IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


අතපය කපන අපරාධ කරන යාපනයේ ‘කෙටේරි’ කල්ලිය

 15_SLTK_P4_Back

 

පල්සර් වර්ගයේ මෝටර් බයිසිකලයක් හෙල්මට් පවා නොමැතිව තරුණයින් තුන් දෙනකු ගමන් කරනවා යාපනය කන්කස්තුරේ පාරේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීහු තුන් දෙනෙක් දැක ඇත.


පොලිස් නිලධාරීහු මෝටර් සයිකලය නවත්වන ලෙස සංඥා කළහ.


 මෝටර් බයිසිකලය පොලිස් නිලධාරීන්ගේ සමීපයටම පැමිණි පසු එක් තරුණයකු කෙටේරියක් ඉනේ ගසා ගෙන සිටින බව එක් පොලිස් නිලධාරියකු දැක ඇත්තේ එහි මිටෙනි. 


මෝටර් බයිසිකලය පොලිස් නිලධාරීන් ළඟට වේගය අඩුකර පැමිණි අවස්ථාවේ සිදුවූයේ පොලිස් නිලධාරීන් කිසිසේත් බලාපොරොත්තු නොවු දෙයකි.


මෝටර් බයිසිකලයේ මැද වාඩිවී සිටි තරුණයා ඉනේ ගසා ගෙන සිටි කෙටේරිය එකවරම ඇද පොලිස් නිලධාරිහු වෙත පහරක් එල්ල කළේය.


ඒ මාරාන්තික ප්‍රහාරයක් එක්කම මෝටර් බයිසිකලයේ වේගය වැඩි කර පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ කෙටේරි ප්‍රහාරයද වළක්වා ගනිමින් පිටුපස අසුනේ වාඩි වී සිටි තරුණයෙකුගේ ඇද සිටි කමිසයෙන් ඇද අල්ලා ගැනීමට පොලිස් නිලධාරීහු තිදෙනා සමත් වූහ.


 තරුණයින් දෙදෙනා තමා සමග සිටි මිතුරා ගැනද නොසිතා පවනට බඳු වේගයෙන් පලා ගොස් ඇත්තේ මොහොතක් හෝ ප්‍රමාද වුවහොත් වැඬේ වැරදෙන බව දන්නා නිසාය.

6
  මෝටර් බයිසිකලයේ පිටුපස අසුනේ වාඩිවී සිටියදී අල්ලා ගත් තරුණයා පොලිස් නිලධාරීන්ගෙන් බේරී පලායාමට උත්සාහ කළත් වැඩක් වුයේ නැත. පොලිස් නිලධාරීන් බලවත් පරිශ්‍රමයක් දරා ඔහු මෙල්ලකර ගැනීමට සමත් වූහ.


කෙටේරි ප්‍රහාරයද වළක්වා ගනිමින් සැක කටයුතු තරුණයා අල්ලා මෙල්ලකර ගත්තේ යාපනය මූලස්ථාන පොලිසියේ රාජකාරිකරන කුමාර (40755), ඩුපේන්ද්‍රන් (88498) සහ සුදාකරන් (6120) යන පොලිස් කොස්තාපල්වරු තිදෙනාය.
අත්අඩංගුවට ගෙන තිබුණේ මොහාන් මධුෂාන් හෙවත් ඔන්පොක් නැමැති (22) තරුණයෙකි. 


මොහු අත්අඩංගුවට ගෙන යාපනය  මූලස්ථාන පොලිසියට කුදලාගෙන ආවේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමටයි. 


පොලිසිය ඔන්පොක් නැමැත්තාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පල්සර් වර්ගයේ  මෝටර් බයිසිකලයේ නැගි පලාගිය අනෙක් තරුණයින් දෙදෙනාගේ වගතුගද හෙළිවිය.


කෝපායි ප්‍රදේශයේ අලුතින් රාජ්‍ය බැංකුවක් ඉදිකරගෙන යන අතර එහි මුර කුටියක රාත්‍රියේ නිදාගෙන සිටියදී අල්ලා ගත්තේ එදා පොලිසියෙන් බේරී පලාගිය තරුණයින් තුන් දෙනාගෙන් දෙවැන්නාය.


