24_SLT_P6

 

සුව පහසු රථයක නැගී ගමන් බිමන් යෑමටත් ඇති තරම් කෑම්බීම්, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටත් මෙන්ම ලෙඩක්, දුකක්, බියක් නොමැතිව ජීවත්වීමට අපි සියලූදෙනා කැමෙත්තෙමු. ලද දෙයින් සතුටුවීම, වැඩිපුර බලාපොරොත්තු, සිහින පොදි නොබැඳීම ජීවිත පැවැත්මට හොඳ පිටුබලයක් වෙන නමුත් ඉහත කී අවශ්‍යතාවන් සම්පූර්ණ වෙනවානම් ඊට අකමැති අයෙක්ද සිටිය නොහැකිය.

 

1
සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වුවත් ඊට ගැළපෙන සමාජ, ආර්ථික වටපිටාවක් අප වටා ගොඩනැගී නැත්නම් සුඛෝපභෝගී අරමුණ පසුපස හඹා යෑමෙන් අවසානයේ අපට සිදුවන්නේ පාඩුවක් පමණි.


අපට විවාහ උත්සවයකට ආරාධනාවක් ලැබී ඇතැයි සිතමු. විවාහ මංගල උත්සවයට සහභාගි වීම නෑදෑයන් හා එක්ව කතා බහ කිරීම අලූත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට ලැබීම අපට ලැබෙන ප‍්‍රතිලාභයකි. එහෙත් දැරිය නොහැකි තරම් ඉස්තරම් මට්ටමේ ඇඳුම් පැළඳුම් මිලදීගෙන එම විවාහ මංගල උත්සවයට සහභාගි විය යුතුයැයි ඔබට සිතෙන්නට පුළුවන. එසේ සුපිරි ඇඳුම් ඔබ ළඟ නැත්නම් ඒ ගමන ප‍්‍රතික්ෂේප කළයුතු යැයිද ඔබට සිතෙන්නට පුළුවන. නමුත් වඩා වැදගත් වෙන්නේ දැරිය හැකි මුදලකට ඇඳුම් පැළඳුම් මිලදීගෙන මගුල් ගෙදරට සහභාගි වීමය.


මෙවර ක්ෂේත‍්‍ර ගවේෂණයෙන් අපි මගුල් ගෙදරකට යෑමට උත්සහ දරනවා දැයි ඔබට මේ සටහන කියවද්දි සිතේවි.


රටේ අත්‍යාවශ්‍යතාවන් අමතක කොට අවශ්‍යයැයි හිතෙන අරමුණු පසුපස හඹා යමින් පාඩු පිට පාඩු සිදුකරගත් සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මෙවර ක්ෂේත‍්‍ර ගවේෂණයෙන් අපගේ අවධානය යොමු වේ. 

 

2

බෙල්ලන්විල ඇවිදීමේ මංතීරුව අසළ විශාල මඩ වගුරක් සෑදී ඇති අයුරු

 


ඉකුත් රජය සමයේ කොළඹ ඉදිවූ ආකේඞ් ගොඩනැගිල්ලේ මාළු ටැංකියේ වීදුරුව පමණක් ලක්ෂ 350 වටිනා කමකින් යුක්ත එකක් බව ඉකුත් දිනවල වාර්තා විය. මේවාට යෙදවූ ජාතික ධනය රට සංවර්ධනය කිරීමට තිබූ මුදල් අපතේ යැවීමක් බවට එයින්ම හැඟීයයි.


ඇවිදින මංතීරු යැයි කොයි කවුරුත් හඳුන්වන, ශරීර සුවතා පථද පසුගිය කාලයේ මෙරට ක‍්‍රියාත්මක වූ නාගරික සංවර්ධන ව්‍යාපෘති අතර ප‍්‍රධාන තැනක් ගන්නක් විය.

