IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කැබිනට් පති‍්‍රකාවක් ගැන කියමින් ජනතාව නොමඟ යැවීම

 

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන වාතාවරණයට තවත් වැදගත්කමක් ආරූඪ වූයේ ගෙවුණු බ‍්‍රහස්පතින්දා අලූයම් සමයේ නැදුන්කරනි හි පොලිස් නිලධාරීන් පිරිසක් කළ සොයා ගැනීමකින් පසුවය.

 

එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්බිම ලෙස සැළකෙන නැදුන්කර්නි හි මංසන්ධියක ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධරයෝ කිහිපදෙනෙක් රැදී සිටියහ. වේලාව අලූයම 4.30 ට පමණ වන්නට ඇත.

 

ඔඩ්ඩුසුඩාන් සිට පුදුකුඩිරිප්පු බලා යමින් තිබූ තී‍්‍රරෝද රථයක් ඔවුහු නැවැත්වූහ. පීඩන බෝම්බයක්, ක්ලේමෝ බෝම්බයක්, කොටි නිල ඇදුම් දෙකක්, කොටි සංවිධානයේ ධජ දෙකක්, එහි විය. වහාම රියදුරු සහ රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයෝ කටයුතු කළ අතර, එම අවස්ථාවේ දී පළා ගිය තුන්වැන්නා පසුව අත්අඩංගුවට ගැනිණ.

 

මේ සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

ප‍්‍රදේශය පරීක්ෂා කිරීමට යුද හමුදාව සහ පොලිසිය පියවර ගත්තේය. පීඩන බෝම්බය සහ ක්ලේමෝ බෝම්බය ආරක්ෂක අංශ නිලධරයකු හෝ දේශපාලඥයකු ඉලක්ක කර ගෙන එන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

 

ත‍්‍රස්ත විමර්ශන අංශය මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටී. වළලා තිබෙන අවි හා වෙනත් උපකරණ ගොඩට ගෙන නව ත‍්‍රස්ත මෙහෙයුම් ආරම්භ කිරීමට උත්සාහයක් ගැනෙමින් තිබෙන්නේ ද යන්න උතුරේ බුද්ධි අංශවල අවධානයට ලක්ව තිබෙන ප‍්‍රධාන කාරණයකි.

 

මතුවෙමින් තිබෙන ගැටලූ ගණනාවකි. ඒවායේ නිමක් ද නොමැත. දැනටමත් හඳුනාගෙන ඇති සහ සාමාන්‍ය ජනප‍්‍රවාහයට අනුයුක්ත කර ඇති එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හා මෙම අනාවරණය අතර සම්බන්ධයක් තිබේ ද? වර්තමාන නායකත්වය හඳුනාගැනීමේ අවශ්‍යතාවය, උතුරේ පමණක් නොව දකුණේ ප‍්‍රදේශවල පවා කි‍්‍රයාත්මක කණ්ඩායම් අතර දේශපාලන සම්බන්ධතාවයක් පවතී ද, මූලාශ‍්‍රයන්, මෙම කණ්ඩායම් සඳහා මුදල් ආධාර ලැබෙන ආකාරයන්, අරමුදල් සපයාගැනීම සඳහා විදෙස් රටවල් හා සබදතා පවත්වා ගැනෙන්නේද සහ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා අනුබල හිමිවන්නේද, මෙම කණ්ඩායම් හි කටයුතු විමර්ශනය කිරීම සඳහා ප‍්‍රමාණවත් බුද්ධි ආවරණයක් යොදා ඇති දැයි යන්න ආදිය ඒ අතරින් ප‍්‍රධානය.

 

බිම් මට්ටමේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව සඳහන් කරන බුද්ධි අංශයන්, මෙවන් කණ්ඩායම් නිශ්කී‍්‍රය කිරීම සඳහා, තොරතුරු වසන් කිරීමකින් හෝ දේශපාලන අරමුණකින් තොරව අවංක උත්සාහයක් ගතයුතුව තිබෙන බව අවධාරණය කරයි.

 

බුද්ධි තොරතුරු රජයේ අදාළ ආයතනයන් අතර හුවමාරු කරගැනීමද මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමෙහි ලා ප‍්‍රධාන සාධකයක් බව ඔවුහු පෙන්වා දේ.

 

පසුගිය බදාදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අංශ වෙත අවශ්‍යව සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් 14 දෙනෙකුගේ නම් ප‍්‍රසිද්ධ කළේය.

