IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


2024 ඔබට කොහොමද?

2024 ග්‍රහ ගමන ඔබේ ලග්නයට කොහොමද?

මෙම ජනවාරි මස පළමුවැනි සඳුදා දින උදාවූ නව වසරේ මුල් සිව් මසතුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක් ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන, ආර්ථික , රැකියා - ව්‍යාපාරයන්ට මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් වේ.

 

උත්සාහයේ ප්‍රතිඵල අත්වේ

 

මේෂ ලග්නය

අභියෝග ජයගෙන, අවහිර බාධා මැඩගෙන, සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වෙන්නේය. උත්සාහයන්හි තරමට ප්‍රතිඵල අත්කර ගත හැකිවේ. වැඩි වශයෙන් ශූභ ඵල දායක මාස හතරකි. විශේෂයෙන්, අලුත් දේ ඇරඹීමටත් අරමුණු සැලසුම් ක්‍රියාවට නැංවීමටත් මෙය උචිත වසරක් ද වෙනු ඇත.

තමාගේ අනාගත අභිවෘද්ධියට අදාළ කාර්යය කටයුත්තකට දුර බැහැර ගමනක් යාමට සිදුවේ. මේ කාලයේ වියදම් අධිකවෙන දේත් සිදුවෙන අතර අනුන් වෙනුවෙන් වැඩිපුර වියදම් යෙදේ. ස්ථාන මාරුවීමකටද බොහෝ සෙයින් ඉඩ තිබේ. එය රක්ෂාව පිළිබඳ හෝ පදිංචිය පිළිබඳව වීමටද හේතුයි. නමුත් මේ කාල සීමාව තුළ උසස්වීමක් නම් ඇති නොවේ. එබැවින් මෙම මුල් මාස හතරක කාලයේදී රැකීරක්ෂා තනතුරු ආදිය පිළිබඳ තත්ත්වයෙන් උසස්වීමක් ගැන වෑයම් නොකළ යුතුයි.

ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි, අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලැබේ. අතපසුව ගිය ඉගෙනීම් කටයුතු නැවත ඇරඹේ.

ඔබට මෙම කාලය තුළ ආර්ථික හා ආදායම් වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසෙනු ඇත. එනමුදු, ඔබ මෙම මාසයේදී ඉඩකඩම්, යානවාහන මෙන්ම දේපළ ආදියට මිලමුදල් යොදවීමක් නොකරන්න. වසර අවසන් මාස හයතුළ ආර්ථිකය ශක්තිමත් වෙන මංපෙත් විවර වේ.

ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කිරීමෙන් ප්‍රගතියක් අත්පත්කර ගැනීමටත් හැකිවෙයි. විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කළහොත් රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසාගත හැක.

ඔබට මෙම කාලය තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථීර තහවුරු කරගැනීමට බාධාවක් ඉවත් වේ. විශේෂයෙන්, ඔබට විරුද්ධ ලිංගකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවෙන්නේය. පොදුවේ බැලීමේදී, අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම කාලය තුළ ලැබෙනු ඇත.

 

සතුරන් නැති කාලයක්

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම වසරේ මුල්මාස හතර තුළ ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාබ ලැබේ. ආදායම වැඩි වේ. පඩි වැඩි වේ. ඥානය වැඩි වේ. අලුත් අලුත් දේ ඉගෙනගැනීමට දැනගැනීමට ඉඩ ලැබේ. වාසනාව මතුවේ. ගෙදර කෑම බීම ආදියෙහි හිඟ පාඩුවක් ඇති නොවේ. උත්සව වලට යාමට ලැබේ. ඥාති මිත්‍රයෝ තමා සොයාගෙන එයි. තමාගේ වැඩට ඔවුන්ගෙන් උපකාරද ලැබෙයි. ශුද්ධ භූමිවලට යාමට ඉඩ ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. සතුරන් නැති කාලයකි. රැකී රක්ෂාවලින් උසස් වේ. විභාග වලින් ජය වේ. වෙළ හෙළෙඳාම් වලින් ජයද ලාභද ලැබේ. සිතට ප්‍රීතියක් සැනසීමත් ලැබෙන කාලයකි. ශරීර සනීපයද ඇති වේ. වටිනා දේ මිලදී ගැනීමට ඉඩ ලැබේ.

ලග්නාධිපති සිකුරු විද්‍යාකාරකද සමග සංයෝගවී, බලයෙන් යුක්තව ගමන් කිරීම හේතුකොට අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතුවල නියුතුවෙන වෘෂභ ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාවන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත.

ඔබේ ලග්නයේ ග්‍රහ ගමන බලවත් බැවින්, ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථකවීම ද සිදුවේ. ඔබට මෙම පෙබරවාරි මාසය තූළ මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරාගැනීමට අවස්ථාව සැලසෙන්නේය. ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගැනීමටත් අවස්ථාව සැලසේ. උරුම හිමිකම් ලාභාදියද ලැබේ. අවශ්‍යතා සපුරා ගැනීමට කෙසේ හෝ මුදල් ලැබෙන මාසයකි.

