද්ගලයන් සතුටු කිරීමට ඇමතිකම් ලබාදීමත් පුද්ගලයන් සතුටු කිරීමට ඇමතිකම් කපා දැමීමත් යන දෙකම සමාජය භාර ගන්නේ නැති ඒවාය. අනෙක් අතට සමාජය භාර නොගන්නා ආකාරයේ කණ්ඩායම් එකතු කර හදන ඇමති මණ්ඩලවල ආයු කාලය ඉතාමත් අඩුය. එවැනි විකාරරූපී ඇමැති මණ්ඩල හරහා 113 තබා ගැනීම තබා රට තුළ සමාජ සම්මුතියක් (social contract) ගොඩනගා ගැනීමටත් හැකියාවක් නැත. මේ ගැටලු ලිහා ගැනීම වත්මන් අර්බුදජනක තත්ත්වය සමහන් කිරීමේ එක් වැදගත් කාරණයක් බව මගේ මතයය.

තුන්වැනි අභියෝගය වන්නේ රටේ ජනතාව පිළිගන්නා දේශපාලන සංවාදයක්/ කථා විශ්වයක් නිර්මාණය කිරීමයි. ඉංග්‍රීසියෙන් මෙයට කියන්නේ political Narrative එකක් කියාය. දැන් සිදුවී තිබෙන්නේ සම්මත පක්ෂවල දේශපාලනඥයන් ස්ථානගත වී ඇති කථා විශ්වය පරණ එකක් වීමත් රටේ ජනතාව එයට වඩා අලුත් දේශපාලන කථා විශ්වයක් හෙවත් කථාන්දරයක් විශ්වාස කිරීමත්ය. ජනතාව පිළිගන්නා දේශපාලන මතවාදයක් කරා රටේ සංවාදය රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. ගෝල්පේස් විරෝධයේ තරුණයන්ගේ භාෂාව දියවන්නාවේ සිටින මහල්ලන්ට තේරෙන්නේ නැතැයි මගේ මිතුරෙක් මා සමග පසුගිය දිනක කීවේ මේ නිසා විය යුතුය.

මේ අභියෝග 03 පිළිවෙළින් නියෝජනය කරන්නේ ආර්ථිකය (Economy) ආණ්ඩු බලය (Governing) සහ මතවාදය (Ideology)  යන කරුණු 03ය. මේ පැති 03නේම අලුත්වීමක් මගින් මිස හුදු පැලැස්තර මගින් මේ අර්බුදය විසඳිය හැකි යැයි මට සිතෙන්නේ නැත.

 

අපට වෙච්ච දේ

පියදාස සිරිසේන මැතිතුමා විසින් 19 වැනි සියවසේ ලියූ නවකතාවක නම වන්නේ ‘‘අපට වෙච්ච දේ’’ ය. ඔහු විසින් එහි අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නිසා රටක් ලෙසින් අපට වෙච්ච දේ කතාන්දරයක් හරහා කීමයි. මට හිතෙන ආකාරයට අපේ දේශපාලන ව්‍යාපෘතිය 2020 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව පත්වීමටත් එය අද වනවිට වැටී ඇති තත්ත්වය යන දෙක අතර පසු විපරමක් කිරීම ඉතාමත් සුදුසු බවයි.

අපට වෙච්ච දේ වෙනුවෙන් වෙනමම ලිපියක් ලිවිය යුතු තරම් සංකීර්ණ එකක් බව සැබෑවය. එහෙත් ඉතාමත් සැකෙවින් කිවහොත් අපට වෙච්ච දේ පදනම් වන්නේ වත්මන් සමාජ දේශපාලන වර්ධනය අවබෝධ නොකර ගැනීමේ හේතුව මත සිදුවූ ඉතාමත් කනගාටුදායක ඉරණමක් බවය.

මහනුවර රාජධානිය කඩා වැටුණේ ඒ කාලයේ ඉහළ සිටි අයගේ බේබදුකම නිසා යැයි පිළිගැනීමක් තිබේ. අපේ ආණ්ඩුව කඩා වැටුණේ ඉහළ සිටි අයගේ මෝඩකම නිසා යැයි යම් දවසක කවරෙක් හෝ කීවොත් එහි වරදක් ඇතැයි මා සිතන්නේ නැත.

 

(***)

මහාචාර්ය චරිත හේරත්



අදහස් (3)

දේශපාලන සියදිවි නසාගැනීම

විනිවිද Friday, 22 April 2022 04:49 PM

දේශපාලන බලපෑම්වලින් තොරව ආර්ථිකය කරගෙන යාමට මහබැංකු අධිපතිවරයාට මෙන්ම රජයේ සියලු ආයතන සඳහා නිදහස තිබිය යුතුවේ... විනිවිද බවින් කටයුතු කරන්නා වූ ආණ්ඩු බලය, රජයක් සහ නූතන දේශපාලන මතවාද සහ ප්‍රජාතන්ත්‍රවාදය යන කරුණු පැති 03 ම අලුත්වීමක් අත්‍යාවශ්‍ය වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායික දේශපාලනයේ සිටින්නා වූ ගෝලීය දේශපාලනය පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බහුතරයකට, රටක කාලීනව සිදුවිය යුතු වෙනස්වීම් සහ සිදුකළයුතු වෙනස්වීම් සිදු නොවූ නිසාත් රට මේ වනවිට අර්බුද ගණනාවකට මැදිව තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය ඔවුන් නොදැනම කිසිවකු නොසිතූ ආකාරයට ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ පූර්ණ පරිවර්තනයකට ලක්වන බව කිව යුතුවේ. මෙම පරිවර්තනයේදී දූෂිතයින් ඉවත්ව අවංක, නිර්මාණශීලි, බුද්ධිමත් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවන කණ්ඩායම් ඉදිරියට ගැනීම සහ පැමිණීමට අවස්ථාව මෙමගින් සිදුවනු ඇත...

:       0       1

gamunu Friday, 22 April 2022 05:53 PM

එක දේශපාලන පවුලක් ලංකාවේ දේශපාලන භූමියෙන් ඉවත් වෙමින් තිබෙන්නා වූ අවස්ථාවක වෙනත් දේශපාලන පවුලක් වෙනත් මුහුණුවරකින් දේශපාලන කරලියට ගෙනඒමට රටේ පුරවැසියන්ගේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැත... අවස්ථාවාදී සාම්ප්‍රදායික පවුල්වාදී දේශපාලනයට නැවත ශ්‍රී ලංකාවේ අවස්ථාවක් උදානොවනු ඇත...

:       0       3

සිල්වා Saturday, 23 April 2022 05:12 PM

ගැමුණු, වටේ යන්නේ නැතිව කියන දෙයක් කෙලින් කියන්න, බණ්ඩාරනායක පවුලට රටේ මිනිස්සු තවමත් කැමැතියි. AWRD සිංහල භාෂාව පැය 24න් රාජ්‍ය භාෂාව කරලා සිංහලයට තැනදුන්නා... සිරිමා මැතිණිය දේශීය ආර්ථිකය ශක්තිමත් කළා.. යකඩ ගැහැණිය චන්ද්‍රිකා 2003 දී රනිල්ව එළවලා ආණ්ඩුව ගත්තා. බණ්ඩාරනායක පරපුරේ කෙනෙක් බලයට ගේනවට බයියෝ බයවෙලා වගේ...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 42 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 80 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 81 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 694 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 232 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1098 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1266 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 326 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site