 

එල්.ටී.ටී.ඊ ගුවන් අංශයේ ගුවන් පියාසර උපදේශකයකු සහ තවත් සාමාජිකයන් දෙදෙනෙකුද ඔවුන් අතර වේ.

 

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේ මෙවැනි වාතාවරණයකය. එය පැවැතියේ පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීය. අමාත්‍ය ස්වාමිනාදන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව අරභයා, එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වල අයවලූන්ට වන්දි ගෙවීමට රජය සූදානම් වන්නේයැයි පළව තිබෙන සාවද්‍ය අදහස තුරන් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු කීවේය.

 

අශ්වයා පක්ෂයේ (ලියාපදිංචි කර නොමැති) නායකයා ලෙස වරක් කටයුතු කළ රහුමාන්, එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට හදුන්වාදුන්නේ හිටපු මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධානයක මොහොමඩ් මහරුෆ් මහතාය. පළව තිබෙන වැරදි මතයන් නිවැරදි කිරීම සදහා මෙම මාධ්‍ය හමුව පවත්වන ලෙසට පක්ෂ නායකත්වය තමන්ගෙන් ඉල්ලා සිටි බව ඔහු මිතුරන් සමග පවසා තිබිණ.

 

ජාතිවාදී අර්බුදයන් අවුළුවාලීමේ අරමුණින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සාවද්‍ය ප‍්‍රකාශ කරමින් සිටින බවට ඔහු චෝදනා කළේ ය.

 

”එක එක දේ වලට  හානි වුණහම වන්දි ගෙවන ආකාරය පිළිබඳ 1986 වසරේ ඉදිරිපත්වූ චක‍්‍රලේඛයක් තියෙනවා. එම චලේඛනයේ තිබුණ දේවල් වෙනස් කරන්න,  ඒ වන්දි මුදල් වැඩි කරන්න තමයි එතුමා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ මහතා පත්කළ එල් එල් ආර් සී කමිටුවේ තියෙන නිර්දේශ කිහිපයකුත්  එම සංදේශය මගින් ඉදිරිපත් කරලා තිබුණා‘‘

 

‘‘එහෙම නම්  විමල් වීරවංශ මහතාට එදා කියන්න තිබුණනේ එල් එල් ආර් සී කමිටුවේ තියෙන නිර්දේශ අපි පිළිගන්නේ නැහැ කියලා  මහින්ද රාජපක්ෂ මහතා බලයේ ඉන්න කොට  ඇමැතිවරු වෙලා හිටපු මේ අය ඒ වෙලාවේ  නිශ්ශබ්දව හිටියා”

 

”දැන් මේ අය  දකුණේ ජනතාවට කියනවා මේ බදු මුදල් ගෙවන්න එපා කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ  සියලූම සැප සම්පත් දීලා කේ.පි.ව (කුමරන් පද්මනාදන්) තියාගෙන හිටියා”

 

”පිල්ලේයාන්ව, කරුණා අම්මාන්ව, තියාගෙන හිටියා ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉන්න කාලයේ විශාල වශයෙන් ඝාතන කළා.  කරුණා අම්මාන්ව ගෙනල්ලා මහින්ද රාජපක්ෂ මහතා තියාගෙන හිටිය විතරක්  නෙමෙයි ඇමති කමක් දීලා ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිත් කළා”

 

 ”ඒ විතරක් නෙමෙයි 2005 ජනාධිපතිවරණයේදි  ප‍්‍රභාකරන්ට සල්ලි දීලා ඡන්ද ටික  නැවත්තුවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයට  චෝදනාවක් තියෙනවා කෝ එතකොට විමල් වීරවංශ මහත්තය  කතා කලේ නැහැනේ”

 

‘‘මේ අය හැමදාම කැමති දේ තමයි අපි බෙදිලා ඉන්න එක. විමල් වීරවංශ  මහත්තයලගේ ප‍්‍රාර්ථනාවන් තමයි ආයිමත් එල් ටී ටී ඊ  සංවිධානය එන්න   ඕන කියන එක. දැන් මේ අය බදු මුදල් ගෙවන්න එපා කියලා කිවුවට මේ බදු මුදල් වලින් තමයි මේ රටේ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපන සමෘධිය රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ. උතුරේ  වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන්, ඔවුන් අපට අයිති දරුවන්, ත‍්‍රස්තවාදයට පෙළඹුනු. ඔවුන් පුනරුත්ථාපනය කිරීම අපගේ වගකීමක්.”

