පසුගිය සතියට සම්බන්ධයි
නේත‍්‍රාංජලී ලස්සනම ලස්සන තාරකාවකි. ඇගේ ලස්සන සිනහවට ඇගේ ලස්සන දෙනෙතට රසිකයෝ බොහෝසේ ඇලූම් කළහ. ඒත් ඒ ලස්සන ඇස්යට සැඟවී තිබූ වේදනාවේ කඳුළු බිංදු කිසිවෙකුත් නොදුටුවේය.
ඇය තනිව හිඳ ඉකිබිඳින අතීතයේ සැඟවුණු කඳුළු කතාව මේ වාතලයට මුසුකළේ ඒ නිසාය. පසුගිය සතියේ සමුගත් තැනින් යළිත් අපි නේත‍්‍රාංජලීට සවන් දෙමු.
‘‘සුගත් මහත්තයාගේ රතුපාට කාර් එකේ ඉස්සරහ දොර ඇරලා තිබුණා. මම වාඩිවුණා. සුගත් මහත්තයා මගේ සිරුරේ ගෑවීගෙනම දොරවහලා කාර් එක පණ ගැන්වුවා. එයා වාහනය එලෙව්වත් එයාගේ ඇස් තිබුණේ නිරාවරණය වෙච්ච මගේ කළවා පෙදෙස දිහා මම අතේ තිබුණ හෑන්ඞ් බෑග් එකෙන් නොපෙනෙන්න වහගත්තා. සුගත් මහත්තයා හිනාවෙලා මට මෙහෙම කිව්වා.
‘‘නේත‍්‍රා තරුවක් වෙන්න නම් ඔය ගමේ ගති තියාගෙන බෑ. ඔය වගේ දේවල්වලට පුරුදු වෙන්න ඕන. ඔයාට අද මම පෙන්වන්නම් ඔයා වගේ ලස්සන ගර්ල්ස්ලා අදින විදිය, කනබොන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය, ඔයාට මම ලොකු අවස්ථාවක් දුන්නේ. ඔයා දැක්කනේ එදා ඇවිත් හිටිය අයව. ඒ අතරනුයි මම ඔයාව තෝරා ගත්තේ. ඒ ගමේ ඉඳලා ආව ඔයාට උදව්වක් කරන්න ඕන නිසා.’’

සුගත් මහත්තයාගේ කතාව මම අහගෙන හිටියා. එයා එයාගේ ලොකුකම් ගොඩක් කියෙව්වා. මම ගමේ දුප්පත් කෙල්ලක් කියන එක හැම වෙලේම මට මතක් කළා. එයා හැමවෙලේම කිව්වේ මට උදව්කරනවා කියලා. ඒකට එයා කියනදේ අහගෙන එයා කියන විදියට ඉන්න කියලයි මට කිව්වේ. තරුවක් වෙන්න තිබුණ ආසාව නිසා මම අකමැත්තෙන් වුවත් සුගත් මහත්තයා කියන කරන දේ ඉවසාගෙන අහගෙන හිටියා.
එයාගේ රතුපාට කාර්එක එක තැනක නැවතුණා. එයා කාර් එකෙන් බැහැලා ඇවිත් මම හිටපු පැත්තේ දොර ඇරියා. තනියම කොළඹට ආපු මම ඇගෙන් හරි අඩකටත් වැඩිය පේන ඇඳුමක් ඇදගෙන පුදුම ලජ්ජාවකින් හිටියේ. දියෙන් ගොඩදාපු මාළුවෙක් වගේ මාව ගැහෙන්න වුණා. සුගත් මහත්තයා එක පාරටම මගේ කරට අතක් දාලා මාව ළංකරගත්තා. එයාව තල්ලූ කරලා දාලා මට ආපහු ගමට දුවන්න හිතුණත් හිතේ තිබුණ තරු සිහිනය මාව ආයෙත් නතර කළා. අකමැත්තෙන් වුවත් සුගත් මහත්තයාගේ ඇගේ ගැවි ගෑවි තුරුල් වෙලා යන්න මට සිද්ධ වුණා.