රැකියා ව්‍යාපාරික කටයුතු හොඳින් කෙරෙන මාසයකි. නව රැකියා අවස්ථාවකටත් පසුබිම සැකසේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුකර ගත හැකි වේ. තම ව්‍යාපාරාදියේ අත්‍යාවශ්‍ය කාර්යයන් සාර්ථක කර ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය. රැකියා ස්ථිර තහවුරු වනු ඇත. මීට අදාළ බලාපොරොත්තූ ඉටුවේ. රැකියා ආයතනය තුළ ඔබව අගය කරන සම්මානයකට පාත්‍ර වෙන දෑ සිදුවෙයි

විවාහකාරක සිකුරු බලයෙන් යුක්තව ශුභ යෝගයන්ගෙන්ද සමන්විතව ගමන් කරන නිසා, ප්‍රේම දිවිය හා යුග දිවිය තෘප්තිමත්ව ගත කිරීමට හැකිවේ. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කාර්යය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පසුබිම සැකසෙන්නේය. ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීන්දු තීරණයන්ට නිගමනයන්ට එළඹීමට හැක. විවාහ යෝජනා, ප්‍රේම සබඳතා සැකසෙන්නේය. කෙසේ නමුත්, හෑගීමි වලට වහල් නොවෙන්න. ගෙදර දොර වාසනාව, සමහරවිට දරු උපතක් හෝ ඇති වේ. විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට ලාභ ලැබෙන, සැප ලැබෙන වසරකි.

 

මුල් මාස හතරේ ගෞරව සැලකිලි වැඩියි

 

මිථුන ලග්නය

ඔබට මෙම වසරේ මුල්මාස පහ තුළදී, නැතිවූ වස්තුව හෝ නැතිව ගිය රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ. කරන කියන අරඹන දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙනු ඇත. හිතවත් මිත්‍රයන් මිතුරියන් ලැබේ. ඒ මිත්‍රයන්ගෙන් කාලයක් යනතුරුම ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබේ. දේපළ ඉඩකඩම් වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ. සැනසිලිදායක ප්‍රීතිමත් අවස්ථා යෙදේ. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙන කාලයකි. විශේෂයෙන් මෙම වසරේ මුල්මාස හතර තුළ ගෞරව සැලකිලිද වැඩි වේ. වෙළ හෙළෙඳ ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැබෙනවා ඇත. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. ආදායම ක්‍රමයෙන් වැඩිවේ. පවුලේ වාසනාවන්ත ප්‍රීතිදායක කාලයයි. හොඳ ආහාර පාන වර්ගද, හොඳ ඇඳුම් පැළඳුම්ද, යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්‍ය ලාභද ලැබෙන කාලයකි.

ඔබගේ විද්‍යාස්ථානය දුර්වල බැවින් ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවෙන බැවින් මෙම වසරේ මැයි මස සිට එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවෙන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට උනන්දු වෙන්න.

ධන අයභාවාධිපති මෙන්ම යෝග කාරක සිකුරු තරමක් දුර්වල බැවින්, වසරේ අවසන් මාස 8 තුළ ගනුදෙනු වලදී හා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වෙන්න. ඔබට මෙම වසර තුළදී තම අවශ්‍යතා සපුරාගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පසද ඒ අයුරින්ම ගෙන දේ. අනවශ්‍ය වියදම් ඇතිවෙන බැවින්, ඒවායින් මිදෙන්න. හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනු වල පැටලීමට වුවත් සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න වලදී කලබල නොවී ක්‍රියා කරන්න.

ඔබ නිරත රැකියා ව්‍යාපාරාදියේ දියුණුව සම්බන්ධ ගතවූ වසරට වඩා මෙම වසරතුළ උත්සාහයක් දක්වන බවක් පෙන්නුම් කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. මුල්මාස හතර කාලයේදී සහෝදර හෝ හිතවතෙකුගේ උපකාරයක් හේතුවෙන් මෙතෙක් අතපසුවෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මග සැලසේ. වසර මැදභාගයේ සිට රාජකාරියේදී තමන්ට ලැබුණු පහසුකම් තරමක් අඩුවීමට කරුණු මතුවේ. රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු සම්බන්ධ යම්යම් කරදරකාරී ස්වභාවයන් ගෙනදීමේ ඉඩක් මෙහිදී පවතින බැවින් සැලකිලිමත් වෙන්න. එහිදී ඔබ තමාට අයත් රාජකාරියේ වගකීම් මැනවින් ඉටුකළ යුතුයි. දෙස් විදෙස් රැකියා සඳහා අන්‍යයන්ට මුදල් දීම උචිත නොවේ. ඒවායින් යම් යම් ප්‍රශ්නයන්ට ලක්වෙන බැවිනි

ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර ඵල ඇතිකරයි. අනවශ්‍ය හා ප්‍රයෝගකාරී කථා හේතුවෙන් ගොඩනැඟී තිබූ සබඳතාවන් බිඳී යාමටත් ඉඩ පවතින බැවින් ඉන් ආරක්‍ෂා වෙන්න. මෙම වසර තුළ ඔබගේ හැසිරීම යහපත් අයුරින් පවත්වාගැනීමට හැකි වුවහොත් නව සබඳතාවන් ගොඩනඟාගැනීමටත් හැකිවෙන්නේය. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ සහකරු/සහකාරිය සමග අන්‍යෝන්‍ය විශ්වාසය, හොඳ හිත පළුඳු වෙන අන්දමේ හේතු පෙන්නුම් කරන නිසා නිතරම අන්‍යෝන්‍ය බැඳීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීම වසර පුරාවටම මෙන් වැදගත් වෙනු ඇත.

