මාළුවා නහින්නේ කට හින්දා කිව්වාට, බලන්න වටින කතාව....
මේ කතාව ඇත්තටම බලන්න අපි ගියේ දකුණු පළාතේ ධීවරවරාය කිහිපයක් වෙතයි. බේරුවල කොච්චිමල බන්ට් එක උඩ විශාල පිරිසක් මාළු බානු අපට පෙනේ. බිලී පිත්ත දියට දමා, මොහොතකින් ඔසවා උඩට ගනියි. ඇතැම් විට බිලී පිත්තේ ඇමෙහි මාළුවෙක් පැටලී සිටියි. මාළුවකු පැටලී ඇත්නම් වහා ඌ ගලවා අව්වෙන් ගිනියම් වූ වැව් බන්ට් එක උඩට දමයි. විනාඩි කිහිපයක් දඟලමින් සිට ඒ සිරුර නිසල වෙයි. මේ බලන අපට මහා පාපයක් යැයි සිතෙයි. නමුත් මෙහි සිටින ධීවර ජනයාට එය ගණනක් නැති බවෙකි.
ඇමට එල්ලන බල මාළු බොකු, හාල්මැස්සන්, ඉස්සන් බන්ට් එකේ තැන තැන දමා ඇත. එය අප‍්‍රසන්න බවකි. පෙර දිනවල යොදා ගත් මාළු කොටස් ගල් පර අස්සේ කුණුවීම නිසා අප‍්‍රසන්න දුගඳකි. ඇතමෙක් තනිවම මාළුබායි. තවත් අය කණ්ඩායම් වශයෙන් කරති. කෙසේ හෝ අපිත් ඔවුන් කරන දේ දෙස පැයක් පමණ වෙලා බලා සිටියෙමු. සමහරුන්ට මාළුවා හසුවූ සැණින් ඌ ගලවා බෑගයක් තුළට දමයි.
බන්ට් එක මත්තේ මාළු බාන තරුණයකු සමග අපි මුලින්ම කතාවට වැටුණෙමු.
”මාළු බෑම රස්සාවද?”
ඔහු මදක් සිනාසී ”නෑ.... මම අසවල් රැකියාව කරන්නේ” යි කියයි.
රැකියාව බොහෝ උසස් වෙයි. එනිසා අපි ඒ වෘත්තියකයන්ගේ හිත සුව පිණිස එය සටහන් නොකරමු.
”අද නිවාඩුයි. ගෙදරට මාළු ටිකක් බාගෙන යන්න ආවා. අපි බේරුවලනෙ. කඩෙන් ගන්නෙ මොකටද? නිවාඩු දවස්වලට යාළුවොත් ඇවිත් විනෝදෙට මේ වැඬේ කරනවා. හැන්දෑවට මෙතන මාළු බාන වැඩි දෙනෙක් විනෝදෙට ඒ වැඬේ කරන අය.”
කතා බහ අනුව මාළු බෑම බොහෝ දෙනෙක් විනෝදය සඳහා කරති. අපි බේරුවලින් ගාල්ලට ගොස් ආපසු බේරුවල බන්ට් එකට එන විට වේලාව රාත‍්‍රි 7.30ට පමණ ඇත. හාත්පස පරිසරයම අඳුරෙහි වෙළී ඇත. මුහුදු රළ වේගයෙන් ගල් පරවල ගැටී සංසිඳී යයි. ඒ මොහොතේ බන්ට් එක මත මාළු බාන්නේ තවත් කණ්ඩායමකි. ඔවුනත ඇත්තේ බිලී පිති නොව නවීන උපකරණයකි. ඒ අතර විදෙස් සංචාරකයන් ද වෙයි. විනෝදයට දඩයමේ යනවා හා සමානවම මාළු බෑම ද දකුණු වෙරළෙහි විනෝදාංශයක් බව අපි විශ්වාස කළෙමු. නමුත් අපේ වෑයම විනෝදයට මාළු බාන්නන් අතරට යාම නොව, ජීවනෝපායට එම රැකියාව කරන්නන් හමුවීමය. ඇතමෙකු මුහුද මැද කණුවක සිට ගෙනත්, සමහරු ධීවර වරාය අසල හා බන්ට් එකක් මත්තේ හිඳගෙනත් මාළු බාති. බේරුවල කොච්චිමල බන්ට් එකේ මාළු බාන මුර්ගේස් සිය ජීවනෝපාය කරගෙන සිටින්නේ මාළුබෑමය.
