IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උපන් රටේ උන්නතියට විශිෂ්ට මෙහෙවරක් කළ විරයා

d.b.jayathilaka

ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ට ජාති වීරයකු වූ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ 149 වැනි ජන්ම දිනය පෙබරවාරි 13 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

”මේ රටේ දරුණු අපරාධ දිනෙන් දින වැඩිවන බව පෙනේ. සියලූ සතුන්ට මෛත‍්‍රීය පැතිරවීමට දේශනා කළ රටක මෙතරම් අපරාධ වැඩිවන්නේ කුමක් නිසා ද යන්න තමුන්නාන්සේලා කල්පනා කළ යුතුය. අපරාධ අඩු කරන්නට නම් අප හික්මිය යුතු අතර අසල්වැසියන් හික්ම වීමට කටයුතු කළ යුතුය. එය කළ හැක්කේ කුඩා කළ සිටම ධර්මය ඉගැන්වීමෙනි. කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් දහම් පාසල් ආරම්භ කරන ලද්දේ මේ නිසාය. ළමයින්ට ධර්මදානය ලබාදීම සෑම බෞද්ධයෙකුගේම යුතු කමක් වන්නේය”

මේ ප‍්‍රකාශය විද්වත් බහුපඨිත දේශකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා විසින් 1927 තරම් ඈත කාලයක ප‍්‍රකාශ කරන ලද්දේ වූවද, අද ශ්‍රී ලංකික සමාජයට ද මෙය එකසේ වැදගත් වේ. මන්දයත් අද මෙරට සමාජය වඩාත් අගතිගාමී ප‍්‍රවාහයකට ගොදුරු වී සිටින බැවිනි. ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ 149 වැනි ජන්ම සංවත්සරය සමරන අවස්ථාවේ එතුමා කළ කී දේ පිළිබඳව යථාවබෝධයෙන් සොයා බැලීම මෙරට බෞද්ධයාගේ හිතසුව පිණිස වනු ඇත. මන්දයත් ධර්මය ඉගැන්වීම, දහම් පාසල් ක‍්‍රමය, බෞද්ධයන්ගේ යුතුකම් සියල්ල අද කිසියම් උකටලී ස්වභාවයකට පත්ව ඇති බැවිනි.

1868 පෙබරවාරි 13 වැනිදා උපත ලද එතුමාගේ රට දැය සමය පිළිබඳ අවබෝධය පුළුල් වුයේ කුඩා කාලයේම පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත‍්‍රාලයේ, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන් වහන්සේ ආභාෂයෙන් බව සඳහන් කළ යුතුය. වරාගොඩ බැප්ටිස්ට් විද්‍යාලයෙන් සහ පිටකොටුවේ වෙස්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද නමුත් එතුමා හොඳ සිංහල බෞද්ධ පදනමක් සකසා ගත්තේ ශ්‍රී ධර්මාලෝක ස්වාමීන්වහන්සේ ඇසුරෙනි.

එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස අප දකින්නේ ඉඩම් දෙපාර්තමේන්තුවේ විඥානාර්ථ බෞද්ධ සමාගමේ එකඟත්වයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් කෙරිණි. 1890 දී ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්වන විට ඔහුගේ වයස අවු. 22 ක් විය. බෞද්ධ අධ්‍යාපනය ගැනත්, බෞද්ධ ජනතාව මුහුණ පා තිබූ ගැටලූ ගැනත්, ඉංග‍්‍රීසි පාලකයන්ගේ අත්තනෝමතික පාලන ක‍්‍රමය පිළිබඳවත් එතුමා නිවැරදි අවබෝධයකින් කටයුතු ආරම්භ කළේ මේ කාලයේදී බව අපගේ විශ්වාසයයි. තවදුරටත් අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනීම තම කටයුතු වලට වඩාත් වැදගත් වන බව තේරුම්ගත් එතුමා කල්කටා විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී සහ ශාස්ත‍්‍රපති උපාධිවලින් සමත් වූයේය. අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳ තරුණ පරපුරට දුන් එතුමාගේ පණිවුඩය ඉතා වැදගත්ය. එක්තරා දේශනයක දී ඔහු මෙසේ සඳහන් කළේ තරුණයන් පිළිබඳවයි.

”මගේ ඒකායන අපේක්ෂාව මව්බිමට සේවය කිරීමටයි. තරුණයෝ යනු අනාගත නායකයෝය. ඔවුන්ගේ සිත බියෙන් තොරය. කරදර හිරිහැර වලට ඔවුහු බිය නොවෙති. තරුණ කම මගේ දියුණුවේ රහසයි.”

මහනුවර ධර්මරාජය, ජයතිලක මහතාගේ පරිපාලනය යටතේ කැපී පෙනුන දියුණුවක් ලැබීය. එහි ප‍්‍රතිඵලය වුයේ 1898 වසරේ කොළඹ ආනන්ද විදුහලේ උප විදුහල්පති තනතුරට එතුමා පත්කිරීමට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම කටයුතු කිරීමයි. 1900 ආනන්ද විදුහලේ විදුහල්පති තනතුරට පත් එතුමා අති දක්ෂ විදුහල්පතිවරයකු වූවා පමණක් නොව ආනන්දය නිසි පර්යාලෝකයේ පිහිටුවීමේ සමත් ප‍්‍රඥාවෙන්ද යුක්ත වූයේය.

