කොරෝනා දෙවැනි රැල්ලක් ඒවිද? මහ මැතිවරණය පැවැත්විය හැකිද? තුනෙන් දෙකක් ගතහැකිද යනාදී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ‘2020 මැතිවරණ වේදිකාවට එක්වූයේ පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක ශාන් විජයලාල් ද සිල්වා මහතාය.
ප්‍රශ්නය:- කොරෝනා යළිත් හිස ඔසවලා. ආණ්ඩුව අසමත් නේද? ඡන්දයට වෙන්නේ මොකක්ද?
පිළිතුර:- ලෝකයේ ඕනෑම රටක වසංගත රෝග තත්ත්වයක දී පළමු වටය වගේම දෙවැනි වටයක් ඇතිවීම පිළිබඳ අනතුරුදායක පසුබිම් ඉතිහාසය පුරාම දැකගන්න පුළුවන්. අපේ රටේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කළා. ශ්‍රී ලාංකිකයන් හැටියට බොහෝ අවස්ථාවල අපට ගැටලු ඇති වුණාම ඒ ගැන අවධානය යොමුකර කැපවීමෙන් කටයුතු කළත් ටික කලක් යනවිට ඒ තත්ත්වය අමතක කිරීමේ සිරිතක් තිබෙනවා. යම් සිද්ධියක් වුණාම ආරක්ෂාකාරී වෙනවා. මෙතැනදීත් සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් පිළිපැද්දත් යම් අය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ මත ඇතිවූ තත්ත්වයක් ලෙස කොරෝනා යළි හිස එසවීමක් වාර්තා වුණා. හැබැයි ආණ්ඩුව මුලින් කොරෝනා පාලනය ඉතා හොඳින්ම කළා. දැනුත් ඒ පියවර ඒ ආකාරයෙන්ම අනුගමනය කරනවා. ආණ්ඩුවේ සමත්කම ඉදිරියේදී පෙනේවි.
ප්‍රශ්නය:- ජනතාව බිල්ලට දී හෝ ආණ්ඩුව මැතිවරණය පවත්වන්නට හදන බව විපක්ෂය චෝදනා කරනවා නේද?
පිළිතුර:- ලංකාවේ විපක්ෂය බොහොම කලක පටන් ඡන්දවලට හරිම බයයි. හැබැයි වෙනත් රටවල විපක්ෂ නම් කෙසේ හෝ ඡන්දවලට ඉදිරිපත් වී බලයට එන්න උත්සාහ කරනවා. අපේ විපක්ෂය බලන්නේ අධිකරණයට ගිහින් හෝ ඡන්දය පැවැත්වීම කල්දාන්න හෝ වෙනස් කර ගන්නයි. එනිසා කුමන හෝ කාරණයක් දඩමීමා කරගෙන ඡන්දය කල්දාගන්න මෙවරත් විපක්ෂය උත්සාහ කරනවා. ඡන්දය පැවැත්වූවොත් තමන්ට අත්වන දේශපාලන ඉරණම පිළිබඳ හොඳ අවබෝධයක් විපක්ෂයට තිබෙන බව මෙයින් හොඳින්ම පේනවා. ඔවුන්ට නියත පරාජයක් හිමිවන බව දැන්මම පිළිඅරන්. මැතිවරණ කොමිසම පවතින කාරණා පුළුල්ව විශ්ලේෂණය කර ඡන්දය පැවැත්වීමට තීරණය කළා. හැබැයි යළිත් ඡන්දය කල්දැමීමේ වුවමනාවට මැතිවරණ කොමිසම නොසිටින බව අපට හැඟී යනවා. ඉදිරියේදී ඇතිවිය හැකි දේ ගැන මේ වෙලාවේ සියයට සියයක් නිවැරදි පුරෝකථන කරන්න බැහැ.
ප්‍රශ්නය:- දැන් රටේ තිබෙන පසුබිමත් සමග තුනෙන් දෙකේ ඉලක්කයට ආණ්ඩුවට යන්න පුළුවන්ද?