4
ශරීර සුවතා පථ පිළිබඳ අත්දැකීම මෙරටට නුහුරු නුපුරුදු එකක් යැයි කිව නොහැකිය. ගාලූ මුවදොර අතීතයේ සිටම ඒ සඳහා භාවිත වූ ප‍්‍රධාන ස්ථානයකි. 
කොළඹ නිදහස් චතුරස‍්‍රය, ශ්‍රී ජයවර්ධනපුර ජපන් මිත‍්‍රත්ව පාර, දියත උයන, නුගේගොඩ වැලි පාර, මාලඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවතේ මංතීරුව, බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුව, ඔරුතොට, එෙඬ්රමුල්ල, විහාර මහාදේවි උද්‍යානය, පෑලියගොඩ මිනුවන්ගොඩ ඇතුළු ස්ථාන 16ක් කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත තුළ ඇවිදීමේ මංතීරු හෙවත් ශරීර සුවතා පථ ඉදිවී ඇත. මහනුවර, මාතර, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත‍්‍රික්කවලද මීට අමතරව ව්‍යායාම් මංතීරු ඉදිවී ඇත.


නාගරික සංවර්ධන අධිකාරිය සපයන වාර්තාවලට අනුව ගම්පහ ඔරුතොට ප‍්‍රදේශයේ ඉදිවී ඇති ශරීර සුවතා පථයට හැර අනෙක් සියලූ ඉදිකිරීම් සිදුකොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය යන ආයතන දෙක එක්වයි. 

5
ඔරුතොට පිහිටි ඇවිදීමේ මංතීරුව ඉදිකොට ඇත්තේ එවක රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගිනි. 


ක්ෂේත‍්‍ර ගවේෂණය ආරම්භ කරමින් අපි බොරලැස්ගමුව - බෙල්ලන්විල ඇවිදීමේ මංතීරුව නිරීක්ෂණය කිරීම සඳහා ගියෙමු. 


හවස හතර හමාර පහ වෙද්දි ව්‍යායාම් සඳහා සුදුසු ඇඳුම්වලින් සැරසුණු වයස පනහත් හැටත් අතරයැයි සිතිය හැකි තුන් හතර දෙනෙකු ඇවිදීමේ මංතීරුවට ප‍්‍රවේශ වූහ. ඔවුන් පැමිණියේ තමන්ගේ පෞද්ගලික වාහනවලිනි. ඇවිදීමේ මං තීරුව අසල පිහිටි වාහන අංගනයට එකින් එක වාහන ඇතුළු විය. එම වාහනද ඉතා සුඛෝපභෝගී පන්නයේ ඒවාය. 


හවස හත අට වෙද්දි බෙල්ලන්විල ඇවිදින මං තීරුව අසල පනහක හැටක පමණ පිරිසකගෙන් සමන්විතව තිබුණි.


බෙල්ලන්විල ආ බොහෝ දෙනෙකු පැමිණ සිටියේ ඇවිදින මං තීරුවේ ඇවිදීමට නොවේ. ඒ අය අතරින් සමහරෙක් බොරලැස්ගමුව වැව දෙස බලාගෙන අල්ලාප සල්ලාපයේ නිරත වේ. 


බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවේ බෙල්ලන්විල විහාරය පාරේ සිට එනවිට හමුවන කුඩා කඩ පේළි කිහිපයකටද ගොස් එහි කඩ හිමියන් සමග අපි කතා බහක නිරත වුණෙමු.