ඒක තනි තට්ටුවේ බිල්ඩින් එකක්. ඒත් ඇතුළ සුරපුරයක් වගේ. පාට පාට ලයිට් දාලා ලස්සන ලස්සන ගෑණු ළමයි කණ්ඩායම් තැන් තැන්වල කතා කරනවා. එතන හිටපු කිසි කෙනෙක් ළඟ ලජ්ජා බය තිබුණේ නැහැ. සමහර අය කොට කලිසම් ඇඳලා. පුංචි පටි අත්දාපු හැට්ට ඇඳලා. කොණ්ඩා පාට කරලා කෙල්ලෝ කොල්ලෝ එකට වාඩිවෙලා විහිළු කරනවා. කතා කරනවා. එක එක්කෙනා ඉස්සරහට යනවා. එයාලගෙ චරිත කරනවා. තව එතන හිටපු කළු මහත මහත්තයෙක් එයාලට ඉන්න ඕන විදිය කියලා දෙනවා. එයාලා අත්, කකුල්, නිකට, ඉන තියාගන්න ඕන විදිය හදනවා. කවි කියනවා. මේ හැමදේම මට පුදුම ලෝකයක් වුණා. මම කවදාවත් දැකලා නැති ලෝකය මම එදා දැක්කා. හිතේ තිබුණ භය චකිතය පොඞ්ඩක් අඩුවුණා. අපි පුංචි තිරයෙන් දකින දේ මෙහෙම සජීවීව බලාගන්න පුළුවන් වුණ එක ගැන පුංචි ආඩම්බරයක් ඇතිවුණා.
ඒ විදියට සුගත් මහත්තයා මාව කීප තැනකට එක්කරගෙන ගියා. අන්තිමට ගමේ ඉඳලා යන එන එක කරදරයි කියලා මියුරින් ඇන්ටිලාගේ ගෙදර මට නවතින්න කිව්වා. දවසින් දවස ජීවිතේ අලූත්වුණා. ඒත් ඒකෙන් මට හොඳක් වෙනවද, මාව විනාශ වෙනවද කියලා මට තේරුණේ නෑ. තේරුණේ නැතිකමටත් වඩා තේරුම් ගන්න උත්සහ කළේ නෑ. කොහොම හරි මටත් හැමෝටම පේන්න පුංචි තිරයේ එකම එක වැඩසටහනකට සිටීමේ අවශ්‍යතාව අත්‍යවශ්‍යතාවයක් වෙලා තිබුණේ.
දීර්ඝ සුසුමක් ගත් නේත‍්‍රාංජලි මොහොතක් නිහඬ වූවාය. මම ඇය දිහාවම මොහොතකට බලා සිටියෙමි. සැබැවින්ම ඇගේ ජීවිතය ඇය විඳින්නේද? අද ඇයට යාන වාහන, සැපසම්පත්, ජනපි‍්‍රයතාව යන සියලූදේ සතුය. ඒත් ඇය ලොවට හොරෙන් හදවතින් හඬනා වාර ගණන අනන්තය.
ඇය යළිත් ඇගේ ජීවිතය මෙසේ ගැළපුවාය.
‘‘දවස් ගණනාවක් සුගත් මහත්තයා මාව එක එක වැඩසටහන් කරන තැන් වලට අරගෙන ගියා. සමහර දවස්වලට ඒවා බලලා බෝඩිමට යද්දි ගොඩක් රෑ වෙනවා. මියුරින් ඇන්ටිලාගේ ගෙදර ඉඳලම සුගත් මහත්තයා හොඳටම බොනවා. මියුරින් ඇන්ටිත් එයාට බයිට්ස් හදලා දීලා ළඟින් වාඩිවෙලා ඉන්නවා. එක දවසක් රෑ සුගත් මහත්තයා මියුරින් ඇන්ටිලාගේ ගෙදර නැවතුණා. වෙනදා වගේම සුගත් මහත්තයා බොද්දි මියුරින් ඇන්ටි බයිට් හදලා දීලා ළඟට වෙලා හිටියා. මම කාමරේට වෙලා නිදාගෙනයි හිටියේ. එක පාරටම සුගත් මහත්තයා මගේ කාමරේට ආවා.

