කොළඹ බෝඩිම් ජීවිත ගැන කතා කරනකොට මේ බෝඩිම් ජීවිතවල ඔබ දන්න, නොදන්න, නොහිතන, නොදකින ගොඩක් දේ ගැන අපි කතා කළා. කොච්චර කතා කළත් අපි නොදන්න තවත් බොහෝ දේ මේ ජීවිතවල තියෙනවා. ඇන්ටිගේ බෝඩිමෙන් අපි සොයා ගිය බෝඩිම් කතා අස්සේ මේ සතියේ අපි ගියේ කොට්ටාව පැත්තට.
බෝඩිමේ සාමාජිකයෝ නම් ගොඩයි. කතාව කාගෙන් කොතැනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ. ඔය අතරේ එක සාමාජිකාවක් කතාව ආරම්භ කළා.
මගේ නම සඳුනි. ගම කුරුණෑගල. බෝඩිමට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා. මම වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක. අම්මෝ බෝඩිං ජීවිතේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හැමදේම ඉවසන්න පුළුවන්. ඒත් බඩගින්නයි ඇන්ටිගෙ දිය කෑමයි තමයි ඉවසන්න බැරි.
අපේ කාමරේ පස් දෙනෙක් ඉන්නවා. තව දාන්න පුළුවන් නම් ඇන්ටි තවත් ළමයි දානවා. කාමරේ ඔක්කොමලා එකට එකතු වුණාම හුස්ම ගන්නවත් බැහැ. මුළු ගෙදරම ඉන්නේ බෝඩිම් ළමයි. මේ ගෙදර තට්ටු 3ක්. උඩම තට්ටුවේ ඉන්නෙ පිරිමි ළමයි. ඒත් ඇන්ටි අලුතෙන් එන ළමයින්ට උඩ තට්ටුවේ පිරිමි ළමයි ඉන්නවා කියලා කියන්නේ නැහැ. පිරිමි ළමයි ඉන්න තැන්වල ගෑණු ළමයින් නතර වෙන්න කැමති නෑනේ. ඒත් ඒ උඩ නතර වෙලා ඉන්න පිරිමි ළමයි ගොඩක් අය පහළ තට්ටුවේ ඉන්න ගෑණු ළමයින්ගේ බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා. ඒ කියන්නේ ඇන්ටි බෝඩිමට ගන්නේ කපල් එකම. පිරිමි ළමයට උඩ තට්ටුව දෙනවා. පහළ තට්ටුවේ කාමරයක් ගෑණු ළමයට දෙනවා. අපි ඉන්නේ පහළම තට්ටුවේ. දෙවැනි තට්ටුවේ ගොඩක් ඉන්නේ කොල්ලත් එක්කම මේ බෝඩිමට ආපු අය. බෝඩිමට එද්දි නම් මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා දැනන් හිටියේ නැහැ. ඒත් රු. 3,000 වගේ මේ පළාතේ වෙන බෝඩිම් නැහැ. ඇති, ඒත් මේ තැන ඉඳන් රැකියාවට යන්න පහසුයි. ඒත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා කිව්වම ආපු දවස්වල නම් ගොඩක් බය හිතුණා. අපේ කාමරේ ඉන්න කිහිප දෙනකුටම බෝයි ෆ්‍රෙන්ඞ්ස්ලා ඉන්නවා. ඇන්ටි නිතරම අහනවා. ඇන්ටි අහන්නේ අපට ආදරේට නොවෙයි. බෝඩිංවල ගණන් ඇහුවම කලන්තේ දානවා.
රුපියල් පන්දාහට අඩුවෙන් බෝඩිම් දැන් නැහැ. ඇන්ටි අපි වගේ තනියම අය ගන්න වැඩිය කැමති නැහැ. කපල් එකටම දෙනකොට ඇන්ටිට ලොකු වාසියක් තියෙනවා.
ඒ මොකද්ද වාසිය?
අපි තනියම නිසා අපෙන් ඇන්ටිට ලැබෙන්නේ රුපියල් 3000යි. කපල් එකම බෝඩිමට එනකොට ඇන්ටි ගාන වැඩියෙන් ගන්නවා. කොල්ලටයි කෙල්ලටයි නිදහසේ ඉන්න ඇන්ටි සියලු පහසුකම් සපයලා දෙනවනේ. සඳුනිගේ කතාව අස්සේ තව එකියක් මැද්දට පැන්නා.
