කාවින්ද ජයවර්ධන සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මේ දිනවල පුංචි ඡන්දයේ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වී සිටින මොහොතක ‘රජවීදිය’ හා මෙසේ සංවාදයකට එකතු විය.
• විපක්ෂයේ කණ්ඩායම් කීපයක් විවිධ ලකුණු යටතේ පුංචි ඡන්දයට තරග කිරීමට නියමිතයි. ප්‍රධාන විපක්ෂය ලෙස එය ඔබට අභියෝගයක් නොවේද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක්, ආණ්ඩුවේ සමහර අයට අද පොහොට්ටුවෙන් තරග වදින්න බැහැ. අපේක්ෂකයෝ සොයා ගන්නත් නැහැ. ඒ අය ගමට, රටට මුහුණදීමට නොහැකිව සමහර අය ස්වාධීන අය ලෙස පෙනී සිටින්නට උත්සාහ ගන්නා බව පේනවා. සමහර පාර්ලිමේන්තුව නියෝජනය කරන කුඩා පක්ෂත් මැතිවරණ සටනට එකතු වී සිටිනවා. ඒවා අතරත් දැවැන්ත බල ගැටුම් නිර්මාණය වී ඇති බව පේනවා. රටට දැනෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගි ජන බලවේගයට ඒ කිසිවකු අභියෝගයක් නොවේ. ජනතාවගේ විශ්වාසය දැඩිව දිනා ගත හැකි බව අපි විශ්වාස කරනවා. පසුගිය 2020 සිට පළාත් පාලන මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට අපට පුළුවන්.
• ඔබ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වුණු පාඨලී චම්පික රණවක 43 වැනි සේනාංකයේ නායකයා පුංචි ඡන්දයේදී වෙල්ගම සමග එකතුවීම ඔබ විග්‍රහ කරන්නේ කොහොම ද?
එක එක අය ඒ අයගේ දේශපාලනය ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් දක්වන විධි තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කවුරු කුමන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වුණත් ඒක සජබෙට අභියෝගයක් නොවේ.
• ඔබ පක්ෂයේ රාජිත, සරත් ෆොන්සේකා වැනි අය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවක් පේනවා.
ඒ පිළිබඳ මට අවබෝධයක් නැහැ. ඒ දෙදෙනාම පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රබල නායකයෝ. සරත් ෆොන්සේකා මහතා ගතහොත් පසුගිය අරගලයේ දී ප්‍රබල භූමිකාවක් රඟපෑවා. ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස ඇප මුදල් තැන්පත් කිරීමටත් එතුමා පැමිණියා. මේ නායකයන් දෙදෙනාම පක්ෂයේ උද්ඝෝෂණවලට සක්‍රියව සම්බන්ධ වුණා. මේ නායකයන් පක්ෂය සමග නැහැ කියලා මඩ ප්‍රචාර ගෙනියන්නේ ප්‍රතිවාදීන්.
• පසුගිය ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයේ දී රනිල්ට ඔබ පක්ෂයේ පිරිසක් සහය දුන් බව ප්‍රසිද්ධ රහසක්. ඒ කියන්නේ ඔබ පක්ෂයේ පිරිසකුත් රනිල්ගේ නායකත්වය විශ්වාස කරනවා කියන එක නේද?
රනිල්ට ඡන්දේ දුන්නා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රහස් ඡන්දයක් නිසා කාටවත් අභියෝග කරන්නත් බැහැ. විපක්ෂයේ කණ්ඩායම් හැමෝම එකතුවෙලා ඔහුව පරද්දන්න තමයි අපි උත්සාහ කළේ. අපේ පක්ෂ නායකයා සජිත්.
• රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට තිබුණු තත්ත්වයෙන් ගොඩදා ගැනීමට පියවර ගෙන තිබෙනබවට ඔබ විශ්වාස කරනවාද?
කිසිසේත්ම පිළිගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණ – අදහස් ප්‍රකාශ කිරීමට, ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තිබිය යුතුයි. ඒත් අද ඒ මුකුත් ජනතාවට නැහැ. රටේ ජනතාවගේ දේපළ අවභාවිත කරන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වැරැදිකරුවන්ට මීට වඩා දඬුවම් ලැබිය යුතු බවට මම විශ්වාස කරනවා. බුද්ධි තොරතුරු තිබියදීත් ඒ වෙනුවෙන් කිසිවක් නොකිරීම විශාල වැරැද්දක්.
අද රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ජනතාවට බොන්න බෙහෙත් පෙත්තක් නැහැ. ආහාර සුරක්ෂිතතාව නැතිවී මන්දපෝෂණය වැඩිවෙමින් තිබෙනවා. රටේ මූල්‍ය කළමනාකරණය සම්පූර්ණයෙන් ඇන හිටලා. මේ තුළ මැතිවරණ කල්දැමීමටත් ආණ්ඩුව උත්සාහ දරමින් සිටිනවා. ඒ නිසා ජනතාවාදී විපක්ෂයක් ලෙස වර්තමාන රජයේ ක්‍රියාදාමය අපි අනුමත කරන්නේ නැහැ.
• මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දඬුවම සම්බන්ධව කිතුනු මන්ත්‍රීවරයෙක් ලෙස ඔබේ අදහස කුමක්ද?
නඩු තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැහැ. එහෙත් ජනතා නියෝජිතයෙක් ලෙස මට දැනෙනවා මේ අයට විරුද්ධව තවදුරටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. හිටපු ජනපතිට මිලියන 100ක් ගෙවන්න වීම දැඩි දඬුවමක් තමයි. මම කියන්නේ ඔහුට පාර්ලිමේන්තු එන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ.
