IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එල්ටීටීඊයට පණ දෙන්න හදන හිටපු කොටින්ගේ සැලසුම

  11_MA_P_18

 

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට (ටී.අයි.ඩී.) අයත් වවුනියාව ඒකකයට පුද්ගලයෙක් පසුගිය දිනක පැමිණෙන්නේ ඔහුගේ ඥාතියෙකු ද කැටිවය.
ඥාතියා සමග පැමිණි ඒ පුද්ගලයා වෙන කිසිවෙක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොටි සාමාජිකයෙකුව සිටි පසුව පුනරුත්ථාපනය වූ අයෙකි. 
පුනරුත්ථාපනය වූ ඒ හිටපු කොටි සාමාජිකයා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ වවුනියාව ඒකකයට පැමිණියේ  නිකම්ම නොවේ, රටම හෙල්ලෙන තිගැස්සෙන හෙළිදරව්වක් කිරීමටය. 


හිටපු කොටි සාමාජිකයා තමා ආ කාරණය එහි සිටි වගකිවයුතු නිලධාරියෙක් හමුවේ කියා ඇත්තේ තමාගේ වගතුග හෝ අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කරමිනි. 


ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් ඒ ගැන සහතිකයක් ලබා දීමෙන් පසු හිටපු කොටි සාමාජිකයා ඔහු දන්නා කාරණා එකිනෙක හෙළි කර ඇත. 
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එච්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව මේ වන විටත් සැලසුම් කර තිබෙන බව හිටපු කොටි සාමාජිකයා කළ ඒ විශේෂ හෙළිදරව් කිරීමය. 


සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කරන විදෙස් ගතව සිටින කොටි නායකයන් ගැන පමණක් නොව ඒ ඝාතන සැලැස්ම බාර දී තිබෙන හිටපු කොටි සාමාජිකයන් ගැනද ඔහු දන්නා තොරතුරු ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සමග පවසා ඇති බව කියති. 


1හිටපු කොටි සාමාජිකයා මේ හෙළිදරව්ව කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ අගභාගයේ තරම්ය. 


පුනරුත්ථානපය වූ කොටි සාමාජිකයා කළ මේ හෙළිදරව්ව එක් වරම පිළිනොගත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ සම්බන්ධව රහසිගත දීර්ඝ විමර්ශනයක් කිරීමට තීරණය කර ඇත. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ බව වවුනියාව ඒකකයේ නිලධාරීන් දැනුම් දෙන්නේ ඒ අනුවය. 
නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු මේ ගැන පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම බාර දෙන්නේ ද එම නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. 


පොලිස්පතිවරයා ලබා දුන් වගකීම නිසියාකාරව ඉටුකිරීමට බාරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ ඝාතන සැලැස්ම සම්බන්ධව තවදුරටත් කරුණුකාරණ සොයා බැලීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරනු ලැබීය. 


හිටපු කොටි සාමාජිකයා හෙළිකර ඇති කතාව සත්‍ය බව මෙම විශේෂ පොලිස් කණ්ඩායම කරුණු කාරණා සාධක සහිතවම හෙළිදරව් කර ගන්නේ තරමක කාලයක් ඉතා රහසිගතව කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු පත්කළ විශේෂ පොලිස් කණ්ඩායමක් සමග කිලිනොච්චිය බලා පිටත්ව යන්නේ සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කරන හිටපු කොටි සාමාජිකයන් කොටුකර ගැනීමට රහසිගත මෙහෙයුමක් ආරම්භ කිරීමටය. 


එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරමින් සිටින බවට කරුණු අනාවරණය වීම නිසා එහි ඇති බරපතළකම තේරුම් ගත් පොලිස් බලධාරීන් කඩිනමින් එම පිරිස් අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව තේරුම්ගෙන තිබිණි. 


නියෝජ්‍ය පොලිස්පතිවරයාද කිලිනොච්චිය බලා යන්නේ ඒ අනුවය. 


