IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ටිල්වින්-ගලප්පත්ති බෝගම්බර සිරගෙදරට

 

 14_MAIN-P-26  

 

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු හමුදා සෙබළ ඉන්ද්‍රානන් ද ද සිල්වා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඉතිහාසයකට එක්වූයේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඡායාරූපයක් අවසන් වරට ගත් ඡායාරූප ශිල්පියා ලෙස හා රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු හමුදා සෙබළකු ලෙසය. දුක්විඳි පරපුරක මතකය අවදි කරන ඔහුගේ මතකයෙන් අංශුවකි මේ.

 


● ප්‍රශ්නය:- ඔබ කිව්වා පෝය දවස එනකම් බලාගෙන හිටියේ කියලා.
● පිළිතුර:-
ඔව්


● ප්‍රශ්නය:- ඒ ඇයි?
● පිළිතුර:-
ඉල්ලීමක් කළොත් ඕනෑම හිරකාරයෙකුට පෝයදාට පන්සල් යන්න පුළුවන්.


● ප්‍රශ්නය:- පන්සල් කිව්වේ
● පිළිතුර:-
බන්ධනාගාරය ඇතුළෙම පොඩි පන්සලක් තියෙනවා. එතැනට ගියාම නිදහසේ කතා කරන්න පුළුවන්.


● ප්‍රශ්නය:- ඔබ කා එක්කද කතා කරන්නේ.
● පිළිතුර:-
ටිල්වින් සහෝදරයා එනවා. ජී. කුලරත්න, අරුණ දිසානායක වගේ සහෝදරවරු එනවා. අපි ඉතින් දේශපාලන තොරතුරු කතා කරනවා.


● ප්‍රශ්නය:- ඔබ කොච්චර කාලයක් පී වාට්ටුවේ හිටියද?
● පිළිතුර:-
මාස තුන හතරක් වගේ කාලයක්. ටික දවසක් යනකොට කැප්ටන් නිශ්ශංකත් ගෙනාවා. ඊට අමතරව ගම්පහ ඔස්මන්ඞ් ගුණසේකර හිටියෙත් පී වාට්ටුවේමයි.

6


● ප්‍රශ්නය:- ඊට පස්සේ?
● පිළිතුර:-
මාව දැම්මා දේශපාලන සිරකරුවන් ඉන්න අංශයට


● ප්‍රශ්නය:- ටිල්වින් සිල්වා ඉන්න පැත්තට
● පිළිතුර:-
ඔව්. එතැනට ආවට පස්සේ ආයෙමත් ජීවිතය ලැබුණා වගේ හැඟුණා.


● ප්‍රශ්නය:- ඒ ඇයි?
● පිළිතුර:-
දේශපාලනය කරන්න ලැබුණනේ


● ප්‍රශ්නය:- ඒ කිව්වේ?
● පිළිතුර:-
රෑට අපිව සෙල් එකට දාලා වැහුවට පස්සේ නිලධාරීන් එන්නේ නෑ. ඉතින් අපිට දේශපාලන සාකච්ඡා කරන්න දේශපාලන කඳවුරු කරන්න අවස්ථාව ලැබුණා. සෙල් එක ඇතුළේ අපි දේශපාලන පංති කළා.


● ප්‍රශ්නය:- දේශපාලන කඳවුරු කියලා කිව්වේ?
● පිළිතුර:-
එකම මාතෘකාවක් ගැන දිගු සංවාද පැවැත්වීම. ඊට අමතරව පෝස්ටර් ඇලවීම, ජවිපෙට උදව් කිරීම වගේ වැරදිවලට ඇතුළට ආපු අයට දේශපාලන පංති කරලා ඔවුන්ට දේශපාලන අවබෝධය ලබාදුන්නා.


● ප්‍රශ්නය:- කවුද ඔය දේවලට නායකත්වය දුන්නේ?
● පිළිතුර:-
ටිල්වින් සහෝදරයා තමයි මේ කටයුතුවලට නායකත්වය දුන්නේ. ඒ වගේම 71 අප්‍රේල් වීරයන්ගේ බක්මහ සැමරුම ආවම ඉල්මහ සැමරුම ආවම මැගසින් එක ඇතුළේ අපි ඒවත් කළා.