පොලිසිය අල්ලාගත්තේ රත්නම් සෙන්දුරන් (23) නැමැති තරුණයෙකි. පොලිස් නිලධාරින් තුන් දෙනාම ඉලක්ක කර ගනිමින් කෙටේරි ප්‍රහාරයක් එල්ලකර තිබුණේ වෙන කවුරුත් නොව මේ සෙන්දුරන්ය.
පල්සර බයිසිකලය පැදගෙන ගොස් තිබුණ තරුණයාද තවමත් පොලිසිය සමග කට්ටි පනිමින් සිටී.


පොලිස් නිලධාරින් තිදෙනාට කෙටේරි ප්‍රහාරයක් එල්ල කළත් හොඳ වේලාවට එය ඔවුන් තිදෙනාගෙනේ එක් කෙනෙකුටත් වැදුණේ නැත. ඒ ක්ෂණිකව ඔවුන් ප්‍රහාරය වළක්වා ගත් නිසාය.


සෙන්දුරන් අත්අඩංගුවට ගත්තේ මේ කෙටේරියද එක්කය. 


සෙන්දුරන් කියන්නේ යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක පාතාල කල්ලියක වත්මන් නායකයාය. 


මේ පාතාල කල්ලිය හැඳින්වෙන්නේ ආවා ගෲප් කියන නමින්ය.


ආවා ගෲප් කල්ලියේ හිටපු නායකයා කුමදේශන් විනෝදන්ය. 


කුමදේශන් විනෝදන්ට පටබැඳි ඇති නාමය වන්නේ ආවා කියාය.


මේ නිසා බොහෝ දෙනෙක් මොහුව දන්නේ විනෝදන් කියන නමින් නොව -ආවා” කියන නමින්ය.


යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක මේ පාතාල කල්ලියේ නායකයා 2014 වසරේ සිට ඔහුගේ ගෝලබාලයන් 5 දෙනෙක්ද සමග යාපනය රිමාන්ඞ් බන්ධනාගාරයේය.


ආවා ගෲප් පාතාල කල්ලියේ සිටින්නේ ගැටවරවියේ පසුවන කොල්ලන්ය.


සෙන්දුරන් -ආවා ගෲප්” කල්ලියේ නායකයා ලෙස නිතැනින්ම පත්වන්නේ විනෝදන් රිමාන්ඞ්බාරයට පත්වීමෙන් පසුවය.


ආවා ගෲප් කල්ලියේ නායකයා බවට පත්වූවාට පසු සෙන්දුරන් මුලින්ම කර ඇත්තේ සම වයසේ පසුවන ඔහුගේ ගජ මිතුරන් සමග එක්වී ඡායාරූප ගෙන ඒවා ෆේස් බුක්වල දැමීමය.


පල්සර් මෝටර් බයිසිකල් ඉදිරිපස තබාගෙන සෙන්දුරන් ඔහුගේ ගෝලබාලයන් 15 දෙනෙක් සමග ගත් සමූහ ඡායාරූපයක් මෙන්ම කඩු - කිනිසි කෙටේරි අතේ තබා ගෙන ගත් ඡායාරූපද ඔවුන්ගේ ෆේස්බුක්වල දමා ගෙන ඇත.


මේ කියන ඡායාරූපද පොලිසිය සොයාගෙන ඇත්තේ ඔවුන්ගේ ෆේස් බුක් වල තිබියදීය.


එහෙමකර ඇත්තේ ආවා ගෲප් කල්ලියට යම් ප්‍රසිද්ධියක් ලබාගැනීමේ අරමුණ ඇතිවය.


මෙවැන්නක් කිරීමට තවත් යම් අරමුණක් තිබී ඇත. ඒ යටි අරමුණ වෙන කිසිම දෙයක් නොව සාමාන්‍ය ජනතාව ආවා ගෲප් කල්ලියට බියකර ගැනීමටය.


ඇත්තෙන්ම ආවා ගෲප් කියන පාතාල කල්ලියේ නම ඇසූ පමණින් යාපනයේ ජනතාව බියට පත්ව සිටියේය. සංත්‍රාසයට පත් වන්නේය.


ඒ තරමටම ඔවුන් දරුණු ගැටවර අපරාධ කල්ලියකි.


ආවා ගෲප් කල්ලියේ දහ දෙනෙකුට කිසිම හිතක් පපුවක් නොමැත.


කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට කෙනෙකුගේ අතක් පයක් සිරුරෙන් වෙන් වෙන්නම කපා දැමීම මොවුන්ට එච්චර අපහසු කාර්යයක් නොවෙති.


මේවන විට මේ පාතාල කල්ලියේ අය පුද්ගලයින් තිදෙනෙකුගේ අත් සිරුරෙන් වෙන් වෙන්ව කපා දමා ඇත්තේ කඩුවලින්ය.


මෙසේ අතක් සිරුරෙන් වෙන්වෙන්නම කපා දැමූ තිදෙනා අතර යාපනය සරසවියේ සිසුවෙක්ද සිටින අතර ඔහු මනිප්පායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.


වෙන්වූ අත සරසවි සිසුවාට ශල්‍යකර්මයකින් කොලඹ ජාතික රෝහලේදී බද්ධ කළ නිසා ඔහු දැන් සුවය ලබා ඇත.


සරසවි සිසුවාගේ අත කැපූ -“ආවා ගෲප්” කල්ලියේ  කිහිප දෙනෙකුට එරෙහි නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.


අවසන්වරට නඩු වාරයක් පැවැත්වුණේ පසුගිය 9 වැනිදාය.


යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත යාපනය සහකාර පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා ආවා ගෲප් කල්ලියේ වත්මන් නායකයා ඇතුළු ඔහුගේ ගෝලබාලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.


කෙටේරියට අමතරව විදේශීය නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් හා කඩු තුනක්ද පොලිසිය සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ.


ආවා ගෲප් කල්ලියේ ප්‍රකාශ් ශාන්තන් හා දේවා ඇතුළු 15 දෙනෙක් පමණ අල්ලා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයලත් මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත. 


සෙන්දුරන් සමග ඔහුගේ කල්ලියේ පස් දෙනෙක් මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටිති. මේ පස් දෙනාම යාපනයේ ප්‍රසිද්ධ පාසල් දෙකකින් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවෝ වෙති.


අල්ලාගත් තරුණයින් දෙදෙනෙකුගේ පියෙක් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. අනෙකාගේ පියා යාපනයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකි.


අත් බෝම්බ දෙකක්, කඩු 03 ක් හා කෙටේරියක් මොවුන්ගෙන් සොයාගෙන තිබිණි.


කොල්ලකෑ පල්සර් වර්ගයේ යතුරු පැදි දෙකක්ද මේ අතර තිබේ.


පොලිසිය පවසන්නේ මෙතෙක් කළ ප්‍රශ්න කිරීම් වලින් ඔවුන් කළ අපරාධ 11 ක් පමණ හෙළි වී ඇති බවය.


දකුණේ සිට වන්දනාවේ පැමිණි බස් රථයක් යාපනය රෝහල පාරේ ගාල්කර තිබියදී මීට සති දෙක තුනකට පෙර ගල් ගසා අලාභ හානි සිදුකර තිබූ අතර මෙයද මේ කල්ලියේ වැඩක් බව පොලිසිය පවසයි.


පොලිසිය පවසන අන්දමට බස් රථය නවතා තිබූ ස්ථානය අසල පිහිටි නිවසකට ගල් මුල් ප්‍රහාර එල්ල කරද්දී බස් රථයටද එම ගල් වැදී ඇති බවයි.


 යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයාගේ නිවසකට අලාභහානි සිදුකිරීම, පුද්ගලයින් 9 දෙනෙකුට කඩු වලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම ද මොවුන් කළ අපරාධ අතර වෙති.


මොවුන් එල්ල කළ කඩු පහර වලින් පුද්ගලයින් දෙදෙනකුගේ අත් සිරුරෙන් කැපී වෙන්වී ගොස් ඇති බව කියති.


මේ සියලු අපරාධ මොවුන් සිදුකර ඇත්තේ ඔවුන්ට එක් එක් අය ලබාදෙන මුදල් කොන්ත්‍රාත්තු මතය.


මෙවැනි කොන්ත්‍රාත් මේ පාතාල කල්ලියට ලබා දීම ඇතැයි කියන්නේ ඒ ඒ අයගේ වෛර පිරිමසා ගැනීමටය.


