IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොරෝනා කතා මැද ප්‍රජාතන්ත්‍රවාදය සොයායෑම

“නටන එළදෙනගෙන් නටමින්ද, ගී කියන එළදෙනගෙන් ගී කියමින්ද කිරි දෙවිය යුතුය යනු සම්ප්‍රදායික දමිළ භාෂිත කියමනකි. මින් වරනගන්නේ කුමක්ද? සමාජ සැකැස්මට අනුරූපව හැසිරීම හා ක්‍රියාකළ යුතු බවය.  මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ලද උත්සහය එවැනිය.

 ප්‍රජාතන්ත්‍රවාදය  රැක ගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ යුතු දේශපාලන පක්ෂ කරබාද්දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටියේ ‘ලෝකයේ කැරකීම නැවතුණහොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි යන්නයි. මෙනයින් බලන කල කොමිෂන් සභාව සැබවින්ම නටන එළදෙනගෙන් කිරිදොවාගෙන ඇත්තේ නටමිනි. එකී යහපත් ප්‍රවේශය අගයන අතරේ සිහිකළ යුත්තේ කොරෝනා අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රාජ්‍යය ශ්‍රී ලංකාව බවයි.

මෙවර මැතිවරණයේ පවත්නා සුවිශේෂතා විමසීමේදී තහවුරු වන එක් කරුණක් ඇත. එනම් එය සෑම අංශයකින්ම පාහේ සංඛ්‍යාත්මකව හා ප්‍රමාණාත්මකව වෙනසක් සනිටුහන් කරන බවයි.

වගු අංක 01 පිරික්සීමෙන් පැහැදිලි වන්නේ එදාමෙදා තුර කවර මැතිවරණයක් සඳහා හෝ නොදරන ලද පිරිවැයක් මෙවර මැතිවරණය සඳහා දැරීමට සිදුව ඇති බවයි. අවසන් වරට 2015 පැවති මැතිවරණය හා සමගාමීව සලකන කල පැහැදිලි වන්නේ වසර පහක් තුළ එක් ඡන්දදායකයකු වෙනුවෙන් දරන්නට වන පිරිවැය රුපියල් 321කින් බහළ ගොස් ඇති බවයි. එහි අනෙක් පැතිකඩ වන්නේ මෙකී ඍජු පිරිවැය මහජන නියෝජිතයන්ගෙන් බෙදූ කළ එක් මහජන නියෝජිතයකු තෝරා ගැනීම සඳහා දරන්නට සිදුවන වැයබර වසර පහකින් තෙගුණයක අගයක් ගන්නා බවයි.

 තවද මෙකී ඍජු පිරිවැයට අමතරව අපේක්ෂකයන් කවර අන්දමේ මුදල් ප්‍රමාණයක් තම මැතිවරණ ප්‍රචාරය උදෙසා වැය කරන්නේද යන්න මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිරන්තරයෙන් පිරික්සූ අතර එලෙස වාර්තා කරන ලද ඇස්තමේන්තුගත පිරිවැය වගු අංක 02 හි දැක්වේ.

මෙම ඇස්තමේන්තුගත වියදමෙන් පැහැදිලි වන්නේ මසක කාලයක් තුළ අපේක්ෂකයන් කවර තරම් මුදල් ප්‍රමාණයක් වැය කොට ඇත්ද යන්නයි. මෙම සංඛ්‍යා ලේඛන හා දත්ත මඟින් නිරීක්ෂණය කොට ඇත්තේ සියයට 30ක ප්‍රමාණයකට වඩා අඩු වියදම් පරාසයක් වන අතර මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිගමනය වන්නේ සමස්ත වක්‍ර වියදම බිලියන 10ක් හෙවත් කෝටි දහසක් විය හැකි බවයි.

 තවද මෙහිලා වැදගත් අනෙක් කරුණ වන්නේ මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව වූ අපේක්ෂකයන් සංඛ්‍යාවයි. මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 7452ක් වන අතර දේශපාලන පක්ෂ සංඛ්‍යාව 40කි. ස්වාධීන කණ්ඩායම් ද 352ක් ඉදිරිපත්ව සිටියේය. මෙරටේ පළමු වරට මහ මැතිවරණයක් පැවැත්වූයේ 1947 වන අතර ඊට අදාළ තොරතුරු වගු අංක 03 හි දැක්වේ.

කවර තරම් ස්වාධීන අපේක්ෂකයන් ගණනක් මෑත කාලීනව මැතිවරණ සඳහා ඉදිරිපත් වුවද ස්වාධීනව පැමිණ අසුනක් දිනා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් මෙරටේ පළමු වරට පැවති මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් පමණක් 21 දෙනෙක් ජයග්‍රහණය කොට ඇති අතර ඉන් පැහැදිලි වන්නේ එකල දේශපාලන පක්ෂ කෙරෙහි එතරම් විශ්වාසයකින් සිට නොමැති බවයි. තවද වසර 2018 ඡන්ද හිමි නාමලේඛනය හා සැසඳීමේ දී වැඩිවී ඇති ඡන්දහිමි සංඛ්‍යාව 271,789ක් වන අතර අවසන් වරට පැවති මහා මැතිවරණය හා සැසඳීමේ දී වැඩි වී ඇති ඡන්දහිමියන් සංඛ්‍යාව 1,219,395 කි. මෙවර පැවැත්වෙන මැතිවරණය ශ්‍රී ලාංකිකයාට නවමු අත්දැකීමකි.