● ප්‍රශ්නය:- ප්‍රසිද්ධියේම?
● පිළිතුර:-
අපේ සහෝදරවරුනේ හිටියේ. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. බක්මහ සැමරුමට අපි සහෝදරවරුන්ගේ නිර්මාණ එකතු කරලා පුංචි පොත් පවා කළා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ?
● පිළිතුර:-
1994 වසරෙ දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඒක ඉතාම දුෂ්කර තීන්දුවක්. නමුත් ඒ මොහොතේ ගත යුතුම තීන්දුවක්.


● ප්‍රශ්නය:- මේ වෙනකොට කවුද පක්ෂයට නායකත්වය දෙන්නේ?
● පිළිතුර:-
සෝමවංශ සහෝදරයා විදේශයේ ඉඳගෙන පක්ෂයට නායකත්වය දුන්නා.


● ප්‍රශ්නය:- එතකොට ලංකාවේ.
● පිළිතුර:-
කුමාර් ගුණරත්නම් සහෝදරයා, කමල් මාන්නප්පෙරුම, දේශප්‍රිය හෙවත් සෙනවි සහෝදරයා, නන්දන ගුණතිලක සහෝදරයා ඊට අමතරව විමල් වීරවංශ, ලාල් කාන්ත වගේ අය ගුලියක් හැටියට පක්ෂයට නායකත්වය දුන්නා.


● ප්‍රශ්නය:- 94 මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක මන්ත්‍රී ධුරයක් හිමිවෙනවා.
● පිළිතුර:-
ඔව්, ඒක සුවිශේෂී ජයග්‍රහණයක්. නමුත් මේ මන්ත්‍රී ධුරය කොල්ලකන්න හතුරන් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කරලා හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නිහාල් ගලප්පත්ති සහෝදරයා පත් කරනවා.

SLD_20170115_A026


● ප්‍රශ්නය:- නමුත් නිහාල් ගලප්පත්ති මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ?
● පිළිතුර:-
ඔව් නමුත් -ලිස්ට්” එකේ හිටපු සියලු අපේක්ෂකයන්ට ඉල්ලා අස්වෙන්න ඇරලා පක්ෂයේ ලේකම් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යැව්වා පක්ෂය නම් කරන්නේ නිහාල් ගලප්පත්ති සහෝදරයාව කියලා.


● ප්‍රශ්නය:- එතකොට කවුද පක්ෂයේ ලේකම්?
● පිළිතුර:-
මේ වෙනකොට ටිල්වින් සිල්වා සහෝදරයා නිදහස් වෙලා ගිහින්. පක්ෂයේ තංගල්ලේ තිබුණ සම්මේලනයෙන් පක්ෂයේ ලේකම් හැටියට ටිල්වින් සහෝදරයා පත් කරගත්තා. මැතිවරණ කොමසාරිස්වරයාට ලියුම් යැව්වේ ටිල්වින් සහෝදරයා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ?
● පිළිතුර:-
ගලප්පත්ති සහෝදරයා මන්ත්‍රීවුණාම පක්ෂයට බන්ධනාගාරයට සම්බන්ධ වීමේ අවස්ථාව වැඩියෙන් ලැබුණා. ගලප්පත්ති සහෝදරයා, ටිල්වින් සහෝදරයා, ආරිය බුලේගොඩ සහෝදරයා නිතර නිතර හිරගෙදරට ආවා.


● ප්‍රශ්නය:- මේ වෙනකොට ඔබේ තත්ත්වය...
● පිළිතුර:-
අලුතෙන් පත්වුණ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව අතුරුදන් වූවන් සෙවීමේ කොමිෂන් සභා හතරක් පිහිටෙව්වා. මම මේ කොමිෂන් සභාවලට මං ඇහින් දුටු සිදුවීම් ඉතාම සවිස්තරව ලියලා යැව්වා.


● ප්‍රශ්නය:- ඇසින් දුටු සිදුවීම් කිව්වේ...
● පිළිතුර:-
රෝහණ සහෝදරයගේ ඝාතනය, වරුණ සහෝදරයගේ ඝාතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ඝාතන, බොරැල්ල ප්‍රදීප් ස්ටෝර්ස්හි අයිතිකරු ඝාතනය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පවත්වාගෙන ගිය වධකාගාරයේ ඝාතන මම ලියලා යැව්වා.


