IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දළ පූට්ටුවාගේ දිවි රැකදුන් පශු වෛද්‍යවරුන්ට උපහාර

”දළ පූට්ටුවා” නම කියූ සැනින් දැන් මුළු රටම හඳුනයි. ඒ මෙම සතා විටෙක චණ්ඩියකු ලෙසත් විටෙක අන්ධයකු ලෙසත් විටෙක රෝගියකු ලෙසත් විටෙක අහිංසකයකු ලෙසත් විටෙක මනාලයකු ලෙසත් කතා පුවත් රැසක් මැවූ සතකු නිසාවෙනි. ගල්ගමුවේ සිට කැකිරාවට පැමිණි මෙම ”ගල්ගමුවේ අන්ධ දළ පූට්ටුවා” රටේම පමණක් නොවේ ලෝකයේම අවධානය යොමුකැරගත් සතකු බවටත් පත් වී හමාරය. එසේම මෙම සතා වනජීවී දෙපාර්තමේන්තුවේ බොහෝ වෙනස්කම් කිරීමට තරම් සමතකු බවට පත්වී ඇති පුවත අපි අනාවරණය කරන්නෙමු. ගල්ගමුවේ තවත් ඇතින්නක් සමග සිටි දළපූට්ටුවාගේ ගමනාන්තය එක්වරම වෙනස්වී රැස්වෙහෙර, කහල්ල පල්ලකැලේ රක්ෂිතය හරහා ගල්කිරියාගම දෙසට පැමිණියේය. ඒ අතරතුරදී කණවැල ඇල්ලූ ඇතින්න මගහැරී ගියේ ගම්මානයකට පැමිණීමත් සමග වෙඩි වරුසා මධ්‍යයේය. තනිවූ දළපූට්ටුවා හිස හැරුණු අතේ ගමන් කරන්නට විය. ගල්කිරියාගම පුබ්බෝගම ප‍්‍රදේශයේ නගරයට මුලින්ම කඩා වැදුණු ඔහු කලබල වී වාහන කීපයකටද බස්නැවතුම්පළකට ද අලාභ කරද්දී ගල්කිරියාගම පොලිසිය හා වනජීවී නිලධාරීහු එක්ව මෙම ආගන්තුක ඇතා පළවා හැරියහ. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සහ නතර කැර තිබූ වාහන 49කට පහරදී කුඩු පට්ටම් කැර දැමුවේ පැය දෙකක පමණ කාලයක් තුළදීය. මෙම පහරදීම්වලින් පුද්ගලයෝ දෙදෙනෙක්ද තුවාල ලදහ. ඉන් නොනැවතුනු ඔහු නිවසක ගේට්ටුවක්ද කඩාගෙන එම නිවසටද පහරදී තුවාල රැසක් සිරුරට ඇතිකැරගෙන කලාවැව් තාවුල්ලට ගියේය. කැකිරාවේදී සිදුකළ කලබැගෑනියත් සමග දළ පූට්ටුවාගේ සිරුරේ තුවාල අතරේ වෙඩි පහරවල්වලින්ද සංග‍්‍රහ ලබා තුවාල වී තිබිණි. තුවාල නිසා දැඩි අසාධ්‍යයෙන් සිටි ඇතා පිළිබඳව වනජීවී නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය. පශු වෛද්‍යවරුන් වන තාරක ප‍්‍රසාද්, ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති, චන්දන ජයසිංහ සහ බී.වී.පී. පෙරේරා යන සිව්දෙනා එක්ව වනජීවී නිලධාරීන් තිස් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇතාට ප‍්‍රතිකාර කිරීම, ආහාර ලබාදීම ආරම්භ කළහ. පන්සලක රැඳී සිටිමින් මෙම පිරිස දිවා රාත‍්‍රී දෙකෙහිම ඇතාට සාත්තු සප්පායම් කරන්නට ඔවුන්ගේ හැකි ශක්තිය යෙදවූහ. ඒ අතරතුරදී දිවයිනේ ප‍්‍රථම වතාවට වනජීවී දෙපාර්තමේන්තුව උපහාර උත්සවයක් බළලූ වැව ඉස්මත්තේදී පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අදහසක් අනුවය. මෙම ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා මැදිහත් වූ සියලූදෙනාම ඇගයීමකට ලක්කිරීමට ඇමැතිවරයාටද සිත් පහළ වන්නට ඇත්තේ වෛද්‍යවරුන් මෙන්ම සෙසු පිරිස සතාට ප‍්‍රතිකාර කිරීම සඳහා තම දිවි පරදුවට තබා කළ මහත් වූ වික‍්‍රමය නිසාවෙන් යැයි අපට සිතිණි.