 

 

හැම අතින්ම වාසනාවන්ත කාලයක්

 

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබට මෙම වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වෙන්නේය. අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් වසර ආරම්භ වෙන අතර, අභිවෘද්ධිය උදෙසා යොදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීමට ද සිදුවෙයි. හදිසි ගමන් බහුල වසරක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. වසර මැද භාගයෙන් පසු, පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම හදිස්සියේ සිදුවෙන දේපළ ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් ද සැලසේ.

අලුත් කටයුතු කීපයකට අත ගැසීමෙන් දිවියේ වැඩිදියුණුවක් සැලසී තැන්පත් ධනයට පවා යමක් එකතුකර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. මෙතෙක් නිවසට හෝ තම ව්‍යාපාරික ආයතනයට අඩුපාඩුවක් ව පැවැති උපකරණ කීපයක් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවෙන්නේය. ක්‍රියා ශූරත්වයෙන් යුතුව දෛනික කාර්යය කටයුතුවල නිරත වීමටත් හැකි වෙන වසරක් බවට මෙම වසර ගතවෙන්නේය.

විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඉගෙනීමට පොත පතට වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණයන් අත්පත් වෙන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කරගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහායත් ලැබේ. අධ්‍යාපනික වශයෙන් විවිධ හැකියා කූසලතා පෙන්විය හැකී වසරකි. එසේම මෙය ඉගෙනීම් කටයුතු වලට බාධක නොයෙදෙන වසරක් ද වේ.

සමස්ථයක් වශයෙන් ගත්කල, ඔබට ආර්ථික හා දේපලමය වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වෙන අතර, විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම වසර තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වෙන්නේය. ගනුදෙනු වලින් නොසිතූ වාසි ප්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම්ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මඟ හැර ගන්න.

නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වෙන කාර්යයන් සාර්ථක වෙන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි. රැකියා ව්‍යාපාරය කෙරෙන් තෘප්තිමත්භාවයක්ද ඇතිවෙන්නේය. උගත්කමට, හැකියා කුශලතාවයට තනතුරු නිලතල වරප්‍රසාද ලබා ගැනීමටත් මෙම වසරතුළ ඔබට අවස්ථාව ගොඩනැගේ.

මෙය ගෙදර දොර වාසනාවන්ත භාවය පිළිබිමුවෙන වසරක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදාවේ. සිතට මෙන්ම කයටද සැපවත් වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. ප්‍රේමදිවියට අදාළව මෙන්ම යුගදිවියටත් සම්බන්ධව, සිත් ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝද දායක කාලයකි. එසේම ප්‍රේමදිවිය කෙරෙන් හා යුගදිවියටත් අදාළව මොන යම් ක්‍රමයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි.

 

 

වාසනාවන්ත ප්‍රීතිදායක වසරක්

 

සිංහ ලග්නය

අලුත් අවුරුද්ද උදාවෙන දිනයේ ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම පරිදි, ඔබට මෙම අලුත් අවුරුද්ද වැඩිවශයෙන් ශුභඵල දායි බවක් පෙන්නුම් කරන්නේය. අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු මාසවලදී ඔබට තම කටයුතු නිසියාකාරව කරගැනීමේ ඥාණ ශක්තිය පහළ වෙයි. මිල මුදල් අතින් අගහිඟ වෙන්නේ නැත. අප්‍රසිද්ධ වශයෙන් නොව ප්‍රසිද්ධ වශයෙන් කටයුතු කර මුදල් උපයා ගැනීමට හැකිවෙයි. ඔබව සමාජයට ප්‍රිය වෙයි. පවුලේ වැඩිමල් සහෝදරාදීන් සමග ද පෙරට වඩා හොඳින් සම්බන්ධකම් පවත්වාගනිමින් බලාපොරොත්තු කඩකර නොගෙන තත්ත්වය උසස් කර ගත හැක. විශේෂයෙන් මෙම වසරේ අප්‍රේල් - ඔක්තෝබර් අතර කාලපරිච්ඡේදය දේපල ඉඩකඩම් වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ. සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් ලෙසට ගතවේ. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙනු ඇත. ගෞරව සැලකිලිද වැඩි වේ. තමා යෙදෙන වෙළෙඳ ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැබෙනවා ඇත. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. ආදායම ක්‍රමයෙන් වැඩිවේ. එබැවීන් මෙය පවුලේ වාසනාවන්ත ප්‍රීතිදායක වසරක්වේ.

මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපනය, ආර්ථික හා රැකියා ව්‍යාපාරාදී කාර්යයන්හි මෙන්ම භවබෝග සම්පත්හි ප්‍රමාණවත් ප්‍රගතියක් මෙම වසර අවසන් විමට පෙර සිදුවෙනු ඇත.ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක. සතුටුවිය හැකි අධ්‍යාපන ජයග්‍රහණයක් හා වෘත්තිය ක්ෂේස්ත්‍රයේa

ඔබට මෙම වසරේ අප්‍රේල් - ඔක්තෝබර් අතර ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේක්‍ෂාවෙන් කරන ඉපැයීම් හා ගනුදෙනු වලින් වාසි ප්‍රයෝජන අත්පත් වෙන්නේය. ජීවනෝපාය සඳහා කරනු ලබන කටයුතු වලින් උසස් ප්‍රතිඵල ලැබේ.