‘‘බයවෙන්න එපා නේත‍්‍රා..... මම ඔයාව මේ ලෝකෙම ජනපි‍්‍රය තරුවක් කරනවා.... ඔයා මම කියන විදියට වැඩකරන්න නේත‍්‍රා... බයවෙන්න එපා... මම හැමදේටම ඔයාට ඉන්නවා.’’ නාන්නාඳුනන කොළඹ තනිවෙච්ච මම මොනවා කරන්නද? එදා මම ජීවිත කාලය පුරාම රැකගත්ත ගෞරවය නැතිවුණා. මම ගොඩක් ඇඬුවා. මට මගේ අම්මා තාත්තා මතක් වුණා. මම දැන් ගමට යන්නේ කොහොමද කියලා හිතුණා. ඒත් ජීවිතේ වැරදිලා ඉවරයි. මට මාව නැතිවෙලා ඉවරයි. ‘‘ළිඳට වැටුණ මිනිහා ළිං කටින්ම ගොඩවෙන්න ඕන කියලා කියමනක් තියෙනවානේ.’’ ඒ නිසා ඒ වයසක මිනිහගේ කරේ එල්ලිලා ගොඩ යන්න මම හිතුවා. මැරිච්ච මිනියක් වගේ මම ඒ මිනිහව සතුටු කෙරුවා. ඒ තරුවක් වෙන්න. අර ඈත අහසේ පේන ලස්සන තරුව වගේ දීප්තිමත්ව බබළන්න.
ඇගේ දෙනෙතේ නැගුණ පුංචි කඳුළු බිංදු හඳ එළියට දිලිසුණාය. ඒ නිමේෂයේ ඒ සොඳුරුවතකමලේ සිනහව තුරන් වී තිබුණි. ඒ නේත‍්‍රාවලින් වෛරයේ ගිනිදැල් බුර බුරා නගින හැටි මම බලා සිටියෙමි. සමාජයේ මෙවැනි චරිත කොතෙක් නම් වේද? ජීවිතවල සැඟවුණ කතා කොතෙක් නම් වේද? සිනාවී ජීවත්වන සියලූ දෙනා සැබෑවටම සතුටින් පසුවේද? සිතීමට නම් බොහෝ දේ ඇත. මම යළිත් ඇය දෙසට හැරුණෙමි. දීර්ඝ සුසුමක්ගත් ඇය යළිත් ඇගේ ජීවිතය ගැළපුවාය.
‘‘දවස් ගාණක් මාව එක එක තැන්වල අරගෙන ගියපු සුගත් මහත්තයා අන්තිමට මාව ස්ක‍්‍රීන් ටෙස්ට් එකට කියලා තැනකට එක්කරගෙන ගියා. එතනට ගිය මට ජීවිතේ ඉතුරුවෙලා තිබුණ ලජ්ජාභයත් නැත්තටම නැතිවුණා. අපිට ඇඳුම් මාරු කරන්න වුණේ එතන ඉන්න හැමෝම ඉස්සරහ. වාඩිවෙන්න ඕන හොඳට කකුල් කළවා පේන විදියට. එයාලා පින්තූර ගත්තේ නග්න සිරුර. ඒ හැමදේම මට ඉවසන්න වුණා. සමහර ගෑණු ළමයිනම් ඒකට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා හිටියා. තවත් පිරිසක් ඊට ආයාසයෙන් මුහුණ දුන්නා කියලා මට තේරුණා. ජීවිතේ ආරම්භයේදීම වරද්දාගත්ත මම ඒ අතරමැද නතර වෙලයි හිටියේ. ස්කී‍්‍රන් ටෙස්ට් එකෙන් පස්සේ මාව තෝරාගත්තත් මම අද ඉන්න තැනට එන්න ගොඩක් අයගේ හිත් සතුටු කරන්න වුණා. සුගත් මහත්තයා එයාගේ යාළුවන්ටත් මාව අඳුන්වලා දුන්නා. මට එයාලත් එක්කත් යන්න වුණා. එක එක්කෙනාගේ අතින් අතට ගිය මට අන්තිමට ලැබුණේ පුංචිම පුංචි දැන්වීම්. ඒකත් දැන්වීමේ බලාගෙන ඉන්න පිරිසෙන් කෙනෙක් වෙන්න විතරයි. මාස ගාණක් කොළඹ සංකර ජීවිතේට පුරුදු වෙච්ච මම අවුරුදු ගාණක ගමේ අතීතය අමතක කරලා දැම්මා. මට ආයෙත් ජීවිතේ ආපස්සට යන්න බෑ. සුගත් මහත්තයා කියන දේ අහගෙන එයාගේ වගේම එයාගේ යාළුවන්ගේ හිත් සතුටුකරගෙන යන පාරක් තමයි මට නිර්මාණය වෙලා තිබුණේ.
