IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොන්ඩච්චියේ අක්කර 4000ක වනය වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මන්නාරම දිස්ත්‍රික්කයට අයත් කොන්ඩච්චි ප්‍රදේශයේ පිහිටි රජයේ කජු සංස්ථාවට අයත් අක්කර 4000 ක වනය කිසිදු පරිසර අධ්‍යයනයකින් තොරව නීති විරෝධි ලෙස උණ වගාවක් සඳහා  එළි පෙහෙළි කරමින් ඇති බව පරිසරවේදීහු චෝදනා කරති.

අදාළ අක්කර 4000 ක භූමිය වසර 30 ක පමණ කාලයක් කිසිදු වගාවක් කර නොමැති අතර මේ වන විට එම භූමිය රූස්ස ගස්වලින් සහ කටු පඳුරු සහිත ලඳු කැලෑවකින්ද වැසී ඇති අතරම මේ වන විට මෙම භූමිය අලි ඇතුන් හා වලසුන් ඇතුළු වන සතුන්ගේ වාස භූමියක් බවට පත් වී තිබේන තත්ත්වයක් දැකිය හැකිය.කිසිදු පරිසර ඇගැයිම් වාර්තා පවා නොතකමින්  නීති විරෝධි ආකාරයට වනය එළි පෙහෙළි කිරීම සිදුවන ආකාරය දැක ගත හැකිය.

සුවිශේෂ භූ විෂමතාවලින් පරිපුර්ණ භූමි කලාපයක් වන මෙම කලාපයේ කජු සංස්ථාව අවසන් වරට රැදී ඇත්තේ 1990 දශකයේ බවද කියැවේ.නමුත් ඒ කාලයේද මෙම භූමිය තුළ වගාවන් සිදුවූ බවට සාධක නොමැති අතර එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදි කලබල සමයේ එය අතහැර දමා ඇති බවත් කියයි. 

මේ වන විට පලු ,බුරුත, කළුවර , වීර , කෙහොඹ  ඇතුළු දැවැන්ත ගස්වලින් පිරි ඇති මෙම භූමිය ඝණ වනාන්තරයක් බවට පත්ව තිබේ .  විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ රක්ෂීත ලෙස නම්කර ඇති කල්ලාරු වනාන්තරය ආසන්නයේ මෙම කජු සංස්ථාවට අයත් ඉඩම පිහිටා තිබේ .

යම් සංවර්ධන කාර්යයක් සඳහා එළි පෙහෙළි කරන්නේ නම් ඒ සඳහා අවසර ඇත්තේ හෙක්ටයාර් 50 ක ඉඩම් ප්‍රමාණයකට පමණක් වන අතර ඒ සඳහාද රාජ්‍ය ආයතනවල අවසර ද නැවත ලබා ගැනිම අනිවාර්ය නමුත් මේ වන විට කොන්ඩච්චි ඉඩම එළි පෙහෙළි කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකින් කිසිම ආකාරයක අවසරයක් ලබා ගෙන නොමැති අතර එසේ අවසර ලබා ගැනීමට පෙර ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් පලු ගස් පමණක් ඉතිරි කරමින් ඉතිරි සියලුම ගස් ඩෝසර් කරමින් ඇති ආකාරය දැක ගත හැකිය . 

මේ ගැන විමසිමේදි කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්ත මහතා මෙසේ පැවසීය.

“මේ වන විට කොන්ඩච්චි කජු වත්ත අක්කර 4000 ක් නැවත කජු වගා කරන්න කටයුතු කරනවා . එයින් අක්කර 2000ක් දෙන්නේ උණ වගාවක් විදිහට වගා කරන්න ඉන්ධන ලෙස පුද්ගලික කර්මාන්තයකට විදුලිය නිශ්පාදනයට . මේ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේනවා .නමුත් කිසිම ආකාරයකින් ගිවිසුම් අස්සන් කිරිමක් සිදුව නැහැ.මේ සදහා පරිසර ඇගැයිම් වාර්තා සඳහා අපි ඉල්ලුම් කර තිබේනවා . ඒ සමගම වන සංරක්ෂණ ,වන ජීවි ආයතන මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමාත් දැනුවත් කිරීම් කළා . මොකද අපි මේ ඉඩම් පුද්ගලික අංශවලට ලබා දෙන්නේ ඔවුන්ට ලබා දෙන භූමියට අමතරව අපේ කජු වගාවත් වසර පහක් දක්වා සංවර්ධනය කරන ගිවිසුම් මතයි . ඒ නිසා ඉදිරියෙදි වැඩ කටයුතු කිරීමට සුදානම් . මේ වනවිට කිසිදු කටයුත්තක් සිදු වන්නේ නැහැ යැයි ඔහු පැවසිය. 

නමුත් සභාපතිවරයා එසේ පැවසුවද උණ වගා සදහා පෞද්ගලික ආයෝජකයන් විසින් දැවැන්ත ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් වනය වනසමින් තිබේන ආකාරය ඇස් පනාපිට පෙනෙන්නට තිබේ . එසේම මේ වන විට එම උණ වගා ආයෝජකයින්ගේ කාර්යාලයක් කොක්කුපඩයාන් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එහි දෛනිකව සේවකයින් 20 කට ආසන්න පිරිසක් කොන්ඩච්චි ඩෝසර් කරනු ලබන ඉඩමට යොදවා ඇති බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ ව තිබේ .