අපි ඔහු ළඟට ළං වී කතාවට වැටුනෙමු.
”මොනවද මේ දවස්වල අහුවෙන්නෙ?”
”පරවු, කෝලියාවො, කපු ඇන්දෝ, කාරල්ලො, ගල් මාළු එහෙම තමයි.”
”දැන් මේ රස්සාවට බැහැලා ගොඩක් කල්ද?”
”අවුරුදු 15-20ක් විතර” මුරුගේස් කියයි. අව්වට පිච්චී ඇති ඔහුගේ ගත තද කළු පැහැයෙකි.
”ගෙදර අයට ජිවත් වෙන්න මේ රස්සාවෙන් පුළුවන්ද? ගෙදර කීදෙනෙක් ඉන්නවද?”
”ගෙදර ඉන්නෙ හතර දෙනයි. දවසට ඉතින් රුපියල් දාහක් දෙදාහක් වත් මාළු බා ගන්න ඕනෙ”
”උදේ කීයට ද එන්නෙ?”
”මම උදේ 9.00ට බන්ට් එකේ. හවස 3.30ට යනවා”
අපි ඉන් මදක් එහාට ගොස් බර්ටි හමුවීමු. ඔහු ද වසර 10ක් පමණ මාළු බෑම ජීවනෝපාය කරගත්තෙකි.
”මාළු වැඩිම කොයි කාලෙද?”
”වලාල කාලෙට හොඳයි. දැල් එලන කාලෙ. මාස හයක් තියනවා.”
”ලොකු මාළු අහුවෙන්නෙ නැද්ද”
”අහුවෙනවා. වාරකන් කාලෙට ලොකු මාළු එනවා. හැබැයි එතකොට බන්ට් එක උඩ ඉන්න බෑ. රැුල්ල ගහනවා. බන්ට් එකෙන් අනිත් පැත්තට. මට කිලෝ 4ක පරවුවෙක් කලින් අහුවුණා. පිත්තෙ නූල අනුව තමයි මාළුවගෙ ප‍්‍රමාණය තීරණය වෙන්නෙ. හීනි නූලකට කිලෝ එක හමාරක් අහු වුණත් කැඩිලා යනවා.”
”දවසට කිලෝ කීයක්විතර බානවද?”
”කිලෝ 2-3 තමයි. ඊට වඩා ටිකක් වැඩි දවසුත් තියනවා.”
ගාල්ල දෙසට ගිය විට මුහුදෙහි මාළු බෑමෙහි යෙදෙන පිරිසක් ද අපට අදහස් දැක්වූහ.
මාලන්, දයානන්ද, ජනක, සියාම්, අසිල්, ෆාරිස් අපට කීවේ මෙවැන්නකි.
”අපට වැඩිපුර අහුවෙන්නෙ පරවු. ඊළඟට මස් කාරල්ලො. නෝන මාළු එහෙම අහුවෙනවා. අපේ රස්සාව මේක නිසා දවසට දෙතුන් දාහක්වත් කර ගන්න ඕනෙ. දවසට මාළු බාලා යමින් ගමන් පාරෙ කාට හරි දීගෙන යනවා.
උදේට අපෙන් මාළු ඉල්ලන අය ඉන්නවනෙ. දැන් මාළු ගාන අඩුයි. ගල් මාළු කිලෝ එක අපි දෙන්නෙ 300ට.
