හිරාන් ප්‍රියංකර ජයසිංහ
දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්‍රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බව ජනතාව පවසයි.
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කුරුළු අභය භුමිය ලෙස සැළකෙන ආනවිලුන්දාව රැම්සා ජාත්‍යන්තර තෙත්බිම හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් සමන්විත වන බව කියයි.
සුන්දර පාරිසරික වටිනාකමකින් යුත් ආනවිලුන්දාව අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතිය මේ වන විට ජලය රදා ගැනීමේ ප්‍රමාණය සුළු මට්ටමක පවතින බවත් එයට හේතුව ලෙස ආක්‍රමණික ශාක වැව් පද්ධතිය පුරාම පැතිරි යාම බවද ගම්වැසියෝ චෝදනා කරති.
ඒ සමඟම මෙම භුමිය තුළ සැරිසැරු පක්ෂීන් ඇතුළු සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වැව් පද්ධති තුළ ප්‍රමාණවත් ජල මට්ටමක් රැදී නොතිබිම නිසා තෙත්බිම අනතුරේ පවතී.
සත්ව හා රුක්ෂලතා ආඥා පනත යටතේ 1997 ජුනි 11 වැනි දා අභය භුමියක් ලෙස ආනවිලුන්දාව තෙත්බිම ප්‍රකාශයට පත්කර ඇත.
මෙම තෙත්බිම අන්තරජාතික රැම්සා තෙත්බිමක් ලෙස 2001 අගොස්තු 3 දින ප්‍රකාශයට පත්කර කෙරිණි.
ආනවිලුන්දාව රැම්සා තෙත්බිම තම වාස භුමිය කරගත් දේශීය සහ විදේශීය පක්ෂීන්ගේ ආහාර හා අභිජනන භුමියක් ලෙස ද පත්කර තිබිණි.
ආනවිලුන්දාව රැම්සා භුමියට අයත් වැව් අටක වැව් පද්ධතියේ සුළු ජල ප්‍රමාණයක් රැදී තිබීමත් ආක්‍රමණික ශාක වැව් පද්ධතිය වසා පැවතීමත් සමඟ මෙහි සැරිසරන පක්ෂීන්, ඇතුළු සත්ව කොට්ඨාස රැසකට බරපතල තර්ජනයක් ඇති වී තිබේ.
මේ පිළිබදව කළ විමසිමේදි අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.එස්.කේ. චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
‘ඔව් මේ කියන කථාව ඇත්ත අපිටත් එය තේරුම් ගිහින් තිබෙනවා . අපි මේ වන විටත් ඉහල නිළධාරින් දැනුවත් කර තිබෙනවා . මේ ආක්‍රමණික ශාක වැව් වලින් කඩිනමින් ඉවත් කළ යුතුයි කියන කරුණ සඳහා. අනික් දේ තමා අවට ඉස්සන් වගාවන් නිසා ආනවිලුන්දාවේ පරිසර පද්ධතියට බරපතල තර්ජනයක් එල්ල වෙලා . ඒ ඉස්සන් වගාවන් තුලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය සහිත අප ජලය කිසිදු ඉවක් බවක් නොමැතිව කලපුවට මුදා හැරිමත් සමඟ ආනවිලුන්දාවේ කඩෝලාන පද්ධතියට තර්ජන එල්ල වී තියෙනවා. මේ කටයුතු වෙනුවෙන් අදාළ අංශ සමඟ එක් වී වැඩ කටයුතු ආරම්භ කරන්න සුදානම්ව සිටිනවා.’





2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි
Athula Monday, 11 March 2019 06:34 AM
මෙවන් අගනා පාරිසරික සම්පතක් නොමැති රටවල් කෘතීම සත්ව පරිසරය නිර්මාණය කරන්න කොතරම් වෙහෙසෙනවද මොනතරම් ධනයක් වැය කරනවද යන්තමෙන් හෝ මෙවන් සම්පතක් නිර්මාණය කරන්න එහෙත් අපෙ රටවල පාලකයින්ට ස්වභාවයෙන් සියලු දේ තිබිලත් ඒවා රැකගන්න තරම් උවමනාවක් හෝ වටිනාකම් නොදකින එක මොන තරම් අභාග්‍යක්ද හොරුන් අපරාදකාරයෝ බලයේ සිටින සහ හිටපු රටක්
dalWednesday, 13 March 2019 08:56 AM
තව කුණු කානු, වාහන සර්විස්, ගරාජ්වල තියෙන දැවි තෙල් ඕවට ගෙනත් දාන්න. PHI මහත්තුරුත් සන්තෝසමක් අරගෙන සන්තෝසෙන් ගෙදර යන්න.. වෙන හානිය නොදැක්කා වගේ ඉන්න පරිසර අධිකාරයේ ලොක්කොත් රට අල්ලස් වලින් සවාරි යන්න. අන්තිමට වැව්වල ඉන්න සත්තු, ඊට පස්සේ අවට මිනිස්සු හොයාගන්න බැරි ලෙඩ හැදිලා මැරිලා යයි. අල්ලස් ගත්තු සල්ලි වියදම් කරලා ගත්තු කාර් එකෙන් අල්ලපු ගමේ වතුර බෝතල් කරන තැනකින් ගෙනත් අපිට මොනවත් වෙන්නේ නැහැ කියලා බොන PHI මහත්තුරුත් ඒවගේම ලෙඩ හැදිලා අසනීප වෙයි. සීයා මුත්තලා දායාද කරපු ලස්සන පරිසරය, පිරිසිදු වතුර බොන්න බැරි තරමට විනාශ කරපු කාටද ආඩම්බර .!