IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගෝඨාභය දෙවැනියා කරන්න නෙවෙයි දෙවැනි පෙළ නායකත්වයක් ගැනයි මම කතා කළේ

11_PAGE_16_M

 

 

සාලාව ගිනි ගනිද්දී තවත් දේශපාලන බෝම්බයක් පුපුරා ගියේය. ඒ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි නායකත්වයට ගෙන ආ යුතුය යන යෝජනාවෙනි. බෝම්බය අතහැරියේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාය. මේ ඒ මහතා සමඟ ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි.

 

 

ප්‍රශ්නය:- ඇමැති රවීට එරෙහිව තිබූ විශ්වාස භංගයේදී ඔබලා ඡන්දය දුන්නේ ඇමැති රවීට පක්ෂවයි?
පිළිතුර:-
ඔව්. අපි විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය කළා. ආණ්ඩුවේ ඉන්න පාර්ශවයක් වශයෙන් ඒක අපි කළ යුතුව තිබෙනවා.

 


ප්‍රශ්නය:- ඒ නිසා විතරයි විරුද්ධව ඡන්දය දුන්නේ? එහෙම නැතිව ඇමැති රවී හොඳ නැති නිසා නොවෙයි.
පිළිතුර:-
ඇත්ත වශයෙන්ම මුදල් ඇමැතිතුමාගේ සමහර කාරණාවලට අපි එකඟ නෑ. අයවැයේදී ඉදිරිපත් කරපු සමහර යෝජනා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා ඒවා ඉවත් කළා.

 


ප්‍රශ්නය:- ඒ මොනවද?
පිළිතුර:-
එකක් තමයි අර දුම්බද්ද රුපියල් පන්දාහක් කිරීම, ඊළඟට රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර දීම අවුරුදු 10 ක් තිබුණා. ඒක අපි අවුරුදු හතකට අඩුකර ගත්තා. ඒ වගේම තාම නොලැබුණත් පොහොර සහනාධාරය ඉවත් කිරීමේදී තේ වැනි දේවල්වලටත් නැවත වරක් පොහොර සඳහා ආධාර මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් අපි ඇති කළා. ඒවගේ යම් යම් සහන රැසක් ඒ මොහොතේ අපි ලබා දුන්නා.

 


ප්‍රශ්නය:- ජනතාව පීඩාවට පත් කරන බදු ගහන නිලධාරීන් ගෙදර යවනවා කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා. නමුත් වැට් බද්ද ගැහුවා. ඒක ගෙනාවෙත් ඇමැති රවී?
පිළිතුර:-
ඔව්. ඒ වැට් බද්ද නිසා ජනතාවට විශාල බරක් පැටවෙනවා. ඒ සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කළා. කැබිනට් එකේදී අත්‍යවශ්‍ය දේවල්වලින් වැට් බද්ද ඉවත් කළ යුතුයි කියලා අපි කිව්වා. ඇමැතිතුමා ඒක පිළිඅරගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයකුත් කළා.

 

898
ප්‍රශ්නය:- එහෙම වුණත් සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ  ක්ෂේත්‍රවලටත් වැට් බද්දේ බලපෑම තියෙනවා?
පිළිතුර:-
මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සෞඛ්‍යයට අධ්‍යාපනයට විතරක් නොවෙයි ජලයටත් වැට් බද්ද පනවලා තියෙනවා.

 


ප්‍රශ්නය:- එහෙම තිබියදීත් ඇමැති රවී බේරාගත්තේ?
පිළිතුර:-
අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන නැවත වරක් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ බද්ද ඉවත් කරන්න පුළුවන්ද කියලා බලන්න.

