ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප‍්‍රනාන්දු ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් 1989 ධවල භීෂණයට හසුව ඝාතනයට ලක්වූ අවස්ථාවේ ජීවිතය බේරාගත් එකම දේශපාලන මණ්ඩල සභිකයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය.
1963 දී ජනතා විමුක්ති පෙරමුණට එක්වූ සෝමවංශ අමරසිංහ මහතා 1990 වසරේදී එහි නායකත්වයට පත්වූ අතර විදෙස්ගතව සිටිමින් පක්ෂය යළි ගොඩනැංවීමට ක‍්‍රියාකළේය.
විසි හතර වසරක් පුරා පක්ෂයට නායකත්වය දුන් අමරසිංහ මහතා පසුගිය වසරේදී ඉන් ඉවත්ව ජවිපෙ ජාත්‍යන්තර ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා දිවි හිමියෙන් කටයුතු කළ සෝමවංශ අමරසිංහ මහතා ඉකුත් 16 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් කිසිවෙක් කිසි දින අපේක්ෂා නොකළ ප‍්‍රකාශයක් සිදුකළේය.
ඒ -මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙනවා. නව පක්ෂයක් ගොඩනගවා” යනුවෙනි. එවැනි තීරණයක් ගැනීමට ජවිපෙ හිටපු නායකයාට සිදුවූයේ ඇයි? ඔහු දිවි පරදුවට තබා රැුකි පක්ෂය අත්හැර යන්නේ ඇයි? මේ ඒ පිළිබඳ ඔහු පැවසූ අදහස්ය.
ජනතා විමුක්ති පෙරමුණ සමග ජීවිතයේ බොහෝ කාලයක් ගත කළ ඔබ මෙවන් තීරණයක් ගත්තේ ඇයි?
මම දේශපාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තෝරා ගත්තේ එවක තිබූ අනෙකුත් දේශපාලන පක්ෂ නොතකාහැරලා. මම කුඩා කළ සිටම ජවිපෙ සමග කටයුතු කළා. අපි පක්ෂයක් ලෙස දිනෙන් දින පහළට වැටෙනවා. පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙන යාමේ ස්වර්ණමය අවස්ථාවක් දැන් උදාවෙලා තිබෙනවා. ඒත් කවුරුත් එයින් නිසි ප‍්‍රයෝජනයක් ගන්නා බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ.
පක්ෂයේ වර්තමාන නායකයින් සමග ඔබට මත ගැටුම් තිබුණා ද?
නැහැ. පක්ෂයේ සෑම කෙනෙක් සමගම මගේ සහෝදරාත්මක බැඳීම තවමත් එලෙසින්ම තිබෙනවා. පක්ෂය තුළ මට කිසිම සතුරෙක් නැහැ. පක්ෂය ගැන මට කලකිරීමක්, අප‍්‍රසාදයකුත් නැහැ.
වර්තමානයේ උදාවී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගන්නා බවට ඔබ පක්ෂයට චෝදනා කරනවා. ඒ ස්වර්ණමය අවස්ථාව කුමක් ද?
පසුගිය ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු රටේ දිගහැරෙන දේශපාලන තත්ත්වය අපි නිරීක්ෂණය කළ යුතුයි. මේ දිනවල දේශපාලනයේ තිබෙන බල පොරයත් සමඟ ජනතාව අපහසුතාවයට පත්වෙලා. ජවිපෙ හැර අනෙකුත් පක්ෂ හැසිරෙන ආකාරය බලන විට ඔවුන් කටයුතු කරන්නේ රට ගැන වගකීමක් නැතිවද කියා අපිට සිතෙනවා. හරියට කතා වෙලා කරනවා වගේ තමයි මේ අය හැසිරෙන්නේ.
ජනතාව දැන් දින සියයේ වැඩපිළිවෙ
ළ ගැන ප‍්‍රශ්න කරනවා. මෛත‍්‍රීපාල පාලනය පිළිබඳ ජනතාවගේ විශ්වාසය භංග වී ඔවුන් නොසන්සුන් වී සිටිනවා. දැන් දැන් දින සියය අවසන් වෙමින් යනවා. 19 වන සංශෝධනය ගැන, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන සංවාද කරලියට ඇවිත්. අනාගතයේදී අපේ දේශපාලනයේ මොනවා වෙයි ද කියන ප‍්‍රශ්නවලට උත්තරත් නැහැ.
ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වුණේ බොහෝ කාරණා ඇතිවයි. මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේ නව ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා ඇදගෙන ගොස් දඬුවම් දීමේ සිට ජනතාව තුළ ඔහු ගැන අප‍්‍රසාදයක් ඇති වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 62කගේ ඡුන්දවලින් දෝරේ ගැලූවේ ඒ අප‍්‍රසාදයයි. ජනතාව යළිත් ඔහු බලයට ගේන්නේ නැහැ.
මේ අනුව ප‍්‍රධාන පක්ෂ ගැන ජනතාව කළකිරිලා. දැන් ඔවුන්ට යන්න අතක් නැහැ. එයින් ජනතා විමුක්ති පෙරමුණට ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා. එයින් ප‍්‍රයෝජනයක් ගන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ එහෙම කරන්නේ ඇයි?
මටත් තියෙන ප‍්‍රශ්නය ඒකම තමයි. ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන අතරවාරයේ 9 වැනිදා අලූයම මේ රටේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන්න හැදුවා. ඒ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් ප‍්‍රකාශ කළා. ඒත් මේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනාව යටතේ කිසිවකු අත්අඩංගුවට ගත්තේ හෝ පරීක්ෂණයක්වත් කෙරුණු බව පෙනුනේ නැහැ. ජවිපෙත් මේ ගැන කතා කළේ නැහැ. මේ දේ ගැන ජවිපෙත් හඬ නොනැගීම කනගාටුවක්.
වත්මන් රජය ගැන ජනතාව කළකිරී සිටින බව ද ඔබ කියන්නේ?
ඔව්. එය ඉතා පැහැදිලියි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්ව මුල් දිනයේ කටයුතු කළ ආකාරයෙන් ජනතාව ඔහුට ලකුණු සියයෙන් සියයක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතාට කළ දේ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට කළේ නැහැ. එය විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඒත් ඊළඟට ගෙවුණු හැම මොහොතකදීම ඔහු තමන්ගේ ලකුණු කපාගන්නවා.
ජනතා විමුක්ති පෙරමුණට මේ තත්ත්වයන් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවාද?
මේ රටේ සමාජවාදය ඇති කිරීමට ජවිපෙ හැර වෙනත් කිසිම පක්ෂයක් නැති බව මම අදටත් අදහනවා. ඒ නිසාම මගේ අතීතය මේ පක්ෂය වෙනුවෙන් කැප කිරීම ගැන මා තුළ තැවීමක් හෝ චිත්ත සන්තාපයක් නැහැ. අපේ රට ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් අපට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපට වැඩදායී ලොව සියලූ සංස්කෘතීන්, ආර්ථිකයන් තුළත් අපට ඵලදායී දේවල් උකහා ගෙන රට සංවර්ධනය කළ යුතුයි.
මේ රටට නිදහස උදාවූ පසු වසර 67ක් තිස්සේ පාලනය කළ කිසිම පක්ෂයකට ඒ අරමුණ තිබුණේ නැහැ. අපිට ඒ හැකියාව තිබෙනවා. ඒත් ඒ සඳහා ඇති අවස්ථාවට අපේ අය පයින් ගහනවා.
ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාව තුළ ප‍්‍රසාදයක් තිබෙනවා. ඒත් මැතිවරණවලදී ඒ ජනතා කැමැත්ත පෙනෙන්නේ නැත්තේ ඇයි?
ඒක ඇත්ත. ජනතාව ජවිපෙට කැමතියි. ඒත් බලය දෙන්න බයයි. ජවිපෙ බලයට ආවොත් අපිට නොමැරී ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන ප‍්‍රශ්නය ජනතාවට තිබෙනවා. අපි බලයට ආවොත් පන්සල්, කෝවිල්, පල්ලි යන්න බැරි වෙයි කියා ජනතාව සිතනවා. 1971 අපේ නැගී සිටීමේ සිට මේ ප‍්‍රශ්න තිබෙනවා. මේවා ඇත්ත ප‍්‍රශ්න. මේ දේවල් වෙනස් කළ යුතුයි.
එහෙම වී තිබෙන්නේ ඇයි?
ජවිපෙ සමාජවාදී පක්ෂයක්. ඒත් අපි තේරුම් නොගත් දේවල් ප‍්‍රමාණයක් තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා මේ පක්ෂය හැදුවේ රටේ සංස්කෘතිය සමඟයි. මෙය බෞද්ධ සං
ස්කෘතිය මුල් බැසගත් රටක්. අපි පක්ෂයක් ලෙස ගොඩනැගෙන අවස්ථාවේදී පන්සලෙන්, පල්ලියෙන් සෑම තැනකින්ම යැපී තිබෙනවා.