මගේ ගෙදර අය මාව දැක්කේ වීරයෙක් වගේ. අපේ දුව ළඟදීම ටී.වී. එකෙන් බලන්න පුළුවන් කියලා අම්මයි අක්කලයි ගමේ හැමෝටම කියලා තිබුණා. කලාතුරකින් ගමට ගියහම සමහර අය මම ළඟට ආවේ වෙනදා නැති චකිතයකින්. එයාලා මම එක්ක කතා කරන එක ගෞරවයක් කියලයි හිතුවේ.
ඒත් මම අඳින කොට ගවුම්, කපලා පාට කරපු දිග කොණ්ඩය, නිය තොල් ආලේප දිහා බලාගෙන හිටපු වයසක ආච්චිලා මම දිහා බැලූවේ කුණු මාළු කෑල්ලක් දිහා බලන විදියට. ඒත් මම ඒ හැමදේම ගණන් ගත්තේ නෑ. කොළඹ ඉඳලා ගමට ගිය මම වෙනස්ම චරිතයක් ආරෝපණය කරගත්තා. ගෙදර අය, යාළුවෝ මගෙන් මම දැකපු දේවල් ඇහුවේ පුදුම වෙලා වගේ බලාගෙන. ඒත් එයාලා දන්නවා නම් මම මට නැතිවෙලා කියලා. මම කොහොමද ඒ ගැන කටක් ඇරලා කියන්නේ. හිතේ දුකයි වේදනාවයි පුරවගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ජීවත්වෙන්න උත්සහා ගත්තා.
අන්තිමට මම ගමට ගිය දවසේ දැනගත්තා මම ආදරේ කරපු... මට ආදරේ කරපු මගේ ආදරණීය අයියා විවාහවෙන බව. එයා එයාගේ වෙඩින් එක කියන්න අපේ ගෙදරටත් ආවා. එදා මම දිහා බලාගෙන හිටපු එයා මට ජීවිතේ ගැන ගොඩක් දේවල් කිව්වා.....
‘‘චුට්ටි කෙල්ලෙකුට තියෙන ලොකුම ආභරණය තමයි චරිතය. කොහාට ගියත් කවුරු ආශ‍්‍රය කළත් ඔයාට ඔයාව නැතිකරගන්න එපා.’’
ඒ වචන ටික අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා. එයා ඒ දේ කියද්දිත් මට මාව නැතිවෙලා ඉවරයි. තරුවක් වෙන්න මම මගේ සිහින ජීවිතය වෙන්දේසි කරලා ඉවරයි. ගොඩක් දුක හිතුණා. ඒත් මට අඬන්න කඳුළු තිබුණේ නෑ. ඒ තරමටම මාව හෙම්බත් වෙලා තිබුණේ.
මම ආපහු කොළඹ ආවේ ටික කාලයකට ගමට යන්නෑ කියලා හිතාගෙන. මේ වේදනා දරා ගන්න බැරි නිසා මම මත්පැන් බොන්න පුරුදු වුණා. මම නයිට් ක්ලබ් ගියා. බීලා හොඳටම නැටුවා. එතනදී තමයි මට සුදීරව මුණ ගැසුණේ. එයා කෝටිපති සල්ලිකාරයෙක්. මගේ අරමුණට යන්න මට එයාවත් සතුටුකරන්න වුණා. හැබැයි එයා මාව අනිත් අයවගේ කඬේ ඇරියේ නෑ. මට ඇත්තටම උදව් කළා. එයා නිසා තමයි අද මම තරුවක් වුණේ. අද මට මම ගැනම වෛරයක් දැනෙනවා. වෙලාවකට කෑගහලා අඬන්න හිතෙනවා.
