IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දුක ළං කළ රාගගින්න

SAN_3486

 

පාන්දරම ගෙදර ඇසෙන සද්ද බද්ද ජයවීරගේ හා යශෝදාගේ නිවසටත් පොදු වූවකි.


අම්මේ මගේ සපත්තුව කෝ? අම්මේ මගේ පැන්සල් පෙට්ටිය නැහැ... ඔය වගේ කතා ගොඩක් ජයවීරගේ නිවසිනුත් ඇසේ.


කාර්යාලයට යෑම සඳහා වෙනදාටත් පෙර අවදි වූ ජයවීර කඩිමුඩියේ ඇඳුම් පැළඳුම් සූදානම් කරගත්තේය.


බස් රථයට ගොඩවනතුරුත්, බස්රථයේ ගමන්ගත් කාලසීමාවේත් බසයෙන් බැස ලහිලහියේ කාර්යාලයට යනතුරුත් ජයවීර කල්පනා කළේ ඊයෙ, පෙරේදා නිවාඩුව ගතකළ හැටිත් අද ඊට වඩා හත්, අට ගුණයකින් වැඩකිරීමට සිදුවීමත් පිළිබඳවය.


ලිපිගොනු මේසය මත ගොඩගසා තිබිණි. දින දෙකක් සේවයට පැමිණීමට නොහැකි වීම ගැන ජයවීරට තිබුණේ දැඩි කනස්සල්ලකි.


මේසය උඩ ගොඩගැසී තිබුණු ලිපි ලේඛන සමග ලිපිගොනු දුටුවිට ඔහුට අයියෝ යැයි සිතෙන්නට වුණේ ඒ මොහොතේය.


ජයවීර, දින දෙකක් නිවාඩු ගත්තේ සිය බිරිඳ, යශෝදා සමග ඇගේ නෑදෑයන් බලන්නට යෑම සඳහාය. ඇගේ ඇවිටිල්ල කන්දොස්කිරියාවක් බවට පත්වී තිබිණ. ඔහු නිවාඩු ඉල්ලා සිටියේ බැරිම තැනය.


බිරිඳගේ සිත නරක් කිරීමට කොහොමටවත් ඔහුට නොහැකිය.


මේසය මත ගොඩගසා තිබූ ලිපිලේඛනවල වැඩවල නිමාවක් දැකීමට එදින ජයවීරට බොහෝ කාලවෙලා ගතවිය.


”අද ගෙදර යන්නෙ නැද්ද?”


පාලිත ජයවීරගෙන් ඇසුවේ ඔහු වැඩ ගොඩක පැටලී සිටි බැවිනි.


”දැන්ම යන්න වෙන්නෙ නෑ. පාලිත අද කට කපලා වැඩ... දවස් දෙකක් වැඩට එන්න බැරි වුණානෙ.”


”මොකද හදිසියෙම නිවාඩු ගත්තෙ?”


”නෝනගෙ ගමේ ගියා... ගොඩක් කාලෙකින් එහෙ යන්න බැරිවුණා.”


ජයවීර වැඩ අවසන් කරන විට රාත‍්‍රී 8ත් පසුවී තිබිණ.


එලෙසින් ලිපිගොනු සියල්ල නැවත පරීක්ෂා කළ ඔහු සිය බෑගය අතට ගෙන නිවෙස බලා පිටත්වෙන්නට විය.


ඔහු කාර්යාලයෙන් පිටවන විට වීදි පහන්වලින් නගරය හාත්පසම ඒකාලෝක වී තිබිණ. කුඩා දරුවකුගේ අතින් අල්ලාගෙන මාවතේ පියනැගූ පුද්ගලයකු දෙස ජයවීරගේ නෙත ගැටෙන්නට වුණේ ඒ මොහොතේදීය.


තම සුරතල් පුංචි පුතා ඔහු එනවිට කළ ආයාචනය ඔහුගේ සිතට නැගෙන්නට වුණේ ඒ අතරවාරෙදිය.


‘‘තාත්තේ එනකොට චොක්ලට් ගේන්න’’


යශෝදාත් තම මවත් මඟ බලාගෙන සිටියේ ජයවීර සිය නිවෙස වෙත එනතෙක්ය.


ජයවීර නිවසට පියනඟත්ම යශෝදාගේ සිතට ඇතිවූයේ ඉමහත් සතුටකි. ඇය පෙරමඟට වී තම සැමියාගේ අතේ තිබූ බෑගයද අතට ගත්තේ ඔහුගේ තිබුණු දැඩි විඩාබර ගතිය නිසාය.


