දැනට වසර 54කට පෙර පැවැති මහා ඡුන්දයක දී ඔය කියන දේශපාලන උණ මට ද වැළඳී තිබිණ. ඒ දවස්වල ඡුන්ද බලය තිබුණේ අවුරුදු 21ට වැඩි අයටය. එම මැතිවරණය සඳහා මට ඡන්ද බලය නොතිබුණ ද දේශපාලන උණ නම් තදේටම වැළඳී තිබිණ. එම උණ සන්නිපාත තත්ත්වයට පත්වුණේ ඡන්දය දාට එළිවෙන පාන්දර ජාමයේය.
එකල අපේ ගම වූ මහබාගේ අපේ පක්ෂයේ අය සිටියේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. එම නිසා දේශපාලන කටයුතු කරන්නට අපට සිදුවුණේ අනිත් පිලේ අයගේ එනම් එවකට ආණ්ඩු බලය හිමි පක්ෂයේ ආධාර කරුවන්ගේ විවිධ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින්ය. එම නිසා අපගේ සීමිත පාක්ෂිකයන් අතුරින් ‘‘මැතිවරණ රහස් කොමිටියක්” ද පත්කර ගැණින. එම රහස් කොමිටියට මාද, මහබාගේ ගමේ උග‍්‍ර වාමාංශිකයෙකු වූ මාගේ ඥාති සහෝදරයෙකු වූ බර්ලන් අයියා ද, කැපුවත් ලේ නිල් පාට බැව් නිතරම කියූ සිමියන් සිල්වා හෙවත් සිමප්පු අයියා ද, ගමේ නමගිය වඩු කාර්මිකයකු වූ පැටි‍්‍රක් අයියා ද ඇතුළත් වූහ.
ඡුන්දය දා එළිවෙන ජාමෙට ඉතා වැදගත් රහස් ඡන්ද පෝස්ටරයක් ගම පුරා ඇලවීමට අපේ කමිටුව තීරණය කර තිබිණි. ‘‘හැබැයි මේක අපේ හොඳ තුරුම්පුවක්. මේ ගැන අපි හතරදෙනා විතරයි දන්නෙ. මේක හෙට එළිවෙනකං කාටවත් හෙම කියන්නෙපා” පැටි‍්‍රක් අයියා මේ සම්බන්ධ තීරණය ගන්නා වෙලාවේ අපට කීවේ අවවාදාත්මක ස්වරූපයකිනි. ඡුන්දය දාට පෙර දින රාත‍්‍රී දොළහට පෝස්ටරය ඇලවීම සඳහා මහබාගේ ගමේ ආරම්භය වන වැලිතුඩුව පොඩි ඇළ අසලට එකතුවීමට ද අපි හතරදෙනා තීරණය කළෙමු.
එදින මහා කළුවර රාත‍්‍රියක් විය. අද මෙන් එදා අපේ ගමේ විදුලිය නොතිබිණි. ? ගමනක් යාමට නම් හුළු අත්තක් පත්තු කරගතයුතු විය. එහෙත් මෙය හොර රහසේ යායුතු ගමනකි. එදා අද මෙන් ඉඩම් වෙන්කර ගන්නට තාප්ප හෝ වැට බැඳීමක් සිදු නොවුන හෙයින් ඕනෑම කට්ට කරුවලක ගමේ ඕනෑම තැනකට යාහැකි ඉවක් අපට තිබිණි. ටික දුරක් අඳුරේම මම ඉදිරියට ගියෙමි. මා පසුපසින් වියළි කොළ පොඩි වෙන ශබ්දයක් ඇසිණ. මම පසුපස හැරී බැලූවෙමි. දැල්වෙන බීඩියක එළියක් මට පෙනේ. මම උගුර පෑදුවෙමි. -ආ උඹ ද” ඒ සිමප්පු අයියාය. අප දෙදෙනා වැලිතුඩුවේ පොඩි ඇළ අසලට කිට්ටු වෙමින් සිටියෙමු. අප හමුවීමට නියමිත තැනින් තවත් බීඩි එළියක් පෙනෙයි. ළං වී බැලූ විට ඒ බර්ලන් අයියාය. ඔහු නියමිත වේලාවටත් කලින් එතැනට පැමිණ ඇත.