ඒත් දැන් පක්ෂයක් ලෙස පන්සලකට යන්න බැරි තත්ත්වයක් අපි ඇති කරගෙන තිබෙනවා. අපේ බිම් මට්ටමේ සාමාජිකයින් කාගේත් ගෙවල්වල බුදු සරණයි කියා පුවරුවක් හෝ ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ඒ තමයි අපේ පාක්ෂිකයින් ඉන්න තැන. අපි පන්සිල් රකින මිනිස්සු. ඒත් පන්සිල් ගන්නේ නැහැ. වැඳගෙන ඉන්නවා. ගාථා කියන්නේ නැහැ. අපි පිරිත් නූලක් ගැට ගසා ගන්නෙත් කැමරාවලට පස්ස හරවලා. පන්සිල් ගත්තාට මාක්ස්වාදයට හානි වෙන්නේ නැහැ කියන දේ අපේ අය තේරුම් ගත යුතුයි.
ජනතාව තුළ මුල සිටම ජවිපෙ ගැන අප‍්‍රසාදයක් තිබුණා වෙන්න පුළුවන්. ඒත් එදා තිබුණාටත් වඩා වර්තමානය වන විට පක්ෂයට ඇති බලය අඩුවෙමින් තිබෙනවා නේද?
පක්ෂයක් ලෙස අපි දිනෙන් දින පහළට යනවා නම් එයට හේතු සෙවිය යුතුයි. ජයග‍්‍රහණ දිනෙන් දින අඩු වුණොත් අපිට ඉදිරියට යන්න බැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආසන 41 සිට 3කට අඩුවෙලා. මෙයට හේතු අපි විශ්ලේෂණය කළ යුතුයි.
මෙවැනි තත්ත්වයක් හමුවේ ජවිපෙ පාලනයක් කවදා හෝ ඇති කරන්න පුළුවන් වෙයි කියා ඔබ සිතනවා ද?
තිබෙන අඩුපාඩු හදාගත්තොත් ඉක්මනින් ජයග‍්‍රහණය කරා යා හැකියි. අපේ පක්ෂය ලෙහෙසියෙන්ම ජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බව මගේ නිගමනයයි. ඒ සඳහා අපි බලයට සුදුසු බව ජනතාවට පෙන්විය යුතුයි.
ඔබ පක්ෂය ගැන කළකිරීමෙන් ද ඉන්නේ?
නැහැ. කිසිම කළකිරීමක් නැහැ. මගේ ජීවිතයේ මානසිකව වැටුණු අවස්ථා තුනක් තිබෙනවා. ඒ රෝහණ විජේවීර සහෝදරයා අහිමි වීම, මගේ බිරිඳ අහිමිවීම හා පසුගිය මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණය යන අවස්ථා තුනයි. ඒ මැතිවරණයේදී ලැබුණු ප‍්‍රතිඵලයෙන් මට ජනතාව ගැන කළකිරීමක් ඇති වුණා. ඒත් පක්ෂය ගැන කළකිරීමක් ඇති වුණේ නැහැ.
දැන් ඔබ අලූත් පක්ෂයක් ගොඩනගන බව කියනවා.
ඔව්. මගේ ජීවිත කාලය තුළ අනාගතයේදී මම පක්ෂයක් හදනවා. ඒක කවදා වේ දැයි දැන්ම කියන්න බැහැ.
ජවිපෙ ගැන කලකිරීමක් තරහක් නැත්නම් එයට එරෙහිව තවත් පක්‍ෂයක් හදන්නේ ඇයි?
මම හදන්නේ ජවිපෙ ට අභියෝග කරන පක්‍ෂයක් නොවෙයි. මෙයින් එල්ල කරන්නේ මිත‍්‍රශීලී අභියෝගයක්.
මෙයින් ජවිපෙට හානියක් වෙනවා නේද?
මම මේ තීරණය ගත්තේ කාටවත් කියලා නොවෙයි. අපේ පක්‍ෂයෙන් ගිය සමහරු ගියේ පක්‍ෂය විනාශ කරගෙනයි. ඒත් මම එහෙම කරන්නේ නැහැ.
පක්‍ෂයේ තවත් අය ඔබ සමඟ එකතුවෙන්න කැමැති වුණොත් ඔබ භාරගන්නේ නැද්ද?
