IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කුස පුරවා ගැනීම වෙනුවට සහලින් මඩිය තර කර ගැනීම

IMG_20170116_165435

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ මෙන්ම  මහ ජනතාවගේත් ප්‍රධාන ආහාරය බත්ය. කුස පුරවා ගන්නට බත් කන ශ්‍රී ලාංකිකයන් අතරේ හාල්වලින් මඩිය තර කර ගන්නා ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද නැතුවාම නොවේ.

මේ දින වල  තුන් වේලෙන් එක් වේලකට හෝ බත් කෑමට අපමණ වෙහෙසෙන පිරිස් සිටිති. ඊට හේතුව හාල් මිල අහස උසට යෑමයි.

සාමාන්‍යයෙන් මිලෙන් අඩුයැයි කියන නාඩු කිලෝවක මිල රුපියල් 110 දක්වා ඉහළ නඟිද්දී සම්බා කිලෝවක මිල ද රුපියල් 110ක් පමණ වී තිබේ. එසේ වූයේ හාල් හිඟයක් නිසා නම් නොවේ. මේ බව පැහැදිලි වන්නේ පසුගිය දා නිකුත් කැරුණු විගණකාධිපති වාර්තාවකිනි.

 2014 සහ 2015 වර්ෂ සඳහා ලංකාවට ගෙන්වූ හාල් තොගයෙන් මෙට්‍රික් ටොන් 23,751ක් පසුගිය වසර අවසාන වන විටත් ඉතිරිව තිබිය යුතු බවට විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. කිලෝ ග්‍රෑම් වලිත් කියතොත් එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 23,751,000ක් හෙවත් සහල් කිලෝ ග්‍රෑම් දෙකෝටි තිස් හත් ලක්ෂ පනස් එක් දහසකි.

IMG_20170116_172643

මේ දින වල වැඩිපුරම මිල වැඩිවෙමින් පවතින්නේ නාඩු සහල්වලය. ඊට හේතුව රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බව කීමයි. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් ඇතැමෙක් වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොගවල ද නාඩු හිඟයක් පවතී. අතරමැදියන් කිහිප දෙනකුම ‘ලංකාදීප‘ සමඟ කීවේ තමන් ඒජන්ත කම දරන සහල් ව්‍යාපාරිකයන් ගබඩාවල නාඩු සඟවා කෘතිම සහල් හිඟයක් මැවීමට උත්සාහ කරන බවයි.

2017 ජනවාරි 20ත් 27ත් අතර සතියේ මිල ගණන් ගත් කළ පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී දේශීය වෙළෙඳපොළේ සහල් මිල 29%ත් 48%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත අනුව පැහැදිලිවෙයි.

පසුගිය වසර හා සැසඳීමේදී  සම්බා මිල   1.63% කින් පහත වැටී ඇතත් නාඩු මිල   25% කින් පමණ ඉහළ ගොස් තිබේ. 2015 නොවැම්බර් මාසයේ දී රුපියල් 74ක් පමණ වූ නාඩු සහල් කිලෝවක්  මාස දෙකක් ඇතුළත රුපියල් 25කින් පමණ ඉහළ ගොස් තිබේ. ඇතැම් කඩ වල එම මිල රුපියල් 36කින්  වැඩි වී තිබේ.

 

ස්ථාන කිහිපයක සහල් තොග  මිල ගණන් පහත දැක්වේ. (කිලෝවක මිල රුපියල්)

 

 

මරඳගහමුල

කොළඹ

අරලිය

නිපුන

බාස්මතී

 

138

 

 

කීරිසම්බා

128

120

125

125

සම්බා

88

92

93

93

රතු කැකුළු

80

83

 

 

සුදු කැකුළු

90

90

 

 

නාඩු

89

88

90

90

 

ප්‍රදේශ කිහිපයක කිහිපයක සහල්  කිලෝ ග්‍රෑමයක මිල (ජනවාරි 20 - 26) 

 

