තිදෙනෙකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 7500කින් ජීවත්විය හැකි බවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශය මේ වනවිට මහත් ආන්දෝලනයකට හේතුවී ඇත. එම ප‍්‍රකාශය පිළිබඳව විවාදයකට එළඹීමට දැනටමත් තිදෙනෙක් අභියෝග කර ඇත. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රවි කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති, නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න යන මහත්වරු මෙම අභියෝගය භාරගෙන සිටිති. අපි එම තිදෙනාගෙන්ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගෙන්ද කරුණු විමසීමු. රුපියල් 7500කින් ජීවත්වන්නේ කොහොමද? අපි පළමුව ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමු.
සටහන: දයාසීලි ලියනගේ
2500කින් කාල බීල නොමැරී ජීවත්විය හැකියි
(ආර්ථික විද්‍යාව දන්න ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගන්නවා)
බන්දුල ගුණවර්ධන
අරපිරිමැස්ම පවුලකට ඉතාම වැදගත් දෙයක්. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පාසල් දරුවන් ප‍්‍රතිඥා දෙනවා. ප.ව. 6.30 සිට 9.30 දක්වා වොට් 60ක බල්බයක් නිවා දැමීම, එම කාලය තුළ ඇඳුම් නොමැදීම, ශීතකරණය ක‍්‍රියා විරහිත කිරීම වැනි දේ මගින් වසරකට බිලියන 20ක ඉතිරියක් ලබාගත හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබෙනවා. ජීවන වියදම මනිනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුවයි. සැබෑ වියදම එහි සඳහන් වෙනවා. පොදුවේ වියදම ඒකක 100ක් වශයෙන් ගණන් ගන්නේ නම්, ආහාර සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. විදුලිය, ගෑස්, ජලය යනාදියට වැය වන්නේ සියයට 24.3ක ප‍්‍රමාණයක්. සියයට 12.27ක් වැය වන්නේ ප‍්‍රවාහනයට. ඇඳුම් හා පාවහන් සඳහා වැයවන්නේ සියයට 3.13ක ප‍්‍රමාණයක්. ආහාරxපාන සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. ඒ අනුව රුපියල් 2500කින් කාල-බීල නොමැරී ජීවත්විය හැකියි. සිරස හා ටී.එන්.එල්. රූපවාහිනී හැර වෙනත් ඕනෑම මාධ්‍ය ආයතනයක මේ විවාදය කිරීමට මා සූදානම්. ආර්ථික විද්‍යාව දන්න, ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගනීවි. නොමැරී කාල-බීල ජීවත් වෙන්න රුපියල් 7500 මුදලක් හොඳටම ප‍්‍රමාණවත්.තුන් වේලටම පාන් භාගයක් කෑවත් 2500ක් යනවා
(ඔය ඇමැතිවරුන්ගේ වැටුප ලක්ෂයකට වැඩියි)
රවි කරුණානායක
සිරස, දෙරණ හා ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනෙන් එකකදී ඇමැති බන්දුල ගුණවර්ධන සමග විවාද කිරීමට මා සූදානම්. එම විවාදය අවස්ථාවේ පේ‍්‍රක්ෂකයන් ලෙස එම ස්ථානයට අඩු වශයෙන් දස දෙනෙකුවත් පැමිණ සිටීම වඩාත් සුදුසුයි. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාත් මමත් හිටපු වෙළෙඳ ඇමැතිවරු. රටේ ජිවන වියදම, ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳව අප දෙදෙනාටම හොඳ අවබෝධයක් තිබෙනවා. පුද්ගලයෙක් පාන් භාගයක් බැගින් වේල් තුනටම කාල ජීවත් වුණත් මාසයකට රුපියල් 2250ක් වැය වෙනවා. පාන් කෑල්ල නිකම්ම කන්න බැහැ. ඒකට හොද්දක් හෝ පොල් සම්බෝලයක්ද අවශ්‍ය වෙනවා. මීට අමතරව ජල බිල, විදුලි බිල, ඇඳුම්, ඖෂධ, ගෙවල් කුලී, පාසල් දරුවන්ට ඉගැන්වීම් යනාදියත් පවුලක ජීවිතයකට බලපානවා. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන්ගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂයකට වඩා වැඩියි. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා වැටුප ගන්නවද? නැද්ද කියල මා දන්නෙ නැහැ. රටේ ජනතාවට ආදර්ශයක් ලබාදීමට පෙර, දේශපාලනඥයන් ආදර්ශවත් විය යුතුයි. ඇමැතිවරයා කියන පරිදි රුපියල් 7500කින් තිදෙනෙකුට ජීවත්විය හැකිනම් ඇමැතිවරුන්ටත් ඒ ගණනින් ජීවත්වන්න පුළුවන් විය යුතුයි. රුපියල් 7500කින් පවුලක් නොමැරී ජීවත්වෙන ආකාරය මේ විවාදයේදී ඇමැතිවරයා පෙන්වා දේවි. ජනතාවට නොමැරී ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය නිරෝගීව ජීවත්වීමයි. ඒ සඳහා විවාදයේදී කරුණු ඉදිරිපත් කිරීමට මා සූදානම්.භාවනානුයෝගීව ජීවත්වනවා නම් මේ මුදල වැඩිත් එක්ක
(මේ හදන්නේ ජනතා මුදල් කොල්ලකෑමටයි)
වික‍්‍රමබාහු කරුණාරත්න
තිදෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 7500 කින් ජීවත්විය හැකි බවට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප‍්‍රකාශය පිළිබඳව විවාද කිරීමට මා සූදානම්. ඒ සඳහා දැන් ඇමැතිවරයාගේ ප‍්‍රතිචාරය ලැබෙනතුරු මා බලාපොරොත්තුව ඉන්නවා. ජනතාව භාවනානුයෝගීව ජීවත්වනවා නම් ඇමැතිවරයා ඉදිරිපත් කරනු ලබන තර්කය නිවැරදි විය හැකියි. තමන් අසලට වැටෙන කොළ, ගෙඩි පමණක් කාල පමණක් ජීවත් වෙනවා නම් ඇමතිවරයා ප‍්‍රකාශ කරන මුදලත් වැඩියි. නමුත් මේ රටේ ජනතාව සියලූදෙනාම භාවනානුයෝගීව ජීවත්වන අය නොවෙයි. පවුලක් සමග ජීවත්වෙන පුද්ගලයකුට සමාජය සමගත් ජීවත්වීමට සිදුවෙනවා. ඒ සඳහා ඇමැතිවරයා ඉදිරිපත් කරන මුදල කොහෙත්ම ප‍්‍රමාණවත් නැහැ. නමුත් ඇමැතිවරයා මේ උත්සාහ දරන්නේ වක‍්‍රව ජනතාවගේ මුදල් කොල්ලකෑමටයි. මේ රජය ලබාගෙන ඇති ජාත්‍යන්තර ණය දැන් වහාම පියවන ලෙස ඒ රටවල් බල කරනවා. ඒ නිසා මේ උත්සාහ කරන්නේ, ජනතාවගේ මුදල් වැය කිරීම අඩු කර ගැනීමටයි. මට ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් නම් නැහැ. ඒත් මා ආර්ථික විද්‍යාව පිළිබඳව පොත පත හදාරා තියෙනවා. ඉංජිනේරු ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබල තිබෙනවා. මොනවා නැතත්, රටේ දුප්පත් ජනතාව ජීවත් වෙන අසීරුව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ විවාදයට මා සූදානම්.7500 කින් ජීවත් වන ක‍්‍රමය පැහැදිලි කරලා නෑ
(මා සූදානම් බවට ලිපියකුත් යැව්වා)
සුනිල් හඳුන්නෙත්ති
තිදෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට රුපියල් 7500ක මුදලකින් ජීවත්වීමට හැකි බවට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පළමුවෙන් කරුණු පැහැදිලි කළයුතු වෙනවා. ඒ සඳහා විවාදයට සූදානම් බව මා ඔහුට ලිඛිතව දැනුම් දුන්නා. ඒ සඳහා සුදුසු මාධ්‍ය ආයතනයක් තෝරා ගැනීම, නිවේදකවරයකු තෝරාගැනීම, කාලය වෙන් කිරීම ආදී කරුණු පිළිබඳව එකඟතාවක් ප‍්‍රථමයෙන් ලබා ගතයුතු වෙනවා. මා යැවූ ලිපියේ මේ කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ඒ සියලූ එකඟතාවලින් පසු විවාදය පැවැත්විය හැකියි. ඕනෑම අවස්ථාවක මා ඒ සඳහා සූදානම්. පළමුව රුපියල් 7500කින් තිදෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත්විය හැකියි” යන්න පිළිබඳව ඇමැතිවරයා පළමුව කරුණු පැහැදිලි කළයුතු වෙනවා. එය ඔප්පු කර පෙන්විය යුතු වෙනවා. එම කරුණු මත මගේ පැහැදිලි කිරීම සිදු කෙරෙනවා ඇති. රුපියල් 7500 කින් ජීවත්වෙන ආකාරය පිළිබඳව ඇමැතිවරයා මෙතෙක් කරුණු පැහැදිලි කර දී නැහැ. ඔහු ප‍්‍රකාශ කරන්නේ ජීවත්විය හැකි බවයි. මේ විවාදයේදී 7500 කින් නොමැරී ජීවත්වන ආකාරය ඔහු පැහැදිලි කරාවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගා කෑවොතින් 7500 ඉතිරිකරගන්නත් පුළුවන්
බන්දුල ඇමතිතුමා අපේ ඉකොන් ක්ලාස් එකේ ගෞරවයත් නැති කරනවා.
