IMG-LOGO

ගාන්ධි - ජයවර්ධන ගිවිසුමේ පසුබිම

ඉන්දියාව සමඟ තමාට ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට සංචාරයක යෙදුණු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ පීටර් ගැල්බ්‍රෙයිත් මහතා සමඟ පවසා ඇතැයි ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය රජය මෙන්ම මෙරට හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට සිය විරෝධය ප්‍රකාශ කළ බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ‘පිස්සු මිනිසෙක්’ යනුවෙන් හැඳින්වූ බවත් 1988 පෙබරවාරි මාසයේ පැවැති සංවාදයකදී කතා කෙරුණු බවත් ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය (සී.අයි.ඒ) තවදුරටත් රහස්‍ය නොවන වාර්තාවක් සඳහන් කරන බව ද ‘ද හින්දු’ වෙබ් අඩවිය සඳහන් කරයි.

පිටත මිතුරන් කිසිවකුත් තමාට සහයෝගය නොදක්වන බැවින් ඉන්දීයාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා උපුටා දක්වමින් සී.අයි.ඒ වාර්තාව සඳහන් කර ඇතැයි පැවසේ. 

ද්‍රවිඩ ජාතිකයන් බහුතරයක් වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්දය පවත්වන බව ද හිටපු ජනාධිපතිවරයා ගැල්බ්‍රෙයිත් මහතා සමඟ පවසා ඇත. අවසාන වශයෙන් 1988 වසරේ නොවැම්බර් මාසයේදී මැතිවරණයක් ද පැවැත්විණි. 

 ඉන්දීය සාම සාධක හමුදා සහ ශ්‍රී ලංකා හමුදාව අතර තිබූ සබඳතා සම්බන්ධයෙන් යාපනය අර්ධද්වීපයේ සංචාරයක යෙදීමෙන් අනතුරුව ගැල්බ්‍රෙයිත් මහතා අදහස් දක්වා ඇත.

“ඉන්දීය සාම සාධක හමුදාවත් ශ්‍රී ලංකා රජයේ හමුදාත් ඉතා සහයෝගයෙන් රාජකාරී කරනවා. යාපනය තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්ව නැහැ. එහෙත් එහි තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙනවා” ගැල්බ්‍රෙයිත් මහතා පවසා ඇත. 

“ඉන්දීය සාම සාධක හමුදා යාපනයේ ඉතා හොඳ සේවයක් ඉටු කර කරනවා” යැයි ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරියකු වූ බි්‍රගේඩිය ජයරත්න මහතා උපුටා දක්වමින් අදාළ වාර්තා සඳහන් කර ඇත. ශ්‍රී ලංකා හමුදා සහ ඉන්දීය සාම සාධක හමුදා සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

මෙරට සිටි කාලයේදී ඉන්දීය නිලධාරීන් ශ්‍රී ලංකා නිලධාරීන් පමණක් නොව ගැල්බ්‍රෙයිත් සහ එවකට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරයා ඇතුළු ඇමෙරිකානු සංචාරකයන් සමඟ සුහදශීලිව කටයුතු කළ බව ද තවදුරටත් රහස්‍ය නොවන අදාළ වාර්තා සඳහන් කරයි. 

ජනාධිපති ජයවර්ධන මහතාත් ඉන්දීය අගමැති ගාන්ධි මහතාත් අතර සබඳතාවලදී ඇමෙරිකාව ද යම් කාර්යභාරයක් ඉටු කළ බව සී.අයි.ඒ සංවිධානයේ තවත් ලියවිල්ලක් සඳහන් කරයි. 

එවකට රහස්‍ය තොරතුරු යැයි හැඳින්වූ තොරතුරු උපුටා දක්වමින් ද හින්දු වෙබ් අඩවිය මෙම කරුණු වාර්තා කර ඇත. අදාළ තොරතුරු තවදුරටත් රහස්‍ය තොරතුරු යැයි නොසලකන අතර එම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා රජයේ හමුදා දෙවරක් යාපනය අල්ලා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තොරතුරු අනාවරණය වන්නේ ඉන්දීය සාම සාධක හමුදා මෙරට ස්ථාපිත කර වසර 30 කට පසුවය.

ජේ.ආර් ජයවර්ධන මහතා දෙවරක් රජයේ හමුදාවලට යාපනය අල්ලා ගන්නැයි අණ දුන්නද ඉන් සිදුවිය හැකි ජීවිත සහ දේපළ හානිය වැඩි නිසා හමුදා එය ප්‍රතික්ෂේප කළ බව ජයවර්ධන මහතා පීටර් ගැල්බ්‍රෙයිත් මහතා සමඟ පවසා ඇත

වසර 1987 ත් 1990 ත් අතර කාලයේදී ඉන්දීය සාම සාධක හමුදා උතුරේ සහ නැගෙනහිර පළාත්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ කරන ලද සටන්වලදී ඉන්දීය සෙබළු 1,200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා සමඟ 1987 දී වසරේදී ඉන්දු ලංකා සාම ගිවිසුමට අත්සන් තැබූ හිටපු ඉන්දීය රජිව් ගාන්ධි මහතා 1991 මැයි මාසයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කරනු ලැබීය. 