ආවා ගෲප් පාතාල කල්ලිය ආරම්භ වී ඇතැයි කියන්නේ මෙරට තිස් වසරක් පුරා පැවති කොටි ත්‍රස්තවාදය අතුගා දමා වසර හතරකට පමණ පසුවය.


යාපනය අර්ධදීපය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ මේ පාතාල කල්ලියේ ආරම්භක නායකයා නිමලන් කන්දසාමි නමැත්තෙකි.


මේ පාතාල කල්ලිය මුලින්ම හඳුන්වා ඇත්තේ නිමලන්ගේ කල්ලිය කියන නමින්ය.


යාපනය ප්‍රදේශයේ පිහිටි කායවර්ධන (ජිම්) මධ්‍යස්ථානයකට නිතර යන එන නිමලන්ට කුමදේශන් විනෝදන් හෙවත් ආවා නමැති තරුණයා ඇතුළු තවත් ඒ වයසේම පසුවන තරුණයින් පිරිසක් දැන හඳුනාගැනීමට ලැබී ඇත. ඒ දැන හැඳුනුමකට වැඩි කාලයක් යන්නට මත්තෙන් මෝරා ගොස් ගජ මිතුරන් බවට පත් වී ඇති අතර මෙහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ නිමලන්ගේ නායකත්වයෙන් පාතාල කල්ලියක්ද ඇතිවීමය.


නිමලන් කාලයක් දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටි අයෙකි. 


දකුණු ඉන්දියාවේ සිට බෝට්ටුවකින් හොර රහසේ උතුරට පැමිණ ඇත්තේ බ්‍රසීලයේ නිෂ්පාදිත කඩුවක් හා දකුණු ඉන්දියාවේ නිෂ්පාදිත සටන් ජවනිකා ඇතුළත් සංයුක්ත තැටි තොගයක්ද රැගෙනය.


බ්‍රසීලයේ නිෂ්පාදිත කඩුව චුත්නාකම් ප්‍රදේශයේ පිහිටි කම්හලකට ලබාදී එයට සම්මත කඩු 15 ක් පමණ හදාගෙන කල්ලියේ සාමාජිකයින් අතර බෙදා දී ඇත්තේද නිමලන් විසින් යැයි කියයි.

 
දකුණු ඉන්දියාවේ සිට ඒද්දි ගෙනා සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටි (සී.ඩී.) නරඹා මෙම පාතාල කල්ලියේ සාමාජිකයින් එසේ අභාෂය ලබාගෙන අපරාධ කිරීමට ගොස් ඇත.


ව්‍යාපාරිකයින් බියවද්දා කප්පම් ගැනීම, එක් එක් අයගෙන් ලැබෙන මුදල් කොන්ත්‍රාත් මත ඒ අයගේ තරහකාරයින් සොයාගොස් කඩුවලින් හා කෙටේරි වලින් කපා බරපතළ තුවාල සිදුකිරීම හා දේපොළවලට අලාභ සිදුකිරීම් නිමලන්ගේ කල්ලිය විසින් සිදුකරගෙන ගොස් ඇතත් මේ කල්ලියට ඇති බිය නිසා කිසිවෙක් නීතියේ පිළිසරණක් සොයා ගොස් නොතිබිණ.


මොවුන් මේ අපරාධ සියල්ල කළේ පල්සර් වර්ගයේ යතුරුපැදි වලින් ගොස්ය.


ආපනශාලා වලට ගොස් කෑම බීම කා මුදල් නොදී එම ක්‍රියාව දිගටම කරගෙන ගොස් ඇතත් ඒවායේ අයිතිකරුවන් මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නැත්තේ ඔවුන්ට ඇති බිය නිසාය.


නිමලන් නැමැත්තා යළි දකුණු ඉන්දියාවට යාමත් සමග මේ පාතාල කල්ලියට නායකත්වය ලබාදී ඇත්තේ කුමදේශන් විනෝදන් හෙවත් ආවා නැමැති තරුණයාය.


