IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හමුවීමට බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ අමාත්‍යාංශයට අපි ගියෙමු. අමාත්‍යවරයාගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි. හඳුන්කූරු දුමාරය නිසා දෑස දැවිලි දෙයි. ඔව්. කතාබහ අපි එතැනින් පටන් ගනිමු.   ප‍්‍රශ්නය: ඇමැතිතුමනි, ඔබේ නිල කාමරය හරිම  අමුතුයි. ඇයි මෙහෙම පරිසරයක්. පිළිතුර: ඒක ඉතින්...... දැන් ඔයා පිටිපස්ස හැරිලා අර  කවුළුවෙන් බලන්න. ඔබට පේන්නේ මුහුද. ඒකේ පරක් තෙරක් නෑ. මේ මහා සාගරයේ ලූණු රස විතරයි තියෙන්නේ. මේවා සොබා දහම නිර්මාණය කරපු දේවල්. අපේ ජීවිතක් එහෙම තමයි. අවසානයක් නෑ. අවසානයක් දකින්න නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් හරි ළං කර ගන්න. එහෙම බිඳක් ලංකර ගත්තොත් කාලයක් යනකොට අපට පුළුවන් වෙනවා ඒක මහ වැස්සක් කර ගන්න. එහෙම වුණොත් අපට පුළුවන් සතුටෙන් ඇස් දෙක පියා ගන්න. නිවන් දකින්න නම් මනුස්ස ලෝකයෙම උපදින්න  ඕනෑ. දෙවියන්ට නිවන් දකින්න බෑ. ඒ නිසා තමයි මම මේ කාමරය මෙහෙම හදා ගත්තේ. බුදු සරණ හැර වෙන සරණක් ලෝකයේ නෑ. ඊළඟට විෂ්ණු කතරගම, ගණ දෙවියෝ මං ළග වැඩ ඉන්නවා. දුටුගැමුණු රජතුමා මේ පැත්තෙන් ඉන්නවා. රට එක්සේසත් කරපු මහ රජ කෙනෙක්. මේ පැත්තේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හයවැනි පරාක‍්‍රමබාහුට පස්සේ රට එක්සේසත් කළේ එතුමා. පල්ලෙහා  පින්තූරයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ ලොකු අයියා. අපේ රජතුමාගේ ලොකු අයියා චමල්. ඒ වාසනාවන්ත දරු උපතක් සමග තමයි කාර්යශූර ප‍්‍රතාපවත් ප‍්‍රඥාවන්න දරු පරපුරක් ඒ පරපුරෙන් බිහිවුණේ. ඒ ඔක්කොම බලලා තමයි මම මේ කාමරය හදා ගත්තේ.   ප‍්‍රශ්නය: සෑම වංචනිකයෙක්ම ආගම සැරසිල්ලක්  බවට පත්කර ගන්නා බවට කියමනක් තිබෙනවා. ඔබ එයින් වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? පිළිතුර: මමනම් ඒක විශ්වාස කරන්නේ එක එක මෝඩ මිනිස්සු කියපු කතා විදියටයි. ඔය කතා පොත්වලත්  ලියවිලා ඇති. සමහර මාධ්‍යවේදීන් ඒ මෝඩ කතා කියලා වැදගත් මාධ්‍යවේදයත් මෝඩ කරනවා. එහෙම නම් ඉතින් බුදුහාමුදුරුවන්ටත් රහතන් වහන්සේලාටත් එහෙම කියන්න ලෑස්ති වුණානම් බුද්ධාගම නෑනේ. අනිකුත් ආගමික ශාස්තෘවරුන්ටත් එහෙම  කිව්වානම් ඒ ආගම් නෑ. අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න.   ප‍්‍රශ්නය: ඔබේ ඇමැතිකමට නිශ්චිත විෂය පථයක් නෑ. ඔබ තරහා කර නොගෙන  තියා ගන්න මොනවා හරි අටමගලයක් අටවලා දුන්නා කියලා ඔබ හිතන්නෙ නැද්ද? පිළිතුර: එහෙම හිතන්න බෑනේ. මගේ අමාත්‍යාංශය ගන්නකෝ. ඔබ කිව්වට මට විෂය පථයක් නෑ කියලා. නෑ ඒක හරියට අර මුහුද වගේ විශාලයි.  ඕනෑම අමාත්‍යාංශයක අඩුපාඩුවක්, යම්කිසි වැරැුද්දක් වෙනවා නම් ඇමැතිවරුන් අතින් පමණක් නොවෙයි. ඇමතිවරුන් කියන්නේ සර්වතෝ භද්‍ර  පිරිසක් නොවෙයිනේ. මමත් සර්වතෝ භද්‍ර නෑනේ. ඒ නිසා අඩුපාඩුවක් වුණොත් ඒ ගැන හොයා බැලීමේ වගකීම මට තියෙනවා. ඒ ඇමැතිවරයා හමුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා ඒ ගැන ක‍්‍රියා කරන්න මට අයිතියක් තියෙනවා. එතුමා මට ඇහුම්කන් නුදුන්නොත් ජනාධිපතිතුමාට, කැබිනට් එකට කියන්නත් මට අයිතියක් තියෙනවා. මේ රටේ  ඕනෑම තැනක  ඕනෑම අස්සක මුල්ලක පැමිණිල්ලක් ආවොත් ඒ ගැන හොයලා බලන්න මට පුළුවන්. මේ මුළුමහත් විශ්වයේම තියෙන්නේ මහජන කටයුතු. ඉතින් මේ බාරදුර කාර්ය මට එතුමා මට බාර දුන්නේ  මා ගැන අධික විශ්වාසයෙන්. ඒක මම තවමත් අබමල් රේණුවක් තරමින්වත් පලූදු කරලා නෑ. සමහර විරුද්ධවාදීන් මොනවා කිව්වත් ඔය කැලෑ පත්තර කාරයෝ කියන ඒවා මම ගණන් ගන්නේ නෑ. කැලෑ පත්තරවලට කැලෑ නාලිකාවලට මගේ මයිල් ගහක්වත් හොල්ලන්න බෑ. මම යන ගමන මම යනවා. මොන ප‍්‍රශ්න ආවත් කරදර ආවත් ඒවා ඉවත් කරගෙන යන්න මට ශක්තිය තියෙනවා. මා නිවැරදි නිසා මම දන්න කීප දෙනකුත් මා සමග ඉන්නවා. ඒ අය මට පෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඉන්නවා කියලා.

අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න

ප‍්‍රශ්නය: ඒ කවුද? අපිත් කැමතියි ඒ අය කවුද කියල දැන ගන්න. පිළිතුර: මහත්තයො ඔයාටත් ඉන්නවා. ඒ අයම. මනුස්සයාගේ ගති පැවතුම් අනුව ඒ මනුස්සයා රකින්න ඒ අය ඉන්නවා. එතැනදී මිනිසාට වැරදි කරවන්න පොළඹවන කෙනා මහා බලවත්. එයා තමයි කියන්නේ අරූට ගහපන්. අරූ මරාපන්, අඩියක් ගහපන්. අර ගෑනිත් එක්ක ඉඳපන්. අර පවුල කඩාපන් කියලා. මගේ ජීවිතය තුළ ඒ වැරැදි උපදෙස් දෙන කෙනා මම බිම දාලා තියෙන්නේ. මගේ ළග ඉන්නේ හරි උපදෙස් දෙන කෙනා. බුද්ධ ධර්මය ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම්  ඕනෑම කෙනෙකුට ඒක හදා ගන්න පුළුවන්. ලංකාවේ තරම් පන්සිල් ගන්න රටක් ලෝකේ තියෙනවද?  පත්තරේ ගත්තොත් කොච්චර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තියෙනවද?  හාමුදුරුවරුන් කියනවනේ. මම පෙළපාලි යනවා. සටන් කරනවා. අරක කරනවා, මේක කරනවා කියලා. හාමුදුවරු නමකට එහෙම කියන්න බෑ. බුදුහාමුදුරුවෝ හෝ රහතන් වහන්සේලා කවදාවත් එහෙම කළේ නෑ. මේ රට හදන්න පටන් ගන්න වෙලා තියෙන්නේ එතැනින්.   ප‍්‍රශ්නය: නමුත් ඔයිට වඩා බරපතළ ප‍්‍රශ්න තියෙනවා. අද අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න මතු කෙරෙමින් තිබෙනවා. ඇයි ඔබ ඒවා ගැන කතා  නොකරන්නේ? පිළිතුර: කෝ, ඉතින් මට කියන්න දුන්නේ නෑනේ. බුදුහාමුදුරුවන්ගේ කාලයේ හිටියා අම්බපාලි කියල ගණිකාවක්. මේ අම්බපාලි බුදුහාමුදුරුවන්ට දානයට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ආරාධනාව පිළිගත්තා. මේක ආරංචි වෙලා රජ්ජුරුවොත් ඒ දවසේම දානයට ආරාධනා කළා. බුදුහාමුදුරුවෝ ඒ ආරාධනාව ප‍්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ වැඩම කළේ අම්බපාලිගේ දානයට. නායකයෙක් වුණාම එහෙම කෙළින් තීරණ ගන්න  ඕනෑ. දැන් මම ඔබේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නම්. අග‍්‍රවිනිශ්චයකාරතුමියට එරෙහිව  චෝදනා නැගිලා තියෙනවා. එතුමියගේ සැමියාට එරෙහිව අල්ලස් චෝදනාවක්. සෙලින්කෝ ප‍්‍රශ්නය ගැන චෝදනාවක් තියෙනවා. ඊට අමතරව අපි කවුරුත් ඇස් වලින් දැක්ක දෙයකුත් තියෙනවා. ඒ තමයි දැන් පාර්ලිමේන්තුවේ තියෙනවා. මන්ත‍්‍රී පිවිසුම. අපි යන්න එන්න  ඕනෑ එතැනින්. ඒ වුණත් අපිටත් පුළුවන් යාළුවන් එක්ක මහජන පිවිසුමෙන් යන්න එන්න. අග‍්‍රවිනිශ්චයකාරතුමියට තියෙනවා සුවිශේෂ දොරටුවක් ඒත් එදා එතුමිය පාර්ලිමේන්තුවට එන්න පාවිච්චි කළේ අර විශේෂ දොරටුව නොවෙයි මහජන දොරටුවයි. එතැන  තමයි එතුමියට සුබ පතන පිරිස, සටන්පාඨ කියන පිරිස. අතට අතදෙන පිරිස හිටියේ. කැමරාකාරයෝ වට කරගෙන හරියට ඡන්දයකට නාම යෝජනා බාර දෙන්න ගියා වගේ.  