දෙමළ සුළු ජාතිකයන් හට බලය බෙදාහැරීමත් දමිළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස හඳුනාගැනීමත් යන පොරොන්දුවලට ප්‍රතිචාරයක් ලෙස හමුදා සහාය ලබාදීමට ඉන්දීයව එකඟත්වය පළ කර අතර ඒ අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියේය. වසර 1987 දී අත්සන් තැබූ ගාන්ධි-ජයවර්ධන ගිවිසුමේ ප්‍රධාන අරමුණ වූයේ ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එවීව ඔස්සේ සාමය සුරක්ෂිත කිරීමය. 

වසර 1986 දී ඉන්දියාව දමිළ කැරැලිකරුවන් පුහුණු කරන බවට ඝෘණාත්මක අදහසකින් සිටි බව ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික චාර්ල්ස් එච්.පර්සි මහතා සමඟ ප්‍රකාශ කර ඇතැයි අදාළ වාර්තාව සඳහන් කර ඇතැයි පැවසේ. 

 “මම සාමකාමී මනුස්සයෙක්. වාර්ගික අර්බුදයේදී ඉන්දියාවේ කාර්යභාරය කනගාටුයි. ඉන්දියාව කරන කටයුතුවලට එරෙහිව පියවර ගත යුතුයි” යැයි ජනාධිපති ජයවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ එවකට ජනාධිපති රොනල්ඞ් රේගන්ගේ ලියුමක් රැගෙන මෙරටට පැමිණි පර්සි මහතා සමඟ ප්‍රකාශ කර ඇත.  රජිව් ගාන්ධි අගමැතිවරයා හා සාකච්ඡා කිරීමේ දී ඕනෑම සහයෝගයක් දීමට කැමැති බව රොනල්ඞ් රේගන් ජනාධිපතිවරයා එම ලිපිය ඔස්සේ සඳහන් කර ඇතැයි ද පැවසේ. 

ඉන්දියාව උතුරේ පැවැති අර්බුදය මුල් කරගනිමින් ශ්‍රී ලංකාවට මැදිහත් වීම සඳහා සිය හමුදා පුළුල් කරමින් සිටි බව 1986 වසරේදී කරන ලද සී.අයි.ඒ සංවිධානයේ තවත් බුද්ධි අංශ තක්සේරු වාර්තාවකින් ප්‍රකාශ කර ඇත.

ගුවනින් හමුදා භටයන් යොමු කිරීම සඳහා ඉන්දීය සිය හැකියාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටි බව ද අදාළ සි.අයි.ඒ සංවිධානයේ තෙවැනි ලියවිල්ලේ සඳහන්ව ඇතැයි පැවසේ. ඉන්දීය හමුදා සහ ගුවන් හමුදා 1985 වසරේදී තිවේන්ද්‍රම්හිදි එවැනි මෙහෙයුමක් පුහුණු වී ඇතැයි ඊට නාවික හමුදාවේ සහාය ලැබී ඇතැයි ද අදාළ වාර්තා සඳහන් කරයි.

 එවකට පැවැති ආණ්ඩුව පෙරළුණු විටකදී හෝ දමිළ කැරැලිකරුවන් වෙනම රාජ්‍යයක් පිහිට වුවහොත් හෝ ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමට සූදානම්ව සිටි බව සී.අයි.ඒ සංවිධානය සිය බුද්ධි අංශ තක්සේරු ඔස්සේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීමක් මත ඉන්දියාව 1987 වසරේදී මෙන්ම 1971 වසරේදී ද මාක්ස්වාදී කැරැලිකරුවන් පාලනය කිරීමට මැදිහත් වීමේ ඉඩක් ද තිබූ බව සී.අයි.ඒ වාර්තාවල සඳහන්ව ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.

 නිසි පුහුණුව නොවූ ශ්‍රී ලංකා හමුදා ඉන්දියාවේ සහාය ප්‍රතික්ෂේප කළේ නම් දිගු කලක් පැවැති ඉන්දීය විරෝධය ඉදිරියටත් පැවැතුණි නම් ඉන්දියාව දමිළ කැරැලිකරුවන්ගේ සහායට පැමිණ සිංහල කැරැලිකරුවන් මර්දනය කිරීමට ඉඩ තිබූ බව ද අදාළ වාර්තාවල සඳහන් වේ යැයි පැවසේ. 

එමෙන්ම ඉන්දීය වෙනම දමිළ රාජ්‍යයකට විරුද්ධ වූවා නම් සිංහල ජාතිකයන් ප්‍රතික්ෂේප කරන අයුරින්ම දමිළි කැරැලිකරුවන් ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබූ බව විශ්වාස කරන බව සී.අයි.ඒ  සංවිධානය තවදුරටත් සිය බුද්ධි තොරතුරු විශ්ලේෂණ ඔස්සේ ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු වෙබ්’ අඩවිය තවදුරටත් සඳහන් කර ඇත. 

 



අදහස් (0)

ගාන්ධි - ජයවර්ධන ගිවිසුමේ පසුබිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site