‘‘අද නම් හරිම මහන්සියි’’


කමිසයේ බොත්තම් දෙකක් බුරුල් කළ ජයවීර අසල තිබූ පුටුවක වාඩිවුණේ වෙහෙස මඳක් හෝ අඩු කරගැනීමටය.


සැමියාගේ තෙහෙට්ටුව දුටු යශෝදාට ඇතිවූයේ දැඩි සිත් වේදනාවකි. ඇය වහාම මුළුතැන්ගෙට ගමන් කළේ තම සැමියාට වතුර වීදුරුවක් රැගෙන ඒමටය.


ගෙන ආ වතුර වීදුරුව උගුරට දෙකට බිව් ජයවීර ටික වේලාවක් පුටුව මතට වී දෑස් පියාගෙන සිටින්නට විය. වෙහෙසකර බව තුනීවේගෙන යනු ඔහුට දැනිණ.


‘‘කෝ දරුවා නිදිද?’’


ඔව් දැන් නිදාගත්තෙ. අද තාත්තා චොක්ලට් ගේනවා කියලා ගොඩක් වෙලාවක් බලන් හිටියා. ඒත් ඔයා එන්න ? වුණ හින්දා මම පුතාව නිදිකෙරෙව්වා.


මගෙ බෑග් එකේ චොක්ලට් එකක් ඇති ඒක අරන් දරුවට දෙන්න.


පුටුවෙන් නැගී සිටි ජයවීර දරුවා නිදා සිටි කාමරය වෙතට පියනඟන්නට විය. අනතුරුව ඔහු තම දරුවා වෙත ළං විය. තම සුරතල් පුතුගේ මුහුණ දෙස බැලූ ඔහුගේ විඩාබර ගතියද එකවර පහව ගියා සේ දැනෙන්නට විය. ඔහුගේ හදවත නිවුනාක් මෙන් දැනුණෙ ඒ මොහොතේදිය.


යශෝදාද එවිට කාමරය වෙත පැමිණියාය.


”ඔයා වගේමයි නේද පුතා.” යශෝදා ජයවීරගේ කනට මිමිණුවාය.


”හ්ම්... මම වගේම තමයි.”


ඒ මොහොතේ යශෝදා දෙසට ළංවූ ජයවීර ඇයගේ නලල සිපගන්නට වුණේ ඉතා ආදරයෙනි. ඔහුගේ චුම්බනයෙන් ඇගේ හිතට දැනුනෙ මහත් සැනසීමකි.
යශෝදාගේත්, ජයවීරගේත් විවාහය සිදුවුණේ අහම්බයෙන් මෙනි. ඒ මීට වසර 5කට පෙරාතුවය.


ජයවීර තම සමීපතමයෙකුගේ විවාහ උත්සවයකට සහභාගි වී සිටියදී එම උත්සවයට යශෝදාත් සහභාගි වී සිටියාය. ඇය එදා සිටියේ ළා නිල් පැහැති සාරියකින් ගත සරසාගෙනය.


ඒ රූබර යුවතිය වෙත ජයවීරගේ නෙත ගැටෙන්නට වුණේ අහම්බයෙනි. ඇයගේ රූපය ඔහුගේ සිත වශීකරනසුලූ විය. ඇගේ සොඳුරු රූපයෙන් මිදෙන්නට ඔහුට හැකිවුණේම නැත.


ඇයගේ රූපය දෙසත් සුදේහය දෙසත් ඔහු වරින්වර බලන්නට විය. ඇයද එයට අකමැත්තක් දැක්වූවේ නැත. ඇයද ඔහු දෙස වරින්වර බලන්නට වූවාය.

ඔවුන්ගේ දෑස් නිතරම ගැටෙන්නට විය. ඔහු ඇයට පෙම් බඳින්නට වුණේ ඒ මොහොතේදීය.


එතැන් පටන් ඔහු ඇයගේ කැමැත්ත ලබා ගත්තේ මාස කිහිපයක් තිස්සේ දැරූ උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.


වසරක් පමණ පෙම්කළ මොවුන් දෙදෙනා මව්පිය ආශිර්වාදය මැද විවාහ දිවියට එළඹෙන්නේ ඔවුන්ගේ සිහින සියල්ලක්ම මල්ඵල ගන්වමිනි.


ජයවීර උපාධිධාරියෙකි. රජයේ රැුකියාවක් ලැබීමට පෙර ඔහු කලක් පෞද්ගලික ආයතන කීපයකම සේවය කළ අතර, අවසානයේ ඔහුට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරියෙකු ලෙසට තනතුරක් ලැබිණි.