 

වැදගත් ගැටලූවක් හෝ කරුණක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක යෙදෙන විට එක්සත් ජාතික පක්ෂය පහසුවෙන්ම අනුමත කරන පිළිවෙත වන්නේ පැවැති පරිපාලනය මත වරද පැටැවීමය. නමුත් ජනතාව තමන් පත්කරගෙන තිබෙන්නේ පැවැති පරිපාලනයේ එම වැරැදි නිසා බව එක්සත් ජාතික පක්ෂයට අමතකය.

 

මුජිබර් රහ්මාන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී, සුමන්තිරන් අමාත්‍යවරයාගේ කැබිනට් පති‍්‍රකාවේ යෝජනා සහ අන්තර්ගතය විවේචනය කිරීමක් සිදුවූයේද නැතිනම් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා බහුතරයක් කරුණු නොසළකා හරිමින්, දේශපාලන හේතු මත පිහිටා, තමන් හා පක්ෂය ආරක්ෂා කරගැනීමේ පිළිවෙතක් අනුගමනය කළේද යන්න හරිහැටි පැහැදිලි නැත. කෙසේ වුවද අදහස් දැක්වීම අතරතුරදී සුමන්තිරන් අමාත්‍යවරයාගේ කැබිනට් පති‍්‍රකාවේ පිටපතක් රහුමාන්ගේ අතෙහි සෑම විටම රැදී තිබෙනු දැකගත හැකිවිය.

 

ඊට හේතු කිහිපයකි.

 

උගත් පාඩම් හා සංහිදියා කොමිසම් වාර්තාවේ ඇතැම් නිර්දේශයන් ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ කැබිනට් පති‍්‍රකාවට අන්තර්ගත කර තිබෙන බව රහ්මාන් පැවසුවේය. මෙය අසත්‍යයකි.

 

පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කැරණු ආකාරයට ස්වාමිනාදන්ගේ කැබිනට් පති‍්‍රකාව පදනම්ව තිබෙනුයේ උගත් පාඩම් හා සංහිදියා කොමිසම් වාර්තාවේ එක් නිර්දේශයක් මත පමණකි. එම නිර්දේශය මගින් ආවරණය කැරෙන කරුණු සම්බන්ධයෙන් එම වාර්තාවෙන්ම ඉදිරිපත් කර තිබෙන තවත් නිර්දේශයන් 13ක් අරභයා අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවලියේ කිසිදු සඳහනක් නැත.

 

කොහෙද යන්නේ මල්ලේ පොල් මෙන්, රහුමාන් අදහස් දැක්වූයේ ත‍්‍රස්තවාදයට ඈඳුණු අපගේ දරුවන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්ය. නමුත් කැබිනට් පති‍්‍රකාවේ අන්තර්ගතය අනුව මතුව තිබෙන ගැටලූව වන්නේ පුනරුත්ථාපනය නොව වන්දි ප‍්‍රදානය කිරීමය.

 

1986 වක‍්‍රලේඛය සම්බන්ධයෙන් ගැටලූවක් නොමැති අතර පසුගිය සතියේ පැහැදිලි ලෙස සදහන් කෙරුණු ආකාරයට ස්වාමිනාදන්ගේ කැබිනට් පති‍්‍රකාවෙන් නිර්දේශ කර තිබෙනුයේ ඒ යටතේ ලබාදෙන මුදල් ප‍්‍රමාණයන් ඉහළ නැංවීමටය.

 

පති‍්‍රකාවේ අවසානයට ඔහු තවත් නිර්දේශ 4ක් ඉදිරිපත් කර තිබෙන අතර, හතරවැනි නිර්දේශයේ සඳහන් වන්නේ ”උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ නිර්දේශය ප‍්‍රකාරව අගතියට පත්ව සිටින සියලූම පාර්ශවයන්ට, කිසිදු වෙනස්කමකින් තොරව, වන්දි ගෙවිය යුතුය” යන්නය.

 

සුමන්තිරන් අමාත්‍යවරයා උපුටා දක්වන එකම උගත් පාඩම් සහ සංහිදියා කොමිසම් වාර්තා නිර්දේශය හමුවේ මතුවන ගැටලූ බරපතලය. සංහිදියාව ඇතිකිරීම සඳහා වන පුළුල් දැක්මෙහි ලා සැළකීමේ දී, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයවලූන් වන්දි ලැබීම සඳහා ප‍්‍රතිපත්තිමය වශයෙන් වන දැක්මක් කමිටුවට ඇත.