 


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ එහෙම නම් ඇයි ඇමැති රවී බේරාගත්තේ කියලයි?
පිළිතුර:-
මම මුලින් කියපු විදියට ඒ විදියේ විරෝධතා අපට තියෙනවා. මේ විරෝධතාවන් ගැන අපි සාකච්ඡා කළා.... නමුත් අපි තීන්දු කළා ආණ්ඩුවේ ඉන්න පාර්ශවයක් හැටියට මේ වෙලාවේ විරුද්ධව ඡන්දය දිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි සමස්තයක් වශයෙන් මේක ආණ්ඩුවට විරුද්ධව ගේන විශ්වාසභංගයක්. ඒ නිසා අපි එයට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය කළා.

 


ප්‍රශ්නය:- සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ගියා. මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව බරපතළ විදියට අභියෝගයට ලක්වෙලා කියලා චෝදනා නැගෙනවා?
පිළිතුර:-
ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් මේ අවි ගබඩාව මෙතැන තිබුණා. මේ කාලය තුළ එතැන කිසිම උපද්‍රවයක් ඇති වුණේ නැහැ. ඒ නිසා හමුදාව වුණත් හිතුවා මෙතැනට විශේෂ අවධානය යොමු කළ යුතු තැනක් නෙවෙයි කියලා. නමුත් සාමාන්‍ය අරක්ෂාව හැමදාම තිබුණා. එහෙම තිබියදී තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. ආරක්ෂක අංශයෙන් බැලුවාම මේක දුර්වලකමක්. ආරක්ෂක හමුදාවක් යටතේ පවතින ආයතනයක මෙවැනි දෙයක් සිදුවීම සමාවක් දිය හැකි වරදක් නෙවෙයි. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් කරලා මේකට හේතුව ප්‍රකාශ කරනකම් ඊට වඩා දෙයක් කියන්න අමාරුයි.

 


ප්‍රශ්නය:- ඔබ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක්. මේ සම්බන්ධයෙන් ඔබ දන්න විශේෂ තොරතුරු මොනවාද?
පිළිතුර:-
මේ ගැන හොයන්න විශේෂ අංශවලට බාර දීලා තියෙනවා. අපි ඒ වාර්තා එනකම් ඉමු.

 


ප්‍රශ්නය:- මේ පරික්ෂණවලින් හමුදා බුද්ධි අංශය ඉවත් කිරීම ප්‍රශ්නකාරියි?
පිළිතුර:-
මමත් ඒක දැක්කේ පත්තරවලින්. ඊළඟ කැබිනට් මණ්ඩලයේදී අපට මේ ගැන කතා කරන්න පුළුවන්.

 


ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ දෙවැනි නායකත්වයට ගෙන ඒමේ මෙහෙයුමේ අලුත් තත්ත්වය කොහොමද?
පිළිතුර:-
මේකනේ. මේ ප්‍රකාශය මම කළේ ඇඹිලිපිටියේදී. මේ ප්‍රකාශය විකෘති වෙලා තියෙනවා.

 


ප්‍රශ්නය:- මට පේන විදියට ඔබ මේ ප්‍රකාශය කළාට පස්සේ පක්ෂය තුළ ඉන්න රාජපක්ෂ විරෝධීන්ගේ ප්‍රහාරයට ඔබ ලක්වෙලා වගෙයි.
පිළිතුර:-
නෑ... නෑ... කොහොම වුණත් මගේ ප්‍රකාශය විකෘති වෙලා තියෙනවා. මම එතැනදී දෙවැනි නායකත්වයක් ගැන කතා කළේ නැහැ. මම කතා කළේ දෙවැනි මට්ටමේ නායකත්වයක් ගැනයි. දෙවැනි මට්ටමේ නායකයෝ කිහිප දෙනෙක් ඉන්නවා පක්ෂය ඇතුළේ.