මම කෙලින් කියන්නේ මේ එතැන අතට අත දීපු..... ජය ඝෝෂා  නගපු කළුකෝට් ඇඳගත්ත අය මම දන්නෑ මේ අය නීතිඥයෝද කියලා. කළුකෝට් ඇඳලා හිටපු නිසා මම හිතනවා නීතිඥයෝ කියලා. ඒ නිසා ඒ අයට මම අපහාස කරන්නේ නෑ. නමුත් ඒ අයගේ හැසිරීමත් කියන්න දුකයි. අර ඔල්වරසන් දුන්න අය ඇවිත් එතුමියගෙන් උදව්වක් ඉල්ලූවොත් එතුමියට පුළුවන්ද පිටුපාන්න.  එතුමිය වෙනුවෙන් පෙනී  ඉන්න කොම්පැණියට එරෙහිව පිටුපාන්න එතුමියට පුළුවන්ද? ඇයි මේ බෝධියක් ඉස්සරහා පොල් ගහන්නේ. ඒක ශීලාචාරද? මේ ගති එදා ඉස්මතු වුණා.   ප‍්‍රශ්නය: එතුමියටත් යුක්තිය ඉටු කරගන්න අයිතියක් තියෙනවනේ? පිළිතුර: ඒ වෙනුවෙන්ද එතුමිය මහජන පිවිසුමෙන් එළියට ආවේ. මේවා වෙනුවෙන් රටේ ජනාධිපතිතුමා බොහොම නිසොල්මන්ව දුරදකිනා  නුවණින් ක‍්‍රියා කරනවා. ඒකට තමයි එතුමියට කරුණු කියන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මේ. ඒක ව්‍යවස්ථානුකූලව දාපු එකක්. එතුමියගේ චෝදනා ගැන මහජනතාවට වුණත් තේරෙනවානේ මොනවද  වෙලා තියෙන්නේ කියලා.   ප‍්‍රශ්නය: නීතිය ගැන මෙහෙම කතා කරන ඔබ සමෘද්ධි නිලධාරියෙක් ගස් බැන්ඳා? පිළිතුර: ඔව්. එහෙම චෝදනාවක් ආවා. මම මොකක්ද කළේ? මම ඉල්ලා අස්වුණා. පරීක්ෂණයෙන් මම නිවැරදිකාරයා වුණා. ඊට පස්සෙයි ඇමතිකම ආපසු මට ලැබුණේ. උත්තරීතර අධිකරණයේ ප‍්‍රධානියා හැටියට එතුමියට තිබුණේ තාවකාලිකව හරි පසුබසින්න. ඉල්ලා අස්වෙලා මුහුණ දෙන්න. ජනාධිපතිතුමාටත් මම කියන්නේ ඒ වාර්තාවන් බලලා රටේ කවුරු කෑගැහුවත් රටට යුක්තිය ඉටු කරන්න කියලයි.   ප‍්‍රශ්නය: දෝෂාභියෝගය ගැන සලකා බලන්න කියලා මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා. පිළිතුර: මම දැක්කා. ඒ ඉල්ලීම ඇහින් බලන්න. ඒ ඉල්ලීමට සවන් දෙන්න. නමුත් අවශ්‍ය දේ ක‍්‍රියාත්මක කරන්න. අර අම්බපාලිගේ දානයට වැඩම කරලා බුදුහාමුදුරුවෝ පෙන්නුම් කළේ ඒකයි. තමන් ගන්න තීන්දු වෙනස් කරන්න එපා කියලයි බුදුහාමුදුරුවෝ ඒ ආදර්ශයෙන් දුන්නේ. එතුමා යුද්ධය වෙනුවෙන්  තීන්දුවක් ගත්තා. සියලූම රාජ්‍ය නායකයෝ යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තිබියදී බලපෑම් කළා. ඒත් ජනාධිපතිතුමා තීරණය වෙනස් කළාද? එතුමා රණවිරුවන් සමග ඒ ක‍්‍රියාදාමය කළා. යුද්ධයේ අවසන් කාලය කියලා කියන්නේ මාස 15යි. ඒ මාස 15න් මාස එකොලහමාරක් සරත් ෆොන්සේකා අසනීපයෙන් හිටියේ. ස්පිරිතාලේ හිටියේ. කවුද යුද්දේ ඇදගෙන ගියේ ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි. හමුදා පතිවරයාට  පහළින් හිටපු නිලධාරීන්  පිරිසයි. සරත් ෆොන්සේකා හිටියේ නෑ. ඒ නිසා අපි ගත්ත තීරණ ගන්නේ බුද්ධියෙන් නම් ඒ තීරණ වෙනස් කළ යුතු නෑ.