• දැන් ඔබලාගේ ප්‍රතිවාදියා වී සිටින්නේ ආණ්ඩුව නොව ජාතික ජන බලවේගය බව පේනවා. උණුසුම් වාග් හුවමාරු ඇතිවී තිබෙන්නේ ජවිපෙ සමගයි.
එතන කිසිම ගැටුමක් නැහැ. ප්‍රතිවාදීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකීම අපි හැමෝගෙම වගකීමක්. වගකිව යුතු විපක්ෂයක් ලෙස අපි ඒ සම්බන්ධව අදහසක සිටිනවා. ජනතා අවශ්‍යතාව මේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමයි. ඒකට දැක්මක් අවශ්‍යයි. ජවිපෙට මේ රටට ආර්ථික දැක්මක් ඉදිරිපත් කරන්න බැහැ. ඒ අයට හැකියාවක් තිබුණට රටේ ජනතාව අත්හදා බැලීම් කරන්න සූදානම් ද කියන ගැටලුව තිබෙනවා. පසුගිය කාලේ වියත් මග හදලා බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවුවාට ජනතාවට සිද්ධ වුණු සෙතක් නැහැ. මේ රටේ ජනතාව ඒ නිසා අත්හදා බැලීම් කරන්න සූදානම් ද කියන ගැටලුව තිබෙනවා. මං හිතන්නේ රටේ ජනතාව බුද්ධිමත් නිසා රෑ වැටුණු වළේ දවල් වැටෙන්න සූදානමක් නැහැ.
• තවමත් මැතිවරණය ගැන කතා කළාට කල් දැමීමේ සූදානමක් ගැනත් කතා වෙනවා නේද?
ආණ්ඩුව කොහොම හරි උත්සාහ ගන්නේ මැතිවරණය කල් දාන්න. දැන් ඒ අයට ගමට යන්න බැහැ. ඒ අය කොහොමත් අසමත්. මේ කාල සීමාවේ හෝ ඒ අයට බලය භුක්ති විඳින්න නම් මැතිවරණය කල් දැමිය යුතුයි. ඒක තමයි ඒ අයගේ ආරක්ෂිත දේශපාලන උපක්‍රමය. රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කවුරුවත් ඡන්දය කල් දානවට කැමැති නැහැ.
• මේ වෙලාවේ ඡන්දය පැවැත්වීම ජනතාව කබලෙන් ළිපට වැටීමක් කියලා සමහරු කියනවා.
අපිට ජනතාව කබලෙන් ළිපට ඇදල දාන්න කිසිම වුවමනාවක් නැහැ. ජනතාවට ජීවත්වීමේ අවකාශය ලබාදිය යුතුයි. ජනතාව බලාගෙන ඉන්නේ හැළිය රත් වෙනකන්. මේ ආර්ථික අර්බුදයට මුල තමයි දේශපාලන අර්බුදය. දේශපාලනය වෙනස් වුණොත් පමණයි මෙතනින් එහාට රට ගමන් කරන්න පුළුවන්. ඡන්දේ තියන්න සල්ලි නැහැ කියන කතාව බොරුවක්. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් ඡන්දේ නොතියා ඉන්නවද?.
ඡන්දයට මූල්‍ය පහසුකම් හදා ගැනීම රජයේ වගකීම. බොරු හේතු නිසා ජනතා පරමාධිපත්‍ය උදුරා ගන්න දෙන්න බැහැ. හරිනම් මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ජාතික මැතිවරණයක්. මැතිවරණ නොතිය රට පාලනය කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමක්. අපි ජනතාවට අවස්ථාව දිය යුතුයි.
• විදුලි බිල වැඩිවීම ඇතුළු රටේ ප්‍රශ්න ගණනාවක් උද්ගතව වී තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ හඬ ප්‍රමාණවත් ද?
උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපි හඬ නගනවා. ගමක් ගමක් ගානේ යමින් අපි ජනතාව දැනුවත් කරනවා. මේ කාලය තුළ විපක්ෂය මොන තරම් වැඩ කොටසක් කළාද යන්න සම්බන්ධව ජනතාවට අවබෝධයක් තිබෙනවා. ජනතාවත් ඔවුන්ට දැනෙන රටේ ප්‍රශ්න නිවැරැදි දේශපාලන නායකත්වය සමඟ හෙළිදරවු කිරීමට පෙළ ගැසිය යුතුයි. ගිය පාර වගේ අපට ආයේ රැවටෙන්න බැහැ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
සාකච්ඡාකළේ අමිල චින්තක ගමගේ
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනතාවට අවස්ථාව දෙමු
AB Thursday, 02 February 2023 06:04 PM
රටට ආදරය කරන මහජනතාව ප්‍රදේශය මැතිවරණයක් ඉල්ලා සිටින්නේ නැත. 8000 ප්‍රදේශය මන්ත්‍රීවරුන් පත්කර ඔවුන්ගේ වරප්‍රසාද සහ වැටුප් ගෙවීමට මුදල් ලබන්නේ කෙසේදැයි කියා මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ඔහුගේ නායකයා සජිත් රටට පැහැදිලි කරන්න. ප්‍රාදේශීය දේශපාලන තලයේ සිට මධ්‍යම රජය දක්වා ලංකාවේ සිටිනා දේශපාලකයින් ප්‍රමාණය රටට දරාගත නොහැකි බව සහ ඔවුන් වෙනුවෙන් කුඩා රටකට දැරිය නොහැකි වියදමක් කිරීමට සිදුව තිබෙන බව IMF, World bank, සහ වෙනත් දියුණු රටවල් ලබදෙන්නා වූ මුදල් දේශපාලනය සහ දේශපාලකයින් නඩත්තු වෙනුවෙන් වැයවන බවට ඔවුන්ට මතයක් ඇත. එම මතය දුරු කිරීමට සහ විශ්වාසයක් ඇතිකළ යුතුවේ...