IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


අනිසි බිය නිසා දෙපා පණ නැති වූ ප‍්‍රභා

සුවඳ මලින් පිරිපුන් ඒ මල් යහනාව තුළ ගොක්කොළ සැරසිලි වලින් සරසා තිබිණි. මස් පුළුටු හා ගොඩ දිය මුහුදු දිය ආදී කලමනා වලින් ගැවසී ගත් මේ බහිරව පූජාව චකිතයක් බියක් ඇති කරන්නට සමත් විය. ලේ බිත්තර සෙම් සොටු පිළි ආදියෙන්ද පලතුරු හා සුවඳ දුමින්ද ඒ බහිරව පූජාව සැකසී තිබිණි. මළ ගිය ඥාතීන් යක්‍ෂ යක්‍ෂණියන් කුම්භාණ්ඩයන් මළ පේ‍්‍රතයන් ආදී සියල්ලෝම කපුවා කැඳවමින් ජප කරන්ට විය. ප‍්‍රභා  නිවසේ වත්ත කෙළවර අමු සොහොන වෙත යන්නට ගියාය. ඒ සමගම කපු මහතා ප‍්‍රභා අවේශ කරන්නට විය. නමුත් ඇයගේ මුවින් කිසිවක් ඇය නොකීවාය. ප‍්‍රභා වූ ඇයගේ වයස අවුරුදු 34 කි. ඇය විවාහ වී ඒ වන විට දරුවන් හතර දෙනකුගේ මවක වූවාය. ශරීර ශක්තියෙන් කුඩා කළ සිටම අඩු වූ ඇය සාමාන්‍ය ජීවිතයක් ගත කළාය. ප‍්‍රභාගේ සැමියා වඩු මහතෙකි. දරුවන් හදා ගනිමින් කිසිවකුටත් කරදරයක් නොකර අඩු පාඩුකම් මැද වුවද දෙදෙනා සතුටින් ජීවත් වූහ. දිනක් ප‍්‍රභාට අමුතුම ආකාරයේ කරදරයක් වූවාය. හිටි හැටියේම ඇයගේ කකුල් දෙක පණ නැතිව බිම ඇදගෙන වැටිණි. කකුල් දෙක හොලවන්නටවත් ඇයට නොහැකි විය. හිටි හැටියේ සිදු වූ මේ සිද්ධිය සමගින් ගෙදර මහා අලකලංචියක් ඇති විය. දරුවෝ මව බදා ගනිමින් අඬන්නට වූහ. ගෙයි හිමියා මෙන්ම අවට ඥාතීහු කලබලයට පත් වුහ. හැකි ඉක්මනින් ඇය රෝහලක් කරා ගෙන යන්නේ ඒ නිසාය. වෛද්‍ය පරීක්‍ෂණ ආරම්භ කෙරුණ නමුත් ප‍්‍රභාගේ රෝගය කුමක් දැයි නිර්ණය කරන්නට වෛද්‍යවරුන්ට නොහැකි විය. දින දෙක තුනකට පසුව ඇය සුව අතට හැරිණි. යළිත් ඇය නිවස බලා ගියාය. මෙලෙස දින ගණනාවක් ගත වූවේය. යළිත් රෝගය මතු වූයේය. කකුල් පණ නැති විය. ඇය පණ නැති කකුල් දෙක බිම තබා ගනිමින් පස්ස තියමින් ගේ පුරා යන්නට වූවාය. එදිනද ඇය වහා රෝහල් ගත කිරීමට වාහනයක් ගෙන එන්නට යන අතරතුර යළිත් ඇයට සුවයක් ඇති වී තිබිණි. නමුත් ඥාතීන්ගේ මතය වුයේ මෙය බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවන බවයි. ඒ නිසා ඇයට වෙනයම් ප‍්‍රතිකාරයක් දීමට අවශ්‍ය යැයි ඔවුහු තීරණය කළෝය. ඒ නිසා ඇය රෝහල් ගත කෙරිණි. ස්නායු වෛද්‍ය වරයකුටද පෙන්වා ප‍්‍රතිකාර කළේය. නමුත් වෛද්‍යාවරයාගේ නියමය වූයේ ප‍්‍රභාට කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවයි. නමුත් ඇයට