මෙරට ඉතිහාසයේ කවර කලෙකවත් අත්නොදකින ලද ආකාරයේ මැතිවරණ ක්‍රියාවලියක් මෙවර අත්හදා බලනු ලබන අතර එය සෞඛ්‍යාරක්ෂිත මැතිවරණයක්ය යැයි සරළවම හඳුන්වා දිය හැකිය. සයිබර් අවකාශයේ එක් නිමේශයක් තුළ හුවමාරු වන සමාජජාල පෝස්ටු ප්‍රමාණය සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ ඉදිරියේදී පැවැත්වෙන කවර මැතිවරණයක හෝ සැබෑම අභියෝගය වන්නේ සමාජජාල මාධ්‍ය සුවිශාල බලපෑමක් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි සිදුකළ හැකි බවයි.

එමෙන්ම මෙහිලා සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. එනම් ධනය හා බලය සහිත අපේක්ෂකයකුට මෙරටේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ජය ගැනීම එතරම් අපහසු නැති බවයි. එවැන්නක් මැඩලීම සඳහා සිදු කළ යුතු මූලිකම කාර්යය මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමේ පනතක් ගෙන ඒමයි. එවැන්නක් පැෆ්රල් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ඒකාබද්ධව සකස් කොට ඇත. මැතිවරණ කොමිෂන් සභාවද එවැනි පනත් කෙටුම්පතක් සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ අවසරය ලබා ඇත. ඉන්දියාව මෙහිලා ආදර්ශයක් ගතහැකි පුරෝගාමී රාජ්‍යයකි. එවැනි සාකච්ඡාවක් පැවති කාලසීමාවක දී එරට අධිකරණය දුන් නඩු තීන්දුවක සාරාංශය මෙසේය.

“බලය, ධනය හා සමාජ තත්ත්වය ඇති නම් ඉන්දියාවේ වයස අවුරුදු 60 ට වැඩි කෙනකුට වුවත් ලාබාල රූමත් යුවතියක් කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ පාද පරිචාරිකාව ලෙස සරණ පාවාගැනීමේ හැකියාවක් තිබූ යුගයක් පැවතිණි. එවැනි යුවතියන් එවැනි විවාහවලට කෙතරම් විරුද්ධ වුවද ඔවුන්ට කළ හැකි එකම කාර්යය වූයේ හඬා වැළපීම පමණි. එහෙත් අද තරුණ-තරුණියන් විවාහයට පෙර තම සහකරුගේ හෝ සහකාරිය පිළිබඳ වඩාත් හොඳින් තොරතුරු සොයනු ලබන අතර එහිදී තමන් සෑහීමකට පත් වන්නේ නම් පමණි විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කරනු ලබන්නේ. අප මැතිවරණයකදී ජනතා නියෝජිතයන් තෝරාගන්නා විටත්, අපේක්ෂකයන් ගැන එලෙස සොයා බලා තෝරා ගත යුතු බව කවරකුට හෝ නොසිතෙන්නේ ද? සුපසන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ, බිම් මට්ටමේ ජනතාව අතර රැඳී සිටින ඡන්දදායකයා පවා තමන් ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයාගේ ජීවන තොරතුරු දැන සිටීම සහ ඒ අනුව තම අනාගත පාලකයන්, නීති සම්පාදකයන් හෝ තම ජාතියේ ඉරණම පිළිබඳ වගකියන තැනැත්තන් තීරණය කිරීම අත්‍යවශ්‍ය නොවන්නේද? (සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුව සහ වෙනත් එදිරිව ඉන්දියානු වෘත්තීය සමිති එකමුතුව සහ වෙනත්).

අපද රටක් ලෙස සැමට සමබිමක් නිර්මාණය කළ හැකි මැතිවරණයක් සාක්ෂාත් කිරීමට නම් ඉහත අධිකරණයේ විනිසුරන්ගේ දූරදර්ශී දැක්මට සමගාමීව සිතීමේ කවර වරදක්ද?