කිලිනොච්චියේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ කරාලසිංහම් කුලෙන්ද්‍රන් නමැත්තෙකි. 
ඔහු අල්ලා ගත්තේ පසුගිය ජනවාරි මස 13 වැනිදාය. 


කරාලසිංහම් කුලෙන්ද්‍රන් නමැත්තා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් බව විශේෂ පොලිස් කණ්ඩායම හෙළිකර ගෙන ඇත්තේ ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම්වලදීය. 


එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවති වකවානුවේ නායකයන් වශයෙන් සිටි බව කියන කුලෙන්ද්‍රන්ව එම සංවිධානය විසින් හඳුන්වනු ලැබ ඇත්තේ මාස්ටර් සෝලෙයි යනුවෙනි. 

2


මාස්ටර් සෝලෙයි පදිංචිවී සිටියේ කිලිනොච්චිය තිරුවියාරු අංක 43/1 දරන නිවසේය. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම මාස්ටර් සෝලෙයි අත්අඩංගුවට ගනු ලබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට තැත් කිරීම සහ ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම සම්බන්ධයෙනි. 


මාස්ටර් සෝලෙයිගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර අනාවරණය කර ගත් තොරතුරු මත ඔහුගේ නිවස සෝදිසියට ලක් කළ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විදේශීය නිෂ්පාදිත අධි බලැති ක්ලේමෝ බෝම්බයක් සොයා ගෙන තිබේ. 


මෙවැනි ආකාරයේ ක්ලේමෝ බෝම්බයක් හිටපු කොටි නායකයෙක් නිවසේ සඟවා ගෙන සිටියේ එසේ මෙසේ ක්‍රියාවකට නොවන බව පෙනී ගිය නිසා ඒ ගැන පොලිස් කණ්ඩායම මාස්ටර් සෝලෙයි ගෙන් ප්‍රශ්න කර ඇත.


මරදන්කේනි ප්‍රදේශයේ දී ප්‍රභූවරයකු ඉලක්ක කර ගනිමින් ක්ලේමෝ බෝම්බය පුපුරවා හරින තෙක් නිවසේ සුරක්ෂිතව සඟවා ගෙන සිටිබව පොලිස් කණ්ඩායම සමග සෝලෙයි මාස්ටර් හෙළි කර ඇත. 


පොලිස් කණ්ඩායම තවදුරටත් සෝලෙයි මාස්ටර්ගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තවත් හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙක් පසුගිය ජනවාරි මස 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.  


මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ සෙම්බපත්තු ප්‍රදේශයේ පදිංචි ලුවිස් මරියනායගම් ඇන්තනි හෙවත් ජනා, තිරුවියාරු පදිංචි මුරුගයියා කමලේන්ද්‍රන් හෙවත් මේන්ද්‍රන් යන අය වෙති. 


මේ දෙදෙනා සන්තකයේ මෙරට නිෂ්පාදිත සී 04 වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කර තිබූ බෝම්බයක් ද සොයා ගන්නා ලදි. 


ලුවිස් මරියනායගම් පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෙකි. 


එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කරන තවත් හිටපු කොටි ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි. 


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අවධානය යොමු කරමින් වාර්තාවක් යවා ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ඇතිවී ඇති ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් යනුවෙන් සඳහන් කරමිනි. 


පසුගිය මාස පහක පමණ කාලය තුළ ඉතාමත් නිදහස්ව බියකින් තොරව කිලිනොච්චිය ප්‍රදේශයේ දී තම අභිප්‍රායන් ඉටුකර ගැනීමට ක්‍රියා කර ඇති බවත් 2016 වසරේ නොවැම්බර් මස 27 වැනිදා කිලිනොච්චිය තිරුවියාරු ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. ධජය ඔසවා එහිදී ක්‍රියාකාරකම් විදේශගත එල්.ටී.ටී.ඊ. බලවේග වෙත ඡායාරූප ද සහිතව යවා ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරු දිනය යෙදී තිබුණේ ද 27 වැනිදාය. 