මම මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති

ප‍්‍රශ්නය: දැන් චෝදනා කළාට මේ අයට පත්වීම් දුන්නෙත් රජයෙන්මයි. පිළිතුර: ජනාධිපතිතුමා සුදු නෙළුම් මලක් වගේ මේ අයව පූජාසනය මත තිබ්වා. කිඩාරම් මලක් වගේ ගඳ ගහන්න කිව්වේ නෑනේ. මම බෙලිඅත්තේ කෙනෙක්. මට ජනාධිපතිතුමා ඇමතිකමත් දුන්නා. මේකේ මම වැරැදි කරන්න ගියොත් එතුමා පලිද? ඒකට දඬුවම් විඳින්න  ඕනෑ මර්වින් සිල්වායි. එතුමා පිරිසිදුව බාර දුන්නා. ඒකේ පිරිසිදුකම රැක ගන්න අපි දැන ගන්න  ඕනෑ.   ප‍්‍රශ්නය: මහජන සම්න්ධතා ගැන කතා කරනකොට  ඇයි මහ ජනතාවගේ බඩගින්න ගැන හිතන්නේ නැත්තේ? පිළිතුර: මේ රටේ කන්න තිබියදී ලෝබකම නිසා නොකන පිරිසක් ඉන්නවා. වැඩ වැඩි නිසා කන්න වෙලාවක් නැති පිරිසක් ඉන්නවා. කම්ැමැලිකිකම නිසා කන්න දෙයක් සොයා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකාව තුළ කන්න  ඕනෑ තරම් දේවල් තියෙනවා. කොස් ගසේ කොස් තියෙනවා. දෙල් ගහේ දෙල් තියෙනවා. පඳුරක මඤ්ඤොක්කා තියෙනවා.  වැලක බතල තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ ආර්ථික සංවර්ධනය ඉහළටම බැසිල් ඇමතිතුමා නැංගුවා. ඒක ඇත්ත. ඔය හුග දෙනෙක් කතාකරන්නේ ගමට යන්නෙ නැතිවනේ. ගමට ගිහින් බලන්න අද පලතුරු කොච්චර තියෙනවද කියලා. අද කෘෂිකර්මය කොච්චර දියුණුද කියල බලන්න. තමන්ගේ ගෙදර වම්බටු ගෙඩියක් කඩාගන්න, මිරිස් කරලක් කඩා ගන්න පැලයක් සිටුවා ගන්න බැරි ඇයි?   ප‍්‍රශ්නය: ජනතාවට අල බතල, මැති ඇමතිවරුන්ගේ පුතුන්ට ලැම්බෝගිනි. ලොකු වෙනසක් නේද? පිළිතුර: ඒකත් හරි මෝඩකමක්නේ. ලැම්බෝගිනි දෙනවා කියලා කවුද කිව්වේ. ඒ කතාව කිව්වේ මේ පත්තරවල මිනිසුස්නේ. කවුද කිව්වේ මට කියන්න බජට් එකේ ලැම්බෝගිනි ගැන කොතැනද තියෙන්නේ. දැන් පෙන්වලා දුන්නොත් මේ දැන් මම ඇමැතිකමෙන් අස්වෙලා යනවා.  ඕක මේ පත්තර උදවිය හදපු කතාවක්නේ. මෝඩකමට හෝ විනෝදයට හෝ නොදන්නාකමට දුන්න කතාවක් මේක. අඩු කරනවා කිව්වේ රේසිං කාර්. ඒවා මේ පාරවල්වල දුවන්න බෑ. ඉතින් නරකද ධනේෂ්වර පංතියේ ළමයින්ට  තිබුණ වරප‍්‍රසාදයක් ගමේ ගොඬේ  කොල්ලන්ට ලැබුණාම. ඒ කොල්ලන්ට මේවා ලාබෙට ලැබුණාම උන් රේස් යන්නේ නැද්ද? පදින්න පුළුවන් එකා පදියි. ඒත් මේ සමාජයේ හැටි බලන්න. දැන් චන්ද්‍රිකාවක් අල්ලාගෙන විපක්ෂය කෑගහනවා. ජනාධිපතිතුමාගේ පුතා නිසාද මිනිස්සු මේකට දොස් කියන්නේ. ඒ දරුවා කැමති විද්‍යාවට නම් ඒ දරුවා කැමති ගගනගාමියකු වෙන්න නම් ඒ දරුවා ලංකාවෙන් උඩු ගුවනට යන පළමු දරුවා වෙනවා නම් අපි සතුටු වෙන්න එපැයි. ඒ දරුවා කොහේද? හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වීරකැටියෙ මැදමුලනේ. කුරහන් සුවඳ එන ගමේ. ජනාධිපතිතුමාගේ පුතා නොවුණා නම් මේ අය මෙහෙම කෑගහයිද?   