(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලයේ කඩා වැටිමට ආසන්න ගොඩනැගිලි තුළ ජීවිතයක් මරණයත් සමග අධ්‍යාපනය හදාරණ දරුවන්ට කඩිනමින් අලුත් ගොඩනැගිලි ඉදිකර දෙන්නැයි දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හිටපු කථානායකවරයකු වන එච්.එස් .ස්මයිල් මහතා විසින් 1958 වසරේ නැවත පදිංචි කිරිමේ ක්‍රියාවලිය යටතේ එළුවන්කුලම ගම්මානය ස්ථාපිත කිරීමත් සමග එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලය ආරම්භ කර ඇති බව පැරණි ජනතාව පවසයි.
ඒ සමයේ පාසලේ මුල්ම ගොඩනැගිල්ල ඉදිකිරිම් සිදුව ඇති අතර ඉන් පසුව නැවත ගොඩනැගිල්ලක් 1972 දි ලැබි තිබේ . නැවත පාසලට ගොඩනැගිලි දෙකක් 2000 වසරේදි ලැබි ඇති බව කියයි. පළමු වසරේ සිට අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු මේ වන විටත් පාසලේ කෙරෙන අතර සිසුන් 400ක් පමණ සංඛ්‍යාවක් ඉගෙනීමේ නිරතව සිටින බව දෙමාපියෝ පවසති.
කඩා වැටිමට ආසන්න යල් පැන ගිය භාවිතයට නුසුදුසු ගොඩනැගිලි තුළ දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ වෙනත් ස්ථානයක් නොමැති බැවිනි.
එසේම අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ පංති මේ වන විට පවත්වාගෙන යන්නේ දෙමාපියන් විසින් තාවකාලිකව ඉදිකරන ලද පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තුළය .නමුත් මේ වන විට එම තාවකාලික ගොඩනැගිල්ලේද පොල් අතු දිරා ගොස් ඇති අතර එයද අබලන්ව තිබෙන අයුරු දැක ගත හැකිය .මේ නිසාම අව්වටත් වැස්සටත් මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු වල නිරත විමට මෙම දරුවන්ට සිදුව තිබෙනු දැක ගත හැකිය .
පාසලේ ඇති ගොඩනැගිලි හතරෙන් දෙකක්ම මේ වන විට යල් පැන යාම නිසා පාසලේ පාසල් සංවර්ධන සමිතිය මගින් අවස්ථා ගණනාවකදිම අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කර තිබුනද ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් නොවු බව දෙමාපියෝ පවසති.
දෙමාපියන් පවසන්නේ අබලන් ගොඩනැගිලි තුළ ජීවිතයත් මරණයත් අතර සිටිමින් අනාගතය ජය ගැනිමට දරුවන් දැවැන්ත සටනක නිරත වි සිටින බවයි.
ඒ.පී.ඒ. මුනාෆ් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ
“ මේ පාසල පරණම පාසලක් .ඒ පාසලේ දරුවන්ට පසුගිය රජයන් ගොඩනැගිලි හදා දුන්නෙත් නැහැ . මේ රජයත් අපිට සලකන්නේ නැහැ. මේ දරුවන් ගොඩනැගිලි වලට යටවෙලා මැරිලා ගියොත් මේ සියලුම බලධාරින් වග කියන්න ඕනෑ බව අපි කියනවා . අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතිව ඉක්මනට මේ දරුවන්ට මේ අබලන් ගොඩනැගිලි වලින් එළියට ඇවිත් නිදහසේ අධ්‍යාපනය කරන්න ඉඩ කඩ සලසා දෙන්න කියලා තමයි කියන්නේ.
පසුගිය දින අමාත්‍යධුරයෙන් ඉවත් කල වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය.
“ මේ පාසල පිළිබදව මට ඉල්ලිම් ලිපි ආවා . නමුත් සමහර පාසල් වල ගැටළු වලට නිරන්තරයෙන් කථා කලත් මේ පාසලේ කිසිම කෙනෙක් ඒතරම් ක්‍රීයාත්මක නොවිම නිසා තමයි ප්‍රමාදයට හේතුව .නමුත් මම මගේ යුතුකම් ඉටුකලා ලබන වසරේ මේ පාසලට ගොඩනැගිලි අනුමත කිරිම ධුරයෙන් ඉවත් කරන්න කලින් කළා“











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවේ අනවසරයෙන් කපා ඉදිකරන ගුබ්බෑයම් වලට වැඩිය මේ දරුවන්ට පාසලක් හදන එක අත්‍යවශ්‍ය දෙයක්... ඒ අයට ඇස් ඇරෙන්නේ නැත්තේ ඇයි?
මහා බැංකුවේ අපේ සල්ලි හොරකම් කරපු අයට මෙය පෙනිලා නැතිව ඇති. හැමදේම මතක නැති එවැනි නිවටයන්ට දැන් ඇසුත් පෙන්නේ නැතිව ඇති...
පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමු. මේ පැත්තට යන්න ඕනෑ ෆොර් වීල් වාහනයක් ගන්න කොටි 5 ක් වටිනා.
තත්වයේ බැරෑරුම්කම තේරුණත්, බලධාරීන් කඹ අදින එක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. යම් ඛේදවාචකයක් වුණාට පස්සේ, අනෙකාට ඇඟිල්ල දිගු කරනවා මිසක් කවදාවත් වුණු අතපසුව තමන්ගෙන් නේද? කියලා පිළිගන්න තරම් උතුම් මානසිකත්වයක් මෑත ඉතිහාසයේදී නම් අපි දැක්කේ නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධව බලධාරීන්ගේ දෑස් විවර වී, සිසුන්ට ආරක්ෂා සහිතව තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැලසේවායි පතමි....
නියම රෝයල් කොලේජ් එක... අගමැති තුමාට ළමයි නැති නිසා අධ්‍යාපන ඇමතිතුමාගේ දරුවන් ටික යවන්න පුළුවන් නියම රෝයල් එකක්...
මේ බොරුවක්නේ කරන්නේ ,හොදට බලන්නකෝ පින්තුර දිහා පිටු පසින් කොචර හොද ගොඩනැගිලි තියනවද .මිනුස්සු නොමග යවන්න පරණ ගොඩනැගිල්ලක ඉරි ගිය පින්තුර ලං කරලා පෙන්නනවා
අපේම දරුවන් පොල් අතු මඩුවල දුක්කිතව අකුරු කරනවා බැඳුම්කර හොරකමෙන් තවත් කෙනෙක් කෝටි 10 ක බෝනස් එකක් ගන්නවා ..
පංසල් වල පිං පෙට්ටි ගැන හොයන අධ්‍යාපන ඇමති තුමා පාසල් වල අඩු පාඩු ගැන පෞද්ගලිකව හොයල බැලුවොත් නරකද? ප්‍රධාන මාර්ග අසල පාසල්වල පවා වැස්සට තෙමෙන හරි හැටි කලුු ලෑල්ලක් නැති, ඇති තරම් ඩෙස් පුටු නැති පංති තියෙනවා. ඔය සැප වාහන වලින් බැහැල පාසල් ඇතුලට ඇවිදගෙන ගිහින් බැලුවොත් පෙනෙයි.
මම මගේ ප්‍රවෘත්තියට යමක් කියන්නේ නැහැ. නමුත් නිලන්ත නමින් පෙනි සිටින මහතෙකු දමා ඇති සටහනට යමක් කියන්න වුවමනායි. මේ පින්තූර වල කිසිම බොරුවක් නැහැ. මේ අහිංසක දරුවෝ ගැන බලධාරින් සොයා නොබලන කලක මාධ්‍ය වගකීම මම ඉටු කලා. මට ලාභයක් නෙවේ නිලන්ත මහත්තයා. මේ දරුවන්ට පාසලක් ඉදිකරන්න පුළුන්නම් ඔයත් එකතු වෙන්න කියලා මා ඉල්ලිමක් කරනවා ඔබගෙන් ... එහෙම නැතිව මේ වාගේ දෙවල් සොයා නොබලා සටහන් කරන්න එපා මහත්තයා ...පව් .....
මෙ පසු බිමෙන් පෙනෙනවා මෙය බොරුවක් බව
මේක බොරුවක් නොවෙයි. මේක ඇත්ත සිද්ධියක්. මේකේ පසුබිමෙන් පෙනෙන ගොඩනැගිල්ලේ වෙනත් පන්ති කිහිපයක් පවත්වනවා. මෝඩ විදියට ප්‍රතිචාර දාන පිරිසක් ඉන්නවා. ජාති භේදයක් අවශ්‍ය නැහැ. හැම දරුවෙක්ටම ඉගෙන ගැනීමට ඇති අයිතිවාසිකම සුරකින්න කටයුතු කරන්න... මහ ඇත්තන්ට ඇස් අරුණා නම් හොඳයි. හිරාන් මහත්මාගේ ලිපිය අගය කරනවා.
nihantha හරි, පසුබිමින් පෙනෙන ගොඩනැගිලි හොඳින් බලන්න. ඕනෑම විදුහලක පරණ ගොඩනැගිලි තියෙනවා.
මේකටත් ජාතික විරෝදතාවය දක්වමු!
පොඩි ප්‍රබන්ධයක් වගෙයි. ඇයි ඔය බිත්ති පුපුරපු ගොඩනැගිල්ලේ ඇතුලේ ඉගෙන ගන්නේ ළමයි පෙනෙන්න නැත්තේ.. ඒක අත්හැරලා දාපු ගොඩනැගිල්ලක්ද? පසුබිමින් පෙනෙන ගොඩනැගිලි එක්ක බැලුවම දිළිඳු පාසලක් කියන්න නම් අමාරුයි. විදුහල්පතිවරු පාසැලක් දියුණු කරන්න උත්සාහ කිරීම හොඳයි. හැබැයි ටිකක් ආදර්ශමත් විදිහට.