නිවැරදි තීරණ ගන්නා අයව අපට වළක්වන්න බැහැ.
ජවිපෙනේම වෙන්වී සිටින කොටසක් වන පෙරටුගාමී පක්‍ෂය සමඟ ඔබ ඉදිරියේදී එකතු වෙනවාද?
නැහැ. මම එකතු වෙන්න යන්නේ නැහැ. ඒත් සමහර විට ජවිපෙත් ඉදිරියේදී මා සමඟ එකතු වෙයි.
ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂ දෙකඩ කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා තිබෙනවා. ඔබ පක්‍ෂයෙන් ඉවත්වීමත් එවැනි කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්ද?
මම කුමන්ත‍්‍රණවලට අසුවෙන්නෙ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා අපේ පක්‍ෂ කැඩුවේත් නැහැ. අපේ අයම තමයි ඒ දේ කළේ.
ඔබ ජවිපෙ නායකයා ලෙස බොහෝ කාලයක් කටයුතු කළා. ඉන් පසුවත් ඔබ එහි ප‍්‍රධාන තනතුරක් දැරුවා. ගැටලූ තිබෙනවා නම් සාකච්ඡුා කර විසඳා නොගත්තේ ඇයි?
මම සාකච්ඡුා කළා. කියා දෙන්න හැදුවා. ඒත් කියලා වැඩක් නැහැ කියා සිතුණු පසු ඒ දේ අතහැර දැම්මා.
ඔබ හිටපු පක්‍ෂ නායකයෙක්. අලූත් පක්‍ෂයක් හදන්න යන්නේ පක්‍ෂ නායකකමට තිබෙන ආශාව නිසා නෙවෙයිද?
මම නායකත්වය බදාගෙන ඉන්නවා කියා සමහරු ඉස්සරත් හිතුවා. ඒත් මම 2002 ලංකාවට ආ වෙලාවේම වයස අවුරුදු 60 න් පස්සේ නායකත්වයෙන් සමුගන්නා බව කීවා. වයස 60 න් පසු රියදුරෙක් 60 දෙනෙකු පමණ ගමන් ගන්නා බස් රථයක් ධාවනයටත් නුසුදුස්සෙක් වෙනවා නම් වයස 60 ට වැඩි කෙනෙකුට කෝටි දෙකක් ජනතාවගේ ජීවිත භාරදෙන්න පුළුවන්ද කියා විජේවීර සහෝදරයා ඒ දිනවල කියා තිබෙනවා. මම කිව්වා වගේම 60 න් පසු නායකත්වයෙන් අස්වෙන්න ඉල්ලීම් කළා. අලූත් අයට පක්‍ෂය භාරදුන්නා.
මම මේ තීරණය ගත්තේ ඒ දේ කිරීම වත්මන් අවශ්‍යතාවක් බව හැෙඟන නිසයි. ජවිපෙ නිවැරදි මග යන්නේ නැත්නම් මේ විදියට හෝ නිවැරදි මග පෙන්විය යුතුයි.
ඔබට තනිවම ඒ දේ කළ හැකිද?
ඇයි බැරි. මම ජීවිතයේ අභියෝග රැුසකට මුහුණදී තිබෙනවා. අත්දැකීම් තිබෙනවා. ලෝකයේ තනිව සටන් කර ජයගත් මිනිස්සු ඉන්නවා.
