IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ඒකාබද්ධයේ මෙහෙයුම

කොළඹට මැයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ රැසකම බදාදා පස්වරුව ජනතාවගෙන් පිරීගොස් තිබිණ. දිවයිනේ නන්දෙසින් කොළඹට පාක්‍ෂිකයන් රැගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ කටයුතු සංවිධානය කළෝය. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව දින කිහිපයකම සිට දැඩි අවධානයක් යොමු කර තිබූ නමුත් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර තිබුණේ විපක්‍ෂයේ විරෝධතාව එතරම් ගණන් නොගන්නා බවය.

“මේ ආණ්ඩුව රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබාදී තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින්න විපක්‍ෂයට පුළුවන්. හැබැයි ජනතාවට හෝ පොදු දේපළවලට හානියක් සිද්ධ වෙන්න බැහැ” යැයි ආණ්ඩුවේ දේශපාලනඥයෝ පැවසූහ. අගමැතිවරයා ද ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබුණු නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු ප්‍රකාශයක් හෝ අදහසක් පළකර නොතිබීම විශේෂත්වයකි. ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම දේශපාලනඥයන් පිරිසක් ඉකුත් සඳුදා කොළඹ ඇමැති නිල නිවසකදී සාකච්ඡාවක් පැවැත්වූවෝය.

නොනිල මට්ටමින් පැවැති එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ ඇමැතිවරයෙක් අදහස් දැක්වූයේය. “මහින්ද රාජපක්‍ෂ වුණත් ඔය වැඬේට ඒ තරම් කැමති නැහැ. ඒත් මහින්දට තවමත් ජනබලයක් තිබෙනවාය කියන එක පෙන්නන්නත් ඕක හොඳ අවස්ථාවක්. විරෝධතාව සංවිධානය කළේ සුළු පක්‍ෂවල නායකයන්ගේ විශේෂ උවමනාවට. අපට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අවසන් මොහොතේ මහින්දට වැඬේට එකඟ වෙන්න සිද්ධ වුණා” යැයි එම ඇමැතිවරයා සඳහන් කළේය. මේ අතර තවත් අදහසකින් ප්‍රකාශ කර සිටියේ “ආණ්ඩුව කොළඹ විරෝධතාව ගණන් ගන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්නුවේ. ඒ වුණාට ආණ්ඩුව සූදානම් වුණා පොලිසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් දීලා තිබුණා. ඒ අනුව ඉකුත් අඟහරුවාදා ඉඳලම කොළඹ වැදගත් මර්මස්ථානවලට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණා.” සඳහනක් කරමින් ඔහු මෙය කියා සිටියේ ආණ්ඩුවේ රහසක් හෙළිකරන බවක් පෙන්වමිනි.

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව මාසයක පමණ කාලයක සිටම ඉතා සූක්‍ෂම ලෙසින් සංවිධානය කර තිබිණ. සංවිධාන කටයුතුවල මූලිකත්වය ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට බාරදී තිබුණු අතර සංවිධාන බලය ගම්මට්ටම දක්වා දියත් කර තිබිණ. බස්රථ සූදානම්කර ගැනීම, පාක්‍ෂිකයින් රැස්කර ගැනීම හා ඔවුන්ට ආහාර පානාදිය සපයාදීමට බාරදී තිබුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවල මන්ත්‍රීවරුන්ටය. ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සංවිධාන කටයුතු සංවිධානය කළහ. ඇතැම් දේශපාලනඥයන් සිය ආධාරකරුවන්ට ඔවුන්ගේ නම ගැසූ ටී-ෂර්ට් පවා බෙදාදී තිබිණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇතැම් මන්ත්‍රීවරුන් හා සංවිධායකයන් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර තිබූ බවය. තවත් පිරිසකට ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලැබී තිබුණු බවද දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව බදාදා පස්වරුවේ ආරම්භ වී එ මැදියම් රෑ වන තුරුත් පැවතීම විශේෂයක් වූ අතර එවැන්නක් මෙරට දේශපාලනයේ සිදු වූ පළමු අවස්ථාව බවද පැවසේ. ඇතැම් විදේශීය රටවල විශේෂයෙන් තායිලන්තය වැනි රටවල රැය පහන්වනතුරු පැවැත්වෙන විරෝධතා තිබෙන අතර මෙවර ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කර තිබුණේ එවැනි ආකාරයක විරෝධතාවයකි. විරෝධතා කරුවන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද එම විරෝධතාව නැවුම් හා විශේෂ අත්දැකීමක් වූ බවද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

