IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දළඳා පුරාණයෙන් බිඳුවක්

දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක වසර 43 ක් සඟවා තබා පලමු වරට සෙංකඩගල පුරවරයට (මහනුවරට) දළදා වහන්සේ  ප්‍රථමයෙන් වැඩමවු මහනුවර ගෙඩිගේ රඡමහා විහාරය එදා පටන් අද දක්වා දළදා වහන්සේ අතර ගෙඩිගේ විහාරය හා එතිහාසික සබදියාවක් පවතින බව පොළොන්නරුව සොලොස්මස්ථාන රාඡමහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී වේඪරුවේ උපාලි නායක නාහිමියෝ පැවැසුහ.

වර්ෂ 1312 සෙංකඩගල පුර අස්ගිරි මහා විහාරය ආරම්භ වුයේ මෙම ගෙඩිගේ විහාරයට ආසන්න භුමියක බව කියති.

ක්‍රි.ව.1347 – 1375 සමයේ ගම්පොළ රජකම් කළ තෙවන වික්‍රමබාහු රජු විසින් තම මැණියන් වු අස්ගිරි දේවිය හෙවත් චන්ද්‍රාවතී බිසව සිහිපත් කිරීම සදහා ක්‍රි.ව. 1364 දි මෙම විහාරය ඉදි කොට ඇත.

චන්ද්‍රාවති දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය ආදාහන මලුව නමින් හැදින්වෙන අතර පසුව ගම්පොල විසු තෙවන වික්‍රමබාහු රඡු එම භුමියේ ගෙඩිගේ විහාර සම්ප්‍රදායට අනුව විහාරයක්ද,ශෛලමය සමාධි ප්‍රතිමාවක් හා සංඝාවසයක් ඉදි කර භික්ෂුන් වහන්සේලාට පූජා කලේය.

අතිතයේ මෙම විහාරයෙහි මඵ තුනක් පැවැති අතර මැද මඵවෙහි අස්ගිරි මහා විහාරයේ මහා තෙරුන් වහන්සේලාගේ ආදාහන කටයුතු කිරිමට සම්මතව තිබු අතර මෙහි ආදාහන කටයුතු සිදුවු බැවින් ආදාහන මළුව නමින් ද හැදින්වේ.

මහනුවර නගරය අභ්‍යන්තරයේ ඇති ගෙඩිගේ සම්ප්‍රදායට අයත් එකම විහාරය වන නිසාත් හෙළ රඡ දවස සිටම පැවත එන නිසාත් මෙය මහනුවර ගෙඩිගේ රාඡමහා විහාරය නමින් හඳුන්වනු ලැබේ.

ක්‍රි.ව.1552 පෘත්‍රගීසින්ගෙන් දළදා වහන්සේ රැකගනු සදහා කෝට්ටේ විසු හිරිපිටිය නිළමේ විසින් සීතාවක මායාදුන්නේ රඡුට දළදා වහන්සේ බාරකර කර පසු ආරක්ෂාව පිනිස දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමුවට වැඩමවා එහි කුරහන් ගලක් සාදවා එහි සගවා තැබු බව ප්‍රකට කරුනකි.පසුව දළදා වහන්සේ මහනුවරට වැඩමවන තෙක් වසර 43 ක් පුරාවටම දෙල්ගමුවේ කුරහන් ගල තුල දළදා වහන්සේ ආරක්ෂිතව වැඩ සිටියහ.

පසුව දෙල්ගමුවේ සිට දළදා වහන්සේ සෙංකඩගලපුරවරයට වැඩමවුයේ අස්ගිරි මහා විහාරවාසි ඇල්ලේපොල මංගල හිමියන් ප්‍රධාන රාඡකීය ආරක්ෂක පිරිසක් විසින් වන අතර එසේ වැඩමවා ගෙනවිත් සෙංකඩගල පුරවරයේ ප්‍රථමයෙන්ම දළදා වහන්සේ වැඩ සිටියේ මෙම ගෙඩිගේ රාඡමහා විහාරයයේය.