 


ප්‍රශ්නය:- කවුද ඒ?
පිළිතුර:-
ඇයි මම? මම ඉන්නවා. නිමල් සිරිපාල ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත ඉන්නවා. අනුර යාපා. ෆවුසි ඉන්නවා. එස්.බී. දිසානායක ඉන්නවා. අපි ඔක්කොම දෙවැනි මට්ටමේ නායකයෝ. මම කිව්වේ ගෝඨාභයටත් දෙවැනි මට්ටමේ නායකත්වයක්. මම ඒකෙන් අදහස් කළේ ජනාධිපතිතුමාගෙන් පස්සේ ඊළඟට ගෝඨාභය කියලා නොවෙයි. දෙවැනි මට්ටමේ නායකයෙක්. ඉතිං එවැනි නායකයෝ ගොඩාක් පක්ෂය තුළ ඉන්නවනේ.

 


ප්‍රශ්නය:- ඔබ ඔහොම කියන්න කලින් ගෝඨාභයත් එක්ක කතා කළාද?
පිළිතුර:-
ඔව්.  කතා කළා.

 


ප්‍රශ්නය:- ඔහුගේ ප්‍රතිචාරය?
පිළිතුර:-
ඔහු කෙළින්ම මේකට කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. නමුත් ඔහු සමඟ කරපු සාකච්ඡාවලදී මට තේරුණා එතුමා තුළ කැමැත්තක් තියෙනවා ජනාධිපතිතුමා සමඟ සමගියෙන් වැඩ කරන්න. ඒ බව එතුමාගෙන් හෙළිවුණා. ඒ වගේම එතුමට වුවමනා වෙලා තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සේසත් කරලා ඉදිරියට යනවා දකින්න. එතුමා කිව්වා රටේ අභාග්‍යයක් මේ පක්ෂය දෙකඩ වෙලා තිබීම කියලා. ඉතින් මම ඇහුවා පක්ෂය සමගි කරන්න රාජපක්ෂ පවුලේ කෙනෙක් හැටියට ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. ඒකට එයා කිව්වේ මොකක්ද? -මම හැමවෙලේම කැමැතියි යමක් තියෙනවා නම් කරන්න කියලා. පක්ෂයට බැඳිලා කටයුතු කරන්න කැමැතිද කියලා ඇහුවම -එහෙම අවස්ථාවක් ආවොත් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මම ඒක කරනවා” කිව්වා.

 


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී එක්ක ඔබ මේ ගැන කතා කරලා තියෙනවද?
පිළිතුර:-
එතුමා එක්ක නම් මම සාකච්ඡා කළේ නෑ. නමුත් ජනාධිපතිතුමාට මං මගේ මතය කියලා තියෙනවා.

 


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ සිටියදී ගෝඨාභය රාජපක්ෂ ගේන්න හදන්නේ විශේෂ හේතුවක් නිසාද?
පිළිතුර:-
ඒ ප්‍රශ්නය අහපු එක හොඳයි. මහින්දත් ජනාධිපතිතුමත් එකට එකතුවෙලා මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා තිබුණ මගේ විශ්වාසය දැන් බිඳවැටිලා තියෙන්නේ. මම ඒකටත් හුඟාක් මහන්සි ගත්තා.

 


ප්‍රශ්නය:- කාගෙන්ද බාධාව එන්නෙ මෛත්‍රීගෙන්ද? මහින්දගෙන්ද?
පිළිතුර:-
පුද්ගලයෙක් ගැන මම කියන්නේ නැහැ. සමස්ත මුළු වාතාවරණයම ඒකට ඉඩ නොදෙන තත්ත්වයක් තියෙන්නේ. මුළු වාතාවරණයම ක්‍රියාත්මක වෙන්නේ ඊට පටහැනිව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් උත්සාහ කිරීම නිෂ්ඵල කාරණයක් කියලයි මගේ හැඟීම.