මම මාව විකුණලා තරුවක් වුණා. එයාලා මාව සල්ලිවලට අරගෙන සතුටුවුණා. ඒත් අද මට කවුද ඉන්නේ. හැමදේම තියෙන මම ඇයි අසතුටින් ඉන්නේ. සතුට තියෙන්නේ ජනපි‍්‍රයතාවයේද? සල්ලිවලද? අපේ සිහින වලද? මේකද මම හොයපු ජීවිතය...... මම තාම ඒ ගැන හොයනවා. ඒත් මේ ජීවිතය පුරාම ලොකු හිස්තැනක් තියනවා කියලා විතරක් මම දන්නවා.
ඇය ඇගේ කතාව නිමා කළාය. අද ඇගේ මව්පියන්ට සොයුරියන්ට ඇය සියළු සැප සම්පත් ළඟා කර දී ඇත. ඔවුනට හොඳ සමාජ පිළිගැනීමක්ද නිර්මාණය කරදී ඇත. ඇගේ දෙසොහොයුරියෝ විවාහ වී දරු සුරතල් බලමින් යහපත් ජීවිත ගත කරති. ඒත් ඇය තවමත් අවිවාහකය. නන්නාඳුනන නොනිදන නගරයේ හුදෙකලාවී ඇත. සැබැවින්ම මිනිස් ජීවිතය කෙබඳුදැයි විනිශ්චය කළ නොහැකිය. සිතුදේ දුටුදේ නොවන, දුටුදේ සැබෑව නොවන මායාවට අපේ ජීවිත හසුවී ඇත. ඈතින් පාව ආ ඝන වලාකුළකට සඳ වැසී ගියේය. පරිසරයේ ආලෝකය අතුරුදහන්විය. ඇය මගෙන් සමුගෙන යාමට නැගී සිටියාය. මමද ඇයට නැගීසිට සමුදුන්නෙමි.
එහෙත් ජීවිතයනම් මෙයදැයි මම මගෙන්ම ප‍්‍රශ්න කළෙමි...





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ අහිංසකම මේ රියලිටි වැඩසටහන් වල වෘත්තීය කටයුතු වලට ගියොත් බලා ගන්න පුළුවන්. ජායා රුප ශිල්පින් ඉස්සරහ තමන්ගේ කැමැත්තෙන් අඩ නිරුවතින් දගලන ගැමි තරුණියන් ඉන්නවා. ඒවාට සම්බන්ධ වෙන විවිධ වෙළඳ ආයතන වල ලොක්කන් දරු පවුල් කාරයන් කියල දැනගෙන පස්සෙන් අඟර දඟර දමා ගෙන යන බවලතුන් ඉන්නවා. ඒ නිසා කරුණාකර මේ තොරතුරු ලිපි වලට මේ තරුණියන් කියන දේවල් විතරක් අදහාගෙන ලියන්න එපා . (ම)
පුදුම කතානේ මේවා. විලි සන්ගේ නැති කොට සායක් ඇඳලා ළඟ ඉන්න පිරිමියා කලවා දිහා බැලුව කියල දොස් කියනවා. එහෙම අදින්නේ බලන්නනේ එහෙ නොබලා ලඟම තිබෙන පුජ්‍ය ස්ථානයක් දිහා බලන්නද කියන්නේ. අනේ මෙහෙම ගැහැණු ! (ම)
ලිංගිකව හැසිරෙන එක තමයි ලෝකේ තියෙන ලොකුම එක කියල හිතාගෙන ඉන්න අපේ කට්ටියගේ ඔලුවේ තියෙනකන් ඉතින් ඕක ඔහොම තමයි. (අ)
තමන් තමන්ගේ තරම නොදැන වැඩ කටුතු කරනකොට ඔයවැනි දේ වලට මුනදීමට සිදුවෙනවා.දැන් තවත් ඔය දේ සිත සිත ඉන්නවට වඩා තමන්ගේ අනාගතය ගැන සිත තමන්ගේ සහෝදර සහෝදරියන් සහ දරුවන් සමාජයේ වැදගත් පුරවැසියන් කිරීමට ආදර්ශක් වන්නේනම් ඔබේ සිතට සහනයක් ලැබේවි . (අ)