ප‍්‍රශ්නය: ඔබේ පුතා මාලක සිල්වා මේ රටේ අධ්‍යාපන ඇමැති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව උසාවියේදී කියැවුණා පිළිතුර: අනේ මන්දා. එක එක්කෙනා එක එක දේවල් කියනවා. ඒක මම කියලා නෑ. ඒක මම කිව්වේ නෑනේ. මගේ පුතා කිව්වෙත් නෑ. ඔබතුමා කරුණාකරලා ඒ කියපු කෙනාගෙන් අහන්න. ඇයි එහෙම කිව්වේ කියලා. පුතා දැන් ඉගෙන ගෙන ඉවරයි. පිටරටත් ඉගෙන ගත්තා. කොම්පියුර් තාක්ෂණය ගැන පුතාට ඉහළම සාමාර්ථයක් ලැබිලා තියෙනවා. පුතා පුතාගේ ව්‍යාපාර කරනවා. මගේ පුතා දෙමාපියන්ට අවනතව දෙමාපියන් සමග ජීවත්වන ව්‍යාපාර කරන පිරිසක් සමග සම්බන්ධකම් පවත්වන තමන්ගේ ජීවත්වීමේ අයිතිය හදාගෙන ඉන්න කෙනෙක්.   ප‍්‍රශ්නය: ඔහු දේශපාලනයට  ඒවිද? පිළිතුර: අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම එදා තිබුණා කතාවක් පැඟිරි කපන එකාගේ පුතා පැඟිරි කපන්නම  ඕනෑ. ගස් යන එකාගේ පුතා ගස් යන්නම  ඕනෑ. ධීවරයගේ පුතා ධීවරයෙක් වෙන්නම  ඕනෑ. 1956 විප්ලවයෙන් පස්සේ ඒක වෙනස් වුණා. මගේ පුතාට අශාවක් තියෙනවා නම් මම ඒ පාර හදලා තියෙනවා. පුතාට හෝ දුවට  ඕනෑනම් දේශපාලනය කරන්න පුළුවන්. ඒක අපි ගෙනල්ලා බාර දෙන්න  ඕනැ නෑ. දේශපාලනය ලේවල තියෙන්න  ඕනෑ. මහජන සම්බන්ධතා හොඳට තියෙන්න  ඕනෑ. මගේ හිත හොඳ නිසා මම බෙලිඅත්තේ ඉඳලා ඇවිල්ලා මහජන සම්බන්ධතා ඇමැති වෙලා ඉන්නවා.   ප‍්‍රශ්නය: ඔබ කියලා  තිබුණා රාජපක්ෂ පවුල ඔබව ආරක්ෂා  කරනවා කියලා? පිළිතුර: උඩ ඉන්න දෙවියන්ට වඩා උඩින් ඉන්නවා  ජනාධිපතිතුමා. එතුමා බේර ගත්තේ මාව විතරක්  නොවෙයි. මුළු සමස්ත රටවැසියම බේරා ගත්තනේ එතුමා. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් විතරක් නොවෙයි. විපක්ෂයේ අයවත් බේර ගත්තෙ එතුමානෙ. බෙලිඅත්තේ මිනිහෙක් හැටියට මාව බේරා ගන්න එතුමාට යුතුකමත් තියෙනවා. මම වැරදි වැඩ කරන කෙනෙක් නොවෙයිනේ. එක්තරා අවස්ථාවකදී එතුමා මාව ඇමතිකමින් අස් කළානේ. ඒක හොඳ ආදර්ශයක්.   ප‍්‍රශ්නය: ඇමතිකම ඔබ ගිහින් ආපහු ඉල්ලූවාද? පිළිතුර: නෑනේ. මම නිදහස් වුණානේ. ඊට පස්සේ එතුමා මාව ආපසු පත් කළානේ.   