මොළේ නැත්නම් පාඩුවේ ඉන්නෝනේ. මාධ්‍යයකට ඔයවගේ මෝඩ කතා කියයි කියලා අපි හිතුවේ නැහැ.
ඉකෝන් වල තියරි සහ ප්‍රැක්ටිකල් කියලා දෙයක් තියෙන බව ඕන හරකෙක් දන්නවා. ඒත් මේ බන්දුල දන්නෙ නැහැනේ.
7500 කින් හිගන ජීවිතයක් ගතකරන්න පුළුවන්. බන්දුල හදන්නේ අපි ඔක්කොම හිගන්නෝ කරන්න. මම බන්දුල ගුරුතුමාගේ ගෝලයෙක්. ඒත් මන් එයාගේ තර්කෙට එකගවෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කිව්වා වගේ හොදම දේ තමයි බන්දුල ඇමතිතුමා රුපියල් 7500 කින් ජීවත් වෙලා පෙන්වීම
ආසියාවේ ආශ්චර්යය මාර්ගයේ අපේ රට ඉන්නවා. බන්දුල කියන විදියට ඉලක්කයකට ගියොත්නම් සති කිහිපයකින් ආශ්චර්යයක් වෙන්න පුළුවන්.
මෙයා තමයි අරකට ගහනව කියල මේකට ගහනව කීවෙ අපේ හමුදා කොටිකල්ලි මැඩගෙන අවසන් සටනේ නියෙලෙද්දි. සරත් ෆොන්සේකා මරිය හමුදාවට වත් සුදුසු නෑ කිවෙ.දැන් කියනව ෆොන්සේකා හා රණවිරුවන්ට පින්සිදුවන්නට යුද්ධය දිනුවා කියල අනේ රවී ඔය කතා කරන්නේ කටින්ද? අපේ රටට සෙත සැලසෙන්නේ යූ.න්.පි යෙන් කියන එකද? මොකද අපි මැරිල ඉපදුන උන්ද? උඹල එක වල්ලෙ පොල්. ඇමති කමක් දෙනව කීවා නම් අර ආර්ථික විද්‍යා ගෙම්බ වගේ රුපියල් 7.500 කින් තුන් දෙනෙකුට මසයක් කාල බීල ඉන්ඩ කීව වගෙ (වරදක් කරල හිරේ ගියානම් කියක් වත් ඕනෙ නෑ) ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය, මාධ්‍ය නිදහස වැළලීම, සුදු වෑන්වලින් පැහැර ගැනීම ඝාතන හා මානව හිමිකම් ප‍්‍රශ්න මේව මෙහෙ වෙන්නෙ නෑ ඒව්ව ඵනංගලන්තෙ කියයි.
ඇමතිතුමා. ඔලුවට ගාල තින තෙල් වැඩිවෙලා මොලෙ වෙන තැනකට බැහැලා
බන්දුල සර් හොයි. ඔබේ නම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ඉදිරිපත් කළ හැකිවේවි.
මම ගුරු සහායිකාවක්. අපට දෙන්නේ රු 3000 යි. බන්දුලට සතුටු ඇති නේද ?
ඔය කියන හැමදෙයක්ම බන්දුල මහත්මයා කරනවද ? ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට
මම හිතනවා බන්දුල ඇමතිතුමා හරි අපිවවමු රටනගමු මම අනුරාධපුරේ අපිට කුඹුරු තියනවා මට මාසෙකට 7500 යත් වැඩියි
කටේ ලොකු.7500 එක කටට මදිනේ. මාසයක් ලෙවකන්න වෙන්නේ. බලපියව් නැට්ට කපලා නැද්ද කියලා. ගොන් තඩියා.
අනේ බන්දුල.... පොර ටෝක් දුන්නනම් විවාදෙටය යන්න.
බන්දුලගේ අම්මට රුපියල් 7500 මදි වෙන්න ඇති පුතාට පුන්නක්කු අරන් දෙන්න... නොමැරී ඉන්න කියල දෙන්න මොකටද ආර්ථික විද්‍යා උපාධියක් තියන මිනිහෙක් උපදෙස් දෙන්නේ.