රොමේෂ් මධුසංඛ
1987 වසරේ ජුලි මස 5 වැනි දා යාපනය නෙල්ලියඩ් ප්‍රදේශයේ දී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්ධය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබිණ.
යාපනය නෙල්ලියාඩ් මහා විද්‍යාලයේ එවකට තිබු යුද හමුදා කඳවුර කොටි සංවිධානයට මහත් හිසරදයක් විය. මේ හේතුවෙන් මෙම කඳවුරට දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධානය සැලසුම් කළ අතර එහිදී ජල බවුසරයකට හැකිතාක් පුපුරණ ද්‍රව්‍ය සවි කර නෙල්ලියාඩ් යුද හමුදා කඳවුරේ පිවිසුම් දොරටුවට කඩා වැදී පුපුරුවා හරිනු ලබන්නේ මේ මිල්ලර් නැමති කළු කොටි සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි.
අදාළ පිපිරීමත් සමඟ පිටුපසින් පැමිණි කොටි සමාජිකයින් විසින් අදාළ යුද හමුදා කඳවුරට පහර දෙමින් කඳවුර අත්පත් කරගත් අතර එහිදී මිල්ලර්ගේ මරණයෙන් පසුව ඔහු කළු කොටි සංවිධානයේ මියගිය පළමු සාමාජිකයා වශයෙන් කොටි සංවිධානය හඳුන්වනු ලැබු අතර ඔහු කැප්ටන් දක්වා උසස් කිරීමට ද කොටි නායකයා ප්‍රභාකරන් පියවර ගෙන තිබුණි.
එමෙන්ම කළු කොටි සංවිධානයේ ලාංචනයේ ද ඇත්තේ මිය ගිය මිල්ලර් නැමත්තාගේ රුපය මේ හේතුවෙන් 1987 වසරේ සිට 2009 වසර දක්වා කොටි සාමාජිකයින් ඇතුළු කොටි සංවිධානය සෑම වසරකම ජුලි මස 5 වැනි දා කොටි දිනය වශයෙන් හදුන්වා මිය ගිය මිල්ලර් සිහිකරයි.
ඡායාරූප නැරඹීම සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු කොටි සැමරුමේ උපත