“මෙතන කපල් එකම බෝඩිම් හොයාගෙන ආපු අය නැහැ. ගෙවල්වලින් ඇවිල්ලා තමයි ළමයි නතර කරලා යන්නේ. ළමයි අඩු වුණ ගමන් ඇන්ටි පත්තරවල දැන්වීමක් දානවා. අපි ආවෙත් දැන්වීමක් දැකලා. ගෑණු ළමයකුට බෝඩිමක් සොයාගෙන ආවම මේ ගෙදර පිරිමි ළමයි ඉන්නවා කියලා ඇන්ටි කියන්නේ නැහැ. උඩ ඉන්න පිරිමි ළමයින්ගේ ඇඳුම්වත් අඩුම තරමේ එළියේ පේන්න තියෙනවා අපි කවදාවත් දැකලා නැහැ. වටේ පිටාවේ අයත් මේ ගෙදර පිරිමි ළමයි ඉන්නවා කියලා දන්නේ නැහැ. ඇන්ටිගේ බෝඩිමේ ඉන්න අයට ප්‍රධාන කොන්දේසිය තමයි වටේ අය එක්ක කතා කරන්න තහනම්. ගෙදරින් ඇවිල්ලා බෝඩිමට භාර දෙද්දි අම්මෝ බලන්න ඕන ඇන්ටිගේ “ලොරි ටෝක්ස්”. උපරිම සැපපහසුකම් සහිත පූර්ණ ආරක්ෂාව” ඕක තමයි ඇන්ටිගෙ තේමා පාඨය. ඒ වුණාට දවසක්, දෙකක් ඉන්නකොට බෝඩිමේ ඇත්ත ස්වරූපය ඉබේටම තේරෙනවා. කොහොමත් අලුතෙන් එනකොට ඇන්ටි සලකන්නෙ දෙවියන්ට වගේ. පළමුවෙනි දවස් දෙකේ කෑම ටික හොඳට රහට හදලා මේසෙටත් බෙදලා දෙනවා. තුන්වෙනි දවසේ ඉඳලා සලකන්නේ, කන්න දෙන්නේ ගෙදර ඇති කරන බල්ලන්ටත් වඩා අන්ත විදිහට.
පළමුවෙනි සතියේ කන්න දීලා පුතේ කියලා කතා කරලා ඇම ගිල්ලවන්නේ අපිට ආදරේට නෙවෙයි. ඇන්ටිගේ මුල්ම ප්‍රශ්නය තමයි එන ගෑණු ළමයට කොල්ලෙක් ඉන්නව ද කියන එක. ඊට පස්සේ ඉතින් ඇන්ටි සුරංගනා ලෝක මවලා “මෙහෙ බයවෙන්න දෙයක් නැහැ. උඩ තට්ටුවේ ඒ ළමයටත් ඉන්න පුළුවන්. මට දෙන්නම එක්ක මේ ගාන දෙන්න. ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. බයවෙන්න එපා. ඔය වගේ සුරංගනා ලෝක මවනකොට කෙල්ල කොහොම හරි කොල්ලව බෝඩිමට ඇද ගන්නවා. ඊට පස්සේ උන් ඉන්නේ ඉතින් බැඳලා නැතත් බැඳලා වගේ තමයි. ගොඩක් කපල් ඇවිල්ලා තියෙන්නෙ කැම්පස් ළමයි. පිරිමි ළමයි එක්ක නම් අපි කවදාවත් කතා කරලා නැහැ. ගෑණු ළමයි නම් අපි එක්ක කතා කරලා තියෙනවා. ඒ ළමයි ඉතින් කැමැත්තෙන්නේ ඉන්නේ. දෙවැනි තට්ටුවේ ළමයි ඔක්කොමලා කන්නේ උයාගෙන. ඇන්ටි අපට නම් කෑම දෙනවා.
අපි නොදන්නා මේ ඇන්ටිගේ බෝඩිමේ ගැට අස්සේ, වෙන සමහර ගොඩක් දේවල් කියන්නත් බැහැ කියලා මේ අය ප්‍රතික්ෂේප කළා. බලමුකෝ.... එළිවෙන ජාමෙට කියනවනේ හොඳ හොඳ සෙල්ලම් සාමාජිකයො ගොඩක් ඉන්න බෝඩිමේ කතාවට මුල පුරපු සඳුනි බෝඩිමේ කාමරේ සාමාජිකාවෝ පස් දෙනා ගැනත් අපට කිව්වා. අපේ බෝඩිමේ ලොක්කි නිලූකා. අද නිලූකා මාසෙකට පස්සෙ රෙදි සෝදලා නාගන්න දවස. උදේ ඉඳලා දිය කාවා වගේ. තව ටිකකින් අපේ සභාවට ඒවි. අනිත් කෙනා සංජු, නිලූකාගේ පහළ ඇඳේ ඉන්නේ. නිලූකා කොල්ල එක්ක රෑ නින්දේ මල් කඩන ඒවා අහගෙන ඉඳලා උදේට ප්‍රසිද්ධ කරන්නේ සංජු තමයි. සාමාන්‍යයෙන් සංජුයි, නිලූකායි රංඩු නොවන දවසක් නෑ. හැබැයි ඉතින් ආදරේට. මගේ උඩ ඇඳේ ඉරේෂා. කළු පාටට පට්ට ලව්. හේතුව කොල්ලා තිත්ත කළුයි. මුන් දෙන්නා එකට ඉන්න කොට තැඹිලි ගෙඩියට කපුටෙක් වහලා වගේ. අන්තිමයා අපේ කමරේ ත්‍රස්තවාදියා කසුනි. කසුනි වතුරට ආසම නැහැ. අනිත් අය නාන දිහා බලාගෙන ඉඳලා අමුතු වින්දනයක් ගන්නවා මිසක් නාන්න කැමති නැහැ. ඇන්ටිත් එක්ක නිතරම එල්ලීගෙන යන්නෙත් කසුනිම තමයි. කාමරේ සගයෝ හඳුන්වලා මඩ ගහපු සඳුනි ගැන කියන්න කසුනි ඉදිරියට පැන්නා. සඳුනි කැමති කොල්ලන්ට හිතින් විතරක් ආදරය කරන්න. කොල්ලෝ ළඟට යන්න පට්ට බයයි. ඈතින් ඉඳන් ආදරය කරලා ඒ කොල්ලා වෙන කෙල්ලෙක් බැන්දට පස්සේ මී හරකෙක් වගේ අඬන්න හරිම ආසයි. තව තව සිද්ධි තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි. ඇන්ටිගෙන් වැඩිපුරම බැනුම් අහන වාසනාවන්තියත් සඳුනි තමයි.