පරවු ගාන වැඩියි. අපෙන් පරවු කිලෝව රුපියල් 400ට ගන්නවා. කාරල්ලො 150යි. කපු ඇන්දො කිලෝව 200යි.
තමන්ගේ මාළුවලින් එකා දෙන්නා පෙන්වමින් අපට කියයි. එළියට ගන්නා සමහර මාළු තවමත් ජීවතුන් අතර සිටියි. දවසට කිලෝ 15ක් වත් අල්ල ගත්තොත් ඉතින් ගොඩ. හරියට කරනව නම් පාඩු නෑ. කොහොම හරි ගාණක් හොයා ගත හැකියි. සමහරු දවසම කුලී වැඩ කරලා ඇවිත් ?ට මාළු බානවා. දවල්ට ටිකක් මේ වැඬේ අමාරුයි. මේ හරියෙ පුළු පුළුවන් අය සේරම මාළු බා ගන්න එනවා.
මුහුද ඔවුන්ගේ ජීවිතවලට සම්පතකි. සොබා දහම විසින්ම ඔවුන්ට ආදායම් මගක් ලබාදී තිබේ. ආගමානුකූලව ගත් කළ මෙය පාපකාරී බව ඔවුහු දනිති. නමුත් ජීවනෝපායට දෙවියන් දුන් තෑග්ගක් යැයි ඔවුහු විශ්වාස කරති. මුහුදු නොගිය ද මුහුද සමග ගෙවෙන මේ ජීවිතය ද විටෙක කටුක අත්දැකීම් පෙළකි. දිවියක් නසා දිවියක් සොයන මුහුදුකරේ ජනතාව අතරින් අපි සමුගතිමු.
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
"දවසකට කිලෝ පහළොවක් අල්ලගත්තොත් ගොඩ"
සාරන්ග Wednesday, 05 February 2014 03:46 PM
තමුන්ලා නේද ධිවර අමාත්‍යංශයක් තියාගෙන ඕක කරන්නේ මොන ආගමනුකූලවද ඒක පාපයක් බුදු හාමුදුරුවන්ගේ නමින් බොරු කියන්න එපා අසංක (දී)
සුදේශ් Monday, 10 February 2014 04:00 PM
නිකන් හිතන්න මාළු කියන්නෙත් අපි වගේම පනතියෙන සත්තු මරාගෙන කනකොට කොහොමද ඉවසන්නේ ඒ සත්තු (දී)
යමාන් Wednesday, 05 February 2014 05:11 AM
කෙලින්ම අපායට යන්න පුළුවන්. (දී)
ජ. තිසර Friday, 07 February 2014 03:24 AM
ගාලු පාර නුදුරින් ඇති වෙරළවල් දිගේ.. පාලු නැතේ ඈතින් එන රැල්ලෙ හඬ නැගේ.. යාලු පිරිස සමගින් විත් පැය ගණන් වගේ.. මාළු බාන සමුද්‍රයේ පිහිට හරි අගේ (අ)
ටිරෝන් Tuesday, 11 February 2014 12:21 AM
ලංකාවේ මිනිස්සු හැම දේම බලන්නේ නුහුරට. මිනිස්සු මත්ද්‍රව්‍ය අරගන්නේ ඒ අයට නිවාඩුවට කරන්න දේවල් නැති නිසා. පිට රටවල මිනිස්සු මාළු බාන්නේ තමන්ගේ මානසික සහනය, කේන්තිය පාලනය කරන්න, ඉවසීම ප්‍රගුණ කරන්න. තවත් අය එක ජීවනෝපාය කරගෙන ඉන්නේ. වැරදි දේ කරලා තමන්ටත්, අනුන්ටත් කරදරයක් වෙනවට වඩා, ඒ අනවශ්‍ය දේ වලින් ඈත්ව ඉඳන් මලු බාන එක වැරදි නැහැ. (දී)
වීර Sunday, 09 February 2014 02:04 PM
පව්කාරයෝ!! (දී)