 

නමුත් පුද්ගලයින්, දේපළ සහ කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරියේ ප‍්‍රමුඛතාවය හිමිවිය යුත්තේ උපකාර අවැසිම තත්ත්වයේ සිටින සිවිල් ජනතාවටය.

 

පළමුකොටම, මෙම නිර්දේශය හරහා එසේ වන්දි ගෙවීමක් සිදුකළ යුතුවම ඇතැයි උගත් පාඩම් හා සංහිදියා කොමිසම අවධාරණය කර නොමැත. එය පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොමිසමේ අදහස දැක්වීමක් පමණකි.

 

සංහිදියාව ඇතිකිරීම සඳහා වන පුළුල් දැක්මක් ගැන කොමිසම සඳහන් කරන්නේ මේ නිසාවෙන්මය. එමෙන්ම කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයවලූන්ට වන්දි ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් තිබෙන්නේ ප‍්‍රතිපත්තිමය දැක්මක් බව කොමිසම සඳහන් කර ඇත.

 

එපමණක් නොව මෙය උගත් පාඩම් සහ සංහිදියා කොමිසම් වාර්තාවේ 7 වැනි පරිච්ඡේදයේ 368 වැනි පිටුවේ 9.164 කොටස පමණකි. වන්දි ගෙවීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ සහ නිර්දේශයන් මෙම පරිච්ඡේදයේ සඳහන් වේ. එහි නිර්දේශයන් 13 කි.ඒ අතරින් තම නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ස්වාමිනාදන් භාවිතා කර තිබෙනුයේ එකක් පමණකි.

 

”වන්දි ගෙවීම තනිව ගෙන තීරණය කළ නොහැක්කක් බව කොමිසමේ නිගමනයයි. අර්බුදයට මැදි වූ ප‍්‍රදේශයන්හි සිදුවන සමස්ත නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන මූලෝපාය අනුව විශේෂයෙන් සකස් කරන ලද වන්දි ගෙවීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුව තිබේ.

 

ප‍්‍රාථමික මට්ටමේ ජාතික සුබසාධන සේවා වන සෞඛ්‍යය, අධ්‍යාපන, ආහාර, ජලය, කෘෂිකර්මය, යටිතල පහසුකම් මෙන්ම ජීවනෝපාය සංවර්ධනය සහ ග‍්‍රාම සංවර්ධනය වෙනුවෙන් වන රාජ්‍ය වැඩසටහන් ද මේ සදහා ඇතුළත් විය යුතුය” (9.166 කොටස) මෙය උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සඳහන් වන වැදගත්ම කරුණ ලෙස සැළකිය හැකිය.

 

එනම් ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ කැබිනට් පති‍්‍රකාව උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ වාර්තාව පදනමේ සිට සකස් කර තිබෙන බව අවධාරණය කිරීම ඉතාම බරපතල ලෙස ජනතාව නොමඟ යැවීමකි. වන්දි ගෙවීමක් තනිව සළකා බැලිය නොහැකි බවත්, ඒ සඳහා කරුණු ගණනාවක් අවධානයට ගතයුතුව තිබෙන බවත් ඉහත නිර්දේශයෙන් කොමිසම පැහැදිලිව දක්වා තිබේ.

 

මෙය අශ්වයාට පෙර කරත්තයට තැබූවාක් වැනි සිදුවීමකි. කොමිසම් වාර්තාවේ නිර්දේශයන් පිළිබඳ අවබෝධයක් නොමැති සාමාජිකයකු ලවා නැඟෙන චෝදනාවලට පිළිතුරු සපයන්නට එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ පියවර හමුවේ සිදුව තිබෙන්නේ ජනතාව තවත් වියවුලට පත්වීම පමණකි.

 



අදහස් (1)

කැබිනට් පති‍්‍රකාවක් ගැන කියමින් ජනතාව නොමඟ යැවීම

samarapala Tuesday, 26 June 2018 04:59 PM

නැවත යුද්ධයක් ඇති නොවෙයි යයි කිසිවෙකුට කිව නොහැක. මේවා අවුළුවන්නේ විදේශ බලවේගයි. ඉතිහාසය පුරාවට විදේශ ආක්‍රමණ සිදුවිය. යුධමය හා වානිජමය වශයෙන් ඇති වැදගත්කම නිසා විදේශ බලපෑම් වැඩිය. යුද්ධයක් එයි කියා සුදානමින් සිටීම වැදගත්ය.

:       16       143

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site