පිළිතුර:- පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන සමහර අණ පනත් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අවශ්‍ය වෙනවා. රටට අහිතකර එවන් කාරණා වෙනස් කිරීමට අවශ්‍ය බලය ලබාදෙන ලෙස අපේ පක්ෂය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කොරෝනා නොතිබුණා නම් ඡන්දය පවත්වා අලුත් ආණ්ඩුවක් පත්වී රටේ වැඩ ආරම්භ වී ඉදිරියට යන්න තිබුණා. එහෙත් අවාසනාවට කොරෝනා ආවා. මේ රටේ ජනතාව තුනෙන් දෙකේ බහුතරය අපට ලබාදෙයි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා. රටේ වෙනසක් කිරීමට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සෘජුව තීරණ ගත හැකි ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍යයි. ජනතාවත් මේ කාරණා හොඳින් වටහාගෙන සිටිනවා.
ප්‍රශ්නය:- හැබැයි තුනෙන් දෙක තියා සරල බහුතරයක්වත් ගන්න බැරි තරමට ආණ්ඩුව පල්ලම් බැහැලා කියා විපක්ෂය කියනවා නේද?
පිළිතුර:- ජනාධිපතිවරණයේදීත් ඔය වගේ කතා විපක්ෂය කිව්වා. එදා එජාපය බෙදී තිබුණෙත් නැහැ. එජාපය සහ එයට හිතවත් සියලු කණ්ඩායම් එදා එකට සිටියා. හැබැයි අපි එදා වැඩි ඡන්ද ලක්ෂ 14කින් ජයගත්තා. මේ වතාවේ ඒ අය දෙකට තුනට බෙදිලා. ඔවුන්ට අත්වන්නේ පරාජයම බව ඔවුන් පමණක් නොවෙයි රටේ සාමාන්‍ය ජනතාවත් දන්නවා. ඒ නිසා ජනාධිපතිවරණයටත් වඩා ලොකු පසුබෑමකට අද විපක්ෂයේ සියලු කණ්ඩායම් ලක්ව සිටිනවා. එවන් වටපිටාවක අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සැකයක්, අවිශ්වාසයක් කාටවත් නැහැ.
ප්‍රශ්නය:- ඔබ මේ මහ මැතිවරණයට ඉදිරිපත් වන පදනම මොකක්ද?
පිළිතුර:- මම මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි සමස්ත දකුණු පළාතටම යම් සේවාවක් කිරීමෙන් පසුවයි. ක්ෂේත්‍ර ගණනාවකින් මම ඒ සේවාව කළා. ජය හඬ නමින් නිකුත් කළ පුවත්පතේ මේ සියලු විස්තර තිබෙනවා. මේ දක්වා කිසිදු අපේක්ෂකයකු එවැන්නක් එළිදක්වා නැහැ. ඒ එතරම් සේවාවක් ඔවුන් කර නැති නිසයි. තමන් ගැන විස්තර ප්‍රකාශන ගහන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි තමන් ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවාව මම එළි දක්වා තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මම ඉහළින්ම සිටිනවා. දිවංගත රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ යන මහත්වරු සමග මම සමකාලීනව දේශපාලනය කළා. අද දේශපාලනය කරන්නේ එතුමන්ලාගේ පුත්තු. අද මම ඒ අය සමගත් දේශපාලනය කරනවා. මේක බොහොම දුර්ලභ අවස්ථාවක්. මගේ දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය ගැන ගාල්ලේ ජනතාව දන්නවා. ජනතාවට වැඩ කළ ජ්‍යෙෂ්ඨයකු වශයෙන් ජනතාව ඉදිරියට පැමිණ මම බලය ඉල්ලනවා.
ප්‍රශ්නය:- රටේ ජනතාව ජීවන බරින් මිරිකී සිටින බවත් කියනවා. මේ පසුබිමේ ජයග්‍රහණය විශ්වාසද?