“පෙළපාලි ගිහින් කොළඹ බිම වාඩිවෙලා සෙනඟ පෙන්නලා ආණ්ඩු පෙරළන්න බැහැ. යම් විරෝධතාවයක් දක්වන්න පුළුවන්. ආණ්ඩුවක් පෙරළන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවා. ඒක මැතිවරණය. මැතිවරණයකින් තමයි ආණ්ඩුවක් පෙරළන්න වෙන්නේ. එතැනින් මෙපිට මුකුත් කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස් බ්‍රහස්පතින්දා ගෙදර ගියා ආණ්ඩුවට මුකුත් වුණේ නැහැ” යැයි විරෝධතාවයෙන් පසුව තවත් පිරිසක් අදහස් ප්‍රකාශ කරමින් සිටිති.

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියකින් කටයුතු කරන අතර ලද හැම අවස්ථාවකදීම ජවිපෙ නායකයෝ ආණ්ඩුව විවේචනය කරති. ආණ්ඩුව ගෙදර යායුතු බවක් කියති. එසේ වූවද රාජපක්‍ෂවරුන්ගේ පාලනයක් නැවත ඒම සම්බන්ධයෙන් ද ජවිපෙ විරෝධතා ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මෙන්ම ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද අප්‍රසාදය පළ කර තිබුණේ “මේ ආණ්ඩුව එන්න එන්නම පිරිහෙනවා. ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය වැඩි වෙනවා. මේ තත්ත්වය තුළ පරණ හොරු ටික ආයෙත් බලයට එන්න කුරුමානම් අල්ලනවා. ඒ අයට ඕනේ රට ආරක්‍ෂා කර ගන්න නෙමෙයි තමන්ගේ පවුලේ ආරක්‍ෂාව සලසා ගන්නයි. ඒක හොඳටම කෙරෙමින් තිබෙනවා” යැයි ජවිපෙ නායකයෝ පවසති.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් වැඩි කාර්ය බාරයක් බාරව සිටියේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂය. ඔහු රටපුරා මහා සංවිධාන ජාලයක් ගොඩනගාගෙන තිබුණු අතර ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතුද ඔහු විසින් සංවිධානය කෙරිණි. එහෙත් මෑතකදී රාජපක්‍ෂ සහෝදරයන් අතර හටගෙන තිබෙන යම් යම් මත ගැටුම් හේතුවෙන් බැසිල් රාජපක්‍ෂ තරමක් පසුගාමී තත්ත්වයකට පත් වී තිබෙන බවක් දක්නට ඇතැයි ඇතැමෙක් අර්ථකතනය කරති.
ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හිතවාදී දේශපාලනඥයෙක් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කර ඇත්තේ “බැසිල් තමයි සංවිධාන කටයුතුවලට හොඳම මිනිහා. මිනිස්සු රැස්කරන්න බැසිල්ට හොඳ සංවිධාන ජාලයක් තිබෙනවා. ඒ දක්‍ෂතාව ගෝඨාභයට නැහැ. ඒ නිසා බැසිල් නැතිව මේ වගේ සංවිධානාත්මක කටයුතු කරන්න අමාරුයි” යනුවෙනි. එහෙත් බැසිල් රාජපක්‍ෂ “කොළඹට ජනබලය” සංවිධානය කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවෙන් කිසිදු කැපකිරීමක් බැසිල් රාජපක්‍ෂගෙන් සිදු නොවූ බවට ඒකාබද්ධයේ නායකයෙක් එළිපිටම චෝදනා කර තිබිණ. මෙවර සැලසුම් කර හෝ නොකර බැසිල් රාජපක්‍ෂ විදෙස් ගත වී තිබිණ.

“නාමල්ගේ වැඩක් විදියට තමයි මේක මුල ඉඳන්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. ඒකට බැසිල්ගෙ වැඩි මනාපයක් නැහැ. ඒ නිසා කරල බලන්න කියල වගේ අදහසක් දීලා බැසිල් රට ගියා” යැයි ද සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා තිබේ.