● ප්‍රශ්නය:- ප්‍රයෝජනයක් වුණාද?
● පිළිතුර:-
මාව තුන් හතර පාරක් කොමිසම ඉදිරියට ගෙනිච්චා.


● ප්‍රශ්නය:- ඔබව අරගෙන යන්නේ මාංචුදාලා...
● පිළිතුර:-
ඔව්, මාංචු දාලා බන්ධනාගාර නිලධාරීන් තමයි අරගෙන යන්නේ.


● ප්‍රශ්නය:- ප්‍රයෝජනයක් වුණාද?
● පිළිතුර:-
කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ. එක පාරක් කොමිසමට ගියාම කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සත්ගුණරාජ මගෙන් ඇහුවා -නිල ඇඳුමක් ඇඳන් හිටපු කෙනෙක් විදියට මෙහෙම සාක්කි දෙන එක දේශද්‍රෝහී වැඩක් නේද” කියලා.


● ප්‍රශ්නය:- ඔබ මොකද කිව්වේ?
● පිළිතුර:-
මම කිව්වා -මේ කොමිසමේ වැඩ කරන්නේ මෙහෙමනම් මම මීට පස්සේ මෙතැන සාක්කි දෙන්න එන්නේ නැහැ. මම මේක ජනතා අධිකරණයට ගෙන යනවා” කියලා.


● ප්‍රශ්නය:- ඔහු මොකද කිව්වේ?
● පිළිතුර:-
ඔහු කලබල වුණා. -මම මේ නිකම් කිව්වේ” කියලා ඔහු කිව්වා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ...
● පිළිතුර:-
ඒ දවස්වල හිරු පත්තරේ තිබුණා මම ඒකට කවියක් ලිව්වා -අතුරුදන් වූවන්ගේ කොමිසමට ආ මවකගේ කවිය” යන මාතෘකාවෙන්. මම ඒකේ ලිව්වේ -අතුරුදන් පුතු සොයා පැමිණි මවකට පුතාගේ මිනීමරුවටම සාක්කි දෙන්න වෙලා” කියන අදහස තමයි ඒකේ තිබුණේ.


● ප්‍රශ්නය:- ඔය අතරේ ඔබව බෝගම්බර හිරගෙදරට මාරු කරනවාද?
● පිළිතුර:-
ඔව්, ඒ අනූහතර අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී විතර. මට බන්ධනාගාර නිලධාරින් ඇවිත් කිව්වා බෝගම්බර යන්න ලෑස්ති වෙන්න කියලා. මට එක පාරටම සැකයක් ඇති වුණා.


● ප්‍රශ්නය:- මොකක්ද සැකය?
● පිළිතුර:-
මාව මරන්නයි හදන්නේ කියලා.


● ප්‍රශ්නය:- ඇයි එහෙම සැක හිතුණේ?
● පිළිතුර:-
එහෙම සැක හිතන්න පරිසරයක් තිබුණා.
විශේෂයෙන්ම 1993 සැප්තැම්බර් මාසයේ දී මහර බන්ධනාගාරයේ දී උදය කුමාර රණතුංග සහෝදරයා ඇතුළු සහෝදරවරුන් පස් දෙනෙක් පොලු, මන්නා, කැති පිහිවලින් කපලා කොටලා මරලා දැම්මා. ඒ වගේම මැගසින් බන්ධනාගාරයේ දී ඉතාම කුමන්ත්‍රණකාරී විදියට ගැටුමක් හදලා මානවඩු සහෝදරයව මරලා දැම්මා. තව සහෝදරවරු විසි පහකගේ විතර අතපය කඩලා දැම්මා.


● ප්‍රශ්නය:- ඔබට හිතුනා ඔබවත් මරන්න හදන්නේ කියලා...
● පිළිතුර:-
ඔව්. බෝගම්බරට අරගෙන යන්න හේතුවක් තියෙන්න එපැයි. එහෙම හේතුවක් නෑ. ඒ වගේම හිරු පත්තරයේ ප්‍රවෘත්තියක් තිබුණා -දේශපාලන සිරකරුවන් ඝාතනයට රහස් සංවිධානයක්” කියලා. ඒකේ මගේ නමත් තිබුණා. තෝරා ගත්ත දේශපාලන සිරකරුවන් ඝාතනය කරන්න රහස් වැඩපිළිවෙළක් තියෙනවා කියලයි ඒකේ තිබුණේ. මම හිතුවේ මේ ක්‍රියාත්මක වෙන්නේ ඒක කියලා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ...
● පිළිතුර:-
මම යන්නම බෑ කියලා ලොකු සටනක් කළා.