යම් මානසික ආබාධයක් ඇති විය හැකි බව වෛද්‍යවරයා කීය. රෝගය සුව වූ බැවින් යළිත් ප‍්‍රභා ගෙදරට එන්නීය. රෝගය සම්බන්ධයෙන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කරන අතරේ බලි තොවිල්ද නැටීය. දේවාල ගානේ ගිය අවස්ථා නැතුවා නොවේ. මෙසේ දින ගණනාවක් ගත වූවේය. ප‍්‍රභා හැරයන්නට මේ අමුතුම බලවේගය කටයුතු නොකළේය. දෙපා පණ නැතිව පස්ස බිම තබා ගෙන ඇය ගේ පුරා ඇවිදින්නට වූවාය. ගේ වටේ ගමන් කරන ඇය වත්තේ ඇති සොහොනක් දෙස යන්නට වුයේ මේ අතරයි. එම සොහොන වත්තේ කෙළවරක තිබුණද මල්ගස් වැටකින් වෙන්කර තිබිණි. ඇය ඒ දක්වා පමණක් ගියාය. ආගම දහම මගින් හෝ සෙතක් ලබා ගන්නට ඇය තම ගමේ පන්සලට ගෙන යන්නේ ඉන් පසුවයි. ඇය පන්සල් භූමියේදී මර ළතෝනි දෙන්නට වූවාය. බුදුන් වැඳ දහම් කරුණු අසා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කෙරිණි. ඒ සමගින්ම  යළිත් ඇයගේ දෙපා පණ නැති විය. හූ කියමින් යටි ගිරියෙන් කෑ ගසමින් පන්සල් භූමියේ ඇය පස්ස බිම තබාගෙන ඇවිදින්නට වූවාය. පන්සලේ කපු මහත්තයා කළ පේවත් නිසාවෙන් ඇය සුව අතට පත් වූවාය. ප‍්‍රභාට වැහිලා තියෙන්නේ මළගිය පේ‍්‍රත භූත යක්‍ෂ ආත්මයක් මෙය බලන් ඉන්න හොද නෑ. මහ නස්පැත්තියක් තමයි සිද්ධ වෙන්නේ මේකට පූජාවක් කරන්න  ඕනෑ යැයි කපුමහතා ප‍්‍රභාගේ ඥාතීන්ට පැවසුවේය. සුවඳ මලින් පිරිපුන් ඒ මල් යහනාව තුළ ගොක්කොළ සැරසිලි වලින් සරසා තිබිණි. මස් පුළුටු හා ගොඩ දිය මුහුදු දිය ආදී කළමනා වලින් ගැවසී ගත් මේ බහිරව පූජාව චකිතයක් බියක් ඇති කරන්නට සමත් විය. ලේ බිත්තර සෙම් සොටු පිළි ආදියෙන්ද පලතුරු හා සුවඳ දුමින්ද ඒ බහිරව පූජාව සැකසී තිබිණි. මළ ගිය ඥාතීන් යක්‍ෂ යක්‍ෂණියන් කුම්භාණ්ඩයන් මළ පේ‍්‍රතයන් ආදී සියල්ලෝම කපුවා කැඳවමින් ජප කරන්ට විය. ප‍්‍රභා  නිවසේ වත්ත කෙළවර අමු සොහොන වෙත යන්නට ගියාය. ඒ සමගම කපු මහතා ප‍්‍රභා අවේශ කරන්නට වුවාය. නමුත් ඇයගේ මුවින් කිසිවක් ඇය නොකීවාය. බුද්ධ රූපයක් ගෙන එය පෙන්වමින් එයට අත තබා යළිත් මේ යක්‍ෂ භූත කුම්භාණ්ඩයෝ ශරීරයට නොඑන බව පොරොන්දු කරවමින් ප‍්‍රභාගේ ශරීරයෙන් ඒ අමනුෂ්‍ය බලවේග කපු මහතා එලවා දැමීය. පුජාව හමාරය. ප‍්‍රභාට දැන් සුවය. කපුවා කදිමට මුදල්ද රැගෙන දේවාලයට ගියේය. දින කිහිපයක් ගත විය. නිවසේ දෛනික කටයුතු යළිත් වෙනස් වූයේ අණ වින කරන්නා වූ යක්‍ෂ භූතයෝ යළිත් ප‍්‍රභා කරා පැමිණ සිටීමයි. සියල්ලෝම දැන් කරන්නේ කුමක්ද යන්න කතිකා කරමින් සිටියෝය. පූජා කළද බලි තොවිල් නැටුවද වෛද්‍යවරුන් සොයා ගියද ප‍්‍රභාට සුවයක් නොවිණි. ඉන් පසුව මනෝචිකිත්සක පී.