පළාත් සභා මැතිවරණය හොඳින් හෝ නරකින් හෝ ජනවාරි මාසයේදී පැවැත්විය යුතුම බවට මැතිවරණ කොමිෂන් සභාව ස්ථිර තීන්දුවකට එළැඹී තිබේ. “කතානායකතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. අගමැතිතුමා ඒ කමිටුවට පත්වුණා. එතකොට කමිටුවේ සියලු සාමාජිකයන්ට නීතියෙන් වගකීමක් පැවරෙනවා. සීමා නිර්ණය වාර්තාව සංශෝධන කිරීමට මාස දෙකෙන් ඒක සිද්ධ වෙන්න ඕනේ. අපට අගමැතිගෙ කමිටුව විශ්වාසයි. ඡන්දය ජනවාරියේ ගන්න පුළුවන්” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම නව ක්‍රමයටම පැවැත්වෙන බවය.
ඇතැම් සුළු දේශපාලන පක්‍ෂ තවදුරටත් දිගින් දිගටම විරෝධය පළකරන්නේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම ඇමැති මනෝ ගනේෂන්ගේ කණ්ඩායම ද පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ නායකයන්ට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ තුනක් පැවැත්වේ. කෝප් කමිටුව ආණ්ඩුකාර කාර්යාලය මෙන්ම මහ නගර සභාවද ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ මීතොටමුල්ල කුණුකන්ද සම්බන්දයෙන් ඉකුත් කාලයේ සිදුවූ සිද්ධීන්වලටය. ඒ කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පරීක්‍ෂණ යට ගැසීමේ ක්‍රියාදාමයක් සිදුවන බවය.

“කොළඹ මහ නගර සභාවේ රෙකෝඞ් රූම් එකේ නිලධාරියෙක් මාරු කරන්න හදනවා. එම නිලධාරියා හොඳින් වැඩ කරන නිසා පරීක්‍ෂණ යට ගහන්න අමාරුයි. ඒ නිසා ඔහු මාරු කරන්න හදනවා. අපි මේ ගැන ආණ්ඩුකාරතුමාට පැමිණිලි කළා” යැයි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් කියා සිටියාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොරියා රජයෙන් ලද ආරාධනයකට අනුව පාර්ලිමේන්තු කණ්ඩායමක් විශේෂ සංචාරයක් සඳහා පසුගිය සතියේ සම්බන්ධ විය. කතානායකවරයාද නියෝජනය කළ එම කණ්ඩායමට ජවිපෙ නියෝජනය කරමින් සම්බන්ධ වූයේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. නිල කටයුත්තෙන් පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා තව දින දෙකක් කොරියාවේ රැඳී සිටීමට තීරණය කළේ කොරියාවේ “එතෙර අපි” සංවිධානය විසින් සංවිධානය කොට තිබූ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමටය. දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් තිස්දහසකට අධික පිරිසක් රැකියා කරමින් සිටින අතර ඔවුහු ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටිති. විජිත හේරත් මන්ත්‍රීරයා පළමු දිනයේ ශ්‍රී ලාංකිකයන් රැකියා කරන ස්ථානවලට ගොස් ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර ඇතැම් ආයතනවල පාලනාධිකාරිය සමඟද සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීය.

එදින පස්වරුවේ ශ්‍රී ලාංකිකයන්ගේ නවාතැන්පොළවලට ගොස් ඔවුන් සමඟ රාත්‍රී ආහාරයද ලබාගත් මන්ත්‍රීවරයා ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා හදාගත් අතර වත්මන් දේශපාලන තත්ත්වය ගැනද ඔවුන් දැනුවත් කළේය. පසුදින “එතෙර අපි” සංවිධානය විසින් පෝචෝන්හිදී සමුළුවක් සූදානම් කොට තිබිණි. එහිදී විජිත හේරත් වර්තමාන දේශපාලන තත්ත්වයත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් ජවිපෙ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් දේශනයක් පැවැත්වීය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් ඔහු පොරොන්දු විය. 
මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාය. එය පස්වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකතනයෙන් ඔහු දැනුම්වත් කළ අතර විජිත හේරත් කියා සිටියේ තමන් 04වෙනිදා අලුයම දිවයිනට පැමිණෙන බවයි.

විජිත හේරත් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව සිදු කළ අතර පක්ෂ නායක අනුර දිසානායක එය ස්ථිර කළේය. සභානායකවරයාගේ ඉල්ලීමක් අනුව 20 සංශෝධනය ගැන විජිත හේරත් විසින් කෙටි හැඳින්වීමක්ද ඉදිරිපත් කරන ලදී. පසුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම සභාගැබෙන් පිටතට පැමිණි අතර සිය පළමු කඩඉම් ජයග්‍රහණය පිළිබඳව සතුට බෙදා ගත්හ. පසුව විජිත හේරත් පාර්ලිමේන්තුවේ පනත් අංශයට ගොස් කාර්යමණ්ඩලයට සිය පක්ෂයේ ගෞරවණීය ස්තුතිය පුදකරන බව කියා සිටියේය.