   සම්බා - 1   සම්බා -2    නාඩු   රතු කැකුළු   සුදු කැකුළු 
කොළඹ 101.50 93.50 98.50 95.00 94.00
ගම්පහ 97.00 95.50 97.00 93.50 96.50
නිකවැරටිය 100.00   95.50  95.50 93.50 93.50
දඹුල්ල 96.50    94.50 95.50 94.50 94.50
අනුරාධපුර   94.50 95.50 93.50 93.00
පොළොන්නරුව  102.00   93.00 88.00  88.00
බදුල්ල  105.00  95.00 95.00 92.50 92.50
අම්පාර   99.50 91.00 85.00 86.50
පුත්තලම    92.50 92.50 91.50 95.50
හම්බන්තොට 102.50 92.50   92.50 100.00
රත්නපුර 102.50 96.50 95.00 91.00   94.00
යාපනය     93.50 94.50 89.00  86.50
මන්නාරම 97.50 90.00   92.50     96.50
ත්‍රිකුණාමලය  103.00   94.50 89.50   91.00

 

සහල් ආනයනය

 

දේශීය වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇති වන හෝ මිල ඉහළ යන අවස්ථාවන්හිදී විදෙස් රටවලින් සහල් ආනයනය කරයි. මෑතකදී නොසිතූ විරූ ලෙස සහල් මිල ඉහළ ගියේ 2014 සහ 2015 වර්ෂවල ඕනෑවටත් වඩා සහල් ආනයනය කර තිබිය දීය.

IMG_20170116_173200

මෑතකදී කළ විගණන පරීක්ෂණයකට අනුව 2014 සහ 2015 වර්ෂවල සහල් ආනයනය කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් කෝටි 1515කි. පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස  සහල් ආනයනය කිරීම නිසා  රජයට සහ ලංකා  සතොස ආයතනයට රුපියල් කෝටි  1515ක   අලාභයක් සිදුවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු    වාර්තාවේ සඳහන්වේ.

 

ලංකා සතොස ආයතනය  2014 සහ 2015 වර්ෂවලදී  ආනයනික සහල් සඳහා රුපියල් කෝටි 2701ක පිරිවැයක් දරා තිබුණ ද, සහල් අලෙවියෙන් ලැබී තිබුණේ රුපියල් කෝටි 1185ක් පමණක් බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. 2012, 2013 සහ 2015 වර්ෂවල දී දේශීය සහල් නිෂ්පාදනය සත්‍ය පරිභෝජන සීමාව ඉක්මවා ගොස් තිබුණ ද එම වර්ෂවලදී සහල් ආනයනය කර තිබුණු බව ද විගණන විමර්ශනයේ දී නිරීක්ෂණය වී තිබේ.

2014 සහ 2015 වර්ෂවල අවස්ථා ගණනාවක දී සහල් ආනයනය කිරීමේ දී ලංකා සතොස ආයතනය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ගැන සැලකිල්ලක් දක්වා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම සහල් මිල දී ගැනීමේ දී විධිමත් ගිවිසුම්වලට එළඹී නැති බව ද හෙළි වී ඇතැයි විගණකාධිපති දොපර්තමේන්තු වාර්තාවේ  සඳහන්වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්ෂාවේදී නොවැම්බර් 16 වැනි දා වන විටත් මාස 19කට ආසන්න කාලයක් සහල් බහාළුම් කිසිදු ප්‍රයෝජනයට නොගෙන වරාය පරිශ්‍රයේ සහ පෞද්ගලික බහාළුම් අංගන තුළ ගබඩා කර තිබෙන බව ද, ඒවා ගබඩා කිරීමේ දී කිසිදු ප්‍රමිතියකින් තොරව ගබඩා කර ඇති බව ද  අනාවරණය වී තිබේ.

 වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මධ්‍යස්ථාන 

(සිතියම වී අලෙවි මණ්ඩලයෙනි)

ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති  විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා  මුදල් අමාත්‍යංශයෙන් අඩු කළේ පසුගිය ජනවාරි 27 වැනි දා ය.  එසේම ආනයනික සහල් කිලෝවක් සඳහා රජය රුපියල් 76ක උපරිම මිලක් නියම කළේය. එසේ කළේ මහා පරිමාන ව්‍යාපාරිකයන් සඟවාගෙන සිටින   වීතොග එළියට ගැනීම සඳහා සහ පාරිබෝගිකයන්ට සහනයක් දීම සඳහා බව රජය කියයි. සහල් සඟවාගෙන සිටින වීමෝල් හිමියන් ගැන සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කර තිබේ.

---------3-

---------2-

 



අදහස් (0)

කුස පුරවා ගැනීම වෙනුවට සහලින් මඩිය තර කර ගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site