සිතට මෙන්ම කයටද සැපවත් වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. ප්‍රේමදිවියට අදාළව මෙන්ම යුගදිවියටත් සම්බන්ධව සිත් ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝද දායක කාලයකි. එසේම වසර අවසන් වීමට පෙර ප්‍රේමදිවිය කෙරෙන් හා යුගදිවියටත් අදාළව මොන යම් ක්‍රමයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි.

 

බලය වැඩිවේ

 

කන්‍යා ලග්නය

විශේෂයෙන් මෙම වසරේ අප්‍රේල් - ඔක්තෝබර් අතර කාලපරිච්ඡේදය දේපල ඉඩකඩම් වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ. සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් ලෙසට ගතවේ. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙනු ඇත. ගෞරව සැලකිලිද වැඩි වේ. තමා යෙදෙන වෙළෙඳ ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැබෙනවා ඇත.

එබැවින් ඔබට 2024 අප්‍රේල් මාසයෙන් පසු සිතැගි පරිදි කාර්යයන් ඉටු වී තනතුරු නිලතල වරප්‍රසාද ලැබී ජයග්‍රාහි පසුබිමක් ජීවන ගමන කෙරෙන් සැකසෙන්නේය. මෙය ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරක් ද වේ. ශරිර ශක්තිය වර්ධනයවෙන, සිතට හා කයට සැප ගෙනෙන, භාෂා හා කලා ශිල්පාදිය ගැන ලොකු ආශාවක් දක්වන, ප්‍රධානින්ගේ ගෞරවාදරයට පාත්‍රවෙන හා දේශපාලන වාසි සැලසෙන වර්ෂයකි.

මෙම වසරේ ඉහත සඳහන් මාසවල ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් සිදුවෙයි. අලුත් වැඩ කටයුතුවලට හෝ රැකී රක්ෂාවලට බැඳෙන්ට පවා සිදුවෙන කරුණු ඇති කරයි. වෘත්තීය ජීවිතයෙහි බොහෝ වගකීම් ලැබෙනු ඇත. ආයතන කෙරෙන් හෝ සමාජීය වශයෙන් පාලකයෙකු හෝ නායකයෙකු වීමට ඔබ තුළ සුදුසුකම තිබේනම් මෙම වසර තුළ එවැනි කාර්යයන් සාර්ථකව ජයගනු ඇත.

මෙම වසරෙහි සෙසු මාසවලදී රාජකාරී ස්ථාන හෝ පදිංචි ස්ථානද වෙනස් වේ. නැතහොත් රැකී රක්ෂා කටයුතුවල වෙනසක්වත් දක්නට පුළුවන. එසේම, මේවාහී කාර්යය කටයුතු කෙරෙන් බාධක අවහිර, අලාභ පාඩු, උත්සාහයන්හි අසාර්ථක බව, වැනි අහිතකර බලපෑම් ඇතිකිරීමේ පසුබිමක් මතුවෙන හෙයින් අවබෝධයෙන් ක්‍රියාකරන්න. වගකීමෙන් කටයුතු කරන්න.

ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට තරමක ගැටලුකාරී වාතාවරණයක් වසර ආරම්භයේ සිටම මෙන් ගොඩනැගෙන අතර තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සන්කා මතුවීමෙන් සමගිය සමාදානයටත් අහිතකර දෑ සිදුවේ. ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසු වෙන්න. මීට අදාළ කාර්යයන් වලට මෙය එතරම් හිතකර වසරක් නොවේ.

 

රැකියා දියුණුව

 

තුලා ලග්නය

තූලා ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරකයින් මෙන්ම ලග්න නැකත් අධිපතින් සුබා සුබ මිශ්‍රව වසර පුරාවටම ගමන් කිරීම මත ඔබට මෙම උදාවූ අලුත් අවුරුද්ද ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ ජූලි වලින් පසු කාලය තුළ ඔබේ කටයුතු නිසියාකාරව කරගැනීමේ ඥාණ ශක්තිය පහළ වෙයි. සතුරු කරදර පහව යයි. කාර්යය ශූරත්වය ඔබ වෙත ඇතිවෙන නිසා සාර්ථකත්වයට එම කාලය තුළ පත්වේ.

ඔබගේ පෞද්ගලික දියුණුවට අදාළ කවර කටයුත්තකට වුවද මෙතැන්සිට යහපත්ය. නීරෝග සුවය, පුද්ගල දියුණුව, වගකීම් හා සේවය මෙමගින් දැක්වේ. ඉහත අංශයන්හි ප්‍රගතිය ඇති වේ. බලාපොරොත්තු පැතුම් ඉටුවීම, රැකියා කටයුතු දියුණුවීම හෝ වඩා හොඳ වැටුප් සහිත නව රැකියා ලැබීම මෙහිදී අත්පත්වේ. ප්‍රධානීන්ගේ සහ යටතෙහි වැඩ කරන අයගේ අනුග්‍රහය නිසා ඔබ යහපත් තත්ත්වයකට පත්වෙනු ඇත. සුවතාව, ජීව ශක්තිය, උද්යෝගය සඳහා විශිෂ්ඨ වසරකි. ආහාර ගැන විමසිලිමත් වෙන්න. කවර ආකාර හෝ පමණ ඉක්මවා යාමකට ඉඩ නොතබන්න.