 


ප්‍රශ්නය:- පක්ෂය තුළ ඉන්න රාජපක්ෂ විරෝධීන් ගෝඨාභයට ඉඩදෙයිද?
පිළිතුර:-
ඒක ගැන තීන්දු කරන්න ඕනා ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් සමගයි. ඇත්ත රාජපක්ෂ විරෝධීන් ඉන්නවා. මම හොඳම ශ්‍රී ලංකාකාරයෙක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳිලා අවුරුදු පනහකටත් වැඩියි. මගේ ජ්‍යෙෂ්ඨත්වය තියෙන අය තව ඉන්නවා නම් ඒ දි.මු. ජයරත්න මහත්තයලා වගේ අය තමයි. මම 1960 නොවැම්බර් මාසේ පක්ෂයේ සාමාජිකත්වය  ගත්තේ. පැල්මඩුල්ල ආසනයේ පළමු වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක් පිහිටුවලා මම සභාපති වුණා. එතකොට මම පාසල් යන ශිෂ්‍යයෙක්. එදා ඉඳලා මම මේ පක්ෂයේ වැඩ කරනවා. පක්ෂයේ වැඩ කටයුතුවලට අවංකව සහභාගි වෙලා තියෙනවා.  නීති විද්‍යාලයේදී මම ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ සභාපති. ඒ වගේම නීතිඥයෙක් විදියට මම පක්ෂයට විශාල වැඩ කොටසක් කළා. 87-89 කාලෙදි පැහැර ගෙන ගිය තරුණයන් බේරාගන්න මම මැදිහත් වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ හැම උසාවියකටම ගිහින් පක්ෂයේ තරුණයන් වෙනුවෙන් පෙනී හිටියා. දැන් ඉන්න ජනාධිපතිතුමා හොඳට දන්නවා පක්ෂය වෙනුවෙන් මට යම් වගකීමක් බාර දුන්නා නම් මම ඒක උපරිම මට්ටමෙන් කරලා තියෙනවා. කිසිම නීති විරෝධී කටයුත්තකට මම සම්බන්ධ වෙලා නෑ. විනය ශක්තිමත් කරන්න කටයුතු කරලා තියෙනවා. කිසිම කෙනෙකුට  නොදෙවැනි විදියට පක්ෂය වෙනුවෙන් මම වැඩ කළා. ඒ නිසා මම අදත් මේ පක්ෂය කොහොමද ඉදිරියට අරගෙන යන්නේ. ඒ වගේම 2020 මහ මැතිවරණයට අපි කොහොමද  මේ පක්ෂය  සකස් කරන්නේ කියන කාරණය මත තමයි මම කල්පනා කරන්නේ. ආණ්ඩුවට පක්ෂ නිසා නොවෙයි මම ආණ්ඩුවේ ඉන්නේ. සම්මුති ආණ්ඩුවට අපි එකතුවෙලා ඉන්නේ පක්ෂය නිසා. පක්ෂය තීන්දු කළා එතැනට යන්න. එතැනදී මම කිව්ව පක්ෂයේ තීරණය ඒක නම් මමත් ඒකට පක්ෂයි කියලා. එතැනදී මම අවංකව ආණ්ඩුවත් එක්ක ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා අපි 2020 මහ මැතිවරණයට මුහුණ දීමේ අවශ්‍යතාව අතහැරලා නෑ. ඒක අපි අගමැතිතුමාටත් ප්‍රකාශ කළා. එතුමා ඒක පිළිගත්තා. 

 


ප්‍රශ්නය:- නමුත් ඊයෙ පෙරේදා තිබුණ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඔබේ ඔය ගෝඨාභයගේ කතාවට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.
පිළිතුර:-
ඒ රැස්වීම තිබුණේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එතැනදී රාජිත සේනාරත්න ඇමැතිතුමයි සරත් ෆොන්සේකා ඇමැතිතුමයි මගේ කතාව දැඩි ලෙස විවේචනය කළා.