ප‍්‍රශ්නය: ඔබට තරම් වෙනත් කිසිම ඇමැති කෙනෙකුට චෝදනා එල්ල වුණේ නෑ. පිළිතුර: චෝදනා කියන්නේ.  බුදු වෙනකොට මරඟනන් රැගුවා වගේ මටත් චෝදනා ආවා. මට කොච්චර චෝදනා ආවත් මොනවද  ඒවායින් ඔප්පු වුණේ? මම කාන්තාවන් දුෂණය කළාද? මම බාල වයස්කාර දැරියක් දුෂණය කළාද? කප්පම් ගත්තද?  අල්ලසක් ගත්තද? මිනී මැරෙව්වද?  මිනී මැරුවාද? සොරකමක් කළාද වරදක් කළානම් කන හරහා පහරක් ගහලා ඇති. ඒක මම බෙලිඅත්තේ ඉන්න කාලේ ඉඳලම කරලා තියෙන දෙයක්. ඒක රුහුණෙ මිනිසුන්ගේ හැටි. අයුක්තිය අසාධාරණය වුණෙත් දඬුවමක් දෙන්න  ඕනෑ. හොඳින් කිව්වම අහන්නේ නැතිනම් අත උස්සලා ගහන්න  ඕනෑ. ඒක එතැනින්  ඉවරයි. මම ප‍්‍රසිද්ධියේ කියනවා. මාධ්‍ය මහත්වරුන්ට එක චෝදනාවක්  පුළුවන් නම් ඔප්පු කරන්න. අමාත්‍යාංශයේ වැඩිපුර ශතයක් ගත්තද? අමාත්‍යාශයේ සල්ලිවලින් පිටරට ගියාද? තරු හතේ  හෝටල්වල හිටියද? අනවශ්‍ය මුදල් වියදම්  කළාද? කියන්නකෝ රත්තරනේ!   ප‍්‍රශ්නය: කැළණියේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු  එක්ක හදාගත්ත ගැටුමට මොකද වුණේ? පිළිතුර: මගේ  ගැටුමක් තිබුණේ නෑනේ. මම ඒ අයට අවශ්‍ය විදියට හැසිරෙන්න දුන්නේ නෑ. අනවශ්‍ය වියදම් හොරකම්, ජඩකම්වලට ඉඩ දුන්නේ නෑ. අපි දෙගොල්ලෝ සමගියෙන් වැඩ කරගෙන ගියා. ඒගොල්ලෝ හිතන්න ඇති මෙයා හිටියොත් කරදරයක්. මෙයා නැතිව තනිවම යන්න  ඕනෑ කියලා. දෙවිදත්තර  ගියා වගේ මේ අය යන්න හැදුවේ. මට ඒ අය  ඕනෑ නෑනේ මම මහජන නියෝජිතයෙක්. මට ඇමැතිකමත් තියෙනවා. ඒ බලතල යටතේම මම කැලණිය වැඩ කරගෙන යනවා.   ප‍්‍රශ්නය: කැලණියේ යුවරජු ඔබයි? පිළිතුර: රජවරු ඉන්න කාලේ හිටියානම් රජවරු ඉන්න කාළේ මමත් ඉන්න ඇති. එදා මම යුවරජ කෙනෙක් වෙන්න ඇති. දැන් රජවරු නෑනේ. දැන් ඉන්නේ ජනතා සේවකයෝ. ජනාධිපතිතුමා ගත්තොත් හරිනම් එතුමා රජෙක් වෙන්නම  ඕනෑ. රට නිදහස් කරලා දුන්න රජතුමා රටේ ආර්ථිකය හදලා දුන්න රජතුමා. රටේ නිදහස ලබාදුන්න රජතුමා.  එතුමා යටතේ මම යුවරජ කෙනෙක් තමයි.   ප‍්‍රශ්නය: ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද? පිළිතුර: මම හොඳට ධර්මය දන්න කෙනෙක් විදියට එකම  බලාපොරොත්තුව තියෙන්නේ මම දැන් මේ මනුෂ්‍ය ලෝකයේ හිටියා ඇති. දැන් මම දිව්‍ය ලෝකයේ යන්න  ඕනෑ. මං දිව්‍ය ලෝකේ යනවාමයි. දිව්‍ය  ලෝකයට ගිහින් දිව්‍ය සැප විඳලා ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයට එන්න තමයි ප‍්‍රාර්ථනා කරන්නේ.