පිළිතුර:- කොරෝනා ලෝකයේ සෑම රටකටම පාහේ ඍජුව බලපා තිබෙනවා. මේ පසුබිමේ අනිටු විපාක ඇතිවීම වළක්වන්න බැහැ. වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව බලයේ සිටි නිසා තමයි ජනතාවට සහන ලැබුණේ. නැත්නම් ජනතාව අන්ත අසරණ වෙනවා. යම් අඩුපාඩු මේ වෙලාවේ තිබෙන්න පුළුවන්. ආර්ථිකයේ ඇතිවන පසුබෑම් ලෝකයේ සෑම රටකටම පොදු සාධක බවට පත්වෙලා. අපි කිසි විටෙක ජනතාවට සහන නොදී ඉන්නේ නැහැ.
ගාල්ලේ ප්‍රතිඵලය ගැන ඇස්පේන කන් ඇසෙන ඕනෑම කෙනෙක් දන්නවා. අතිවිශිෂ්ට ජයක් ගැන අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමග සැසඳුවොත් මෙවර ගාල්ලෙන් අපට මන්ත්‍රී ධුර හයක් ලබාගන්න පුළුවන්. එහෙත් අද පවතින ජනතා රැල්ල සම්පූර්ණයෙන් අපට හැරිලා. විපක්ෂය දෙකට බෙදී පක්ෂ මූලස්ථානය අල්ලන්න හදනවා. එජාපයේ විශාල පිරිසක් අපත් සමග එක්ව සිටිනවා. එම පසුබිමේ අපේ ඉලක්කය ගාල්ලෙන් මන්ත්‍රී ධුර හතක් ලබාගන්නයි. එය සාර්ථක වන බවට සුබ ලකුණු මේ වනවිටත් පහළ වෙලා. කවුරු කුමක් කීවත් අපි මෙවර ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලබනවා.
(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරක් මහ ඇමති වෙලත් උපන් ගමට සේවයක් නොකර අම්බලන්ගොඩ තානායම වැනි ගමේ සම්පත් විනාශ කරපු මහ ඇමති කෙනෙක් ඇත්නම් මෙයා තමයි...
අනේ මහ ඇමති, අඩුම ගානේ තමන්ගේ ගෙදරට යන පාරවත් හැදුවද කියලා කියන්නකෝ...!! ඔබ ඡන්දෙ ඉල්ලන්න කලින් වත්කමයි, දැන් වත්කමයි ගණන් හදලා බලන්න. කොහෙන්ද ඒ මුදල්..? හම්බ කරපුවද? පවුලේ දේපලද? හොරකම් කරපුවාද? ගමට මොකක්ද කරපු සේවය? පැලවෙන මුල්ගල් කීයක් තියලා තිබ්බද? ලැජ්ජාවක් තියෙනවා නම් නැවතත් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ.
අධ්‍යාපන ක්ශේත්‍රයේ දූෂිතයින් ආරක්ෂා කරපු කෙනෙක් ඇත්නම් දකුණේ මහ ඇමති තමයි අංක එකේ මිනිහා. එයා වටේම හිටියේත් ඒ වගේම පට්ට හොරු තමයි. ලැජ්ජාවක් ඇත්නම් මෙයා නැවතත් මහජනතාවගේ ඡන්දෙ ඉල්ලන්න එන්නේ නැහැ. දැන් ඉතිං පැන්ෂන් යන්න. ගම කෑවා ඇතිනේ... ලබන ආත්මයටත් එක්කම හම්බ කරගෙනනෙ ඉන්නේ. ඇයි බොරුද?
දකුණට කෙසේ වෙතත්, ගමට මොකවත් නොකළ දේශපාලකයෙන් ඇත්නම් මෙයා තමයි. මෙයාතරම් ගම විනාශ කළ දේශපාලකයෙක් අම්බලන්ගොඩ ඉතිහාසයේ ඉඳලා නැහැ.
මෙයා තනියම කෑවේ නැහැ. අපරාදෙ කියන්නේ මෙයාගේ සහචරයින්ටත් දුන්නා. ඒ අතින් නම් අපේ මහ ඇමති යුතුකම් දන්නවා...
මහ ඇමතිතුමනි, කෝ අර ගත්ත කුරුඳු ඉඩම? ඩයිවර් නමට ලියලා දුන්නට මිනිහ ඔබතුමාට දුන්නේ නැහැනේ... ඩයිවර් කියනවා ඒවා ඉගෙන ගත්තෙක් මහ ඇමතිගෙන්ම කියලා.
