(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )
සැමියා නොමැතිව පාසල් වියේ පසුවන දියණියන් හතර දෙනෙකු සමඟ දුකින් දිවිගෙවන මවක් සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේ සිටින්නීය.
කටුමැටි නිවසක කුඩා දියණියන් සිව් දෙනා සමඟ දිනකට වේලක් ආහාරයට ගනිමින් හරිහැටි ඇඳුමක් හෝ නොමැතිව තමන් දරුවන් සමඟ ජීවත්වන බව සුභාෂිනි හේරත් මහත්මිය හැඬු කඳුළින් පැවසුවාය.
ඇගේ වැඩිමහලු දියණිය භාග්‍යා ශ්‍රීමාලි දොළොස් හැවිරිදි වියේ පසුවන්නීය .දෙවැනි දියණිය සෙව්වන්දි තවමත් දහ වැනි වියේ පසුවන අතර තුන්වැනි දියණිය නවෝද්‍යා අවුරුදු හයක දැරියකි. සිව්වන දැරිය නෙහන්සිකා තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය.
මෙම දියණියන් සිවු දෙනාට කුඩා අවධියේ සිට ම පිය සෙනෙහස අහිමි වී ඇත්තේ ඔවුන්ගේ පියා පවුලෙන් ඈත්වීම හේතුවෙනි. දරුවන්ගේ සියලු බර කරටගත් මව කුලී වැඩක් කරමින් දිනකට එක වේලකින් හෝ දරුවන්ගේ කුස පුරවන්නට දැඩි වෙහෙසක් දරන්නීය.
වන අලින්ගෙන් ගහන සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශ කටුමැටි බිත්ති හතරකට කොටු වී හරිහැටි දොර ජනෙල් පවා නොමැතිව දිවි ගෙවන මොවුන් රාත්‍රී කාලයේදී අලින් පැමිණෙනවිට නිවසේ ඇති එකම ඇඳ යට සැඟවී සිටින බව කුඩාම දියණිය අප සමඟ පැවසුවාය.
සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන මෙම දියණියන් තිදෙනාට දක්ෂතා ඇතත් අඩුපාඩු නිසා ඔවුහු අසීරුතාවකට පත්ව සිටිති. බාල දියණිය තවමත් පෙර පාසල් වියේ පසුවන්නීය.
කුප්පි ලාම්පු එළියෙන් දිවිගෙවන මෙම දරු පවුල බරපතළ ආර්ථික දුෂ්කරතාවයකට, ආහාර, ඇඳුම් පැළඳුම් හා පාසල් උපකරණ හිඟයකට මුහුණ පා සිටිති. සුභාෂිණී හේරත් මහත්මිය කියා සිටියේ තම දියණියන් කිසිඳු ආරක්ෂාවක් නොමැතිව මෙම කුඩා කටුමැටි පැලේ දමා යෑමට නොහැකි වීම තමන්ට ඇති ලොකුම ගැටලුව බවයි. කෙසේ හෝ ඔවුන්ගේ කුස පිරවීමට තමන්ට හැකියාව ලැබුණද ආරක්ෂාව සහිත කුඩා කාමරයක් තනා ගැනීමට නොහැකි වීම නිසා තමන් සිත්තැවුලට පත්ව සිටින බවද ඈ පැවසුවාය.
මෙම දියණියන් සිවු දෙනාට උපකාර කළයුතු බව එහි ගිය අපට පසක් විය. දුරකතන අංකය 076 326 72 74 යෙන් ඔවුන් ඇමතිය හැකි අතර මහජන බැංකුවේ හබරණ ශාඛාව ගිණුම් අංකය 203- 200 2100 193 91 යෙන් ආධාර කළ හැකිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න කරනවා නම් පින්...
බස්නාහිර පළාත් සබවෙන් එක පුටුවක් අඩුකළ නම් මේ පවුලට ගෙයක් හද දෙන්න පුලුවන්...
දේශපාලනය ඉහල සිට පහලට ගලා යාමේ ගැටලුවක් තියනවා. ප්‍රාදේශීය සභාවෙන් මේවා හොයලා බලලා කරන්න ඕන.
මේ කටු මැටි ගසා ඇති නිවසේ ජිවත්වන මිනිසුන්ගේ ඡන්දයෙන් පත්වන දේශපාලකයින් නගරවලට වී සුරසැප විදිමින් සිටී. කොළඹ සිට කෑ ගහන පරිසරවේදීන් මේ අහිංසකයින් වල් අලින්ගෙන් බේරීමට ඇදන් යටට යයි. මේ රටේ ඇත්තේ උඩ යටිකුරු වුන සමාජයකි.