”සති අන්තෙට බිස්නස් හොඳයි. බෙල්ලන්විල පන්සලට යන කට්ටිය එහෙම ඇවිදීමේ මං තීරුව පැත්තේ එනවා. දෙහිවල සත්තුවත්ත බලලා එන අය කොළඹ පැත්තේ විනෝද චාරිකාවේ එන අයත් හිටපු ගමන් බස් පිටින් මේ හරියට එනවා. කෑම ජාති තමයි හුඟක් විකිණෙන්නේ. කට්ටිය ඇවිත් තැඹිලි එහෙම බොනවා. මං උදේ පාන්දර ඉඳන් කඬේ ඉන්නවා. බිස්නස් එතරම් සරුවක් නැහැ. මම පදිංචි වෙලා ඉන්නේ මේ කිට්ටුව. හොඳ හොඳ සෙල්ලම් තියෙනවා මෙහෙත්. ? දහය එකොළහ වෙද්දි මත්පැන් බොන අය ඇවිදීමේ මං තීරුවට ඇතුළු වෙනවා. ඒ අය ආපහු එන්නේ ? එක දෙක පහුවෙලා.”
”මම වැඩිපුර කරන්නේ කොළ කැඳ බිස්නස්. සමහර දවසට බිස්නස් හොඳයි. වැඩක් වෙන්නේ නෑ කියලා හිතුණ දවසට මම ඉස්කෝලේ පැත්තට යනවා. ළමයින්ට කැඳ විකුණන්නෙ ටිකක් අඩුවට. ඒකෙන් මට පාඩු වෙනවා.”

3

පාරක් සෑදීමට ගෙනා ඉදිකිරීම් ද්‍රව්‍ය මංතීරුවට අතරහැර දමා ඇති අයුරු

 

බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවේ ලයිට් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන විදුලි බුබුළු බොහොමයක් හොරුන් ගලවාගෙන ගොස් තිබුණි. මුල් කාලයේ මේ ආශ‍්‍රිතව හොඳ ආරක්ෂිත විධි විදානයක් ක‍්‍රියාත්මක වුවත් මේ වන විට ඒ කිසිවක් හරි ආකාරව ක‍්‍රියාත්මක නොවන බවද අප සමග කතා කළ අයෙකු සඳහන් කළේය.


දෙල්කඳ හන්දිය, රත්තනපිටිය ඔස්සේ ගලා එන කටු ඇලේ ජලයද බොරලැස්ගමුව වැවට එකතු වේ. වැව වටා පිහිටි ඇවිදින මං තීරුව වටේ ඇවිදින්නට එන අයට එහි අපුල දැනේ.


තව ටික දවසකින් මෙතැනට එන අයට ඩෙංගු, සෙංගමාලය වැනි රෝගත් හදාගෙනයි යන්න වෙන්නේ. 


මේ චාරිකාවේ නිරතවන අතරතුර ඇතිවූ ගමන් වෙහෙස නිසා අපි මං තීරුව අසල ඉදිකොට ඇති ආහාරපාන අළෙවිසැලකට ගියෙමු. ඝන වීදුරු සහිත ආහාර ඇසුරුම් රාක්ක මත විවිධ වර්ගයේ ආහාර අසුරා තිබුණි. හොඳින් හැඳ පැළඳගත් ආහාර පාන සපයන්නන් පිරිසිදු ලෙස ආහාරපාන සැපයීමත් එහිදී අපට දැකගත හැකිවිය. නමුත් සාමාන්‍ය කඩයකින් රුපියල් 25ක් හෝ 30ක් දී මිලදී ගතහැකි අයිස්ක‍්‍රීම් එකක් එහි අළෙවි වන්නේ රුපියල් 70 වැනි මුදලකටය. රුපියල් තිහක් දී මිලදී ගත හැකි එළවලූ රොටිය, මාළු පාන් එක අලෙවි වන්නේ රුපියල් අසූවටය.


ආහාර පාන වර්ග සඳහා මෙතරම් මිලක් අය කරන්නේ ඇයිදැයි අපි කඩහිමියෙකුගෙන් විමසුවෙමු.