● ප්‍රශ්නය:- නමුත් හරි ගියේ නෑ...
● පිළිතුර:-
ඕව්. අන්තිමට මම කිව්වා මාව රැගෙන යන්නේ මගේ අකමැත්තෙන් කියලා බන්ධනාගාර අධිකාරිගෙ පොතේ ලියනවානම් විතරක් මම එන්නම් කියලා.


● ප්‍රශ්නය:- ඒක ඉටුවුණා...
● පිළිතුර:-
ඔව්, පස්සේ මාව බෝගම්බර අරගෙන ගියා.


● ප්‍රශ්නය:- බෝගම්බර යනකොට වෙලාව කීයද?
● පිළිතුර:-
සවස 7ට විතර ඇති


● ප්‍රශ්නය:- ඊට පස්සේ...
● පිළිතුර:-
මම කිව්වා බන්ධනාගාර අධිකාරි හමුවෙන්න අවශ්‍යයි කියලා.


● ප්‍රශ්නය:- හමුවුණාද?
● පිළිතුර:-
ඔව්! බන්ධනාගාර අධිකාරිට මම කිව්වා මාව අරගෙන ආවේ බලහත්කාරයෙන්. මාව ආපහු මැගසින් යවන්න කියලා මම මාරාන්තික උපවාසයක් කරනවා කියලා.


● ප්‍රශ්නය:- ඔහු මොකද කිව්වේ?
● පිළිතුර:-
එයා කිව්වා -මම මුකුත් දන්නේ නැහැ. විස්තර හොයලා බලලා විසඳුමක් දෙන්නම්. එතකන් උපවාස කරන්න එපා” කියලා.


● ප්‍රශ්නය:- ඔබ මොකද කිව්වේ?
● පිළිතුර:-
මම කිව්වා නෑ, මම හෙට මාරාන්තික උපවාසය කරනවා කියලා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ?
● පිළිතුර:-
ඊට පස්සේ මාව කූඩුවකට දැම්මා.


● ප්‍රශ්නය:- තනිවම?
● පිළිතුර:-
නෑ. ඒකේ තව තුන් දෙනෙක් හිටියා. කූඩුවට ගිය වෙලේ ඉඳල මට දැනෙන්නේ -මාව දැන් මරයි” කියලමයි.


● ප්‍රශ්නය:- ඇයි ඒ?
● පිළිතුර:-
ඒ තුන් දෙනා හරිම දාමරික පාටයි. පස්සේ මම දැන ගත්තේ ඒ තුන්දෙනාම මරණ දඬුවමට ලක්වෙච්ච අය කියලා.


● ප්‍රශ්නය:- ඔවුන්ගෙන් අනතුරක් වුණාද ඔබට?
● පිළිතුර:-
ඊට කලින් මම ඒ තුන් දෙනාව යාළු කරගත්තා. ටික වෙලාවක් යනකොට ඒ අය මාව අඳුර ගත්තා.


● ප්‍රශ්නය:- අඳුර ගත්තා කියන්නේ?
● පිළිතුර:-
මගේ නඩුව හැමදාම පත්තරවල ගියානේ. -ආ මේ එයානේ” කියල මාව බොහොම සාදරයෙන් පිළිගත්තා. ඒ යාළුකම කොච්චරද කියනවානම් මට ලොකු රහසකුත් කිව්වා.


● ප්‍රශ්නය:- රහසක්?
● පිළිතුර:-
ඔව්! තුන් දෙනාම එදා රෑ පැනලා යන්න ඉඳලා තියෙන්නේ.


● ප්‍රශ්නය:- ඒ කොහොමද?
● පිළිතුර:-
මාස ගණනක් තිස්සේ බෝගම්බර හිර ගෙදර අලුත්වැඩියා කටයුතු කෙරෙනවා. ඒ නිසා උඩුමහල හිස්. ඒ උඩු මහලේ බිමට දාලා තියෙන්නේ මහා දැව කඳන්. අලුත්වැඩියා කටයුතු අස්සේ මේ තුන් දෙනා පැනලා යන්න පුළුවන් තරමට ලොකු හිලක් හාරලා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ...
● පිළිතුර:-
මට මේක දැන් මාර ප්‍රශ්නයක්නෙ. මට ඒ තුන් දෙනාට උදව් කරන්නත් බැ. තුන් දෙනාව පාවලා දෙන්නත් බෑ. ඒ වගේම මම දන්නවා මේක අසාර්ථකයි කියලා. 