 


ප්‍රශ්නය:- ඔබ මොකද කිව්වේ?
පිළිතුර:-
මම පැහැදිලිව කිව්වා -මේක මේ අපේ පක්ෂයේ කටයුත්තක්. ඔයගොල්ලන්ට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ” කියලා. ඒ පාර ජනාධිපතිතුමත් කිව්වා -ඒක පක්ෂයේ කටයුත්තක්. ඒක මෙතැන කතා කරන්න එපා” කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විතරක් නොවෙයි 2020 දී ජයග්‍රහණය කරන්න තව අය ඉන්නවා නම් ගන්න මම ඒ අයත් දාන්න යෝජනා කරනවා.

 


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂත් කරළියේ ඉන්නවා. ඔහු ගැන කතා කරන්නේ නැද්ද?
පිළිතුර:-
මගේ නම් කිසිම ප්‍රසාදයක් නැහැ උන්නැහැ ගැන. ඔහුව පක්ෂයට ගන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. මොකද පැහැදිලිවම කියනවා නම් අපේ පරාජයට ප්‍රධාන හේතුවක් තමයි බැසිල් රාජපක්ෂ. ඒ වගේම අපි ආණ්ඩුව තුළ ඉන්නකොට  අපට මුහුණ පාන්න සිදුවුණ අවාසනාවන්ත අවස්ථා තියෙනවා බැසිල් රාජපක්ෂ නිසා.

 


ප්‍රශ්නය:- මොනවද ඒ අවාසනාවන්ත අවස්ථා?
පිළිතුර:-
මම දැන් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම බැසිල් රාජපක්ෂ ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

 


ප්‍රශ්නය:- -ගෝඨාභය එනවා නම් මම පක්ෂයෙන් යනවා” කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කියනවා?
පිළිතුර:-
චන්ද්‍රිකා මැතිනියගේ මතය වෙන්න පුළුවන් ඒක. චන්ද්‍රිකා මැතිනියගේ කාරණය මට ලැබුණොත් මධ්‍යම කාරක සභාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කවුරු හරි ගන්න කොට තව කෙනෙක් යනවා නම් මට තේරෙන්නේ නැහැ එතැන තියෙන දේශපාලනය මොකක්ද කියලා.

 


ප්‍රශ්නය:--ඔබ කයින් ආණ්ඩුව සමග හිටියත් හිතෙන් ඉන්නේ මහින්ද රාජපක්ෂ ළඟ කියලා ඇමැති සරත් ෆොන්සේකා  කිව්වා.
පිළිතුර:-
ඒ සරත් ෆොන්සේකා මහත්තයාගේ දේශපාලන දැනුම. මම ඒකට පිළිතුර දුන්නා. එතුමට එහෙම දේශපාලන දැනුමක් නැහැ. ඔහු යුදමය මානසිකත්වයෙන් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. ඒ නිසා තමයි හැමෝටම ගරහන්නේ.

 


ප්‍රශ්නය:- ඔබ කූඩැල්ලෙක් වගේ කාගේ හරි පිටේ එල්ලිලා යන්න හදනවා කියලත් ඔහු කිව්වා?
පිළිතුර:-
කූඩැල්ලෙක් වගේ මට එල්ලෙන්න අවශ්‍ය නෑ. මට හොඳ ඡන්ද පදනමක් තියෙනවා. හොඳ දේශපාලන පදනමක් තියෙනවා. මම හැමදාම ආසනයත් දිනනවා. දිස්ත්‍රික්කයත් දිනනවා. මම දිනුව හැම වාරයක්ම මම දිනුවේ උඩින්. සරත් ෆොන්සේකා මහත්තයාට එහෙම කියන්න බෑ. එයා එහෙම දිනලත් නෑ. ඒවගේ මනුස්සයෙක් මට එහෙම කීම ගැන මම කනගාටුවෙනවා. ඔහුගේ ප්‍රකාශවලට මම උත්තර දිය යුතුත් නෑ.