මෙම වසරේ අවසන් මාස හත තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් සිදුවෙයි. නැවතී තිබුණ කටයුතු නැවත පටන් ගැනේ. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. ආදායම් හොඳ වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දියුණුවට මඟ සැලසේ.

ජනවාරි මැයි අතර මාසවලදී ගෘහ ජීවිතයෙහි කවර ගැටළුවක් වුවද එය බරපතළ විය හැකි බැවින් ඉවසිලිමත්ව සන්සුන්ව විසඳාගන්න. ගෘහ ජීවිතයෙහි සබඳතා යළි සකසා එකලස් කර ගනිමින් ලොකු අවුල් වළක්වා ගැනීමට එය හේතු වෙනු ඇත. ආපසු ගෙවීම්, අලුත්වැඩියා ආදිය නිසා නිවාසය මහත් කරදරයක් වෙනු ඇත. කලින් නොවිසඳුණු අතීත සිදුවීම් යළි මතුවී එනු ඇත. කෙසේ වෙතත්, මෙය ඒවා විසඳාගැනීමට විශේෂයෙන් හොඳ කාලයකි. සෙසු මාසවලදී ධන ලාභ හා විවාහ ජීවිතයෙහි සතුටු වාසනා ඇති වේ. ඔබේ කටයුතු ගැන පිළිගැනීමක් ඇති වේ. එය ඔබගේ දියුණුවෙහි තීරණාත්මක අවස්ථාවකි. බලවත් වගකීම් දරමින් දුෂ්කර කටයුතුවල නියැලීමට සිදුවෙනු ඇත. සේවයෙහිදී ඔබගේ ප්‍රධානීන්ගේ අවශ්‍යතා හා අපේක්ෂා අනුව කටයුතු කිරීමෙන් ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත.

ආදර සබදතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධව සැක සන්කා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවෙන හෙයින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඇසුරුකළ විරුද්ධ ලිංගිකයා සමග අවුලක් හෝ ආශ්‍රය කළ හිතවතුන් සමග අමනාප වීමක් මුල්කොට තමාට සිටි තැනින් ඉවත්ව යාමට ද සිත් දෙන හෙයින් ආවේග පාලනය කරගැනීම වටී.

 

මුදල් හදල් යමින් ලැබේ

 

වෘශ්චික ලග්නය

අලුත් අවුරුද්ද උදාවූ මොහොතට ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම බලයෙන් යුක්ත හෙයින් ඔබට මෙම අලුත් අවුරුද්ද වැඩිවශයෙන් ශුභඵල දායි බවක් පෙන්නුම් කරන්නේය. සිතේ සතුටට කටයුතු පිළියෙල වෙන්නේය. උත්සාහයන් හි ප්‍රතිඵල කෙසේ හෝ ලැබෙන යහපත් වසරක් බවට පත්වෙයි.

ඔබගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලට, හෙවත් තමාට ලැබෙන හිමිවෙන ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට සම්බන්ධ කාර්යය කටයුතු වලට අදාළ අපේක්ෂිත අරමුණු සැලසුම්වල කාර්ය සාධනය වෙන වසරකි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද ඉඩ ඇත. මෙය ඔබේ රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරා දී කටයුතුවල කාර්යක්‍ෂමතාව සිදුවෙන වසරක් ද වෙන අතර, ආයතනය තුළ ඔබට තනතුරු නිලතල හෝ යම් යම් වරප්‍රසාද හිමිවුවත් ඒවායේදී යම් යම් සතුරු කුමන්ත්‍රණ එල්ලවීමේ ඉඩක්ද ඇත. ස්වයං හා හවුල් ව්‍යාපාරාදී කටයුතුවල දියුණුව ද ඇති වෙයි.

සමස්තයක් වශයෙන්, ඔබට මෙම අවුරුද්දේදී දරු ලාභ, මුදල් ලාභ, සතුට, යහපත් අය සමග මිත්‍රතාව, රජයෙන් අනුග්‍රහ, සතුරු පරාජය, දේපළ වැඩිවීම, දැනුම වැඩිවීම, ප්‍රධානීන්ගෙන් ලාභ ප්‍රයෝජන, සාර්ථකත්වය ලබාදෙන අවස්ථාවන්ද උදා කරයි. අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩ ප්‍රස්ථා සැලසේ.අනාගත යහපතට හේතුවෙන ස්ථාන මාරුවීමි ඇතිකරයි.ගතවූ වසරට වඩා මෙම වසර තුළ උනන්දුවෙන් උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකිවෙන්නේය. තනතුරු නිලතල ආදී අපේක්ෂා බාධාවකින් තොරව ඉටුවෙනු ඇත. විශේෂයෙන්, තරග විභාගාදියෙන් ද ජයග්‍රහණ ලැබෙනු ඇත.

මෙම වසර තුළ ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. එසේම ප්‍රේම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලු නිරාකරණය වෙනු ඇත. මේවා කෙරෙන් බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්වයන් පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීර තහවුරු වෙන්නේය.