‘‘කෝ පැටි‍්‍රක් අයියා ආවෙ නැද්ද?” මම බර්ලන් අයියාගෙන් ඇසුවෙමි. ‘‘පැටි‍්‍රක් කොහෙ එන්ඩද බං. ඊයෙ අපේ කොමිටිය වෙලාවෙත් හොඳට දාල හිටියෙ. මිනිහ මෙලහකටත් ගොරෝ ගොරෝ නිදි ඇති. මිනිහ එන එකක් නැහැ අපි තුන්දෙනා යමු.”
අපි තුන්දෙනා පෝස්ටර් ඇල වීමට පටන් ගතිමු. කලින් දැනුම් දුන් පරිදි සිමප්පු අයියා පාප්ප සාදාගෙන ඇවිත් තිබිණි. ඔහු බීඩිය ඉහළට උරන විට නැගෙන එළියෙන් පෝස්ටර් ඇලවීම සිදුවුණේ මා අතිනි. බර්ලන් අයියා පොල්ලක් ද අතැතිව සිටිමින් අපට ආරක්ෂාව සැලසීය. මෙසේ පෝස්ටර් අලවමින් අප ගම මැද හරියට එන විට ඈතින් හුළු එළියක් පෙනුණි. මේ ජාම් වෙලාවෙ යන්නේ කවුරුන්දැයි දැක ගැනීමට අපි ටිකක් වේගයෙන් ඒ දෙසට ගියෙමු. ඒ අනිත් පක්ෂයේ ගමේ ප‍්‍රබලයන් කිහිපදෙනෙකි. ඔවුන් අතරින් සුපුරුදු කට හඬක් ද අපට ඇසෙයි. ‘‘ ඕකුන්ට පුළුවන් ද මේ ආණ්ඩුව පෙරළන්න. ගමේම ඡුන්ද කීයද ඕකුන්ට තියෙන්නෙ. යකෝ මං ඕකුන්ගෙ රහස් කොමිටියෙ එකෙක්. මං ප්‍රෝඩාවක් කළේ. මං ඕකුන්ගෙ රහස් දැනගන්ඩයි ඔය කොමිටියෙ හිටියෙ.” ඒ පැටි‍්‍රක් අයියාගේ හඬය. ඔහු තොරතෝංචියක් නැතිව ඔහේ කියවාගෙන යයි. ‘‘ ඕකුන් දැන් එයි පෝස්ටර් අලවන්ඩ ඔය.... පුතාලගෙ අඬු කැඩෙන්ඩ ගහපියව්” පැටි‍්‍රක් අයියා පුතාලගෙ යන්න මුලට අසභ්‍ය වචනයක් ද එක් කළේය.
‘‘පැටි‍්‍රක් අයිය ඒ පැත්තට ගිහිල්ල නේද? අපටයි රහස් රකින්න කියාල අවවාද කළේ. පැය දෙක තුනක්වත් ගියෙ නැහැ, මිනිහ ඒ පැත්තෙ.” මා කීවේ මහත් කලකිරීමකිනි. මගේ දේශපාලන උණ, දැන් සන්නිපාත තත්්ත්වයටම උත්සන්න වී තිබේ. ‘‘අපි දැන් මොකද කරන්නෙ” මම අනිත් දෙදෙනාගෙන් ඇසුවෙමි. ‘‘මොනවා කරන්නද අපි ගෙදර යමු.” ඔවුන් දෙදෙනාම එකවර කියන ලදී. ‘‘ ඕකට අරක්කු ටිකක් දුන්නොත් ඕනෑම ජඩ වැඩක් කරයි” ඒ කීවේ සිමප්පු අයියාය.
ඉතිරි පෝස්ටර් ටිකත් කිහිල්ලේ ගසාගත් මම ආපසු ගෙදර එන්න පිටත්වුණෙමි. අනිත් දෙන්නා ද කසාය බිවූ ගොළුවන් සේ මා පසු පස එති. දැන් පාන්දර ජාමයයි. ගස්වල ලැග උන් කුකුල්ලූ සියලූදෙනාම එකවර හඬලන්නට පටන්ගත්හ. ඒ අපට ඔච්චම් කරන්නා වගේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අඩසියවසකට පෙර මැතිවරණයක අත්දැකීමක්