IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ටජ් මහළට සමාන 'බීබීකා මක්බරා' ටජ් මහළක් මහාරාෂ්ට්‍රයේ

DSC00328

මුම්ටාස් සහ සාජහන් ආදර කතාවේ කුටප්‍රාප්තියක් ලෙස ඉදිවුණු ටජ් මහල ගැන ඔබ අසා ඇත. නමුත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අරන්ගාබාඩ් හි පිහිටා තිබෙන තවත් ටජ් මහලක් ගැන ඔබ අසා තිබෙනවාද? බීබිකා මක්බරා ලෙස හදුන්වන මෙම අනෙක් ටජ් මහල අසාම් ෂාහ් විසින් ඉදිකරන ලදි. ඔහු සයවැනි මුගල් අධිරාජ්‍යයා වූ ඖරන්ග්සෙබ්ගේ පුතණුවන්ය. සිය මව වූ දිල්රස් බෙනු බෙගම් සිහිවීම වෙනුවෙන් (1651-1661) අතර කාලයේ මෙම සුසානය ඉදිකර ඇත. ඖරන්ග්සෙබ් ගෘහනිර්මාණ කලාව සඳහා එතරම් කැමැත්තක් දැක්වූ අයකු නොවන බව සදහන් වේ.

බීබීකා මක්බරා ස්වභාවයෙන් ආග්‍රා නගරයේ පිහිටා ඇති ටජ් මහලට ඉතාම සමානයි. නමුත් ඊට වඩා කුඩාවට මෙය නිර්මාණය කර ඇත. එසේම ටජ් මහල මෙන් විශාල වශයෙන් ගෘහ නිර්මාණ අංග එකතු කර නැත. මෙහි කිසියම් සරල බවක් ද දැකිය හැකිය.

සම්පුර්ණ ටජ් මහලම කිරිගරුඩ වලින් සකස් කර ඇති නමුත් මෙම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම කිරිගරුඩ වලින් නිර්මිත නොවේ. ඇතැම් කොටස් ෆයිබර් සහ වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙය සොහොනක් බව ඒත්තු ගන්වයි. එම මුලික සංකල්පය යොදා ඇත්තේ මෙහි කිරීමට දායක වූ උටා උල්ලාහ් විසිනි. ඔහු ටජ් මහලේ මුලික ඉදිකිරීම් සැලසුම් කරු වූ උස්ටඩ් අහමඩ් ලාහෝරි ගේ පුතනුවන්ය.

අසාම් ෂාස් යනු ටජ්මහල් නිර්මාතෘ වූ සාජහන් රජුගේ මුනුබුරෙකි. ටජ්මහල් ඉදිකළ නිර්මාණකරුවන්ගේ දෑත් කපා දැමීමට සාජහන් රජු තීරණය කළේ එවන් නිර්මාණයක් නැවත ඉදිවීම වැලැක්වීම සදහාය නමුත් මෙම ඉදිකිරීමෙන් අනතුරුව එවැන්නක් නිර්මාණකරුවන් සඳහා සිදුකර නොමැත.

බැලූ බැල්මටම ටජ් මහල මෙන් දිස්වුවද ටජ් මහල හා මෙම ගොඩනැගිල්ල එක්ව ගෙන සංසන්දනය කිරීමේදී එහි වෙනස්කම් හඳුනා ගත හැකිය. නමුත් මේ පිළිබඳව නොදන්නා අයකු මෙම ගොඩනැගිල්ල නැරඹීමට ගිය විට මේ ටජ්මහල යැයි වරදවා වටහා ගනු ඇත.

මෙම ගොඩනැගිල්ල මධ්‍යයේ මුස්ලිම් ආකෘතියට අනුව එම දේහය තබා ඇත. එය නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා එම දේහය පිහිටා තිබෙන ස්ථානය රෝසමල් තැබීම සහ මුදල් දැමීම සිදුකරයි. මේ වන විට දේහය අසලට ගමන් කිරීමට හැකියාවක් නොමැත. එම දොරටු වසා ඇත. ඉහත මාලයක සිට දේහය තබා ඇති සොහොන දැකගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. ගොඩනැගිල්ලට පිටතින් පිහිටා තිබෙන කුළුණු දෙකට නැගීමට සංචාරකයන්ට අවස්ථාව තිබුණු නමුත් මීට ඉහතදී දෙවතාවක් කාන්තාවන් එයින් පැන සියදිවි නසාගෙන ඇති බැවින් දැන් එම කුළුණු වසා දමා ඇත.

මෙහි මධ්‍යයේ ඉඩකඩ මීටර 458 ක් සහ මීටර 275 ක් ලෙස දිග පළල පෙන්වා දිය හැක. ගොඩනැගිල්ල පිටතින් ජල උද්‍යාන රාශියක් දැකගත හැකිය. පාෂණ වලින් සකස් කරන ලද නල පද්ධතියක් හරහා ජලය ගමන් කරන පරිදි එම උද්‍යාන සංකීර්ණය සකස් කර ඇත. මෙම ගොඩනැගිල්ල සහ එම උද්‍යාන සංකීර්ණය ටජ් මහලේ ප්‍රමාණයට වඩා සාපේක්ෂව කුඩා අගයක් ගනියි. ටජ්මහල ඉදිකර ඇති කැටයම් සහ අනෙකුත් නිර්මාණ සුදු පාෂණ විශේෂයක් මගින් ඉදිකර තිබුණද මෙම ගොඩනැගිල්ලේ එම නිර්මාණ කාර්යයන් පාෂණ මගින් සිදුකර නැත. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා වියදම් කර ඇති සම්පුර්ණ මුදල ආසන්න වශයෙන් එවකට මුදලින් රුපියල් ලක්ෂ හතක් පමණ විය හැකි බව ගණනය කරයි. එය ටජ් මහලේ වියදම සමඟ සංසන්දනය කළ විට ටජ් මහල ඉදිකිරීම සදහා රුපියල් මිලියන 32 ක් වියදම් වී ඇති බව ගණනය කෙරේ. ඒ අනුව බිබීකා මක්බරා යනු ‘දුප්පත් මිනිහාගේ ටජ් මහල’ යනුවෙන් ඉන්දියන් හදුන්වයි.

DSC00301 DSC00310 DSC00298

DSC00287

 



අදහස් (0)

ටජ් මහළට සමාන 'බීබීකා මක්බරා' ටජ් මහළක් මහාරාෂ්ට්‍රයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 167 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 123 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 121 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 226 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 331 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1009 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 761 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site