පසුව මහනුවර ශ්‍රි දළදා මන්දිරය ගොඩනගා නිමාවනතෙක් දළදා වහන්සේ මෙහි වැඩ සිටින අතර මහනුවර දළදා පුද සිරිත් වල ආරම්භය සිදුවුයේද මෙම විහාරය මුල්කොටගෙනය.මෙසේ දළදා වහන්සේ මහනුවරට වැඩමවු මුල් දිනයේ පටන් අද දක්වාම ගෙඩිගේ විහාරය හා දළදා වහන්සේ අතර ඓතිහාසික සබදියාවක් පවතින බවත් නාහිමයෝ පැවැසුහ.

දළදා වහන්සේ ගෙඩිගේ විහාරයෙහි වැඩසිටි බව සිහිපත් කිරිම සදහා වර්තමානයේ  ඇසළ මංගල්‍යයේ අවසන් දින පෙරහැර විදි සංචාරය කිරිමෙන් අනතුරුව පෙරහැර කරඩුව ගෙඩිගේ විහාරයට පෙරහරින් වඩවමවනු ලබයි.

පසුදින දහවල් දියකැපිමෙන් පසුව පෙරහැර කරඪුව නැවත මාළිගයට වැඩමවන තෙක් ගෙඩිගේ රාඡමහා විහාරයෙහි තැන්පත් කර පවතින අතර එහි වගකීම හා සහ භාරකාරත්වය අස්ගිරි මහාවිහාරයේ මහානායක මාහිමිපානන් වහන්සේ ප්‍රධාන අස්ගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේලාට පැවරේ.පවත්නා රඡය විසින් එහි ආරක්ෂාව සැලසිමට ප්‍රදාන පොලිස් නිලධාරින් ද යොදවනු ලැබේ.

පෙැරහැර කරඩුව ඇතු පිටින් වඩමවා ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව දියවඩන නිළමේගේ නිර්දේශයෙන් එහි ආරක්ෂාව සදහා බස්නායක නිළමේ වරයෙක් පත්කරන අතර භික්ෂුන් වහන්සේලාගේ සහායට පල්ලේමාලේ රාළ පත් කරනු ලබයි.එසේම ශබුද පුඡා අඛන්ඩව සිදු කිරීම සදහා කවිකාර මඩුව ඇතුඵ හේවිසි වාදකයින් (පනික්කියන්) පත් කරනු ලබේ.

දළදා මාළිගාවේ සිදුකරන සියලු තේවාවිධි මාළිගවේ රාඡකාරි කරන පිරිස විසින්ම සිදු කරනු අතර මුඵතැන් පූඡාව දළදා මාළිගාවේ සිටම හේවිසි සහිතව රැගෙන එනු ලබයි.

දළදා මාලිගාවේ දළදා වහන්සේ උදෙසා පවත්වන පුද සිරිත් සියල්ල මෙහිදී දැකගත හැකි අතර දළදා මාළිගාව හැරුණුකොට එසේ පුද සිරිත් දළදා වහන්සේ සදහා ඉටු සිදුකරන  එකම ස්ථානය  අස්ගිරි- ගෙඩිගේ රඡමහා විහාරය විහාරයද වේ.

එසේම දළදා පෙරහැර ලක්දිව වෙනත් කිසිදු විහාරස්ථානයක් කරා ගමන් නොකරන අතර එකම ස්ථානය ද ගෙඩිගේ රඡමහා විහාරයයි.

මෙවන් වැදගත් කමකින් යුත් අස්ගිරි මහාවිහාරයිය ගෙඩිගේ රාඡමහා විහාරයට මෙදිනට පැමිනෙන බොහෝ ප්‍රදේශවාසි බෞද්ධ ඡනතාව දළදා වහන්සේ උදෙසා සිදුකරනු ලබන විවිධ පුද සත්කාර ඉටුකොට පින් රැස්කර ගැනීම අතීතයේ සිටම අඛන්ඩව සිදු කරති.

තොරතුරු අස්ගිරි මහා විහාර තරුණ භික්ෂු සංගමය මගිනි.

1 5 9 11 IMG_0678

 

 

 

 



අදහස් (0)

දළඳා පුරාණයෙන් බිඳුවක්

පුබුදු Thursday, 18 August 2016 03:13 AM

ඉතාමත් වටිනා ලිපියක්. මෙවැනි ලිපි අපේ තරුණ පරම්පරාවට කියවන්න දෙන්න ඕනේ. (බ)

:       0       0

දයානි Wednesday, 17 August 2016 10:22 AM

වටිනා ලිපියක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 155 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 113 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 118 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 223 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 305 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1004 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 728 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site