අසරණ හා ඉතා වාසනාවන්ත දරුවන් බව මුහුණු වලින්ම දිස්වේ. ඔවුන්ගේ පාසැල් කටයුතු නිසියාකාරව කරගෙන යාම සඳහා අවංකවම දායක වීමට ඉතා කැමැත්තෙන් සිටිමි. ලබන වෙසක් උත්සවයට පෙර ඔවුන් සඳහා නව නිවසක් ලැබේවායි මා අවංකවම ප්‍රාර්ථනා කරමි. මේ සඳහා අපේ රටේ සිටින පින්වතුන් අවංක සිතින් සංවිධානය කර එම කාරණය සපළ කරන්නේ නම් මා ඒ සඳහාද මුදලින් දායක වෙමි. (මා ලංකාවේ ජීවත් නොවන නිසා මෙලෙස ලියමි) ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා !
මේ ලිපිය ඉතාම වැදගත්... මට උදව් කල හැකිවෙනවා. මුදල් බැංකු ගිණුමට දැමීමට කැමති බව දන්වමි.
පුලුවන් විදිහට අපි හැමෝම මේ දරුවන්ට උදව් කරමු
ගිණුම් හිමියාගේ නම දැන්වා එවන්න.
උදව් කරනවා කොහොම හරි...
මම එන සතියේ ලංකාවට එනවා. මට මේ දරුවන් බලන්න ඕනේ .
සෑම ගමකම ග්‍රාම නිලධාරි න්ද උපාධිධාරීන්ට රැකියා දීමට පත්කල සංවර්ධන නිළධාරියෙක්ද, සමෘද්ධි නිළධාරියෙක්ද මෙකී නොකී ලෙස ගමකට 30 කට ආසන්න ක්ෂේත්‍ර නිළධාරි පිරිසක්ද පළාත් පාලන ආයතන මන්ත්‍රී කෙනෙක් පලාත් සභා මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හා ප්‍රාදේශිය ලේකම් මට්ටමෙන් ප්‍රාදේශීය සම්බන්ධී කරන කමිටුවක්ද රටේ ඵලදායිතාවය ඇතිකිරීමට ඵලදායිතා ලෙක්ම් කාර්යාලයක්ද රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජයේ මුදලින් නඩත්තුවෙනවා. එහෙම තියෙද්දිත් මෙහෙම වන්නේ ඇයි.
මමත් උදව් කරනවා කොහොම හරි... මේ මාසේ වැටුපෙන්.
ලක්ෂ්මන්, එහෙම තියෙද්දිත් මෙහෙම වන්නේ ඇයි...? ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක්. මට දෙන්න පුළුවන් එකම උත්තරය "මේක අපේම වැරැද්ද ..." අපි කතිරෙ ගහල යවන එකෙක්වත් මේවා ගැන බලන්නෙ නැහැ.
බස්නාහිර පළාත් සභාවේ පිවිසුම් දොරටුව අඟල් කාලකින් පුංචි කලානම් මේ පවුල ගොඩ.
කවුරු කවුරුත් උදව් කරලා මේ පවුල ගොඩ දාවි
ලංකාදීපෙන් මෙවන් අයට උදව් කරන්න අරමුදලක් පිහිටුවන්න. අපි දායකත්වය දෙන්නන්. මේ වගේ පවුලක් හම්බුනාම ඒකෙන් උදව් කරන්න. උදව් කරල ඒ ප්‍රවෘත්තිය පල කරන්න පුළුවන් නම් අපිට කියාගන්න බැරි තරම් සතුටක් දැනේවි.
මෙවන් දෙයක් දැක්කහම අදහස්, යෝජනා එන්නෙත් හැකි පමණින් උදවු කරන්න ඉදිරිපත් වෙන්නෙත් මහජනතාවම පමණක් නිසා. මහජන මුදල් යොදවා නඩත්තු කරන මේ නාගරික, ප්‍රාදේශීය, පළාත් යන සියලු ආයතන වලට පත් කරන වැඩකට නැති මන්ත්‍රී, ඇමති නඩයන් තවත් තියාගන්නේ මොකටද? ඔවුන් යවා අපි වෙනුවෙන් අපි කියලා බද්දක් විතරක් පනවා අපි අපිටම උදවු කරගත්තනම් හොදයි. මේ දරු පැටවුන්ට උදවු කරන්න හැකි පමණින් දායක වෙන්න ලැබීම අපට සතුටක්.