යශෝදා ඉගෙනගෙන තිබුණේ උසස්පෙළ දක්වා පමණය. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය වැඩි කැමැත්තක් දැක්වූවේද නැත. ඇය රැුකියාවක් කරනවාට ජයවීරගේ කැමැත්තක් තිබුණේද නැත.


විවාහයෙන් පසුව ඔවුහු ඉතා ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළහ. දවසින් දවස ඔවුන්ගේ නිවහන සතුටින් පිරී ඉතිරී ගියේය.


එලෙස කාලය ගෙවෙද්දි ඔවුන්ගේ කැදැල්ලට පුංචි අමුත්තෙකුද එකතු විය. ඒ පුංචි අමුත්තාගේ එකතුවීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ ආදරය තව තවත් දලූලා වැඩෙන්නට විය. එයින් ඔවුන්ගේ සිත් සතන් පුබුදු විය.


ජයවීරලාගේ අසල්වැසියකු වූ උපාලි, ගෙවල් දොරවල් විකුණා වෙනත් ප‍්‍රදේශයකට යන්නේ මේ කාලයේදීය.


උපාලි, ජයවීරගේ ගජ මිතුරෙකි. ඔහුගේ පවුලේ උදවියත් ජයවීරගේ පවුලේ උදවියත් අතර පැවතියේ දැඩි මිත‍්‍රත්වයකි.


උපාලි වෙන්ව යාමෙන් ජයවීරට ඇතිවුණේ දැඩි සිත්වේදනාවකි.


එලෙසින් කාලය ගතවීමත් සමඟ අසල්වැසි නිවසට අලූත් පුද්ගලයෙක් පැමිණියේය. ඔහුට වයස අවුරුදු 28කි.


තලෙළු පැහැති හැඩිදැඩි පෙනුමක් ඔහු සතුව තිබිණ. ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි.


සති අන්තයේ දිනෙක ජයවීරට මේ අසල්වැසියා මුණගැහුණි. ඒ ඔහු යාබද පිට්ටනි කෑල්ලේ ව්‍යායාම් කරමින් සිටියදීය.


‘‘ව්‍යායාම කරනවා වගේ’’ ජයවීර අසල්වැසියා දෙස බලමින් පැවසීය.


ඔව් හැමදාම ව්‍යායාම කරනවා. දැන් ඒකට පුරුදුවෙලා.


ගතින් වැගිරෙන දහදිය සාළුවකින් පිසදා ගනිමින් අසල්වැසියා පවසා සිටියේය.


”ඒක හොඳයි.”


”මාත් ඒ දවස්වල ව්‍යායාම කළා. ඒත් දැන් ඒවට වෙලාවක් නෑ.”


”ඒකට හරියන්න සෙනසුරාදයි, ඉරිදයි වතුර ටිකක් ඇදලා එළවළු පාත්ති ටිකක් නඩත්තු කරනවා.”


”ඒක නෙමෙයි මෙච්චර දේවල් කතා කළත් මල්ලිගෙ නමවත් අහන්න බැරි වුණානෙ.”


”හ්ම්... මම සුගත්. මගෙ ගම මහනුවර. මගෙ තාත්තා නම් නෑ. අම්මා අක්කලාගේ ගෙදර ඉන්නෙ. මම ඉතින් මෙහෙ ඉඳලා රස්සාවට යන්න ලේසි නිසා නැවතුණා.”


”කසාද බැඳලද?”


”තවමනම් නෑ...”


”හ්ම්.. නිවාඩු පාඩුවක ඉන්න වෙලාවක අපේ ගෙදර ඇවිල්ලා යන්න එන්න.”


”තේ එකක් එහෙම බීල කතා කරන්න බැරියැ.” සුගත් ඒ කාරුණික ඇරියුම පිළිගත්තේය.


ජයවීර ගෙදර යනවිට යශෝදා කාමරයේ ඇද මත හාන්සි වී සිටියාය.


පියල්ලාගේ ගෙදරට ආ අලූත් කෙනා හම්බවුණා.... මිනිහා හරි හොඳ පාටයි. ජයවීර යශෝදාට එසේ පැවසුවේ ඇඳ මත ඉඳගනිමිනි.


මිනිහගෙ තාත්තා නෑ. බැංකුවකලූ වැඩ කරන්නෙ. මම කතා කළා. මෙහෙ ඇවිත් යන්න එන්න කියලත් කිව්වා. හදිසියකටවත් ඉන්න අසල්වැසියොනෙ.


දින සති මාස එසේ ගෙවී ගියේ ඔවුන්ටත් නොදැනිමය.