“ආවා ගෲප්” කියන නම කරළියට අජේ නිමලන් දකුණු ඉන්දියාවට යාමත් සමගය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් උතුරු පළාත භාරව සිටි වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත එවකට උතුරු පළාත භාරව සිටි වර්තමානයේ සබරගමු පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන රොහාන් ඩයස් මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා මෙම ආවා ගෲප් කල්ලියේ නායකයා සහ ඔහුගේ ගෝලබාලයින් 12 දෙනෙක් 2014 වසරේදි අත්අඩංගුවට ගනු ලැබුයේ එවකට කෝපායි පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


විදේශීය නිෂ්පාදිත අත් බෝම්බ දෙකක් කඩු 11 ක් යකඩයෙන් නිෂ්පාදනය කර තිබූ කලාකිරිඤ්ඤ 02 සහ යකඩ පොලු 02 ක්ද මෙම පාතාලයන් ළඟ තිබී පොලිසිය සොයාගෙන තිබිණි.


අපරාධ කිරීමට යාමට යොදාගත් බවට සැලකෙන නවීන පන්නයේ යතුරු පැදි හයක්ද, පොලිසිය සොයාගත්තේ මොවුන්ගෙන් හෙළිකර ගත් තොරතුරු මතය.


ආවා ගෲප් කල්ලියේ තවත් තුන් දෙනෙක් අල්ලාගෙන තිබුණේ එවකට අච්චුවේලි පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නිශ්ශංක ධර්මරත්න සහ අපරාධ අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනවිරත්න යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. 


එවකට යාපනය සහකාර පොලිස් අධ්‍යක්ෂකවරයාව සිටි ඩී.එම්. තිලකරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරී ඇත.


ආවා ගෲප් කල්ලියේ නායකයාව සිටි කුමදේශන් විනෝදන් සමග විරසකයක් ඇති කර ගෙන එම කල්ලියෙන් වෙන්වී ගොස් සිටි අශෝක් හෙවත් ඩිනෝ කරලියට පැමිණෙන්නේ ආවා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් රිමාන්ඞ්බාරයට පත්වූ පසුවය.


ඩිනෝ ගෲප් නමින් පාතාල කල්ලියක් අශෝක් විසින් පිහිටුවා ආවා ගෲප් කල්ලිය කළ අපරාධ කරන්නට පටන්ගෙන ඇත්තේ යාපනයේ ජනතාව වෙත භීෂණය මුදා හරිමිනි.


ඩිනෝ ගෲප් නමැති මෙම පාතාල කල්ලිය ක්‍රියාත්මක වී තිබුණේ යාපනය පොතුවිල් ප්‍රදේශයේ සුවිසල් නිවසක් මූලස්ථානය කර ගනිමිනි.


මේ පාතාල කල්ලියටද වැඩි කාලයක් ජනතාව බිය වද්දමින් අපරාධ කිරීමට ලැබුණේ නැත.


ඩිනෝ ගෲප් පාතාල කල්ලියේ නායකයා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් රැසක්ම අල්ලා ගත්තේ යාපනය දිසා විශේෂ පරීක්ෂක ඒකකයේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රම්සින් පකීර් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. පොලිස් ප්‍රශ්න කිරීම් වලදී මේ පාතාල කල්ලිය කළ දරුණු අපරාධ ගණනාවක්ද හෙළි වූ අතර කොකුවිල් සුවිසල් නිවසේ තිබි කඩු, මන්නා, පිහි හා යකඩ බට තොගයක් ද සොයා ගැනිණි.


මෙම පාතාල කල්ලිය පොලිසියට කොටුවූයේ ද 2014 වසරේ පෙබරවාරි මාසයේය.


යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත යාපනය සහකාර පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර සහ උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

m



අදහස් (0)

අතපය කපන අපරාධ කරන යාපනයේ ‘කෙටේරි’ කල්ලිය

නුවන් Sunday, 22 May 2016 01:19 PM

මොනවද තව කරන්නේ ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නේ නැතුව? (නි)

:       0       0

රංග Monday, 16 May 2016 07:42 PM

ඉන්දියාවේ දේවල් ලංකාවට වද්දගත්ත අපේ තරුණ පරම්පරාව. එහෙන් හැමදම හැප්පෙන ත්‍රීවීල් සහ බයිසිකල් . මෙහෙන් බස්. අරහෙන් ෆිල්ම් සහ රුපවාහිනී නාට්‍ය. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 295 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 231 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 145 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 282 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 449 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1077 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1071 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site