IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


උගතුන් රටහැර යාම වළක්වන්න විසඳුම් නැද්ද?

රටේ ආර්ථික අර්බුදය ඇසට පෙනෙන මානයට බොහෝ ඔබ්බෙන් පිහිටියකි. අද දවස කොහොමින් හෝ ගෙවා දැමුවහොත් හෙට දවස ගොඩදාගත හැකිය යන සරළ අදහසකින් දවස් ගෙවා දැමීමට සමාජය පුරුදු වී සිටී. එහෙත් එය එසේ නොවන බව අර්බුදය එයට හිමි නිසි අර්ථයෙන් විග්‍රහ කර බැලූ විට පෙනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවතින ආර්ථික අර්බුදයේ යථා ස්වරූපය හඳුනා ගැනීමට සමත් සංඛ්‍යා ලේඛන රැසක් ඉකුත් දා රට හමුවේ තැබුවේය. ඒ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන් ගණකාධිකාරිවරුන් සරසවි ආචාර්යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් හය දහසකට අධික පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේ දී රට හැර ගොස් ඇති බවය.

ආදායම හා වියදම අතර පරතරය ඉතා ඉහළ මට්ටමක පවතී. 2019 වසරෙන් පසුව බොහෝ කේෂ්ත්‍රවල වැටුප් හෝ දීමනා වැඩි වී නැත. එහෙත් එයට සාපේක්ෂව වියදම හත් අට ගුණයකින් ඉහළ ගොස් තිබේ. දෛනිකව උපයන කම්කරුවන්ගේ සිට ඉහළම වෘත්තියවේදියා දක්වා වූ සෑම පුද්ගලයකුම මෙම ඉරණමට ගොදුරුව සිටී. අලුතෙන්ම හඳුන්වා දුන් උපයනවිට ගෙවීමේ බද්ධ මෙම තත්ත්වය ඩ්‍රැකියුලා මොඩලයට හැරවීමට හේතු වී තිබේ.

ගාමිණී විලේ​බොඩ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සේවක වැටුප මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේ දී වෘත්තිකයන් තවත් විශාල පිරිසක් රට හැර යාමේ අවදානමක් තිබෙන බවය. එමෙන්ම පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බවත් 2021 වසරේ දී ලක්ෂ 4කට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත් වෘත්තිකයන්ගේ පරම අභිලාශය පෙරළා තම මවු රටට සේවය ලබා දීමය. එය සෑම සුජාත ලංකා පුත්‍රයකුටම පොදු ධර්මතාවකි. විදෙස් ගතව පශ්චාත් උපාධි ලබා, පුහුණුව ලබා එම දැනුම ඊළඟ පරම්පරාවට ලබාදීම ඔවුන්ගේ වගකීමය. ඊළඟ පරම්පරාව දැනුමෙන් පෝෂණය ලබන්නේ ද ඒ අනුවය. වෘත්තිකයන් මේ රට හැර යන්නේ නම් හෝ විදේශ ගත වෘත්තිකයන් නැවත මවු රටට නොඑන්නේනම් හෝ ඊළඟ පරම්පරාව දැනුමෙන් පෝෂණය වන්නේ කෙසේද ? ‘බුද්ධිගලනය’ බරපතළ සමාජ ප්‍රශ්නයක්, අනාගත ව්‍යසන නිර්මාණය කරවන්නක් වන්නේ එසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලවලට ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ද රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවය. මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා බුද්ධි ගලනය වැළැක්වීමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය.

කළුගල්පව්ව පුපුරා යන්නේ සියවැනි කුළුගෙඩි පහරින් වුව ද ඒ සඳහා අනූනවයක් කුළුගෙඩි පහරවල් කම්පනය දෙදරුම් කෑම බලපා ඇති බව පහසුවෙන් වටහා ගත හැකිය. අද අපේ රට යනු සියවැනි කුළුගෙඩි පහරට ලක්වූ රටකි. එම දෙදරුම සෑම තරාතිරමක පුරවැසියන්ට දැනී හමාරය. අනූ නවයක් කුළුගෙඩි පහරවල් වදින විට වගකිව යුත්තන් සංවේදී වූයේ නම්, එසේ සංවේදී වී කළමනා කටයුතු ක්‍රියාත්මක කළේනම් සියවැනි කුළුගෙඩි පහරින් පසුව අපට රටක් ලෙස මෙම භීෂණකාරී අත්දැකීමකට ගොදුරු වීමට සිදුවන්නේ නැත.

‘‘ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි’’ බවට කියමනකි. අප මේ ගෙවමින් සිටින්නේ එම තාර්කික වන්දියකි. ඒ අනුව අපට රටක් ලෙස ඉතිරිව ති​බෙන්නේ දැවැන්ත ආර්ථික අර්බුද  සුළියක පැටළුණ, වෘත්තියවේදීන් අහිමි වූ නිරුදක කතරකි.  මෙබිමෙන් පලායෑම හැර වෙනත් විකල්පයක් නැතැයි යමකුට සිතෙන්නේ නම් එය විමතියට කරුණක් නොවේ.

(***)



අදහස් (2)

උගතුන් රටහැර යාම වළක්වන්න විසඳුම් නැද්ද?

anura Saturday, 04 February 2023 08:48 AM

පිටරට ගිහින් ඒ ගොල්ලෝ 60% බදු ගෙවලා සුපර්මාර්කට් වල හා පැට්‍රල් ශෙඩ් වල වැඩ කරලා පහසුවෙන් ජීවත් වෙනවාට කවුරුත් කළබල වෙන්න අවශ්‍ය නැහැ.

:       11       3

Kusumalatha Monday, 06 February 2023 09:18 AM

ඔය කියන තරම් ලේසියෙන් දොස්තර කෙනෙකුට වෙන රටක (විශේෂයෙන් බටහිර රටක) එම රැකියාවට ඇතුළත් වෙන්න බැහැ. ලංකාවේ මෙඩිකල් කවුන්සිල් එක වගේම එම රටවල්වලත් මෙඩිකල් කවුන්සිල් තියෙනවා. ඒවායේ අදාල බලපත්‍ර නැතිව දොස්තරලට රැකියා කරන්න බැහැ. ඒ සඳහා විභාග කිහිපයක් සමත් වන්නට අවශ්‍යයි. ඒ වගේම එක්තරා වයස් කාණ්ඩයකට අයත් අයට පමණයි. එනිසා ඔය කියන තරම් ලේසියෙන් දොස්තරලාට වෙනත් රටක රැකියාවකට යන්න පුළුවන් කමක් නැහැ. ගණකාධිකාරිවරුන්ට වගේම නීතිඥයින්ටත් මිට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. කොහොමත් නීතිඥයින්ට නම් තත්වය ගොඩක් අමාරුයි. කෙසේවෙතත් මේ හැමකෙනාටම තම ආදායමෙන් 40%ක පමණ බද්දක් ගෙවන්නත් වෙනවා. බදු අයකරන්නේ නැත්තේ මැදපෙරදිග පමණයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 84 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 152 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 168 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 879 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1121 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 111 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site