සති අන්තයේ හවස්වරුවක සුගත් ජයවීරගේ නිවෙසට පැමිණියේ ජයවීරගේ ආරාධනය පරිදිය.


”අයියේ...”


යශෝදා මුළුතැන්ගේ සිට ඉස්තෝප්පුව වෙත පැමිණියේ අමුත්තෙකුගේ හඬ ඇසීමෙනි.


”ජයවීර අයියා ඉන්නවද?”


”ආ.. ඔව්.”


”මේ අර අල්ලපු ගෙදරට ආපු මල්ලි නේද?”


”ඔව්...”


”ආ... ඇවිත් වාඩිවෙන්න.... මම අයියට එන්න කියන්නම්.”


ජයවීර ඒ මොහොතේ වත්තේ ළිඳෙන් දිය ඇද එළවළුවලට වත්කරමින් සිටියේය.


”මේ ඇහුණද?”


”අර එහා ගෙදර මල්ලි ඇවිල්ලා ඔයාව හම්බවෙන්න.”


”වාඩිවෙන්න කියන්න. මම නාලා එන්නම් ඉක්මනටම.”


සුගත්, ඒ මොහොතේ පුටුවේ වාඩි වී ඒ අසල තිබුණු ජයවීරලාගේ විවාහ උත්සවයේ ඡුායාරූප බලමින් සිටියේ ජයවීර එනතුරුය.


”මල්ලි ගැන මට ජයවීර අයියා කිව්වා.”


”ආ... එහෙමද?”


සුගත් සිනහවෙමින් යශෝදා දෙස බලන්නට විය. සුගත් සහ යශෝදාත් ආ ගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුර ඈතින් පැමිණි ජයවීරත් ඔවුන් අතරට එක්විය.


කාලයාගේ ඇවෑමෙන් සුගත් ජයවීරලාගේ පවුලේ කෙනෙක් මෙන් විය. සුගත් ඉඩලැබුණු හැමවිටම ජයවීර බලන්න යන්න එන්න විය.


ඒ එන විට දරුවාට චොක්ලට් සහ ටොෆිද රැුගෙන එන්නටත් අමතක කළේ නැත. ඒ නිසාම පුංචි කාවිංග සුගත්ට බොහෝ ආදරේ කරන්නට වී තිබිණ.
ජයවීර නොමැති දිනවල පවා ඔහු නිවෙසට පැමිණෙන්නට විය. යශෝදාත් ඇගේ මවත් සුගත්ට බොහෝ ප‍්‍රිය කළේ ඔහුගේ තිබුණු හොඳ ගති පැවතුම් නිසාය.


ඔහුගේ කතා බහට ඔවුන් වශීවී සිටියා බඳුවිය. ඔහු විහිළු තහළු කරමින් ඔවුන්ගේ හදවත්වලට මනාව සමීප විය. ඔහුගේ කතා ඇසීමට යශෝදාද දක්වන්නෙ දැඩි කැමැත්තකි.


සුගත් සහ යශෝදාත් අතර වැඩි ලෙන්ගතුකමක් ගොඩනැගෙන්නේ ඔහු ජයවීරලාගේ නිවෙසට නිතරම ආගිය නිසාය. මුලදි ඔවුන් අතර ඇතිවුණේ සහෝදර පේ‍්‍රමයකි. ඒත් පසුව එය තහනම් පේ‍්‍රමයක් දක්වා දලූලා වැඩෙන්නට වුණේ ඔවුන් දැඩිසේ ළං වූ නිසාය.


දිනක් ජයවීර නැති දිනක සුගත් යශෝදා බලන්නට පැමිණියේ ජයවීර නිවෙසේ නැති බව දැනගෙනමය. ඒ දිනවල ඇගේ මවද පුංචි පුතා සමගින් සිය ගම් පළාතට ගොසින් සිටියාය.


යශෝදාට හා සුගත්ට පේ‍්‍රමාලිංගනයේ යෙදෙන්නට කිසිදු බාධාවකින් තොරව පරිසරය සැකසී තිබිණ. ඒ් දිනය ඔවුන් අතර රහසක් බවටද පත්ව තිබිණ.


කිසිම කෙනෙකුට එය දැනගන්නට ලැබුණේද නැත. ඒත් රහස් වැඩිකල් පවතින්නේ නැත. සුගත් නිතරම ජයවීරලාගේ ගෙදරට හොර රහසේ යන එන බව ගැමියන් කිහිප දෙනෙක්ම දැක තිබිණ.