 

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා

සාකච්ඡා කළේ - ප‍්‍රසන්න  සංජීව තෙන්නකෝන්



අදහස් (0)

එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි

මංගල Friday, 07 December 2012 11:46 PM

අයියෝ සල්ලි

:       0       0

බාප්පා Monday, 03 December 2012 03:25 AM

ඇත්තටම ගිය ආත්මෙක රජ කෙනෙක් වෙන්න ඇති. කට ඇරියොත් රජ කතාවක් නේ (දී)

:       0       0

දොන් Monday, 03 December 2012 05:06 AM

රජ කතාම තමයි කියන්නේ (දී)

:       0       0

සුසන්ත Thursday, 06 December 2012 08:14 AM

විකාර කතා නේ (දී)

:       0       0

කුමාර Tuesday, 04 December 2012 02:57 AM

මෙතුමා වැඩ කරන නිසා හරි ප්‍රසිද්ධයි .(ස)

:       0       0

නලිමි Saturday, 08 December 2012 03:05 AM

මටනමි පේන විදිහට මේක මායා රෝගයක් (ස)

:       0       0

ඔසධි Saturday, 08 December 2012 03:30 PM

යුව රජ නිතරම බලන්නේ රජ වෙන්න (දී)

:       0       0

ජගත් Tuesday, 04 December 2012 05:50 AM

විහිළුද මේ

:       0       0

හිල්මි Saturday, 08 December 2012 05:19 AM

රූට් එක මාරුකරගෙනමයි යන්න හදන්නේ. (නි)

:       0       0

නිරෝෂණ Monday, 03 December 2012 08:57 AM

ඔන්න කියුවා ඉදලා ඉදලා කතාවක් (දී)

:       0       0

සමන්ත Thursday, 06 December 2012 08:50 AM

මාර වැඩක්නේ මේ (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 06 December 2012 09:48 PM

මොකද්ද මොකද්ද යුව රජ (දී)

:       0       0

පෙරේරා Thursday, 06 December 2012 09:01 AM

මට හිනායනවා මම මොකද්ද කියන්න ඕනේ

:       0       0

ලලිත් Friday, 07 December 2012 11:35 AM

අයියෝ අපේ ලංකාව (ස)

:       0       0

ශාක්‍යා Tuesday, 04 December 2012 06:31 PM

යුව රජ කම දුන්නේ කවුද දන්නේ නැහැ (දී)