මේ පිළිබදව කළ විමසිමේදි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“ ඔය කියන භූමිය දැනට වන වැදී ඇති භුමි ප්‍රදේශයක් .කජු වගාකරලා තිබිලා අතහැර දමලා නැවත වගාවකට යන භූමියක් .ඒ නිසා කොයි ආකාරයෙන් කියුවත් නැවත වගාවකට යන නිසා පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයි. ඒ පාරිසරික අනුමැතිය ලබා ගැනිම සිදු වන්නේ ජාතික පාරිසරික පනතේ  23 අ,ආ වගන්තිය ප්‍රකාරව. එයට පාරිසරික බලපැම් තක්සෙරු  වාර්තා ලබා ගත යුතුයි .  අනුමැතිය ලබා ගත් ව්‍යාපෘති හැටියට 1993 ජුලි මාසයේ 24 අංක   772 ,22 ගැසට් පතින් ගැසට්  කර තිබේන ව්‍යාපෘති නිසා ඒ සදහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගෙන මහජනතාව වෙත ඉදිරිපත් කරලා නිසි ආකාරයක අනුමැතියක් ලබා ගැනීම කළ යුතුයි .එවැනි අනුමැතියකින් තොරව මෙම ශාඛ ගහණය ඉවත් කිරීම සිදුවනවානම් නීති විරෝධීයි යැයි පැවසීය.

 



අදහස් (12)

කොන්ඩච්චියේ අක්කර 4000ක වනය වනසති

kamal Gamage Wednesday, 25 October 2017 07:52 PM

පාලකයන් සහ නීතියක් නැති රටකි.

:       0       454

ruwan Thursday, 26 October 2017 01:04 AM

නියම කාලකන්නි. මේවට ඇස ඇරෙන්නේ න එකෙක්ගේ වත්

:       0       380

maal Thursday, 26 October 2017 01:41 AM

යහපාලන පාලකයිනි තවමත් නීතිවිරෝධී වැඩ නවත්වන්න බැරි ඇයි. ජනපති තුමනි මේවගේ වැඩ ස්ථීරවම නවත්වන්න ඔබතුම රිජුවම මැදිහත්වන්න.

:       54       121

peter Thursday, 26 October 2017 02:54 AM

මේක අර ගස්වැද්දා යටින්ඉදන්දෙන ගේම් එකක් ඡනහිතකාමී පරිසරවේදීන් අවදියෙන් සිටින්න

:       106       538

Sunimal Thursday, 26 October 2017 07:51 AM

කෝ මේ අපේ යහපාලන කටින් බතල කොළ ජනාධිපති ???? පත්තර කියවන්නේ නැද්ද දැන්..? මේ රටේ වෙන විනාශ නවත්වන්න බැරිනම් නම්බුකාර පිටින් ඕක වෙන කෙනෙකුට දීලා ගෙදර යන එක තමයි නියම පිරිමි කම.

:       60       1100

Prabath Thursday, 26 October 2017 08:59 AM

කෝ මේ අපේ පරිසරය සුරකිනවා කියල දස අතේ පොරොන්දු දෙන ජනාධිපති ... තවම පත්තරෙන් දැක්කේ නැද්ද මේ විස්තරේ ?

:       33       197

sachith Thursday, 26 October 2017 11:45 AM

අපිට ලොකු අඩුවකට තිබ්බේ කාන්තාරයක් විතරයි. ළඟදීම මන්නාරම පැත්තේ කාන්තාරත් ඇති කරලා මේ ආණ්ඩුව රට දියුණු කරනවා.

:       0       114

Chandana F Thursday, 26 October 2017 02:07 PM

ජනාධිපතිතුමෝ, අගමැතිතුමෝ නැගිටින්න අන්න අරෙහෙ කෙයියාලේ කපනවෝ !

:       0       284

nimal Friday, 27 October 2017 12:23 AM

කෝ මේ රටේ ඉන්න මහා ලොකු කෙරුම්කාරයෝ ? මේ රටේ නමටද පෙනී සිටින්නේ, කවදාහරි ඔය තනතුරු තාන්න මාන්න වලින් නිදහස් වී, ගෙදර ගිය දාට අන්න එදාට ඔබතුමාලට මේවා අනිවාර්යෙන්ම පටිසන් දෙනවා දෙනවමයි .හිතන්න එපා විශ්‍රාම වැටුප අරන් , ගෙදරට වී වටේට ආරක්ෂාව ගෙන ඉන්න පුළුවන් වෙයි කියල,.. මේවා ගැන අනිවාර්යෙන්ම හොයා බැලුවේ නැත්නම් ඉදිරියේදී මේ රට විනාශයට පත්කිරීමට දායකවූ මුල්ම නායකයින් හැටියට අදාල ඉස්ථානයන්හි ලොකුම අකුරින් සනිටුහන් වේවි.

:       0       63

pitigala Friday, 27 October 2017 06:43 AM

පරිසර ඇමති, ජනාධිපති ලොකු ටෝක් දානවා කැලා කපන අයට දැඩි දඬුවම් දෙනවා කියලා. ඒවා නිකම් පුස් වෙඩි වගෙයි. අපට පේන්නේ.

:       0       239

Nuwan Friday, 27 October 2017 09:44 AM

රට රැකගෙන තියෙන මේ සුන්දර පරිසරයි, වනසත්තු ටිකයි මරණ් කොහේ සංවර්ධනය කරන්නද? ගහක් කපන ගානේ අපේ පුංචි රට කාන්තාරයක් වෙනවා

:       0       5

supun Monday, 30 October 2017 06:18 AM

ඔයාල දන්නේ නැද්ද... ලංකාව අරාබි කොලනියක් කරන්න යන බව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site