IMG-LOGO

එතෙර කොටි ත‍්‍රස්තවාදය ගැන අනතුරු ඇඟවූ ඇමෙරිකා වාර්තාව

ශ්‍රී ලංකාවෙන් මීට දෙවසරකට පෙර එල්ටීටීඊ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමු අන්දම අදත් අප සමරන්නේ මහත්වූ ආඩම්බරයෙනි. රටෙන් බෝම්බ බිය සහමුලින්ම ඉවත් කළ ඒ විජයග‍්‍රහණය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීම් වල ප‍්‍රතිඵලයක් යැයි අප සෑම දෙනාම දන්නා කාරණයකි. එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දියත් කළ මානූෂීය මෙහෙයුම් කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ජාත්‍යන්තරය තුළ විවිධ අභූත චෝදනා දිගින් දිගටම එල්ලවෙමින් පැවති අවස්ථාවක ලෝකයටම පොලිස්කාරයා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගත් පියවරක් පිළිබඳ ප‍්‍රශංසාමුඛව සිය වාර්තාවකින් ඉකුත්දා එළි දැක්වූයේය. ඔවුන් එසේ පැවසූ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ජාත්‍යන්තර ජාලය පැවැත්ම ගැන අටුවාටීකා සැපයීමට එක්සත් ජනපදය පසුබට නොවූයේ අනතුරක සේයාව අපට දැන්වීමේ අවශ්‍යතාව නිසාදැයි කිව නොහැකිය. ලොව පුරා පවතින ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හා ඒවා මැඩ පැවැත්වීමට ඒ ඒ රටවල්හි දායකත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන රාජ්‍යයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ උනන්දුව විදහා දක්වමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉකුත්දා නිකුත් කරන ලද 2010 ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්වූ කරුණු කාරණා ගැන අවධානය යොමු කළ යුතුව ඇත. එම වාර්තාව මගින් අවධාරණය කරනු ලැබුවේ 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය තුරන් කළත් ජාත්‍යන්තර වශයෙන් එය තුරන් වී නැති බවය. විශේෂයෙන් එම ත‍්‍රස්ත සංවිධානයේ ජාත්‍යන්තර ජාලය හා ඊට මූල්‍යාධාර ලබාගැනීම් කටයුතු සිදුවෙමින් පවතින බව ඇමෙරිකා එක්සත් ජනාපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීමට ශ්‍රී ලංකා රජය ගන්නා කි‍්‍රයාමාර්ගවලට ඇමෙරිකා රජය අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව 2010 ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් පිළිබඳව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.2009 වසරේ දී ශ්‍රී ලංකා රජය එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බවට ප‍්‍රකාශ කර තිබුණත් ඉකුත් වසරේ දී ශ්‍රී ලංකාවේ කිසිදු ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වාර්තා වී නොතිබුණත් ඇමෙරිකාව තුළ තහනම් කෙරුණු විදේශීය ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එල්ටීටීඊ සංවිධානය තවදුරටත් ඇතුළත්ව පවතින බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ දක්වා ඇත. එල්ටීටීඊ යේ. ජාත්‍යන්තර ජාලය තවමත් කි‍්‍රයාත්මක වී පවතින බව ඇමෙරිකාවේ විශ්වාසයක් ඇති වූ අවස්ථාවක ඔවුන් විසින්ම එල්ටීටීඊ සංවිධානය තහනම් ත‍්‍රස්තවාදී සංවිධානය බවට නැවත ලැයිස්තු ගත කෙරනු ලැබීම ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා නගන බටහිර නායකයන්ට එය කදිම පිළිතුරක් බව අපගේ හැඟීමයි. යුද ගැටුම් ශ්‍රී ලංකාවෙන් තවදුරටත් වාර්තා නොවූවද ත‍්‍රස්තවාදීන්ට මූල්‍යමය හා යුදමය වශයෙන් සහයෝගය ලබාදුන් පුද්ගලයන් පිළිබඳව වාර්තා වී ඇති බැවින් මෙම ත‍්‍රස්තවාදී ජාලය මුලිනුපුටා දැමීමටත් ත‍්‍රස්තවාදීන්ට මුදල් ආධාර ලැබීම නතර කරවීමට ශ්‍රී ලංකා රජය ගන්නා කි‍්‍රයාමාර්ගවලට ඇමෙරිකාවේ විශේෂ සහයෝගය ලබාදෙන බවද එහි දැක්වේ. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ දී එල්ටීටීඊයට මූල්‍ය ප‍්‍රතිපාදන සහාය ලබා දෙන්නන් සිමා කිරීමට අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය දැනටමත් පියවර ගෙන ඇති බව අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ. ඒ සඳහා අය වැය මගින් විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කර ඇති බවද එක්සත් ජනපද වාර්තාවේ සඳහන් වී ඇත. ඒ සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 4ක් වැනි මුදල් ප‍්‍රමාණයක් ලංකා රජය වෙන්කරන බවද එහි සඳහන් වී ඇත. එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ලංකාව තුළ හිස එසැවූ කාලයේ රටේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිවීමත් දෙමළ ඩයස්පෝරාව එක දිගට අධීක්‍ෂණය කිරීමත් ශ්‍රී ලංකා රජය ඉතා වගකීමකින් යුක්තව කළ බව එක්සත් ජනපදය අවධාරණය කරයි. දෙමළ ඩයස්පෝරාවේ කටයුතු අධීක්‍ෂණය සඳහා ඇමෙරිකාවේ පුහුණු ආයතනයක් හරහා ඊට අවශ්‍ය වූ සහාය ලබාදීමට කටයුතු කර ඇත. මෙම කරුණු කාරණා මෙසේ තිබියදී ශ්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පැතිරීයාම වැළැක්වීමට ගත් පියවර රැුසක් පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන්වේ. එහි ත‍්‍රස්තවාදී අරමුදල් එක්රැුස් කිරිම් මැඩලීමට ශ්‍රී ලංකාව ගත් පියවරයන් කලාපීය හා ජාත්‍යන්තර සහයෝගය මගින් ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ගනු ලැබූ කි‍්‍රයාමාර්ග සහ රට තුළ අනෙකුත් සිවිල් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවීම වළක්වාලීමට ගත් කි‍්‍රයාමාර්ග ඇතුළත් වෙයි. එල්ටීටීඊ සංවිධානය වෙත මූල්‍ය ආධාර ලෙස ලැබෙන මුදල් (නීති විරෝධි මුදල්) විශුද්ධිකරණය හරහා ඒවා නොලැබෙන ආකාරයට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටී. තවද විශේෂයෙන් රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටින ලංකාව, කොළඹ වරාය ආශි‍්‍රතව ආරක්‍ෂිත කලාපක් නම් කර ඇත්තේ ත‍්‍රස්තවාදී කටයුතු සිදුවීම වැළැක්වීම සඳහා වේ. 2010 වසරේ පෙබරවාරි සිට ශ්‍රී ලංකා රජය ඉහළ මට්ටමේ පියවර රැුසක් ගත්තේ ත‍්‍රස්තවාදීන් වෙත මූල්‍ය ආධාර ලබාදීම්, එක්රැුස් කිරීම් කටයුතු වළක්වා ලීම සඳහාය. ඒ සඳහා විශේෂ කාර්ය සාධක බළකාය පිහිටුවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ බව ඇමෙරිකාව සඳහන් කරයි. ඒ යටතේ මුදල් විශුද්ධිකරණය හරහා ත‍්‍රස්තවාදීන් මූල්‍ය ආධාර ලබාගැනීමේ කටයුතුවල නිතරවීම වැළැක්වීම, යම්හෙයකින් එම ත‍්‍රස්තවාදී වත්කම් පිළිබඳ වාර්තා වුවහොත් ඒවා සැණෙකින් තහනම් කිරීම, වසර 2005x2006 දී රජය ත‍්‍රස්ත අරමුදල් එක්රැුස්කිරීම වැළැක්වීම සඳහා වන පනත් සංශෝධන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ලැබ තිබේ. ත‍්‍රස්තවාදය පිටුදැකීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර සහයෝගීතාව ලබාගැනීමට ශ්‍රී ලංකාව සැලකිය යුතු පියවරයන් රැුසක් ගෙන ඇත. ඒ යටතේ ඉකුත් ඔක්තෝබරයේ දී ශ්‍රී ලංකා මූල්‍යමය බුද්ධි ඒකකය හා බංග්ලාදේශයේ මූල්‍යමය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ජාවාරම්කරුවන්ගේ මූල්‍ය හුවමාරු වැළැක්වීම, ත‍්‍රස්තවාදීන්ට අරමුදල් රැුස් කිරීම ඇති ඉඩකඩ ඇහිරීමටත්, එවැනි කි‍්‍රයාවල නිරතවන සැකකටයුතු අය සිටීනම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම් යනාදිය කිරීමට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඇති වූ එම සහයෝගීතා ගිවිසුමින් අපේක්‍ෂා කෙරේ. මෙවැනි ආකාරයේ අවබෝධතා ගිවිසුම් රැසක් ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමග විශේෂයෙන් කලාපයේ රටවල් සමඟ ඇතිකර ගෙන තිබෙන බව ඇමෙරිකාව පෙන්වා දෙයි. ඒ යටතේ පිලිපීනය, නේපාලය, කාම්බෝජය, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව සමඟ මෙවැනි ගිවිසුම්වලට එළැඹී ඇත. 2010 වසර සඳහා ත‍්‍රස්වාදී කි‍්‍රයාකාරකම් පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ අනෙකුත් සිවිල් නැගිටීම් පිළිබඳව කරුණු කිහිපයක් සඳහන් කර තිබේ. ඇමෙරිකාව පවසා සිටින්නේ ශ්‍රී ලංකාව රැුඩිකල්වාදීන්ට හා අන්තවාදීන් විසින් සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට එරෙහිව පියවර රැුසක් ගෙන ඇති බවය. මේ සම්බන්ධ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදුසු සිවිල් පරිපාලන ව්‍යුහයක් ගොඩනගා ඇති බවද එම වාර්තාවෙන් පෙන්වාදෙයි. ඉකුත් යුද ගැටුම්වල දී අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කරවීම, එලෙස පදිංචි කරවන පිරිස් රැඳී සිටින ප‍්‍රදේශයන් හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම, කර්මාන්ත සංවර්ධනය ප‍්‍රවර්ධනය කෙරෙහි ශ්‍රී ලංකාවේ සැලකිය යුතු අවධානයක් යොමු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය සිය වාර්තාවේ සඳහන් කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් අවධාරණය කර තිබෙන පරිදි ලොව පුරා විසිර සිටින මූල්‍යාධාර එක්රැුස් කිරීම පාලනය කිරීමට ද ජාත්‍යන්තර ප‍්‍රජාව නීතිමය කි‍්‍රයාමාර්ග ගතයුතු බවය යන්න යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට අභූත චෝදනා එල්ල කරන ඇතැම් බටහිර නායකයන් සිහියේ තබා ගතයුතු බවය යන්න පොදු ජනතාවගේ හැඟීම වී ඇත. එල්ටීටීඊයේ ඉතිරිව සිටින සුළු කොටසක් දෙමළ ඩයස්පෝරාව හා එක්ව රටේ ප‍්‍රතිරූපය අඳුරු කිරීමට ගන්නා සියලූ උත්සාහයන් ද ව්‍යර්ථ වනු අතැයි යන්න කාගේත් අපේක්‍ෂාව වුවද එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය කි‍්‍රයාත්මක කර ඇති මුල්‍ය ජාවාරම් හා අවි ජාවාරම් මැඩලීමට සියලූ ලෝක ප‍්‍රජාව එක්ව කටයුතු කළ යුතු කාලය එළැඹ ඇතැයි යන්න මෙම නව ඇමරිකානු වාර්තාවෙන් අපට ඒත්තු ගැන්වී  තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවේ ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය ඇතුළු දකුණු ආසියාතික රටවල් ද, බටහිර අපි‍්‍රකානු රටවල් හි ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හා ඒවා මැඩලීමට ගෙන ඇති පියවර පිළිබඳවද විවරණය කිරීම සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති ත‍්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර කියාපෑමකි.



අදහස් (0)

එතෙර කොටි ත‍්‍රස්තවාදය ගැන අනතුරු ඇඟවූ ඇමෙරිකා වාර්තාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 70 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 630 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site