අපේ ප්‍රදේශයේ නම් සමෘධි නිලධාරී මහත්මිය මේ වගේ පවුල් උදව්කල හැකි අයට යොමුකරනවා. මටද එහෙම අය ඉදිරිපත් කර තිබෙනවා. මමත් එහෙම ළමුන් ට උදව්කරගෙන යනවා.
අනේ පව් පුංචි පැටවා. මමත් මෙයාලගේ බැංකු පොතට මුදල් බැරකරනවා. බොහෝම ස්තුතියි ලංකාදීපයට...
මම අද හැරියත් මහත්මියට දුරකථනයෙන් කතා කළෙමි. නමුත් මට අවශ්‍ය ඇයගේ බැංකු විස්තර පැහැදිලිව ලබාදීමටයි. ඇයට එම අවස්ථාවේ නොහැකි විය. මා පිටරටක සිටින නිසා ඇයගේ බැංකු ගිණුමට නිවැරදිව මුදල් බැරකිරීම පිණිස සියලු තොරතුරු මට අවශ්‍ය වෙනවා. එවිට අපහසුවෙන් තොරව ඇයගේ ගිනුමට මුදල් බැරකිරීමට හැකිවෙනවා. කවුරු හෝ වේවා මට ඒ සදහා උපකාර වේ නම් මා ඉතා ස්තුතිවන්ත වෙමි. මගේ ඉමේල් ලිපිනය: [email protected]
කරුණාකරලා එකවුන්ට් ඩීටේල්ස් හරියට එවන්න.. එකවුන්ට් එක හිමි කෙනාගේ නම හරියට ඊමේල් කරන්න ireshuditha81@gmail .com
ළඟදි දැක්ක ආර්ටිකල් එකක් කොහෙද මන්ද තියෙන දොරකට ලක්ෂ 83 වියදන් කරලා.. දොරවල් දාන වෙලේ මෙන්න මේ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා නම් හෙන ගහන එකක් නැති වේවි..!!!
චරිත් මහතා වෙත, මම අම්ම බලන්න මේ අවුරුද්දේ මුල යොදා ගත්ත ගමනක්...
ඔය ජංගම දුරකථනයේ බිල ගෙවන්නත් කවුරුහරි ඉදිරිපත් වෙන්න.
මම මුදල් යැව්වා කාමරයකට අවශ්‍ය බ්ලොක් ගල් සහ සිමෙන්ති ගැනීමට. ඇය ඒ මුදල් ලබාගෙන තියෙනවා. කරුණාකර එයාට හැකි උදව්වක් කරන්න ළමයි හතරදෙනා සමග ජීවිතය ජය ගැනීමට.
ඇමැතිතුමාලා ගහන එක කොමිස් පාරකින් මේ වගේ පවුල් 100ක් නඩත්තු කරන්න පුළුවන් වේවි. ජනාධිපතිතුමාගේ නෙව්යෝර්ක් ගමනින් එක් කෙනෙකුව අඩු කෙරුවානම් ?
ඇත්තටම උඩ ප්‍රතිචාර බැලුවම.... ඉතා යහපත් මිනිසුන් ඉන්නා බව දැක්කෙමි. අපි කවුරු කොහොම කිව්වත් අපි අපිටම උදව් කර ගත යුතුය. තවද අවුරුදු 70ක් විතර අපි කලේ දෙපිලකට බෙදී දේශපාලකයන්ගේ බඩ තරකිරීම පමණි. එපමණක් නොව ඔවුන්ටම කෝටි 2,3 වාහනද අරන් දුන්නෙමු. එවන් එක් වාහනයක් සල්ලි කළා නම් මේ වගේ අහිංසකයින්ට හිනාවක් ගේන්න තිබුණා. තව ඒ වගේම ෂෝ පවත්වන, හදවත බේරගන්න කියලා සන්ග්ලාස් දාලා පා ගමන් යන අයට මෙන්න මේවා පෙන්නන්න ඕනේ. නොපෙනෙන දෙවිවරුන්ට සල්ලි යට කරන අයට මේවා පෙන්නන්න ඕනේ.... බුදු හාමුදුරුවෝ කිව්වෙත් එක එක්කෙනාට උදව් කරගන්න කියලා. මේ අහිංසකයින්ට උදව් කරන අයෙක් සිටිනවා නම් සැබෑ ලාංකිකයන් බවද මතක් කරන්න ඕනේ...
මේක බලන හැම කෙනාම අන්තිමට තියන එකවුන්ට් අංකයට රුපියල් 500 ගාණේ දැම්මත් ඇති ඒ අයට ජීවත් වෙන්න. පින්සිද්ධ වෙනවා.