සාමාන්‍ය සමාජයේ වැරදි කියලා පිළිගත් දේ කරන අය සදාකාලිකව පසුතැවෙන්නවත්, තමන්ගේ ජීවිතයම ඉවරයි කියලා හිතාගෙන ඔහේ බලාගෙන ඉන්නවත් අවශ්‍ය නෑ කියලා මට හිතෙන්නේ. ඇයට තවමත් පුළුවන් ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරලා ජීවිතය අලුතෙන් පටන් ගන්න. සමාජය පුළුවන් තරම් කෙනෙහිලිකම් කරයි, විවිධාකාර අභියෝග එයි, ඒත් ඒවාට මුහුණ දෙන්න බැරිකමක් නෑ. (නදී)
සල්ලි අතට ලැබෙනවා නම් , පොහොසත් පෙම්වතෙකුගේ වාහනයේ ඉස්සරහ යන්න ලැබෙනවා නම් එයත් එක්ක ලොකු ලොකු හෝටල් අස්සට රිංගන්න ලැබෙනවා නම් අපේ සමහර තරුණියන්ට ඊට වැඩිය දෙයක් නැහැ. අන්තිමට කියන්නේ සමාජයේ වරදින් මම මෙතනට වැටුනා කියලා. එහෙනම් ඉතින් සමාජයේ ඉන්න ඔක්කොම තරුණියන් අමාරුවේ වැටුන උදවිය වෙන්න ඕන. (නදී)
ෂේන් - මෙල්බර්න්, ඔයාගේ අදහස මම සියයට සියයක් එකඟයි. මේක සංක්‍රාන්ති සමයක්; ගැහැණු සහ පිරිමි සම තැනට පැමිණෙමින් සිටිනවා. මේ කාලයේ ගැහැණු ළමයිනුත් පිරිමි වගේම කැත්තට පොල්ල වගේ ඉන්න ඕන. (බ)
එක්තරා අකරයක ශ්‍රමය හුරා කෑමක් ........කොහොමද නවත්තන්නේ ....(අ)
පහන්, කැත්තට පොල්ල වගේ සිටින ගැහැණුන්ට කැමති පිරිමියා කවුද කියලා කියන්නකෝ. එහෙම ගැහැණුන්ට ඉන්න පුළුවන් තමන් සදාකාලිකව අවිවාහකව ඉන්න කැමති නම්.මෙතන කොච්චර මේ වගේ තරුණියන්ගේ පැත්තට කතාකළත්, එක පිරිමියෙක් සිටිනවාද කැත්තට පොල්ල වගේ ඉන්න එහෙම නැත්නම් නගර ශෝභිනියක් විවාහ කරගන්න කැමති. අදටත් ලංකාවේ ඕනෑම පිරිමියෙක් කැමති මැස්සෙක්වත් වහලා නැති කීකරු ගෙවල් ඇතුළේ හැදුනු තරුණියක් කරකාරෙට ගන්න. (නි)
අපි අපේ තරම දැනගෙන වැඩකළානම් වරදින්නෙ නැහැනෙ....තරුවෙන්න...උඩයන්න...දඟලන අයට මේව හොඳ පාඩම්.(ම)
මේ වගේ ගැහැණු ළමයින්ට අනුකම්පා කරන්න යනකොට ප්‍රවේශම් වෙන්න ඕනෑ. මගේ ඥාති සොයුරා මෙහෙම රියලිටි තරඟයකට ගිහින් මඟ වරද්දා ගත් කපටි තරුණියකට රැවටුනා. මව්පිය විරෝධය මැද බැන්දා. අන්න දැන් ඒ මල්ලිට වැඩිය සල්ලිකාරයෙක් සොයාගෙන ඒ කපටි කාන්තාව පැනලා ගිහින්. වහ බොන්න ගිය අපේ මනුස්සයාව අපි හරිම අමාරුවෙන් බේරාගත්තේ. (නි)
මේවාට උඩ පැන යන්නේ ඔයගොල්ලන්ගේ සීයලාගේ කාලේ අවුරුදු කුමාරි තරඟයට හිටපු ගමේ අහිංසක තරුණියන් නෙමෙයි ළමයිනේ. කොටින්ම කොළඹ සංකර විදියට හැදුනු ගැහැණු ළමයෙකුට තරම්වත් ලැජ්ජා බයක් එයාලට නැහැ. (නි)