සැලසුම් සාර්ථක කර ගත හැකියි

 

ධනු ලග්නය

ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදා වූ නව වසරේ මුල් මාස හය තුළ බාධා මධ්‍යයේ නමුදු ක්‍රමක්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කරගත හැක. මැයි තෙක් කාලය පැහැදිලි සුබපල රැසක් ගෙනදෙනු ඇත. සමස්ථයක් වශයෙන් ගත්කල, මෙම වසර පුරාවට ඔබගේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශූභා ශූභ මිශ්‍ර බවක් ඇති කරයි.

නව වසරේ මුල් මාස හතරෙන් පසු, ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇතිකරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවෙන බැවින්, එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කලකිරීම් සහගත දෑ ඇති කරයි. පොදුවේථ, ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවෙන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට මෙම වසරේදි උනන්දු වෙන්න.

ධන අය භාවාධිපතීන් ශුභා ශුභ මිශ්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම වසර තුළ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ණය ගනුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ග වල නිරතවෙන්න. කෙසේ නමුත් නව වසරේ ජුනි මැදභාගය තෙක් යමි යමි ආර්ථික ලාභ ලැබෙන මංපෙත් විවරවෙයි. අධ්‍යාපනය, ආර්ථික, රැකියා හා ව්‍යාපාරික කටයුතූවල ප්‍රගතියටත් 2024 මැයි තෙක් කාලය සුබදායි වෙයි.

තමා නිරත රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු වල ඔබට මෙම වසර තුළ උනන්දුවෙන් නිරත වීමට වාතාවරණය සැකසෙන්නේ නමුදු රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් විවිධ ප්‍රශ්නකාරි දෑ හටගනී. සතුරු කුමන්ත්‍රණ, විරුද්ධවාදිකම් නිසා සිතේ සහනයෙන් තෘප්තිමත්ව මේවායේ නිරතවීමට අසිරු වෙන හෙයින් උපේක්‍ෂාවෙන් සිතා අවධාණයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. කෙසේ නමුත් දක්‍ෂතාවයට තැන ලැබෙන වසරකි.

මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ පරිදි ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. අවිවාහක අයට ඇතැම් හිතවතුන් හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන් ද ගෙන දේ. කෙසේ වෙතත්, මෙම වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප්‍රශ්නකාරී ගති මතු වන නිසා, තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වෙන්න. විරුද්ධවාදීකම් හා ප්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත.

 

මැයි සිට ශුභ ඵල වැඩිවෙයි

 

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලයද ලබන්නාවු නව වසරතුළ බලයෙන් යුක්තව පවතින හෙයින්, උදාවූ නව වසර ඔබේ වැඩ කටයුතු වලට යමි යමි අයගේ සහයෝගය, උදවි උපකාර ලැබේ. 2024 මුල් මාස 5 තූළ විදෙස් ගතවීමේ බලාපොරොත්තු සාර්ථක වෙන අතර ඊට බලපෑ බාධක අවහිර පහව යයි. පසුගිය වසරට වඩා බොහෝ දෙනා සමග සුහදව කටයුතු කළහැකි පරිසරයක් ගොඩනැගේ. අන්‍යයන් තමන්ට ගරුකරන ස්වභාවයක් මෙම වර්ෂය පුරාවට ඔබට අත් විඳිය හැක. විශේෂයෙන් කිවයුතු වෙන්නේ, ඔබට පැහැදිලි ශුභ ඵලයන් ගෙනදීම සිදුවෙන්නේ මෙම වසරේ මැයි හා දෙසැම්බර් අතර කාලපරිච්ඡේදයේදීය.

අධ්‍යාපනික කටයුතු කෙරෙන් බල පෑ අවහිර බාධාවන් මැයි වලින් පසු ක්‍රමයෙන් පහව යයි. මෙයින් පසු තරග විභාග වලට ඉදිරිපත් වන්නේනම් බලාපොරොත්තු ඉටුවිම සිදුවේ. එතැන් සිට නව විෂයයන් ප්‍රගුණ කිරීමටත්, උසස් අධ්‍යාපනයට සමිබන්ධ වීමටත් පසුබිම සැකසේ. විදෙස් අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධ විමේ අදහස් තිර වශයෙන්ම 2024 මැයි සිට සාර්ථක වෙයි.

මෙම වසරේදී ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවෙන්නේ නමුදු, අනවශ්‍ය වියදම් වල ද යෙදේ. 2024 මැයි වලින් පසු ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. එසේම එතැන් සිට බලාපොරොත්තු වෙන ආර්ථික සහන ඔබට හිමිවෙනු ඇත. උරුම හිමිකම් පිළිබඳව පැවති ගැටළු නිරවුල් වෙන තැනට කටයුතු සිදුවේ. කුමන අයුරින් හෝ අත මිට මිල මුදල් ගැවසෙන වසරකි. ආර්ථීක තත්ත්වය උසස්කර ගැනීමට අවස්ථාව සැලසේ. යම් යම් මුදල් ලාභ හිමිවෙයි. ණය ගණු දෙනු අපේක්‍ෂා සඵල වේ.