ජයවීර මුලදි මේ ගැන විශ්වාස නොකළත් අසල්වැසියකුවූ මිතුරු දර්ශනගේ කීම ඔහුට පිළිගන්නට සිදුවිණ.


තමා පණටත් වඩා ආදරේ කළ යශෝදා මෙවැනි දෙයක් කරතියි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇති. එහෙත් දර්ශන බොරු නොකියන බව ඔහු හොඳටම දැන සිටියෝය. ඔහු යමක් පවසන්නේ හොඳින්ම සොයාබලා බව ඔහු බොහෝ කල් සිටම දන්නා කරුණකි.


ඔහු යශෝදා සමග රණ්ඩු කරන්නට ගියේ නැත. එහෙත් සිත තුළ තෙරපුණු සිතුවිලි එන්න එන්නම දැඩිවී ගිනි කන්දක් මෙන් පුපුරන්නට වී තිබිණ.


විවිධ විකාරරූප ඔහුගේ හිතේ ඇදෙන්නට වුණේ සිතුවම් පෙළක් මෙනි. එය මැඩලීමට තරම් ශක්තියක් ජයවීර සතුව තිබුණේ නැත. ඔහු දැඩිව වෙව්ලන්නට වුණේ දුක වේදනාව පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාය. අවසානයේ ඔහු දිවිනසා ගත්තේය.


යශෝදාගේ මෙම ක‍්‍රියාකලාපය නිසා තම සැමියා දිවිනසා ගනී යයි ඇය කිසිසේත්ම සිතුවේ නැත. ඔහු දිවිනසාගත්තේ තමා නිසා යැයි නිතරම ඇගේ සිතට දැනෙන්නට විය. ඒ හැම මොහොතකම ඇය ගිනි කන්දක් මැද සිටින තනිවූ ගහක් වැලක් මෙන් දැවිදැවී ජීවත් වූවාය.


තමා කළේ වැරැුද්දක් බව ඇයට සිහිවුණේ ජයවීර තමා තනිකරදා මෙලොවින් සමුගෙන ගියාට පසුවය.


රාග ගින්නට හසුවී තමා කළ කී දේ ගැන ඇය බොහෝ සෙයින් ශෝක වෙන්නට වුණත් පසුව ශෝක වී ඵලක් නොවන බව ඇයටම වැටහිණ.


ජයවීරගේ වියෝවෙන් පසු සුගත්ද ඒ වනවිට ගෙවල් දොරවල් හැරදා ගම් පළාතට ගොස් සිටියේය.


ගම පුරාම ළැව්ගින්නක් සේ මේ කතා පැතිර ගියේය. එහෙත් ඒ සියල්ල නිවී ගියේ මාස 2ක් තුනක් ඇතුළතය. ඉන්පසුව ඇයද වරදෙහි බැඳුණේ නැත.


දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් සහ දරුවා වෙනුවෙන් ඇගේ මුළු ජීවිතයම කැප කරන්නට වූවාය.


ජයවීරගේ මාසික වැටුප සෑම මසකම ඇයට ලැබුණි. එය ඔවුන්ගේ සියලූම වැඩකටයුතු සඳහා ප‍්‍රමාණවත් විය.


‘‘අපේ දරුවා කවදහරි ඩොක්ටර් කෙනෙක් වෙනවා’’ දරුවා වඩාගත් ජයවීර දිනක පැවසුවා ඇයට සිහිවිය.


සැමියාගේ ඒ සිහිනය සැබෑ කළ යුතු යැයි යන සිතිවිල්ල ඇගේ සිත තුළ කැරැලි ගසන්නට වුණේ ඒ මොහොතේදීය.


ගේ ඉදිරිපිට ඇති කණුවක් මතට හේත්තු වුණු ඇය පාර දෙස බලා සිටින්නට වූවාය. ඇය කළ කී පෙර වැරදි ඇගේ මතකය දිගේ ගලා ආවේ නිතැතිනි.


ඇගේ දෙකොපුල් මතින් කඳුළු බිඳු රූරා වැටෙන්නට වුණේ එබැවිනි.


ඒත් දැන් ඒ කිසිදු දෙයක් සිතීමෙන් පලක් නැත. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට සිත යොමු කළා නම් මෙවැනි විපත් සිදුවන්නේද නැත. එවිට දරුවන්ගේ හෙට දවසද සුරක්ෂිත වනු ඇත. පවුලේ පැවැත්ම ගැන සිතා බුද්ධිමත්ව වැඩ කරන්නට ඇයට හැකි වී නම් කොපමණ යහපත්ද?

m



අදහස් (0)

දුක ළං කළ රාගගින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 756 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site