එන්.විද්‍යාකුලපති මහතා වෙත ප‍්‍රභා ගෙන යන්නේ මින් පසුවයි. වෛද්‍ය වාර්තා එතෙක් කළ සියලූ දෑ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඇති වී ඇති තත්ත්වය පී.එන්. විද්‍යාකුලපති මහතා අවබෝධකර ගත්තේය. පසුව ඇය මෝහන නිද්‍රාවකට පත් කෙරිණි. ඔබ මෙසේ හැසිරෙන්නට හේතුව කුමක් දැයි කුලපති මහතා විමසීය. මට මැරුණු කෙනෙක් වැහෙනවා. යැයි ප‍්‍රභා කීවාය. කවුද ඒ යැයි කුලපති මහතා විමසීය. මම එහා ගෙදර කරුණා අක්කලාගේ අයියා මම මැරුණේ ළිඳේ පැනලා. ඇයි ළිඳේ පැන්නේ යැයි කුලපති මහතා පැවසීය. මට ඇවිදින්න බැරුව ගියා මට ජීවත් වෙන්න එපා වුණා මම ඒ නිසා ළිඳට පැන්නා. එහෙම නම් ඇයි ඔබ මේ වත්තේ සොහොනට යන්නේ යැයි කුලපති මහතා විමසීය. ඒ තමයි මගේ සොහොන ඇය කීවාය. මේ ගෙදර නිවස ඉඩකඩම් සියල්ලම කරුණේ අක්කලාගේ අයියාට අයිති දේවල් යැයිද ප‍්‍රභා කීවාය. ප‍්‍රභාට සත්තකින්ම අවතාරයක් වැහුණේද සිදු වූයේ කුමක්ද යන්න ඔබ සියලූ දෙනාටම ඇති ප‍්‍රශ්නයකි. එයට උත්තර ලබා දෙන්නට කුලපති මහතාට හැකියාව ලැබිණි. දැන් ඔබට වැහුණ මළගිය අයකු නැත. සියල්ල ශරීරයෙන් ඉවත් වුණා. ඔබට කිසිදු බලපෑමක් නෑ. දැන් ඔබ ප‍්‍රභා පමණයි. යනුවෙන් කුලපති මහතා පවසා ඇයගෙන් යළිත් ප‍්‍රශ්න කරන්නට විය. දැන් ඔබ මට සම්පූර්ණ සත්‍ය සිදුවීම කිව යුතුයි. ඔබ කරුණේ අයියා වැහුණු බව හරි හැටි දන්නේ කොහොමද එය ඔබට කීවේ කව්ද කුලපති මහතා විමසීය. මට කීවේ ඇස්ලින් ආච්චි මට පොඩි කාලේ ඒ කතාව කියලා තියෙනවා. ඉතින් ඇයි මිය ගිය පුද්ගලයා ඔබට ආරූඩ වේ කියලා සිතුවේ කුලපති මහතා විමසීය. ඇසිලින් ආච්චි කියපු විදියට අපේ මේ ඉඩම කරුණේ අක්කලාගේ අයියා තමයි බුක්ති විඳලා තියෙන්නේ සියලූ දේපල ඔහු තමයි අරගෙන තිබෙන්නේ යැයි ප‍්‍රභා කීවාය. දැන් සියල්ල මනාව පැහැදිලි විය. පසුව මෝහන නිද්‍රාවේ සිටී ප‍්‍රභාගේ සිතට මේ කරුණු පැහැදිලි කරන්නට විය. ඔබට කිසිදු මැරුණ අයකු ආරූඩ වූයේ නැත. ඔබ එලෙස හැසිරෙන්නේ පෙර කී දැන ගත් මතයක් මත පිහිටාය. ඔබ සිතුවා මළගිය කෙනා මේ ඉඩමට ආදරේ නිසා ඔබට ආරූඩ වුණා කියලා. මිය ගිය පුද්ගලයා ඇවිදින්න බැරි රෝගියෙක් ඔබත් එම මානසික තත්ත්වයේදී ඒ ආකාරයට හැසිරුණත් අද සිට ඔබට එවැනි මානසික තත්ත්වයක් ඇති වන්නේ නෑ. ඔබ දැන් නිරෝගි යැයි පවසමින් ඇය මෝහන නිද්‍රාවෙන් අවදි කෙරිණි. මනෝචිකිත්සක පී.