ඔබේ රැකී රක්‍ෂා රාජකාරියට පිඩාකාරී තත්ත්වයක් මෙම වසර තුළ ඇති නොවුණත්, ආයතනය තුළ අනවශ්‍ය අය සමග කටයුතු නොකිරීමට සැලකිලිමත් වෙන්න. තමාගේ හැකියාවට දක්‍ෂතාවයට මැනවින් තැන ලැබේ. උසස් අයගේ සහයෝගයෙන් තනතුරු ලාභයන්ට මඟ පෑදේ. රාජකාරී හා ව්‍යාපාරික දැනුම වැඩිදියුණුවෙන වසරකි. රාජකාරිය කෙරෙන් දක්‍ෂතා පෙන්විය හැක. තරගකාරි ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවෙන වසරක් වෙන අතර, රැකියාවට අමතරව ව්‍යාපාර ක්‍ෂෙස්ත්‍රයන් හි නියුතු වීමටත් ඉක්මනින් මුදල් ඉපැයමටත් හැකි ක්‍රම පිළිබඳව අධ්‍යයන කරමින් ඒ අනුව කටයුතු කරන වසරක් ද වෙනු ඇත.

මෙම නව වසර පුරාවට දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් හොඳ සහයෝගයෙන් යුතුව කටයුතු කරීමට සමත්වීම නිසා පවුලේ වැඩි දියුණුවක් සැලසේ. බිඳ වැටුණු ප්‍රේම සබඳතාවන් ද නැවත සැකසේ. නව ආදර සබඳතා ගොඩ නැගේ. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග විශ්වාසය බිඳ වැටෙන අන්දමට මතුව තිබූ ප්‍රශ්නයකින් නිදහස් වීමටත්, එවැනි දෑ සමථයකට පත්වීමත් සිදුවේ. විවාහ පමා වුවනට සාර්ථක මංගල යෝජනා මැයි වලින් පසු ගෙනදේ. එතැන් සිට ඔවුනගේ විවාහ බාධක දෝෂ පහව යනු ඇත.

 

ගෘහ ජීවිතයේ සතුට සහ වාසනාව

 

කුම්භ ලග්නය

සමස්ථයක් වශයෙන් බලන කල, ඔබගේ ග්‍රහ ගමන බලවත්ව පවතින මොහොතේ උදාවූ නව වසර, සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වෙන්නේය. එසේම, මෙම වසරතුළ ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කෙරෙන් ද ප්‍රගතියක් ඉදිරියට යෑමක් ද සිදුවෙයි. විශේෂයෙන්, පූර්ව සුදානමකින් විමසිලිවන්තව කටයුතු කළහොත් අතපසු වූ වැඩකොටස් රැසක් කර ගැනීමටත් ඔබට මෙහිදී අවස්ථාවක් සැලසේ. සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. බලයද හොඳ නමද හිමි වේ. යහපත් මිතුරු සබඳතා සඳහා යහපත්ය.

ගත වු වසරට වඩා මෙම වසර තුළ ඉගෙනීම් කටයුතුවල සාර්ථකත්වයක් ගොඩනැගෙයි. දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක. යම් යම් ආර්ථික ලාභ ලැබෙන්නට තිබූ මාර්ග ක්‍රමයෙන් හෙළිපෙහෙළි වේ. ඔබ මෙම වසරේදී කැපවීමෙන් රැකී රක්‍ෂා ව්‍යාපාරයන් හි නිරත වෙන අතර, රැකියාවේ තරමක ප්‍රගතියක් ද අත්පත්කර ගැනීමටත් හැකිවේ. උත්සාහය අත් නොහැර ක්‍රියාශීලීභාවයෙන් කටයුතුවල නිරත වුවහොත් නව රැකියා අවස්ථා හා රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුව ද සලසා ගැනීමට පිළිවන. දෙස් විදෙස් රුකියා පොරොන්දු ඉටුවෙන වසරකි.

මුදල්, ධනය, බඩු භාණ්ඩ හිමිකර ගනිමින් ගෘහ ජීවිතයෙහි සතුට, වාසනාව විඳීමට හැකිවෙනු ඇත. සතුරු පරාජය, පුත්‍ර ලාභ, නව පදවි හා රැකියා ලාභ ඇති වේ. භෞතික අයිතීන් හා සම්පත් සඳහා මෙම වර්ෂය ශුභදායකයි. මුදල් ලාභ ලබාගත හැක. නැතහොත් ඔබ ආධ්‍යාත්මික අංශයට යොමු වේනම් එයින් අධ්‍යාත්ම ශක්තිය වැඩිකර ගනිමින් ජීවිතයෙහි වෙනත් පරිමාණයන්ද පුළුල් කරගත හැකි වේ. සම්පත් වැරදි ලෙස පරිහරණ නොකරන්න. සුව පහසු හා සතුට රිසි පරිදි ලැබේ. ආයෝජනයට හා දේපළ මිලට ගැනීමට හොඳ වසරකි.

ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන වර්ෂයක් වේ. විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වෙන දෙයක්ද මෙම වර්ෂය තූළ සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂාවන්ද ඉටුවෙන ලකුණු පහළ වේ. ඊට බල පෑ බාධා පහව යයි.