ප්‍රශ්නය:- ඔබ කොහොමද දන්නේ?
පිළිතුර:-
ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එක මට කිව්වා. මං කිව්වා වැඬේ අසාර්ථකයි කියලා. ඇහුවේ නෑ. තුන් දෙනාම කිව්වේ දැන් පැන්නේ නැති වුණත් අපි පැනලා යන්න හිටියේ කියලා අහු වෙනවා. ඒ නිසා කොහොමත් එකයි. අපි පනිනවා කියල.


● ප්‍රශ්නය:- ඔබ මොකද කිව්වේ?
● පිළිතුර:-
මං කිව්වා මට පුංචි උපකාරයක් කරන්න. බැරි වෙලා හරි ඔයාලා අසුවුණොත් කියන්න මගේ තේ කෝප්පයට නිදි පෙති දැම්මා. එයා තේ එක බිව්වා. එයාට නින්ද  ගිය අතරේ තමයි අපි පැන්නේ කියලා.


● ප්‍රශ්නය:- ඔවුන් එකඟ වුණාද?
● පිළිතුර:-
ඔව්? එකඟ වුණා. ඔය අතරේ බන්ධනාගාර අධිකාරි මං ඉන්න කූඩුව ළඟට ඇවිත් පැයක් විතර කතා කර කර හිටියා. මම රෝහණ සහෝදරයගේ ඝාතනය ගැන සම්පූර්ණ විස්තරය කිව්වා. ඒ විස්තරය ඇහුවම මාව බෝගම්බර එවපු එක ගැන ඔහුටත් සැකයක් ඇති වුණා. කොහොම හරි පැයකට විතර පස්සේ ඔහු ගියා.


● ප්‍රශ්නය:- ඔබ මොකද කළේ ?
● පිළිතුර:-
මම අර තුන් දෙනාගෙන් ඇහුවා නිදි පෙති තියෙනවද කියලා. ඔවුන් ළඟ තිබුණා. මම පෙති දෙකක් බීලා ඇළ වුණා. 


● ප්‍රශ්නය:- අර තුන් දෙනා?
● පිළිතුර:-
ඊට පැයකට විතර පස්සේ ඒ තුන් දෙනා පැනලා ගියා. කොට්ට තියලා ඇඳ ඇතිරිලිවලින් වහලා බුදියගෙන ඉන්නවා වගේ පෙන්වලා තමයි පැන්නේ.


● ප්‍රශ්නය:- ඔබට නින්ද ගියා?
● පිළිතුර:-
ඇත්තටම නින්ද ගියේ නෑ. වැඩිවෙලාවක් ගියේ නෑ. හදිසි අනතුරු සංඥාව නිකුත් වුණා. දැන් එකම ඝෝෂාවයි.


● ප්‍රශ්නය:- තුන් දෙනාම අහුවෙලා
● පිළිතුර:-
ඔව්? දැන් හොයන්නේ කොහෙන්ද පැන්නේ කියලා. මං හිටපු කූඩුව ළඟටත් කට්ටියක් ඇවිත් මගෙන් ඇහුවා අනික් තුන් දෙනා බුදි ද කියලා. මම බෙඞ්ෂීට් එහාට මෙහාට කරලා කිව්වා ඒ තුන් දෙනා නෑ කියලා.


● ප්‍රශ්නය:- ඊට පස්සේ?
● පිළිතුර:-
කට්ටිය කෑ ගහනවා ඕකව එළියට ගනින් කියලා. ඒ අතරෙම එක්කෙනෙක් කිව්වා ඕකත් එක්ක අධිකාරිතුමා කතා කර කර ඉඳලා ගියේ කියලා. ඒ නිසා කට්ටිය මෙල්ල වුණා.


● ප්‍රශ්නය:- ඔබට ප්‍රශ්නයක් වුණේ නෑ.
● පිළිතුර:-
නෑ, ඒ වෙලාවෙම බන්ධනාගාර අධිකාරි ආවා. මම කිව්වා මට සනීප නැහැ වගේ කියලා.