“මන්ත්‍රීතුමා අපිට ස්තුති කළාට ඔබතුමාට ස්තුතියි. මොකද අපේ කාර්යභාරය මේ විදියට පැසසුමට ලක්වුණේ පළවෙනි වතාවට. ඔබතුමාලගේ උත්සාහයට අපි සුභ පතනවා” පනත් අංශයේ නිලධාරියෙක් කියා සිටියේය. 
එදිනම අනුර, විජිත, නලින්ද පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ පුවත්පත් කියවීම සඳහාය. පුවත්පත් බලමින් සිටි අනුර දිසානායකට පුස්තකාල සේවකයකු අතින් සංඥා කරමින් විශේෂ අමුත්තෙක්ද පුවත්පත් බලන බව හැඟවීය. ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ අවධානය ඒ දෙසට යොමුවිය. විශේෂ පුද්ගලයා වූයේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවේ උත්සවයකට සහභාගිවීමට පැමිණ සිටියේය. අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ සුහද කතාබහක නිරත විය.

මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය පිළිබඳවද කතාව ඇදී ගියේය. “හෙට වෙනකල් ඉන්නවා කිව්වට රෑ වෙන්න කලින්ම කට්ටිය යනවා. මම දන්නවනේ එයාලගෙ වැඩ” ජනාධිපතිවරයා කියා සිටියේය. කෙසේ වුවත් ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය පිළිබඳව කතා නොකර සිටීමට පරෙස්සම් විය. එතැනට පැමිණි වෛද්‍ය නලින් ද ජයතිස්සද ජනාධිපතිවරයාගේ අවධානය ගැටලුවක් පිළිබඳව යොමු කළේය.

සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආයතනයට අනුයුක්ත කළ පසුව ඔවුන්ගෙන් මුදල් අයකිරීම ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය. ශිෂ්‍යත්ව පදනමින් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන්ද මුදල් අයකරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ පිළිබඳව සොයා බලන බවට ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පොරොන්දු විය.
පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාව දේශපාලන වේදිකාවේ හොඳම මාතෘකාවක් විය. ඒ ලක්ෂ හයහමාරක පුටු 125ක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුනේ ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ හෙළිදරව්වක් සමගිනි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි මන්ත්‍රීවරයාට තවත් කරුණු ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා විය.

පුටු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලැබුණු බව සැලවුණු මන්ත්‍රීවරයා ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ කරුණු විමසා බැලීමටය. “ආණ්ඩුකාරතුමා මට ආරංචියක් ලැබුණා පුටු ගැන විමර්ශන වාර්තාවක් ඔබතුමාට ලැබුණා කියලා. මට ඒකෙන් කොපියක් ගන්න පුළුවන්ද?” ලක්ෂ්මන් නිපුණාරච්චි විමසීය. “මන්ත්‍රීතුමා ඒක රහස්‍ය වාර්තාවක්නේ. ඒක ගැන තව කරුණු හොයන්න ඕනෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ.” ආණ්ඩුකාරවරයාගේ පිළිතුර විය. කෙසේ වෙතත් පුටු පිළිබඳ ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ බස්නාහිර පළාත් ලේකම්වරයා ප්‍රධානියා වන අතර ඔහු ටෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකි.

රහස ඇත්තේ එතැන බව මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබිණි. එමෙන් තවත් වංචා දූෂණ ගණනාවක් ගැනද මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ පළාත් සභා ගොඩනැගිල්ලේ පුදුමාකාර දොරක් පිළිබඳවය. එම දොර සඳහා කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව මන්ත්‍රීවරයා පළාත් සභාවෙන් ප්‍රශ්නයක් විමසා ඇති අතර ඔහු ඊට පිළිතුරු අපේක්ෂාවෙන් සිටියි.

 



අදහස් (1)

ඒකාබද්ධයේ මෙහෙයුම

sam Sunday, 09 September 2018 09:48 AM

මේ පුවත්පතේම පලවී තියන පුවතකට අනුව, විමල් වීරවංශ මන්ත්‍රීතුමා උද්ඝෝෂකයින්ට විෂ කිරි පැකට් ලබා දුන් අයට දඬුවම් කරන්න කියලා කියනවා. ඒ සඳහා මේ ඉහත පුවතෙන් උපුටා ගත්, පහතින් පලවෙන වාක්‍ය දෙක ප්‍රයෝජනවත් වේවි. බස්රථ සූදානම් කරගැනීම, පාක්‍ෂිකයින් රැස්කර ගැනීම හා ඔවුන්ට ආහාර පානාදිය සපයාදීමට බාරදී තිබුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවල මන්ත්‍රීවරුන්ටය. ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සංවිධාන කටයුතු සංවිධානය කළහ.

:       2       23

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 314 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 320 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 247 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1200 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 60 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 634 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site