(***)
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ
ජාතික සම්බන්ධීකාරක
මංජුල ගජනායක

 

 



අදහස් (3)

කොරෝනා කතා මැද ප්‍රජාතන්ත්‍රවාදය සොයායෑම

Champa Thursday, 06 August 2020 02:10 PM

2015 ජනවාරි ඉඳන් දේශප්‍රිය මැකෝගේ වෙච්ච වෙනස එදා ප්‍රියයන් අප්‍රිය වෙලා..., එදා අප්‍රියයන් ප්‍රියවීම. හූලේ කතා කරනකම් මම මඟ බලා ඉන්නේ, ජනතාවගේ රහස් ඡන්දයේ 2/3 අවසාන ප්‍රතිඵල නිකුත් කරන්න කියලා මැකෝ කොන්ත්‍රාත්තුව දුන්නු පෞද්ගලික සමාගමේ නම දැනගන්න. ගිය පාර නම මට මතක නැහැ, හැබැයි ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන් ඒ කොම්පැනියේ අධ්‍යක්ෂකටයි මැකෝගේ සහෝදරයෙකුටයි අයිසීටීඒ එකට අධ්‍යක්ෂක තනතුරු ලැබුණා. රාජපක්ෂ මහත්වරුන්ගේ පටන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු සහ හාමුදුරුවරු දක්වා දේශප්‍රේමි ලේබලය තියෙන්නේ බලය ලැබෙනකම් විතරයි කියලා පහුගිය මාස 8ට ඔවුන් රටටම පෙන්නුවා. දියසේන කුමාරය ඇවිල්ලා රට බේරාගනියි කියලා තරුණයන් මඟබලා ඉන්නවා. කවුද දන්නේ තාම ලෑස්ති නැතුව ඇති. කවුරු බලයට ආවත් රට පාලනය කරන්නේ වෙනත් බලවේගයක්, ඒක අධ්‍යාත්මික බලවේගයක් කියලා ජේ. ආර්. ගේ මුණුබුරාත් කියලා තියෙනවා දැකලා මම පුදුම වුණා. සිංහල බෞද්ධයෝත් ඔය කතාව විශ්වාස කරනවා. ඒ හින්දා මම හැමදාම දළදා හාමුදුරුවන්ට රට ආරක්ෂා කරන්න කියන එක, දළදා හාමුදුරුවනේ, රාජපක්ෂ මහත්වරුන්ගෙන් සහ පොහොට්ටුවෙන් මගේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා වෙනස් කරනවා.

:       79       73

liyanage Thursday, 06 August 2020 06:08 PM

19 වැනි සංශෝධනයෙන් ශක්තිමත්ව තිබූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් භුක්ති විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයන් විසින්ම ප්‍රජතන්ත්‍රවාදය නැතිකොට ඒකාධිපති පාලනයක් සඳහා පොහොට්ටු පක්ෂයට බලය ලබාදී ඇත. පාර්ලිමේන්තුවේ සිටි 225ම දියවන්නාවට දැමිය යුතු යනුවෙන් කියූ ශ්‍රී ලාංකිකයන් මේ කරගෙන ඇත්තේ කුමක්ද කියා ඔවුන්ට නුදුරේදීම තේරුම් යනු ඇත. කෝවිඩ්-19 කතා මැද ප්‍රජතන්ත්‍රවාදය නොව එ්කධිපතිත්වය සොයා ගොස් ඇති බව පෙනෙන්නට තිබේ..

:       0       0

Champa Friday, 07 August 2020 04:41 AM

ඡන්දය අතරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අමුතු යෝජනාවක් කරනවා. පුරාවිද්‍යාව සතු ඉඩම් වල කැණීම් කරලා "මුකුත් හොයා ගන්න බැරිවුණු" ඉඩම් තියනවලු සියයට 75ක් විතර. ඒවා පරිස්සමට පන්සල්වලට බාර දෙන්නලු. එක පැත්තකින් මෙහෙම යෝජනාවක් කරන්න ඔහුට අයිතියක් නැහැ. අනිත් පැත්තෙන් පුරාවිද්‍යා නිලධාරීන් කරන බොරුව රටම දන්නවා. කැණීම් කරගෙන යනකොට මොනවා හරි හම්බ වුණාම එතන වහලා වෙන තැනකට යනවා. නැත්නම් හංගනවා. ඇමරිකන් ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථය අපේ පුරාවිද්‍යා ඉඩම් බව දැන් ඉස්කෝලේ යන ළමයිනුත් දන්නවා. මේ හදන්නේ ආණ්ඩුව ඉඩම් දුන්නොත් මිනිස්සු විරුද්ධ වෙන නිසා පන්සල් හරහා ඒ වැඩේ කරන්න. ලැජ්ජාවෙන් වුණත් කියන්න තියෙන්නේ අද ලංකාවේ සංඝ සමාජය අන්තයටම පිරිහිලා. කොයි හාමුදුරුවෝ විශ්වාස කරන්නද කියලා හිතා ගන්න බැරි තරමට සංඝ සමාජය දේශපාලනීයකරණය වෙලා තියෙන වෙලාවක පුරාවිද්‍යා ඉඩම් දුන්නොත් නම් මොන විදිහටවත් ආරක්ෂා වෙන්නේ නැහැ. අන්‍ය ආගමිකයන් එක්ක එකතු වෙලා රුවන්මැලිසෑයට එතැන හාමුදුරුවරු කරපු දේ රටම දැක්කා. ලංකාවේ පුරාවස්තු ටික ආරක්ෂා කර ගන්න සිංහල බෞද්ධයින්ට ජාත්‍යන්තරයට යන්න වෙයි වගේ මට නම් පේන්නේ...

:       1       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site