IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දිවයිනේ සිවු කොණින් නිදහසේ සංදේශ 4 ක්

Untitled-4”නමෝ නමෝ” ජාතික ගීය 1949 පළමු වන වර්ෂ පූර්ණයේදී දෙමළ භාෂාවෙන් ද ගායනය කළ බව නොබෝදා ලංකාදීපයේ පළ විය.

එදා දෙමළ භාෂාවෙන් ගායනා කළේ ආනන්ද සමරකෝන්ගේ ”නමෝ නමෝ” ගීතය එම තනුවටම එම අර්ථයෙන්ම දෙමළ භාෂාවෙන්ම ලිවීමෙන් පසුවය. එසේ වුවද එම ගීතය නක්ෂත‍්‍රකරුවන්ගේ හා ඇතැම් සංගීතඥයන්ගේ විරෝධය මත වෙනස්කොට ගායනය ඇරඹිණි.

ගීත රචිත ආනන්ද සමරකෝන් එම තීරණයට විරුද්ධ වුවද ඔහුට කළ හැකි දෙයක් නොවීය. එහෙත් ඔහුගේ අවමඟුල් උළෙලේදී මාධ්‍යවේදීන් 100 ක් පමණ ”නමෝ  නමෝ” ගීතය අකුරක්වත් වෙනස් නොකොට ගායනය කිරීම අනුවේදනීය දර්ශනයක් විය.

මේ අවස්ථාවේ මගේ මතකය 68 වසරකට ආපසු දිවයයි. එදා නිදහස් උළෙල වාර්තා කළ මාධ්‍යවේදියෙකු වශයෙන් මට තවම මතක රට වටා, පැතිරී ගිය කඩින් කඩ තරගයයි. එය තරගයක් නොවේ. රටේ සිව් දෙසින් තරුණ පරපුර භාෂා 4 කින් මංජුසාවල තැන්පත් කර සංදේශය රැගෙන අගමැතිවරයාට ඒවා භාර දීමට සංවිධානය කර තිබිණි.

සිංහල සංදේශයේ ගමන ඇරඹුණේ දෙවුන්දරිනි. දෙමළ සංදේශය පටන් ගත්තේ පේදුරුතුඩුවෙනි. අරාබි බසින් ලියන ලද සංදේශයේ ගමන ඇරඹුණේ මඩකළපුවේ සිටය. ඉංග‍්‍රීසි බසින් ලියන ලද සංදේශය පටන් ගත්තේ වැල්ලවත්තෙනි.

මේ පණිවුඩ හතර බොරැල්ල හන්දියේ දී හමුවී එතැන් පටන් තරගකාරීව නොව සම සමව ගෙන යන ලද්දේ ලංකාවේ සිංහල, දෙමළ මුස්ලිම් හා බර්ගර් ධාවන ශූරයන්ය. ඒ ධාවන ශූරීහු ඒවා ගෙනවුත් භාර දුන්නේ ඒ ඒ ජාතික ඇඳුම්වලින් සැරසුණු සිංහල, දෙමළ, මුස්ලිම්, හා බර්ගර් යුවතියන් සිව් දෙනෙකුටය.
 
ඒ යුවතියෝ ඒවා දිගහැර කියවා අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාට භාර දුන්හ.
 
මේ කඩින් කඩ දිවීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. වික්ටර් රත්නායක (දෙනියාය) එච්.ආර්.යු. පේ‍්‍රමචන්ද්‍ර (කඩුගන්නාව) මෛත‍්‍රීපාල සේනානායක (මැදවවච්චිය) හා ඇම්.ඇස්. අබුබකර් (මුත්තුර්) යන මන්ත‍්‍රීවරුය.

Untitled-3



අදහස් (0)

දිවයිනේ සිවු කොණින් නිදහසේ සංදේශ 4 ක්

යසපාල Friday, 10 February 2017 10:57 AM

ඉතා වැදගත් ලිපියක් (නි)

:       0       0

ටෙෂාන් Friday, 10 February 2017 05:07 PM

වැදගත් ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site