බළලූවැව් තාවුල්ලේ සිදුකෙරුණු මෙම අන්ධ ඇතා බේරාගත් පිරිසට උපහාර පිදීමේ අවස්ථාවට ”ලංකාදීපය” නියෝජනය කිරීම සඳහා අපට ද ආරාධනා ලැබිණි. එහිදී ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා දැඩි සංවේදී මෙන්ම වනජීවීන් පිළිබඳව දැඩි හැඟීම්බරව කතා කරමින් පුන-පුනා කියන්නට වූයේ මෙම සතාගේ දළ යුගළයට මාන බලා සිටින පාපතර පිරිසක් සිටින බවත් එම පිරිසගෙන්ද සතා ආරක්ෂාකැර ගන්නට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවයි. තවද දළ පූට්ටුවාට ප‍්‍රතිකාර කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇති අපහසුතා සියල්ල මග හැරීමට පියවර ගන්නා බවද අලි ඇතුන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවටත් 2012 වසර අලි මිනිස් ගැටුම අවසන් කැර අලි මිනිස් සහජීවනය ඇතිවන වසරක් බවට පත් කිරීමට පියවර ගන්නා බවද පැවසීය. විදුලි වැට නඩත්තු සඳහා අලූතින් තනතුරක් ඇතිකැර පිරිසක් බඳවා ගැනීමට දායක වීමටද මෙම දළ ඇතාට හැකිවූ බව ඇමතිවරයා පැවසීය. මෙම ඇගයීම් උත්සවයේදී වනජීවී පශු වෛද්‍යවරුන්ට මුදල් තෑගි සූදානම් කැර තිබිණි. එහෙත් මෙම වෛද්‍යවරු එය ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන්ගේ පරම යුතුකම සතුන්ට ප‍්‍රතිකාර කිරීම බවත් එය මිලකළ නොහැකි බව පවසමින් මුදල් ත්‍යාග ප‍්‍රතික්ෂේප කළහ. එයටද ඇමතිවරයාගේ ප‍්‍රශංසාව ඔවුන්ට හිමිවිය. මෙම උපහාර උත්සවයේදී තවත් අපූරු චරිත දෙකක් හඳුන්වාදීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිවිණි. ඒ ගල්කිරියාගම කලාගම පදිංචි ඞී.එම්. ආනන්ද බණ්ඩාර, ගල්කිරියාගම පදිංචි ඒ.ජී. ජගත් සිල්වා (කුමාර) නමැති දෙදෙනායි. මේ දෙදෙනා කලාවැවේ සහ බළලූ වැවේ ඉස්මත්තේ සිටින අලි ඇතුන් ආරක්ෂා කැර ගැනීමට මෙන්ම වනජීවීන් ආරක්ෂා කැර ගැනීමට වසර 17ක කාලයක් ස්වේච්ඡාවෙන් සේවය කරන දෙදෙනෙකි. තම ප‍්‍රදේශයේ වනජීවියකුට කුමන හෝ කරදරයක් සිදුවූ විගස වනජීවී නිලධාරීන්ට පෙර මේ දෙදෙනා ඉදිරිපත් වී හැකි අයුරින් සතාගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක‍්‍රියාකරති. වන අලින් වගා ළිංවල වැටෙද්දී ගොඩ ගැනීමට හැකිතාක් මහන්සි වන්නේද වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නේද මෙම දෙදෙනායි. මෙම දළපූට්ටුවාද ඇතැම් අවස්ථාවල මේ දෙදෙනා විසින් ගම්වලට කඩා පනිද්දී සතාට කරදරයක් වීමට පෙර පන්නා දැමීම මෙන්ම එම සතා අතින් සිදුවන්නට ගිය මිනිස් ජීවිතයක් නැතිවීමද වළකාලීමට හැකිවී ඇත. මේ දෙදෙනා කළ සේවය ඇගයීමටද ඇමතිවරයා එහිදී අමතක නොකළේය. සතුන්ට ආදරය කරන එම දෙදෙනා රටට හඳුන්වාදීමේ මෙහෙවරට දායක වූයේද මේ අන්ධ දළ පූට්ටුවායි. එසේ සොයා බැලූවිට වනජීවී දෙපර්තමේන්තුවේ තනතුරු රැසක් වැඩකරන චරිත බවට පත් කිරීමටත් වැඩ නොකර බලා සිටින අය පිළිබඳවත් කැඞී ගිය විදුලි වැට සක‍්‍රිය කිරීමටත් මෙම දළයාට හැකිවිය. එසේම දළයා නිසා තවත් විශාල වංචාවක තොරතුරු රැසක සුලමුල හෙළිවීමද දළයා කළ යුතුකමකි. ඒ ඇමතිවරයා දළයා බලන්නට පැමිණි අවස්ථාවේදී කලාවැව් තාවුල්ලේ ඉදිකෙරෙන විදුලි වැට වනජීවී දෙපාර්තමේන්තුවේ කීප දෙනකුගේ හොද්ද බොරකැර ගත් ක‍්‍රමවේදයද ඇමතිවරයාගේ කනේ තියන්නට ප‍්‍රදේශවාසීන්ට හැකිවිණි. ඇමතිවරයා එහිදී දැඩි වේගවත්ව කියා සිටියේ එවැනි නිලධාරින් වහාම ඉවත්කැර දමන ලෙසයි. කෙසේ වෙතත්, ”ගල්ගමුවේ දළ පූට්ටුවා” නම්වූ අන්ධ ඇතා පුවත් රැසක් මවමින් නිවැරදි ගමන් මාර්ගය ඔස්සේ නැවත ගල්ගමුවට ගමන් කරනු ලබමින් සිටින අතර ගල්ගමු මිනිසුන් ඔහු පැමිණෙන තුරු මග බලා සිටින බවද අපට ආරංචි විය. දළ පූට්ටුවා කලා වැවේදී පශු වෛද්‍යවරුන් ඇගයීමට ලක්වූ අවස්ථාව සතුන්ට උදව්කළ සිවිල් දෙදෙනා ඇගයීමට ලක්වීමෙන් පසු දළයා ඇතින්න සමග ගමන් කරන අයුරු  