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අල්ලේ නටවපු මහ ඇමති ගරු සේවයට දෙන්න ගිය පත්වීම් සුලු සේවකයින්ට දීලා අපිව අනාථ කළා. කරපු අපරාධවලට හෙණ ගහන්න ඕනෑ. නිමල් සිරිපාල ඇමති ඇවිල් ලෂාන්ට සුදුහුණු ගාලා ගියා. මතකද කරපු අපරාධ...? දන්න කෙනෙක‍් මෙයාට ඡන්දෙ දෙන්න එපා. මෙයා මෙතැනින්ම පැන්ෂන් යවන්න.
මදුනාගල හොර ටිකට් ගැහුවේ ෂාන්ගෙ ගෝලයා හේමසිරි. රෙස්ට් හවුස් එක කඩලා 75000ට වික්කේ හේමසිරි. දැන් විඳවනවා කැන්සර් හදාගෙන. ඒ තමයි ෂාන්ගෙ එක ගෝලයෙක්. දකුණු පළාත් සංචාරක අමාත්‍යංශයේ හිටපු සභාපති. දැයට කිරුළ කියලා අනාථ කලේ හේමසිරි... මේවා ඔක්කොම අන්තර්ජාලයේ තියෙනවා. මෙහෙම වහල්ලු කරලියට ගෙනාවේ ෂාන් මහ ඇමති තමයි. එහෙම තමයි ඔක්කොම ගසාකෑම් කලේ. තව ඉන්නවා නඩේ කට්ටිය... හොරු ටික. මොකටද ආපහු ඡන්දෙ ඉල්ලන්නේ. පහුගිය කාලෙම මහ ඇමතිකම බේරගන්න, මහින්ද මහත්තයට දොස් කිව්වා. උපාසකයා වගේ තමයි ඉන්නේ. ජනතාවට කියන්නේ මෙහෙම හොරෙකුට නැවතත් ඡන්දෙ දෙන්න එපා කියලා. දැන් ඉතිං හොරා ගෙදර යවමු...
අවුරුදු 25 කට පමණ පෙර මියගිය අයටත් තමන්ගේ පම්පෝරිය කියලා ලිපි යවන අපේ මහ ඇමති සද්ධන්තයාට ජය වේවා. දකුණට ජයවේවා. අවුරුදු 25කට පෙර මියගිය අයටත් සුබ උපන් දිනයක් කියලා උපන් දින සුබපැතුම් යවන අපේ මහඇමති සද්ධන්තයාට ජයවේවා. ආඳා මාලු ඉරට්ටෙන් කන අපේ මහඇමති සද්ධන්තයාට ජයවේවා...!!!
දකුණු පළාත් පුරා මහඇමතිගේ මූණත්තහඩුව දාලා බස් හෝල්ට් හදලා තියෙන්නේ අම්ම, අප්පගේ සල්ලි වලින්ද? කරුණාකර ඒවා වහාම ගලවන්න. දකින කොටත් අප්පිරියයි. ගෝඨාගේ න්‍යාය කියාත්මක කරන්න. මහ ඇමතිගේ නම තියෙන සියලු බෝඩ් ලෑලි ගලවන්න.
ඡන්දෙ දෙන්නේ බලාගෙනයි. වාසියක් නම් මෙයා අලියාටත් යාවි.
සහචරයන් සමග එකතුවෙලා අම්බලන්ගොඩ ලන්දේසි කාලේ ඉඳන් තිබුණු තානායම කඩලා ඒකේ තිබුණු වටිනා දැව ගලවාගෙන ගියා. බලාගෙන ඉන්න 2/3 නොවෙයි, පයින් දෙකක් හම්බවෙයි. අම්බලන්ගොඩ කළ විනාශය නිසා මොහුට ඡන්දය නැත.
එන්නකෝ, දෙන්නම් 2/3 මෙන්න කියලා...
තමන්ගේ උපන් ගම අම්බලන්ගොඩ. තෙවතාවක් මහ ඇමති. වසර 25ක් විතර පළාත් සභාව නියෝජනය කළා. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙන් පාලනය කළ බෞද්ධ පාසල් 38ක් වසා දමනකම් බලන් හිටපු මහඇමති තමයි මෙයා. අම්බලන්ගොඩට කරපු හානියට මෙයාට නැවතත් ඡන්දයක් ඉල්ලන්න ලැජ්ජාවක් නැද්ද? ඒකයි පුදුමේ...