”අපි මේ කඩවල්වලට බදු ගෙවන්න  ඕනෑ. නිතර නිතර කෑම ජාති විකිණෙන්නේ නැහැ. වැස්ස දවසට එහෙම බිස්නස් පාඩුයි. සමහර අය කෑම ජාති පිටින් අරන් එනවා. බිස්නස් එක පාඩුයි. ඒත් අපිට වෙන කරන්න දෙයකුත් නැහැ. කඩ රස්සාව දිගටම අල්ලගෙන ඉන්න වෙනවා.”
ඔහු අප සමග පැවසුවේය.


නිවාඩුවට, විනෝදයට, විවේකයට බෙල්ලන්විල එන අය දරුවන් සමග එහි පැමිණ යම් වේලාවක් ගත කළත් ඇතැම් අය වැඩි මුදලකට කෑම ජාති මිලදී ගැනීමට පැකිළෙති. නමුත් ඇතැම් අය දරුවන්ගේ හිත රිදවීමට බැරි නිසා වැඩි මිලක් දී ආහාරපාන ජාති මිලදී ගනිති. 


මෙම ඇවිදීමේ මංතීරුව ඉදිවී ඇත්තේ බොරලැස්ගමුව වැව වටා පිහිටි ප‍්‍රදේශයේය. එය ඊට පෙර පැවතී ඇත්තේ වගුරු බිමක් වශයෙනි. ඒ අවට පිහිටා තිබූ කුඹුරු ඉඩම්ද මේ වනවිට පුරන් වී ඇත. වෙනදා වගුරු බිමට එන මී හරකුන් සමහර අවස්ථාවල ඇවිදීමේ මංතීරුවටද පැමිණෙන බව ඒ අවට වැසියෝ අපි සමග පැවසූහ. වගුරුබිම ගොඩ කරමින් කරන ලද ඉදිකිරීමක් නිසා ඒ අවට සමහර තැන්වල තවමත් ජලය රැඳුන ස්ථාන පවතියි. එලෙස ජලය රැුඳුන ස්ථාන අවට පිහිටි නිවාසවල වැසියන්ට මදුරු උවදුර නිසා ද පීඩා විඳීමට සිදුවී ඇත.


බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවක් ඉදිවන බව දැනගත් මුල් අවස්ථාවේ බොහෝ ගම්වැසියන් ඊට වැඩි කැමැත්තක් දක්වා නැත. නමුත් විවිධ ආකාරයේ දේශපාලන මැදිහත්කම් නිසා ජනතාව ඊට විරුද්ධත්වයක් දැක්වීමට ඉදිරිපත් නොවූ බව අවට වැසියෙකු අප සමග පැවසුවේය.


අපි බෙල්ලන්විලට සමු දෙන්නට සැරසුනෙමු. ඒ වන විට රාත‍්‍රී අට හමාර පසුවෙමින් තිබුණි. මංතීරුව අසල පිහිටි මුර කුටියක් අසලට ගිය අපි එහි ආරක්ෂක නිලධාරියෙකු ඇමතුවෙමු. දෙතුන් වතාවක් කතා කළ නමුත් ඔහු අපට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්විය. ඊට හේතුව ඔහු ගැඹුරු නින්දක පසුවීමය.


ක්ෂේත‍්‍ර ගවේෂණයේ මීළඟ අංකය ලෙස විහාරමහාදේවි උද්‍යානයේ ඇවිදීමේ මංතීරුව නිරීක්ෂණය කිරීම සඳහා අපි ගියෙමු. 


විහාරමහාදේවි උද්‍යානය එදා අතීතයේ සිටම බාල ළමයින්ට මෙන්ම වැඩිහිටි මහලූ සියලූදෙනාමට විවේකය, විනෝදය සතුට උපදවන තැනක් විය.
විහාරමහාදේවි උද්‍යානයේ ඇවිදීමේ මංතීරුව භාවිතා කිරීමට එන රිෂාදා නමැති කාන්තාවක් අප සමග මෙසේ අදහස් දැක්වූවාය.