උඩ යන්න ඕනෑම වැඩක් කරලා වැඩ වැරදුනාම මුළු තුන් ලෝකයටම සමහරු බනිනවා, අනේ මාව අමාරුවේ දැම්මා කියලා. හැඳි මිටක් දිග නුවණක් හොඳටම ඇති තමන් අමාරුවේ වැටෙන්න යනකොට එතනින් මාරුවෙලා යන්න. (නි)
මෙිවා කොචිචර කිවිවත් අහන්නේ කීයෙන් කී දෙනාද... දැන් රට රස්සාවලට යන ගෑනු කටිටියට ඇන ගහනවා දූෂණය කරනවා කියලා කොචිචර ප්‍රවෘත්ති වලට ගියත් අහනවද නෑනේ............(ම)
ජීවිතය, ඇත්තටම ජීවිතය දකින්න අපි හුරු වෙලා ඉන්නවද? ගොඩක් දෙනෙක් හිතන්නේ ජීවිතය කියන්නේ සල්ලි, ජනප්‍රියත්වය, ඔය වගේ දේවල් වලට විතරමයි කියල. අද අපේ තරුණ නංගිලා, මල්ලිලට මේවා තේරුම් ගන්න බෑ, පුළුවන් උනත් තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ.අද සමාජයට හරියට උපදෙස් දෙන්න කෙනෙක් නෑ, හැමෝම සල්ලි පස්සේ දුවනවා, දුවලා හති වැටුනම පස්ස බලනවා එතකොට සේරම සිදුවෙලා ඉවරයි. ආදරණීය නංගියේ, මල්ලියේ, ඔබල අපේ රටේ අනාගතයයි, දෙයක් කරන්න කලින් එක පාරක් නොවෙයි, දහස් වතාවක් හිතන්න පුරුදු වෙයල්ලා, නැතිනම් අනාගතය අදුරු වෙනවා නියතයි. (ස)
මෙයාල විහින්මයි විනාශ වෙන්නේ. දෙමාපියෝ කියන එකක් තුට්ටුවකට අහන්නේ නැහැ. මෙයා නම් කොහොමහරි තරුවක් වෙලා.ඒත් තරු පෙනිච්ච අය කී දාහක් ඉන්නවද? (නි)
මමත් කියන්නේ සමාජයට බැනලා වැඩක් නැහැ. තමන්ට යන්න ඕන තැනට වැදගත් විදියට විලි බිය ආරක්ෂා කරගෙන යන්න බැරි බව යන්තම් හරි දැනෙනවා නම් වහාම එතනින් අයින් වෙලා තරුවක් වෙන අදහස අත ඇරලා හිත හදා ගන්න ඕන. ඊට පසුව බාහිර බලවවේග වලට දොස් කියල වැඩක් නැහැ. අමාරුවේ වැටුණාට පසුව ලංකාවේ ඉන්න පිරිමියෙක් නම් නම්බුකාර විදියට බඳින්න ලැබෙන්නේ නැහැ. අර අද කාලේ සමහර ප්‍රසිද්ධ කට්ටිය කරනවා වගේ පිටරට ඉන්න ලාංකිකයෙක් සොයා ගෙන තමයි බැඳ ගන්න වෙන්නේ. මොකද ඒගොල්ලන්ට තමන් බඳින තාරකවියන් ලංකාවේ ඉන්නා කාලේ කොහොම ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ. (ම)
මෙහෙම ගමෙන් ආව කියලා කියාගෙන ප්‍රසිද්ධ වුණ එක්තරා රියලිටි තාරකාවියක් කොළඹ ඇවිත් හරි හම්බ කරගත් විදිය දන්නෝ දනිති. කතා කරන්නේ අංක එකේ ආදර්ශමත් බිරියක් ලෙසයි. ලස්සන ගෙවල් යාන වාහන තිබෙන ජීවිතය පත්තරවල ප්‍රසිද්ධ කර පවුලත් රටටම පෙන්වනවා. නමුත් එයාට මුලින්ම රියලිටි තරගයෙන් පසුව අනුග්‍රාහක පහසුකම් සැපයු ආයතනයේ උදවිය ඔක්කොම දේවල් දන්නවා. පවුල් කැඩෙන නිසා මිනිස්සු තමන්ගේ හොඳ කමට කට වහගෙන ඉන්නවා. (ම)