අම්බලන්ගොඩ තානායම කෑවා. බිස්නස් ටික අම්බලන්ගොඩ නගරාධිපතිට දුන්නා. ගමේ ඉස්කෝලේ මල්ලි කනවා. රස්සාවල් කියලා කම්කරු තනතුරු දෙනවා. ඒ ගොල්ලන් ඡන්දෙදී රාජකාරිය අතරතුරදි විවිධ වැඩවලට ගන්නවා. අම්බලන්ගොඩ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කලාපයෙන් වෑන් රථයෙන් ෂාන්ගේ පෝස්ටර් ගහනවා අපි දැක්කා. පළාත් සභාවේ හැම ආයතනයක්ම ෂාන් තමයි පාලනය කරන්නේ. වසර දෙක තුනෙන් විතර සංගීත පුටු තරගයක් වගේ ලේකම්ලා එහාට මෙහාට මාරුකරනවා. ඒ හෙන්චයියලා ෂාන් කියන හැම වැඩක්ම කරනවා. ඕකතමයි කරපු එකම දේ. ඇතිවෙන්න හම්බ කළා. හොඳ මුහුණ පෙන්නලා මිනිස්නු ගොනාට අන්දවනවා. හැම පන්සලකටම කීයක් හරි දෙනවා හාමුදුරුවරුන් පක්ෂ භේදයකින් තොරව ඒ ගතමනාව ගන්නවා. සුනාමියටත් රුපියල් 1000 බැගින් ලක්ෂ ගානක් බෙදලා කෝටියක් විතර ගහගත්තා. පුළුවන් නම් දිවුරුම් ප්‍රකාශයකින් වත්කම හෙළිකරන්න. අපටත් බලන්න පුලුවන් වෙන්න. ලැජ්ජාවක් නැහැ. දන්න දේවල් නම් තියෙනවා. කියන්නත් ලැජ්ජයි... මෙහෙමත් මිිනිස්සු අම්බලන්ගොඩ ඉන්නවා කියලා...
මෙහෙම හොරුන්ට නැවතත් නොමිනේෂන් දුන්නට පොහොට්ටුවේ අයට ගහන්න ඕනෑ. මේ අය කොච්චර හොරකම් කළත් මේ අයට විරුද්ධව නඩු දාන්න බැහැ. ඒ අය ක්‍රමවේදය දන්නවා. අපිටයි පව්...
කවදාවක් නැති අම්බලන්ගොඩ වයින් ස්ටෝර්ස් එකක් ආරම්භ කලේ ෂාන්ගේ මැදිහත් වීම මත බව හාමුදුරුවරු දන්නවා. පන්සල් වලට රුපියල් 50000 ගානේ දීල හාමුරුදුරුවරු නිහඩ කළා. ෂාන් දන්නවා වැඩක් කරන හැටි. අනේ බුදුවේවා...!!!
මොනම පක්ෂයකින්වත් අම්බලන්ගොඩට මන්තී කෙනෙක් එපා. නගර සභාවත් හොර ගුහාවක්. නගර සභාවටත් ලේකම් කෙනෙක් පත්කරලා නගර සභාව පාලනය කරන්න. අම්බලන්ගොඩට දේශපාලකයින් අනවශ්‍යයි. අම්බලන්ගොඩ විනාශ කලේ මහ ඇමති විතරක් නොවෙයි. විශේෂයෙන්ම නගරාධිපති සහ ඔහුගේ ගෝල බාලයෝත් අම්බලන්ගොඩ විනාශ කළා. පොදු දේපළ සියල්ලම විවිධ වංචනික උපක්‍රම යොදලා අත්පත් කර ගත්තා. අද ඔවුන් කෝටිපතියන්. මේවා කවදම හරි පලදෙනවා. අපේ හමුදුරුවරුත් මේව දැකදැක අහක බලාගෙන ඉන්නවා. ..ගතමනාව හම්බ වෙන නිසා. සමහර හාමුදුරුවරුන්ට ඩියුටි ෆ්‍රී වාහනත් හම්බවුණා. තනිකරම බිස්නස්. ඒ නිසා අම්බලන්ගොඩට දේශපාලකයින් එපා...