”දැන්නම් මෙතන නඩත්තුව මදියි වගේ පේනවා. අපි නම් ඉතින් ඉස්සර ඉඳන් මෙතෙන්ට එනවා. ව්‍යායාම කරනවාට වඩා මෙතැනට එන අය වැඩිපුර කරන්නේ විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කරලා යන එක. ඉස්සර මේකේ ආරක්ෂාවට එහෙම කට්ටිය හිටියා. දැන්නම් තරුණ පෙම් යුවළවල් එහෙම මෙතන අනිසි විදිහට හැසිරෙනවා මම දැකලා තියෙනවා.”


සතියකට දින තුනක් උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ ව්‍යායාම මංතීරුවට එන අජිත් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. 


”නගරය අලංකරණය කරන එක වරදක් නෙවෙයි. නාගරික ජනතාවට සුවපහසුව අවශ්‍යයි. අවම ඉඩ පහසුකම් යටතේ ඇති නිවාසවල තමයි කොළඹ අවට බහතුර ජනතාවක් ජීවත් වෙන්නේ. ඒ අය වෙනුවෙන් මෙවැනි තැන් ඉදිකර තිබීම ඉතාම හොඳ දෙයක්. නමුත් රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහට එම වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න පාලකයෝ සැලකිලිමත් වෙන්න  ඕනෑ. ජාතික ධනය යොදවා සංවර්ධන වැඩසටහන් කරද්දී ජනතාවගේ සිතුම් පැතුම් ගැන හිතලා වැඩ කරන්න  ඕනෑ වගේම ජනතා මුදල් නාස්ති නොකර වැඩ කරන්න පාලකයෝ වගබලා ගන්න  ඕනෑ.”


ක්ෂේත‍්‍ර ගවේෂණයේ මීළඟ අදියර වූයේ ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව ඉදිකරන ලද ඇවිදීමේ මංතීරු පිළිබඳ ජනතා අදහස් මොනවාද යන්න විමසීමයි. 
ඉඳහිට ඇද හැළෙන වැසි මැද අපි කිරිබත්ගොඩ නගරය පසුකොට එෙඬ්රමුල්ල ප‍්‍රදේශයට ගියෙමු.


වැස්ස අතරතුර පවා කිහිප දෙනකු කුඩ ඉහළාගෙන ඇවිදීමේ මං තීරුව දිගේ ඇවිදයනු අපි දුටුවෙමු. 


එෙඬ්රමුල්ලේදී අප ආ වාහනය නතර කර මං තීරුව දෙසට යෑමට උත්සහ කරද්දි වැස්ස බාධාවක් විය.


වැස්ස පායනතුරු අපි ඒ ආසන්නයේ පිහිටි තේ කඩයක් අසලට වී සිටියෙමු. එහිදී අප සමග සංවාදයේ යෙදුනු අයෙක් මෙසේ පැවසීය.


”ඇවිදින්න එන නෝනලා කිහිප දෙනෙක් හැමදාම එනවා. සමහර දවසට අමතර පන්ති යන්න ගෙවල්වලින් එන තරුණ ගෑණු ළමයි පිරිමි ළමයිනුත් මේ පැත්තේ එනවා. ඉස්සර නම් හොඳට නඩත්තු වෙලා තිබුණා. දැන් දැන් ඇවිදීමේ මං තීරුව නඩත්තු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මේවායේ වටිනාකමක් නැහැ. ලයිට් ටිකත් ගලවගෙන ගිහින්.”


ඔහු අප සමග පැවසුවේය. 


සමහරුන් ඇවිදීමේ මංතීරුව අවට ප‍්‍රදේශයට හරකුන් නිදහස් කොට යන බව එහිදී දක්නට ලැබුණි. ඊට අමතරව මත්පැන් බීම වැනි කටයුතු සඳහා රාත‍්‍රී යාමයේ පිරිස් මෙහි පැමිණේ. මීට මාස හය හතකට කලින් උදෑසනක මෙහි ව්‍යායාම් කිරීමට පැමිණි මැදිවියේ කාන්තාවකගේ රන්මාලයක් උදුරාගෙන ගොස් ඇත. ඇයට ඒ බව කීමට අහල පහළ ආරක්ෂාවට කිසිවෙකු සිට නැත. ඇය ඉන්පසු මෙහි ව්‍යායාම් සඳහා ඒම නතරකර ඇත. 