අදහස් (0)

දළ පූට්ටුවාගේ දිවි රැකදුන් පශු වෛද්‍යවරුන්ට උපහාර

chathu Wednesday, 23 November 2011 11:10 AM

හොද වැඩක්...

:       0       0

උමා Wednesday, 23 November 2011 04:01 PM

මේ අලි ඇතුන් ආරක්ෂා කරන්න ඕන...

:       0       0

සජිත් ප්‍රියන්කර Monday, 21 November 2011 11:22 AM

අපි දළ පූට්ටුවාව රැකගනිමු

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 22 November 2011 01:54 PM

ඔබ සැමගේ සේවය ඉතාමත් විශිෂ්ටයි

:       0       0

රුවන් Tuesday, 22 November 2011 05:21 PM

ඔබ කළ සේවයට උපහාර

:       0       0

රුවන් Tuesday, 22 November 2011 05:02 PM

ඔබ කළ සේවයට ජාතියේ උපහාර

:       0       0

ajith Sunday, 27 November 2011 12:36 AM

අලි ඇතුන් ආරක්ෂා කරන්න ඕන...

:       0       0

සුමී Friday, 25 November 2011 08:38 AM

ඉතා හොදයි අපි ඔබ ගැන ආඩම්බරයි

:       0       0

dd Sunday, 20 November 2011 09:25 PM

හොද වැඩක්..

:       0       0

ට්‍රිශාන් Sunday, 20 November 2011 11:32 PM

හොද වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1608 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 637 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site