සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහානායක ධුරය සඳහා මහනාහිමිනමක් තෝරා පත්කරගැනිමට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි කාරක සභාව බ්‍රහස්පතින්දා (7) පස්වරු තුනට රැස්වීමට නියමිතය.
එක් එක් වකවානු වලදී අස්ගිරි මහා විහාරයෙහි ප්‍රධානත්වයට පත් මහ තෙරුන් වහන්සේලා දාන භාර තෙර, අස්ගිරි ගණේනායක, අස්ගිරි විහාරගණයේ නායක යන නම් වලින් හඳුන්වා ඇති අතර ‘මහානායක‘ යන පදවි නාමය භාවිතයට ගැනෙන්නේ ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් අස්ගිරි මහා විහාරයට හා මල්වතු මහා විහාරයට වෙන වෙනම මහානායක පදවි දෙකක් පත් කොට නිසි වටාපත් පිළිගැන්වීමත් සමගිනි.
ඉන් පසු මුලින්ම මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශවයේ මහානායක පදවියත් අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මදස්සී මහානායක හිමියන්ට අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියත් ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් පිළිගන්වනු ලැබීමෙන් පසු මල්වතු අස්ගිරි උභය විහාර වල මහානායක පදවි පිරිනැමිම ඇරඹේ.
ක්‍රි.ව.1765 වර්ෂයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජ සමයේ ඇරැඹි මල්වතු අස්ගිරි උභය විහාර සඳහා මහානායක පදවි පිරිනැමිමෙන් පසු එදා සිට අද දක්වා අස්ගිරි පාර්ශවයේ මහානායක පදවි දැරු මහානාහිමිවරු.
1. උරුලැවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මහනායක මාහිමිපාණන් වහන්සේ (1765_1778)
2. ඉදවලුගොඩ ශ්‍රී ධම්මපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1778_1807)
3. පොතුහැර ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1807_1814)
4. මාවතගම ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1814_1822)
5. යටවත්තේ ශ්‍රී චන්ද්‍රඡෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1822_1822)
6. යටන්වල ශ්‍රී සුනන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1824_1835)
7. කොටගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1835_1845)
8. උඩුමුල්ලේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1849_1851)
9. යටවත්තේ ශ්‍රී සුවර්ණජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1853_1868)
10. වත්තේගම ශ්‍රී සුමංගල මහනායක මාහිමිපාණන් වහන්සේ (1869_1885)
11. යටවත්තේ ශ්‍රී චන්දජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1886_1892)
12. කපුලියද්දේ ශ්‍රී පියදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (1893_1914)
13. අඹගස්වැවේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1914_1921)
14. ගුන්නෑපාන ශ්‍රී සරණංකර මහනායක මාහිමිපාණන් වහන්සේ (1921_1929)
15. මුල්ලේගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1929_1947)
16. යටවත්තේ ශ්‍රී ධම්මරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1947_1966)
17. උඩුගම ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1966_1970)
18. ගොඩමුන්නේ ශ්‍රී ධම්මානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1970_1975)
19. පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1975_1999)
20. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1999_2015)
21. ගලගම ශ්‍රි අත්ථදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (2015_2016)
අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනාහිමිපාණන් වහන්සේලා දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව රැස් වී මහානායක ධුරය අපේක්ෂා කරන මහතෙර නමක් විසින් ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍රය ලේඛකාධිකාරී හිමියන් විසින් සභාගත කළ පසු එම තනතුර දැරිමට අයදුම්කළ නාහිමියන්ගේ යෝග්‍යතාවය සැලකිල්ලට ගෙන සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් සුදුසු හිමිනමක් අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහානායක ධුරය සඳහා තෝරා පත් කර ගැනිම පුරාණ චාරිත්‍ර වලට අනුව සිදුකරන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අස්ගිරි මහ නා හිමි පුරාණය
සනත් Thursday, 07 April 2016 06:14 AM
වේඩරුවේ උපාලි අනු නායක හිමියන් ධර්මරාජ විද්‍යාලයේ ගුවරයෙක් වශයෙන් සේවය කරන විට මම උන් වහන්සේගෙන් සාමාන්‍ය පෙළ පන්තියේ දී බුද්ධ ධර්මය ඉගෙන ගෙන තිබෙනවා. උන්වහන්සේ දක්ෂ ගුරුවරයෙක් වගේම ඉතාමත් ශීලවන්ත හිමි නමක්. මීළඟ මහනායක හිමිපාණන් ලෙස උන්වහන්සේ පත්වේවා යි පතමි (රේ)
ලෙස්ලි ජයවර්ධන Thursday, 07 April 2016 12:50 AM
ශාසනවිරෝධී ක්‍රියා කර මුදල් උපයන චිවරධාරීන් සසුනින් නෙරපන්නත් වැඩපිළිවෙළක් හදන්න (නි)
තුසිත Thursday, 07 April 2016 09:46 AM
පාසල් දරුවන්ට හොඳ ලිපියක්.(හේ)