ඉතින් මට ඒ දේ කරන්න බැරිවෙන එකක් නැහැ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71 කැරැල්ලේ වාසිය ගත්තේ 1977 දී යූඑන්පී එකේ ජේආර් ජයවර්ධන , 88-89 භීෂණයේ 1994 දී චන්ද්‍රිකා. චන්ද්‍රිකා එපා වෙනකොට එ්කේ ප්‍රයෝජනය ගත්තේ රනිල්. මහින්ද පාලනය එපා කියලා බලවේගය එනකොට 2014 දී එ්කේ ප්‍රයෝජනය ගත්තේ රනිල් . අනුර පාර්ලිමේන්තුවේදී මහින්ද පාලනයට පහරදුන් ආකාරයට චියර් කළ හොර නඩය අනුරවද යොදාගෙන මහින්ද පාලනය පෙරලා දැමුවේය. (ස) හතර පාරක්ම පක්ෂය ඇතුලේ ස්වයං විවේචනය නොකර නිසා ජවිපෙට හැරුන ජනතා බලවේගය මෙහෙයවා ගන්න බැරි උනා . ජවිපෙ හැමදාම තමන් ගැන තක්සේරු කරගන්න බැරි නිසාත් , හීනමානය නිසාත් ඔය හතර වතාවෙම ජැක් ගහල පක්ෂය දියාරු කරගත්තා ජවිපෙ නායකයන්ව වර්ණනා කරණ කූට දනේශ්වර නායකයන් ට ජැක් වීම නවතා දමා නිර්දන පන්ති සමාජවාදය වෙනුවෙන් පෙනීසිටිනතුරු ලාංකීය වම උපහාසයට ලක්වනු ඇත
නායකයත් හොදලු, තරහත් නෑලු.අනෙක් පක්ෂ හොදත් නෑලු.කිසිම කළකිරීමක් නැහැලු. එහෙනම් හත් දෙයියනේ මොකටද අස් වුනේ. මේක නම් හතර බිරි කතාවක්. (බ)
ඔබ තුමාගේ විවේචනය හොඳයි. නමුත් වෙනත් පක්ෂයක් හදාගෙන තමන් තමාගේ නම අපකීර්තියට පත්වීමක් තමයි වෙන්නේ. අද විමල්ට මහින්ද නැතිව පාර්ලිමේන්තුවට එන්න බැහැ (නදී)
ජනතාව ජවිපෙට කැමතියි. ඒත් බලය දෙන්න බයයි (නි)
ජනතා විමුක්ති පෙරමුණ සැබෑම මානව හිතවාදී පක්ෂයක් බව සැබෑ කරුණක් නමුත් මෙතුවක් කාලයක් පක්ෂයක් ස්ථාවරව ඉදිරියට ගෙනයන අවස්ථා වලදී මොනයම් හෝ කරුණක් මත පක්ෂය හැරයාම හා විවේචනය හා දඩයම් කිරීම් කෙතුවෙන් ගමන අඩපන වීම මහා දුකක්. (ස)
බැලුවහම මංගල මහත්තයා හොඳයිනේ (නි)
නැවත වතාවක් හිතන්න සිරි අය්යේ මොකද මේ වරද හදාගන්න අමාරුම එකක් වේවි. (ස)
නැවත වතාවක් හිතන්න සිරි අය්යේ මොකද මේ වරද හදාගන්න අමාරුම එකක් වේවි. (ස)
ජනතා විමුක්ති පෙරමුණේ කතාවලට මමත් හරිම ආසයි. හොඳ විවේචනාත්මක කතා. අනුර දිසානායක මහතාගේ කතා විලාශය සහ කතා බොහෝ වටිනවා. එහෙත් ඔවුන්ගේ දේශපාලන ක්‍රමය අද ලෝකයට ගැළපෙන්නේ නැති බව වැටහෙනවා (නි)
සුබ ගමන් සෝමවංශ සහෝදරයා! (ස)
කඩාකප්පල්කාරී වැඩ මිසක් වෙන දෙයක් රටට කරලා තිබෙනවද? ඒකයි මිනිස්සු බියවන්නේ. (නි)
ජවිපෙ නිසා තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමිවුණා. මෙසේ නැතිවුණේ රටට සැබවින්ම ආදරය කළ තරුණ තරුණියන්. ඒකයි ජවිපෙ බලයට පමුණුවන්න මිනිස්සු බය. (නි)
ආරණිය අයියේ, ඔබේ ඔය තීරණය වැරදියි....ජවිපෙ සම්බන්ධව ජනතාවගේ සැබෑ තීරණය දැන් තමා එළියට එන්නේ...ඉතා වේගයෙන් පක්ෂය ජනතාව වැළඳ ගනිමින් සිටිනවා.... (ත)
ඔබල මහින්ද මහතාව ජනාධිපති කර යුද්දයට තල්ලු කර එතුමාව තනි කිරීමෙන් ජනතාව ඔබලාගේ නියම ප්‍රෝඩාව දැනගත්ත එතුමා යුද්ද කල නිසා දැන් ජාතිවාදී කියල කියනවා (අ)
ඔබේ ඔය තීරණය වැරදියි.ජවිපෙ සම්බන්ධව ජනතාවගේ සැබෑ තීරණය දැන් තමා එළියට එන්නේ.ඉතා වේගයෙන් පක්ෂය ජනතාව වැළඳ ගනිමින් සිටිනවා. (ස)
මේකම තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය (නි)