අලිබබා සහ හොරු හතලිහේ අලි බබා තමයි මෙයා.
මූණ දැක්කම ඡන්දෙ නෙවෙයි දෙන්ට හිතෙන්නේ...
දේශපාලනයෙන් හම්බකරගත්තු දූෂිතයෝ, පිල් මාරු කරන්නෝ කවුද කියලා අම්බලන්ගොඩ ගමේ මිනිස්සු දන්නවා. අම්බලන්ගොඩ ඉන්නේ බයියන් නොවේ. ඔබගේ උපන් ගම අම්බලන්ගොඩ වුණාට මෙහෙ ඡන්ද ඔබට නැත.
තුනෙන් දෙක නෙමෙයි 2-2 පොලුවලින් ගහලා එළවන්න ඕනෑ. මොලයක්, දැනුමක් නැතිව ඔහේ කියවනවා.
2/3 ගත්තොත් රටම අරාජික වෙයි. දිනනවා නම් බහුතරය හොඳටම ඇති. 2/3 ක් නොලැබේවා !!!
අවුරුදු 20ක් විතර දකුණු පළාත පාලනය කළ හිටපු මහඇමැතිට කොහොමද ගමේ මිනිසුන්ගේ ප්‍රතිචාරය...? දැන් සැපද? දේශපාලනයට එන්න ඉස්සරවෙලා රේගුවේ ඉන්න කාලෙත් කළේ හොඳට ගරාගත්ත එක...
ෂාන් නොහිටියා නම් පොහොට්ටුවට මෙයට වඩා ඡන්ද ගන්න පුළුවන්. දැන්වත් දේශපාලනයෙන් සමුගන්න. තව ඡන්ද කොච්චර දුන්නත් හොරා හොරාමයි. වටේම ඉන්නෙ හොරු තමයි. ඔය හොර නඩේ සංඛ්‍යාව සියයක් විතර ඉන්නවා. නඩේ ගුරා තමයි ෂාන්... මෛත්‍රීපාල මහත්තයත් දැනගන්න ඕන මොවුන්ගේ හැටි. මහින්ද මහත්තයත් දැන ගන්න ඕනෑ. නගර සභාවෙම ඉන්නේ හොරු තමයි.
ෂාන් මහත්තයෝ මතක තියාගන්න... එකතු කරගත්ත දේවල් ඔක්කොම තියලා තමයි යන්න වෙන්නේ. අම්බලන්ගොඩ සල්ලි කාරයින් කියපු කට්ටිය එකතු කර ගත්ත දේවල් තියලා තමයි ගියේ... අරං ගියේ දීපු දෙයක් විතරයි. අනික ගියෙත් බාගෙට. ඔබ ඇතුලු අනික් හොරුන්ටත් කියන්න තියෙන්න ඕකම තමයි. පේන්නේ නැද්ද අර පන්සල් කාපු එකෙන් දැන් අවුරැදු 4 ක් විතර ඇද උඩ විඳවන හැටි. දීපු දෙයක් විතරයි අරං යන්නේ. එකතු කර ගත්ත ඕක්කොම දේවල් තියලා තමයි යන්න වෙන්නේ... දැන්වත් ධර්මය තේරුම් ගන්න. අසරණ ජනතාවගේ බදු මුදල් හොරකමක් කරලා තමයි යහතින් ජීවත් වෙන්නේ. අපි දන්නේ නැද්ද ඔයාලගෙ හැටි. කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. රජකම් කළත් කළකම් පල දෙනවා. කෝවිඩ් වගේ දේවල් ආවෙත් අසාධාරණය උහුලා ගන්න බැරුව තමයි. කවදාම හරි පලදෙනවා.
දේශපාලකයෙක් නොවුණත් පන්සලේ කෞතුක භාණ්ඩ හොරකම් කරලා කෝටිපතියකු වුණා. අම්බලන්ගොඩ නගර සීමාවේ නිවාස 25-30 හිමිව තිබූ අය විඳවලයි මැරුණේ..