එන් විද්‍යාකුලපති මහතා මෙහි විද්‍යාත්මක ක‍්‍රියාවලිය මෙසේ පැහැදිළි කළේය. සමහර පුද්ගලයන්ගේ සිත් වලට බියක් ඇතුළු වූ පසුව මිත්‍යා විශ්වාසයක් නිසා මනස දුර්වල වේ. ඒ සියල්ල ඔහුගේ සිතේ තැන්පත්ව තිබීම නිසා එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. මෙහිදී යම් ශරීර කොටසක් පණ නැති වීමත් වෙව්ලීම ආදී බොහෝ දේ සිදු වන අවස්ථා තිබෙනවා. නමුත් ඇත්තටම මෙය සිදුවන්නේ නෑ. ප‍්‍රභාටද සිදුවී ඇත්තේ සිතින් මවා ගැනීමක් පමණයි. ඇයට තමන්ගේ ඉඩම්වලින් භුක්ති විඳ මියගිය පුද්ගලයා ගැන අසන්නට ලැබිණි. ඔහුට ඇවිදින්ට බැරි බවත් ඇය දන්නා කාරණයකි. මිය ගිය පුද්ගලයාගේ සොහොනද වත්තේ තිබීම ඇය දන්නා කාරණයකි. මිය ගිය පුද්ගලයාගේ සියළු තොරතුරු ඇය හොඳින් දන්නා කාරණයකි. මෙහිදී පැහැදිලි වන්නේ මිය ගිය පුද්ගලයා මෙවැනි රෝගී තත්ත්වයක් ඇති කිරීමට නොහැකි බවත් එය මානසික රෝගී තත්ත්වයක් බවත් කුලපති මහතා පැවසීය. දැන් ප‍්‍රභාට සුව වී වසරකි. නමුත් මියගිය යක්‍ෂ පේ‍්‍රත කුම්භාණ්ඩයෝ ඇය සොයා නාහ. ඇයට කිසිදු විපතක් හෝ අංගවිකල තත්ත්වයක් ඇති නොවීය. ප‍්‍රභාගේ ජීවිතයට යළිත් ආලෝකය විය. ඒ ආලෝකයෙන් ඇය සිය සැමියා හා දරුවන් සමග ඔවුහු සතුටින් ජීවත් වූහ. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. නම් ගම් ආසන්න වශයෙන් පමණක් වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න)

සටහන ඡායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත
පී.එන්. විද්‍යාකුලපති



අදහස් (0)

අනිසි බිය නිසා දෙපා පණ නැති වූ ප‍්‍රභා

නදීෂානි Thursday, 24 November 2011 12:40 PM

මෙවැනි ලිපි දාන එක වැදගත්

:       0       0

නදීෂානි Thursday, 24 November 2011 12:21 PM

මෙවැනි පුවත් පත්තරවල දාන එක නම් ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්. ලංකාව වගේ මළගිය ආත්ම ගැන වැඩිපුර හිතන ඔවුන් මත යැපෙන මිනිසුන්ට මේවා කියවල ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1611 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 638 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site