● ප්‍රශ්නය- ඊට පස්සේ?
● පිළිතුර-
බන්ධනාගාර අධිකාරි මාව බන්ධනාගාර රෝහලට මාරු කළා. එතැන කරපු පරීක්ෂණවලින් ඔප්පු වුණා මම නිදි පෙති බීලා කියලා. ඒ නිසා පැනලා යන්න හදපු තුන් දෙනා දීපු කට උත්තරයත් එක්ක ඒක ගැලපුණා.


● ප්‍රශ්නය:- පහුවදාම ඔබ මාරාන්තික උපවාසය කරනවා?
● පිළිතුර:-
මේක අලුත් තත්ත්වයක්නේ. පහුවදා දවල් වෙනකොට ටිල්වින් සහෝදරයයි, නිහාල් ගලප්පත්ති හා ආරිය බුලේගොඩ සහෝදරවරු බෝගම්බරට ආවා මාව බලන්න.


● ප්‍රශ්නය:- ඔවුන් කොහොමද දන්නේ ඔබ බෝගම්බර කියලා?
● පිළිතුර:-
එදා හවස ජවිපෙ රැස්වීමක් බෝගම්බර පිටියේ තියෙනවා. ටිල්වින් සහෝදරවරු ඇවිත් තියෙන්නේ ඒ රැස්වීමට. කොහොම හරි වැලිකඩින් දැනගෙන මාව බෝගම්බර ගෙනල්ලා කියලා. ඒ නිසයි මාව බලන්න ආවේ.
අවසන් කොටස ලබන සතියේ

m



අදහස් (0)

ටිල්වින්-ගලප්පත්ති බෝගම්බර සිරගෙදරට

රුවන් Sunday, 12 February 2017 10:00 AM

බෑසිස්ටා වගේ කෲර ඒකාධිපති පාලකයෙක්ගේ රජය පෙරලා දමන්න විප්ලවයක් කළාට ලංකාව වගේ ප්‍රජාතන්ත්‍ර වාදය තියෙන රටක් විප්ලවයකින් අල්ලන්න හදමු මෝඩ හරක් ඉන්න රටක් මේක, බල තන්හාවට මිසක් වෙන මොකටද ඡන්ද බලයෙන් එන්න තිබුනනේ මේ අයට (බ)

:       0       0

අබය Wednesday, 15 February 2017 03:02 AM

රුවන්, ඔබ කියන දේ හරි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් තුල විප්ලවයක් කරන්නට පහසු නැහැ. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදුවුණු දේවල් ඔබ දන්නවා නම් ඔහොම කතා කරන්නේ නැහැ. එවකට හිටපු නායකයා කොච්චර බයවුණාද කියනවා නම් අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණට ආ ජන බලය දැකලා කිසි හේතුවක් නැතුව පක්ෂය තහනම් කළා. ඉන්පසු කුමක් කරන්නද? (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 23 January 2017 04:30 AM

මට විතරක් නොවේ, එ්කේ හිටපු සෝමවංශලට, නන්දන ගුණතිලකලට, රතන හිමිට පවා එක තේරුම් ගන්න බැරුව දාලා ගියා. විමලේ ගැන කතාකරන එක තේරුමක් නැහැ (නි)

:       0       0

ධම්ම Saturday, 21 January 2017 05:18 AM

ඇන්ජලෝලට ජවිපෙ තේරුම්ගන්න අපහසුවීම පුදුමයක් නොවෙයි. (නි)

:       0       0

අජිත් Tuesday, 24 January 2017 02:12 PM

ඔව් ඉතින් ධම්මල වගේ අය ඉන්නකන් කවදාවත් රට හදන්න බැහැ. මොකද අලියාගේ නැට්ටේ එල්ලිලයන අයනේ. (බ)

:       0       0

ඇන්ජලෝ Friday, 20 January 2017 12:12 AM

අපේ තරුණ ජීවිතෙන් කොටසක් කාලා දැම්මේ කවුද? රටේ ආර්ථිකය, සාමය, වටිනා ජීවිත, අපේ වටිනා කාලය කාපු අය ගැන අපිට ඇත්තේ පිළිකුළක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 70 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 38 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 108 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 205 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 247 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 969 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 476 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1351 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 347 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site