ඇන්ටිගේ මෙනු එකට තරයේ විරුද්ධව උද්ඝෝෂණය කරන කෙනා තමයි සඳුනි. අපේ ඇන්ටිගෙ මෙනු එක ආහාර වට්ටෝරුව කෙළින්ම දේශීයයි. තෙබු කොළයි, හාල් මැස්සොයි, පරිප්පුයි. මේ කෑම වට්ටෝරුව වෙනස් වෙන දවසට ටිකක් සැරට වහිනවා. කොහොම වුණත් ඇන්ටි අපට පට්ටම ආදරෙයි. ඒ වුණාට ඇන්ටි සල්ලි තන්හාවට කපල් නතර කරගෙන කරන මගඩි වැඩ නම් අන්තිමයි. මොනවා කරන්නද ඕවට කතා කරන්න යන්න බැහැනේ. මෙතන ඉන්න පරණම සාමාජිකාව නිලූකා. අපිට වඩා හොඳට මේ බෝඩිමේ සෙල්ලන් දන්නේ නිලූකා තමයි.
“ඇත්තටම ඇන්ටි මානුෂික අතින් ළමයින්ට ගොඩක් හොඳයි. අපිට විතරක් නෙමෙයි. උඩ තට්ටුවල ඉන්න ළමයින්ටත් ලෙඩක්, අසනීපයක් වුණත් ඇන්ටි කළ යුතු ප්‍රතිකර්ම සියල්ලම කරනවා. කොච්චර හොඳ වුණත් ඇන්ටි මුදල්වලට හරිම කෑදරයි. ඇත්තම කතාව ගෑණු පිරිමි ළමයි තට්ටු දෙකක ඉන්නවා කිව්වාම ඒ ළමයි ගොඩක් දෙනා ජීවත් වෙන්නේ එකට. ඒක ඇන්ටි දන්නවා. අපි නම් කවදාවත් උඩ තට්ටුවට ගිහින් නැහැ. මට මතකයි උඩ නතර වෙලා ඉඳපු ගෑණු ළමයෙකුට බබෙක් ලැබෙන්න ඉඳලා ඇන්ටි ඒ ළමයවත් එක්ක ගිහින් මොනවදෝ කළා. මම හිතන විදියට බබා නැති කරලා. පස්සේ මාස දෙකකට විතර පස්සේ ඒ ළමයි මේ බෝඩිමෙනුත් ගියා. ඒ කිව්වෙ මම දන්න කතාවක්. ඒ වගේ අපි නොදන්න කතා ගොඩක් මේ බෝඩිම ඇතුළේ තියෙනවා. කොළඹ බෝඩිම් කියන්නෙ ඉතින් අමුතුම වහක්. හොඳ තැනක් හම්බ වුණොත් ගොඩ. මේ තැනුත් නරකයි කියනවා නෙමෙයි. ඇන්ටි අපට කොච්චර හොඳ වුණත් බෝඩිම් ඇතුළේ අපි නොදන්න රහස් ගොඩක් තියෙනවා.”
දුක, සැප එකට බැඳිච්ච බෝඩිම් ජීවිතේට මේ දේවල් අරුමයක්, පුදුමයක් නොවෙයි. ඒත් මේ හැම ජීවිතයක්ම මේ දුක්ඛ ජීවිතය විඳ දරාගන්නේ සැපයක් විදිහට. දුකක් කියලා මේ ජීවිතේ අතහැරලා නැවත ගමට යන්න බැහැ. එහෙම වුණොත් අපි හැමෝගෙම ජීවිත, ගමෙන් ගෙනාපු හීන එක්ක අතරමග නතර වෙනවා.
ඉතින් එහෙනම් බෝඩිමෙන් සමුගන්න කාලය හරස් වෙලා. ගිහින් එන්නම් තවත් බෝඩිමකින් ලබන සතියේ හමුවන බලාපොරොත්තුවෙන්.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
උඩ තට්ටුව කොල්ලන්ට යට තට්ටුව කෙල්ලන්ට