එල්.ටී.ටී.ඊ. ධජ ඔසවා සැමරුවේ ඒ වෙනුවෙනි. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු කර යවා ඇති එම ලිපියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවී ඇති බරපතළ කාරණා දෙකක් ගැනද සඳහන් කර තිබෙන බව පොලිස් මූලස්ථානය කියයි. 


පොලිස්පතිවරයාට යැවූ එම ලිපියට අනුව පසුගිය 2016 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ දී කිලිනොච්චිය ප්‍රදේශයේ මහා මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් ඉලක්ක කර ඔවුන් හට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් සතු ගිනි අවි පැහැර ගැනීමට කිහිප වතාවක් සැලසුම් කර වැරදරා ඇති බව පෙන්වා දී ඇති බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. 


කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ආයුධ ගබඩා කර ඇති ස්ථාන යැයි හැඟෙන ස්ථාන රාත්‍රි කාලයේ දී කැනීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද කිසිදු බාධාවක් ඔවුන් වෙත එල්ලවී නොමැත. 


මේ අනුව මෙම කණ්ඩායම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මගින් අත්අඩංගුවට නොගත්තේ නම් අපරාධ සිදු කිරීමට බොහෝ විට ඉඩ ප්‍රස්ථාව තිබූ බැවින් එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට විශාල කැළලක් ගෙන ඒමට ඉඩ තිබුණ බවද පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 


මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජාතික ආරකෂාවට තර්ජනය වන ක්‍රියාකාරකම් සිදු නොවීමට සහ එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සුදුසු බවට නිර්දේශ කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිවරායට යැවූ එම ලිපිය මගින් අවධාරණය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. 


නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී අති කරුණුකාරණ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පැහැදිලිවම පෙනී යන නිසා රජයේ වගකිවයුත්තන් හා ආරක්ෂක බලධාරීන් මෙයට කඩිනම් හා විධිමත් පියවර ගත යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. 


මේ කරුණු අනාවරණය කරගෙන ඒ බව වගකිවයුත්තන්ගේ විශේෂ අවධානයට යොමු කරමින් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රධාන මෙම පරීක්ෂණවලට දායක වූ පොලිස් කණ්ඩායම සිදුකර ඇත්තේ ජාතික වගකීමක් බව මෙහිලා විශේෂයෙන් පෙන්වා දිය යුතුය. 
බලධාරීන් මේ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගත යුතුය. 


මන්ත්‍රී සුමන්තිරන් මහතාගේ අදහසට අනුව බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දේශපාලන සිරකරුවන්ය. 


එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිමින් ඔවුන් මුදාගැනීමට සුමන්තිරන් මහතා කාලයක් තිස්සේ සිට ලොකු අරගලයක නිරතව සිටින හිටපු කොටි කිහිප දෙනෙක් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ එවැනි පසුබිමක් තුළදීය. 


පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇති ආකාරයට සුමන්තිරන් මහතා ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට සැකකරුවන්ට ලක්ෂ 15 ක මුදල් කොන්ත්‍රාත්තුවක් ලැබීමට නියමිතව තිබී ඇත. 


මේ මුදල ලබා දීමට නියමිතව තිබී ඇතැයි කියැවෙන්නේ දෙමළ ඩයස් පෝරාවේ සිටින කොටි හිතවාදීන් තිදෙනකු විසින් බව පැවසේ. 
ඉහළපෙළේ පොලිස් ආරංචි මාර්ගවලට අනුව .....? නමැත්තෝ මොවුන් තිදෙනා වෙති. මේ තිදෙනා ප්‍රංශය, මැලේසියාව සහ ඕස්ටේ්‍රලියාවේ සිටිති.

Untitled-4 

 



අදහස් (0)

එල්ටීටීඊයට පණ දෙන්න හදන හිටපු කොටින්ගේ සැලසුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 710 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site