 


ප්‍රශ්නය:- කොහොම හරි ගෝඨාභය ගේනවා?
පිළිතුර:-
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මම ඒ උත්සාහය ගන්නවා.

m



අදහස් (0)

ගෝඨාභය දෙවැනියා කරන්න නෙවෙයි දෙවැනි පෙළ නායකත්වයක් ගැනයි මම කතා කළේ

පිටිගල මිලානෝ Sunday, 19 June 2016 11:37 AM

මෙයා ඇමති වෙලා ඉන්න කාලේ වරක් නිල සංචාරයකට මිලානෝ නගරයට පැමිණියා. රෝමයේ එම්බසියේ වාහන කීපයක් පැමිණ ඒ දිනවල කළේම බඩු පුරවාගෙන ලංකාවට යවන්න කාගෝ ආයතනයක් වෙත පැටවීමයි. මෙයා සහ පවුලේ අය කළේම ෂොපින් ය. (බ)

:       0       0

රනිල් Tuesday, 14 June 2016 10:42 PM

ගෝඨා කියන්නේ මේ රට බේරාගත්ත වීරයෙක්. ඒ වගේම කොළඹ ලස්සන කළ හා කුඩුකාරයන් රටෙන් එළවපු කෙනා. ඒ වගේ කෙනෙක් රටේ නායකයා වෙනවා නම් කොච්චර හොඳද. එයාට විරුද්ධව සද්ද දාන්නේ කිසිදෙයක් හරියට කරගන්න බැරි කතා ක‍රන්න විතරක් පුළුවන් අය (නි)

:       0       0

අමාලි Tuesday, 14 June 2016 08:45 AM

චතුරිට මේ යන විදිය බොහොම සැපයි වගේ සතුට පිරිලා ඉතිරිලා වගේ ඉන්නේ. (ර)

:       0       0

චතුරි Monday, 13 June 2016 10:17 PM

ගෝඨාව ගේනවා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. රාජපක්ෂලා නැතුව රට ගෙනියන්න බැහැ කියලද හිතාගෙන ඉන්නේ. බලය තියෙනකොට කරපු නීතිවිරෝධී වැඩ වලට දඬුවම් දෙන්නේ නැද්ද? ඒ සේරම දැන් අමතකයි. ජනතාවට විතරයි ජීවිත කාලයටම වන්දි ගෙවන විදියට නීතිය හදලා තියෙන්නේ (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 18 June 2016 06:50 PM

අනේ අපි නම් මේවට උත්තර දෙන්න කැමති නැහැ (නි)

:       0       0

චතුරි Wednesday, 15 June 2016 02:01 AM

ගෝඨා යුද්ධය දරුණුම අවස්ථාවේ හිටියේ ඇමරිකාවේ. රට බේරාගත්තේ රණවිරුවෝ. කොළඹ හරිම ලස්සනට තිබුණා. කැළණි ගඟ ගලපු වෙලාවේ වතුර ගලාබසින තැන් ගොඩකර, වෙල් ගොඩකර, ප්‍රභූන්ලට යන්න පාරවල් හදලා දුන්නා. ලස්සන සැමදේ මොහොතට සුව දේ! (නි)

:       0       0

රනිල් Wednesday, 15 June 2016 05:10 AM

චතුරි, ඔයාට කවදා යථාර්තය තේරුම් යයිද දන්නේ නැහැ. ඔය වගේ වෛරෙයන් හැමදෙයක් ගැනම බලන උදවියට හැමදේම පෙනෙන්නේ වැරදියට. ඔයාට පෙනෙන්නේ නැද්ද රට දවසෙන් දවස අායෙත් අගාධයට යන්නේ කියලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 15 June 2016 01:45 PM

ගෝඨා හරිම හොද නිසානේ මහජන මුදල් රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කරලා තාත්තාගේ අනුස්මරණ කොත් හැදුවේ. (අ)

:       0       0

නිම්මි Monday, 13 June 2016 03:13 PM

මෙතුමාට විතරයි මහ පොලවේ යථාර්තය තේරෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 210 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 163 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 133 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 242 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 405 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1031 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 933 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 369 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site