අම්බලන්ගොඩ දේශපාලකයින් හිතන් ඉන්නවා හරි වැදගත් මිනිස්සු කියලා. මහ ඇමති හිතන් ඉන්නෙත් එහෙම තමයි. නගර සභාවේ නගරාධිපති හිතන් ඉන්නෙත් තමන් හරි වැදගත් මිනිහෙක් කියලා. උප නගරාධිපති හිතන් ඉන්නෙත් හරිම වැදගත් මිනිහෙක් කියලා. නගර සභිකයින් හිතන් ඉන්නෙත් හරි වැදගත් උදවිය කියලා. මිනිස්සුන්ට මේ අය පේන්න බැහැ... කවුරුත් දන්නවා පට්ට හොරුන්, අපරාධකාරයින් රංචුවක් කියලා... ගමේ සම්පත් සියල්ල විනාශ කළා. අයිති කරගන්න පුලුවන් දේවල් ඔක්කොම අයිති කරගත්තා. තවත් එක්කෙනෙක් හිටියා... එයාගේ අම්මා තාත්තා ගුරුවරු. හරිම හොඳයි. දැන් සමාජයෙන් ඔහු කැපිලා ඉවරයි. මහ ඇමති ළඟයි, නගරාධිපති ළඟයි තමයි ඔහු හිටියේ. අම්බලන්ගොඩ පරණ සතොස ගොඩනැගිල්ලේ කඩ කෑලි හත අටක්ම අත් කරගෙන කෝටි 2කට වික්කා කියලා කවුරුත් දන්නවා. මේවා පිටිපස්සේ හිටිය මහ ඇමතියි, නගර සභාපතියි, නගර සභාවේ අනික් ගෝල බාලයින් තමයි. ලැජ්ජයි කියන්න. බලන් ඉන්න හම්බවේවි 3 න් 2 කම. අම්බලන්ගොඩ ගොන්නු නැහැ. අවට තමයි හිටියත් ඉන්නේ...
නගරාධිපතියා පිට්ටනියට වතුර දෙන්න ලක්ෂ 80ක් වියදම් කරලලු. වෙරළ උද්‍යානය හදන්න 1,87,00,000ක් වියදම් කළා. ඇත්තටම වියදම රුපියල් ලක්ෂයක් වත් ගියාද? ඒ ඔක්කොම මුදල් නගරාධිපති ගසා කෑවා. ඕවා හරියන්නේ නැහැ. දරුවන්ටත් විඳවන්න වෙනවා. මේවා පස්සේ මහ ඇමතිත් ඉන්නවා. එයා මෙයාගේ පිට කහනවා. මෙයා එයාගෙ පිට කහනවා. දෙන්නම අලි හොරු. ඉතිං කොහොමද නගරයක් දියුණු වෙන්නේ. මේ ඔක්කොම එකයි. වේවා ගැන කථාකරලා වැඩක් නැහැ. දෙයියෝම බලා ගත්දෙන්... අනේ අපොයි මහජන මුදල්. පොදු ජනතාවගේ දේපළ. අඩුම ගානේ පවුලේ අයවත් මේවා ගැන මේ ගොල්ලන්ට කියලා දෙන්නේ නැද්ද? මේ අපහාසය, නින්දාව මුලු පවුලටමනේ. කොහොමත් මේ ගොල්ලන් මැරුණත් ගමේ මිනිස්සු දන්නවා පට්ට හොරු බව... හැබැයි මහ ඇමතිතුමෝ, නගරාධිපතියන් මීට හොඳයි කැතවැඩ නොකර හිඟා කෑවානම්...
මේ ගොල්ලන්ට මේ අපරාධ කරන්න ලයිසන් දුන්නේ මහින්ද මහත්තයයි, මෛතිපාල සිරිසේන මහත්තයයි නේද? ඒ දෙන්නත් මේවාට වග කියන්න ඕන. මහ ඇමතිගෙයි, නගරාධිපතිගෙයි, නගර සභිකයින්ගෙයි වත්කම් සොයලා බලන්න.