:       0       0

රසික Sunday, 02 December 2012 01:53 PM

කමක් නැහැ මෙහෙම දෙයක් කියන්න මොකාක් හරි හේතුවක් ඇතිනේ (දී)

:       0       0

කුමාර Tuesday, 04 December 2012 06:41 PM

විහිළුවක් වගේ නේද ඇත්තට කියන්න (දී)

:       0       0

උපුල් Tuesday, 04 December 2012 06:55 PM

නිකන් විහිළුවක් වගේ නේද (දී)

:       0       0

බන්දුල Thursday, 06 December 2012 10:30 AM

යුවරජලා තුමා (දී)

:       0       0

ජීවන්ත Friday, 07 December 2012 12:13 AM

මොකද්ද මේ ඇමති තුමාට වෙලා තියෙන්නේ (දී)

:       0       0

ජොනී Friday, 07 December 2012 05:50 PM

යුව රජ තිමා

:       0       0

මහින්ද Friday, 07 December 2012 12:24 PM

මට හිනා යනවා අනේ (දී)

:       0       0

රත්නායක Monday, 03 December 2012 11:29 AM

කෝ ජනතා‍වගේ අදහස් ??(ස)

:       0       0

රජා Monday, 03 December 2012 11:28 AM

යුව රජ නෙවෙයි අර රජ කෙනෙක්ගෙ මැස්ස වැහුවම මගුල් කඩුවෙන්ම මැස්සව දෙපලුකලේ අන්න ඒ පරපුරේ කෙනෙක්. (දී)

:       0       0

රෝහිත Wednesday, 05 December 2012 09:00 AM

යුව රජලු එයා, මට හිනා යනවා (දී)

:       0       0

චරිත Friday, 07 December 2012 12:48 PM

නියම යුවරජ (දී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Saturday, 08 December 2012 10:28 AM

ලංකාව නම් මරු (ස)

:       0       0

කුරුප්පු Monday, 03 December 2012 11:41 AM

පව් අසරණ දේශපාලකයෙක් (දී)

:       0       0

සුනිල් Saturday, 08 December 2012 06:31 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

ගීතා Saturday, 08 December 2012 06:37 PM

මට වෙලාවකට හිනාත් යනවා (දී)

:       0       0

දයාරත්න Sunday, 02 December 2012 04:54 PM

ඒ ගමන මොකද්ද මෙතුමා නටන්න යන නාඩගම

:       0       0

අනුර Sunday, 02 December 2012 05:01 PM

ඔබ ගැන ආඩම්බරයි සර්, කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක් (ස)

:       0       0

බන්දුල Saturday, 08 December 2012 06:51 PM

දේශපාලන රැකවරණය නැති කල බොහෝ අය අසරණ වෙන බව දන්නවාද? (නි)

:       0       0

ඉෂාන් Monday, 03 December 2012 12:16 PM

ඔබ හොද දේශපාලකයෙක් යුවරජ තුමනි (දී)

:       0       0

කුමාර Wednesday, 05 December 2012 10:01 AM

විකාර කියවනවාද මන්දා ඇමති තුමා

:       0       0

දියස් Sunday, 02 December 2012 04:59 PM

මට හිනායනවා අනේ (ස)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 07:00 PM

කැලණිය ප්‍රදේශය භාර ජුව රජ (දී)

:       0       0

මුතුක Monday, 03 December 2012 01:35 PM

මේක මායා රෝගයක් (ස)

:       0       0

කමල් Saturday, 08 December 2012 07:59 PM

අපිට මතකයි හැමදේම. (නි)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 01:34 PM

මෙන්න තවම රාජාණ්ඩු ක්‍රමයක් කියලාද හිතාගෙන ඉන්නේ (දී)

:       0       0

අචිනි Monday, 03 December 2012 02:39 PM

ගිය ආත්මේ රජ කෙනෙක්ම තමයි (දී)

:       0       0

සනත් Thursday, 06 December 2012 04:53 AM

ජුවා රජ තමයි ඉස්සෙල්ලාම රජ වෙන්න බලන්නේ..... ඉස්සර හොදේ (දී)

:       0       0

වාසනා Tuesday, 04 December 2012 01:23 PM

මෙතුමාට රඟ පාන්නවත් ආසා හිතිලාද (දී)

:       0       0

මදුර Sunday, 09 December 2012 01:14 PM

ජුවරජු නම් නියමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 154 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 77 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 265 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 546 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 2069 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 362 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 788 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site