මෙහි ප‍්‍රතිඵලය වූයේ එවකට අධ්‍යාපනයේ පූර්ණ ආධිපත්‍යය හිමිකරගෙන සිටි මිෂනාරි පාසල් අභිබවා ආනන්ද විදුහල විශිෂ්ට ප‍්‍රතිඵල සහිත බෞද්ධ පාසලක් බවට පත්වීමයි. පසු කලෙක ආනන්දගේ විදුහල්පති පදවිය දැරූ පී.ද.ඇස්. කුලරත්න මහතා විසින් ඒ පිළිබඳ මෙසේ සටහන් කර ඇත.

”සුද්දන් විසින් පාලනය කරන ලද මිෂනාරි පාසල්වලින් ලැබූ අධ්‍යාපනයට නොදෙවෙනි විශිෂ්ට අධ්‍යාපනයක් ලාංකිකයන් පාලනය කරන බෞද්ධ පාසල්වලින් ද ලබාදිය හැකි බව සනාථ කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඩී.බී. ජයතිලක මැතිතුමාය”

ජයතිලක මහතා ආනන්දයට කළ මෙහෙවර, මෙරට බෞද්ධ පාසල් බිහිකිරීමේ පුරෝගාමී කටයුත්තක නියැලිව සිටි පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට තම කාර්යභාරය වඩාත් ශක්තිමත්ව ඉටු කිරීමට විශාල අනුබලයක් සැපයීය.

මව්බස සුභාවිත කිරීමේ අභිලාෂයෙන් සිංහල ශබ්දකෝෂයේ කාර්යභාරය ද එතුමා ඉත සිතින් බාර ගත්තේය. දම්පියා අටුවා ගැටපදය, සද්ධර්ම රත්නාවලිය, සිකවළඳ විණිස වැනි ග‍්‍රන්ථ සංශෝධනය කොට මුද්‍රණය කිරීමේ කාර්යයද ඔහු ඉටු කළහ. එතුමා එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ අවදියේදී මෙරට දේශමාමකයන් විසින් ආරම්භ කරන ලද අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

1944 මැයි 29 වැනිදා අභාවප‍්‍රාප්ත වන විට එතුමා 1898 සිට වසර 44 නොකඩවා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති ධූරය දැරීය. එතුමාගෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයට සිදු වූ සේවය අති මහත්ය. බුද්ධිමතකු, දේශපාලඥයකු, නිර්භීත චින්තකයකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ සේවය නිරන්තරයෙන් සිහිපත් කිරීම දේශමාමක බෞද්ධයන්ගේ යුතු කමකි.

එතුමාගේ ජීවිතය සුවිශේෂිතය. එතුමෝ අපරිමිත ධෛර්යයක් සහ නිවැරදි චින්තනයක් තිබූ බුද්ධිමතෙකි. රට දැය සමය පිළිබඳව නිරවද්‍ය දර්ශනයකින් කටයුතු කළ උතුම් මිනිසෙකි. උපන් දේශයට ණය නැති ශ්‍රේෂ්ඨයෙකි.

ශ්‍රීමත් ඞී.බී. ජයතිලක මැතිතුමාගේ චරිතාපදානය මෙරට සෑම බෞද්ධ දරුවෙකුම පරිශීලනය කළ යුතු ග‍්‍රන්ථයක් බවට පත් කිරීම මෙරට බෞද්ධයන්ට කෙරෙන මහඟු සේවයක් වනු ඇත. ජයතිලක ශ්‍රීමතාණන්ගේ 149 වැනි සංවත්සරය වෙනුවෙන් එතුමාගේ උදාර ජාතික මෙහෙවර හැකිතාක් ප‍්‍රචලිත කිරීමට අදිටන් කර ගනිමු.

 



අදහස් (4)

උපන් රටේ උන්නතියට විශිෂ්ට මෙහෙවරක් කළ විරයා

දිසානායක Tuesday, 14 February 2017 05:21 AM

මෙවැනි උගතුන් නොව අප රටේ උපදින්නේ නැහැ (ම)

:       2       30

පමෝදා සාවින්දි Wednesday, 10 July 2019 02:01 PM

අපට මෙම දායාදයට ඔබට පිං...

:       1       7

K.L.S.K.Liyanage Sunday, 25 August 2019 02:08 AM

උතුම් බුදු දහම ලොව පුරා ප්‍රචලිත විය යුතුයි. එය අන්තවාදයෙන් මිදුනු එකම දහමයි. ඒ සඳහා ඔබේ විශේෂ අවධානය යොමු වේවා.

:       1       3

Pasi Saturday, 18 September 2021 09:28 PM

ඉතාමත් හොඳයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site