ශරීර සුවතාවය සඳහා ව්‍යායාම කිරීම වෛද්‍ය නිර්දේශයකි. දියවැඩියාව, හෘද රෝග අධික රුධිර පීඩනය, මානසික අව පීඩනය පාලනය කිරීම සඳහා ඇවිදීමේ ව්‍යායාමය වඩාත් යෝග්‍ය වන්නකි.


පුද්ගලයකුගේ වයසට අනුව නිසිබර සහ උස ඔහුගේ භෞතික යහපැවැත්මට උපකාරි වේ. ඒ සඳහා දිනකට විනාඩි 45 කාලයක් ඇවිදීම් කටයුතුවල නිරතවන ලෙස වෛද්‍යවරුන් උපදෙස් සපයයි. මේ අරමුණින් බැලූ කල ඇවිදීමේ මංතීරු මහජනයාට ප‍්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වශයෙන් දැක්විය හැකිය.
නමුත් ඇවිදීමේ මංතීරු ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලූ රාශියක් පවතියි. එකක්, මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම ටෙන්ඩර් පටිපාටියකට බැහැරව සිදුකොට ඇතැයි කියැවේ. තවත් ප‍්‍රධානතම හේතුවක් වශයෙන් දැක්වෙන්නේ ඇවිදීමේ මංතීරු ඉදිකිරීම සඳහා යොදාගත් භූමි ප‍්‍රදේශ ආශි‍්‍රතව ජීවත්වන අය එම ඉදිකිරීම්වලට අකමැති වීමය. තවත් ප‍්‍රධානතම ගැටලූවක් වන වියදම් කළ මුදලට සාපේක්ෂව ජනතාව එයින් ප‍්‍රතිලාභ නොලැබීමයි. 


ක්ෂේත‍්‍ර ගවේෂණය නිමා කිරීම සඳහා අපි නැවතත් මගුල් ගෙදරකට සහභාගි වීම පිළිබඳ කියූ කතාවට පිවිසෙමු. ඔබට විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ලැබී තිබෙනවා. ඔබ ඒ ගැන කල්පනා කරමින් සිටින විට නොසිතූ නොපැතූ අන්දමින් ඔබට ඉස්තරම් වර්ගයේ ඇඳුම් පැළඳුම් හා ආභරණ ඇතුළත් තෑගි මල්ලක් ලැබෙනවා. එය දුටු සැණින් ඔබට සතුටක් ඇතිවෙනවා. නමුත් ටික වේලාවක් යද්දි ඔබටම වැටහෙනවා මේ ඇඳුම් පැළඳුම් ඔබට ගැළපෙන්නේ නැහැ කියලා. ඒවා ඔබේ ඇෙඟ් ප‍්‍රමාණයට වඩා විශාලයි කියලා. නමුත් ඒ තෑග්ග දැන් ඔබ භාරගෙන අවසන්. ඒක තෑග්ගකුත් නෙවෙයි. ඒ සඳහා මුදල් ගෙවන්නත් සිදුවෙලා තිබෙන්නේ ඔබටමයි. කොළඹ අටව ඇවිදීමේ මංතීරු ඉදිකිරීම පිළිබඳ ක්ෂේත‍්‍ර චාරිකාවේ අවසානයේදී අපට හිතුණෙත් ඒ මගුල් ගෙදර යෑමට ආරාධනාව ලැබුණු පුද්ගලයාට අවසානයේ ඇතිවූ තත්ත්වයම. වර්තමානයේ අපේ රටේ ජනතාවට ඇතිවී තිබෙන බවයි. 

m