ප්‍රේම සබඳතා, විරුද්ධ ලිංගික ඇසුර මැනවින් ගොඩනැගෙන වසරක් වුවත්, ඔබ නොසොයා නොබලා හදිසි තීන්දු තීරණ ගෙන ක්‍රියා කරන්නට යෑමෙන් අනවශ්‍ය මෙන්ම අනපේක්‍ෂිත ප්‍රශ්නයන්ට ලක්වීමට ඉඩ ඇත. අවිවාහකයනට යෝජනාවක් හෝ හදිසි හමුවීමක් හේතුකොටගෙන විවාහ ගිවිසුමකට වුවත් සම්බන්ධවීමේ ඉඩ ප්‍රස්ථාව සැලසෙයි. ගත වූ වසරට සාපේක්‍ෂව ප්‍රේම දිවිය හා යුග දිවිය සාමාන්‍ය මට්ටමෙන් තෘප්තිමත් භාවයට පත්වේ. සහජීවනයෙන් ගතකළ හැක.

 

 

 

ඉගෙනීමට යහපත් කාලයක්

 

මීන-ලග්නය

උදාවූ මෙම නව වසර ඔබට ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මැයි තෙක් කාලය තුළ ඔබේ කටයුතු නිසියාකාරව කර ගැනිමේ ඥාණ ශක්තිය පහල වෙයි. සතුරු කරදර පහව යයි. කාර්යයය ශූරත්වය ඔබ වෙත ඇතිවෙන නිසා ජනප්‍රියත්වයටත් මෙම කාලය තුළ පත්වෙයි. විශේෂයෙන්, 2024 ජුනි වලින් පසු විවිධ අවහිර බාධා, ප්‍රශ්නකාරි ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවෙන බැවින් උපේක්‍ෂාවෙන් සිතා කටයුතු කරන්න.විශේෂයෙන් මෙම 2024 වසරේ මැයි වලින් පසු ඔබට විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරි ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවෙන බැවින් උපේක්‍ෂාවෙන් සිතා කටයුතු කරන්න. එතැන් සිට තම වැඩ වලට අන්‍යයන්ගෙන් අපේක්‍ෂා කරන සහයෝගය නිසි පරිදි නොලැබෙනු ඇත. අලුත් අත්දැකීම් ලැබිය හැකි බැවින් ඉගෙන ගැනීම සඳහා යහපත් කාලයකි. බොළඳ හෝ අගතිගාමී හෝ නොවෙන්න. එසේ වුවහොත් අවාසි සහගත අවස්ථා ඇති වේ. ඔබේ සිත්ගත් හෝ ඔබ සමග කටයුතු කරන අය හෝ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඔබට හිතකර ලෙස වැඩ නොකරයි. ආධ්‍යාත්මික ප්‍රගතියක්නම් සැලසේ.

 

මෙම වසරේ මුල් මාස පහ තුළ ඉගෙනීම් කටයුතු වල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. එම කාලය තුළ පොතට පතට ඇති උනන්දුව වැඩි වෙනු ඇත. එනිසා නව වසර ආරම්භ මාස පහ ධාරණ ශක්තිය හා ඥාණ ශක්තිය වර්ධනය කරගැනීමටත් ඔබ උනන්දු වෙයි, එමෙන්ම තරග විභාගාදියෙනුත් ජයග්‍රහණ අත්කර ගැනීමටත් පිළිවන් කම ලැබේ.

පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක්‍රමවත් වර්ධනයක් මෙම මැයි තෙක් කාලයතුළ ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍යමය ලාභයන්ද මෙහිදී හිමිවෙන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. මැයි වලින් පසු ගනුදෙනු වලදී පරිස්සම් වෙන්න. වසර පුරාවටම මිල මුදල් අතමිට ගැවසුනත් මුල්‍යමය ලාභ හිමි වුනත් වසර අවසන් වෙන විට කිසිදු ඉතිරි කිරීමක් සිදු නොවී තිබේ. මෙම වසරේ වැඩි වශයෙන් ඔබගේ අතේ මිල මුදල් ගැවසෙන්නේ ජනවාරි මැයි - අතර කාලයේ දීය.

පොදුවේ මෙම වසර තුළ ඔබගේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු වලට විවිධ බාධක අවහිර පැන නැගුණත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. විශේෂයෙන් රැකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම වසර තුළදී කරගෙන යාමට සිදු වෙන්නේ බාධා ප්‍රමාධතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. ඒ කෙරෙන් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. මෙම වසරේ මුල්මාස පහ තෙක් කාලය ඔබගේ රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු දියුණුවෙන අතර රැකියා විරහිත වුවන්ට රැකී රක්‍ෂා ලබා ගැනීමටත් හැකිවෙන බැවින් ඒ ගැන උනන්දු වීම වඩාත් යෙහෙකි. සෙසු මාස වලදී මේ කෙරෙන් ප්‍රශ්න ගැටලු ද මතු කරයි.

ආදර සබදතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට සම්බන්ධව රහස් සතුරන්ගේ ගතු කේලාම් මුල්කොට සැක සන්කා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. එනිසාම ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසු වෙන්න- විවාහ දිවියේ හා ප්‍රේම දිවයේ කටයුතු කෙරෙන් යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේ 2024 ජනවාරි මැයි අතර මාසවල පමණි. සෙසු මාස වලදී ප්‍රේම දිවිය හා යුග දිවියේ හට ගන්නා අවුල් වියවුල් කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. එහිදී සිතට වද දෙන ප්‍රශ්න වුව ඇති වෙයි.

 

ජ්‍යෝතිෂවේදී

බෙන්තොට – හේමන්ත වීරසිංහ

 



අදහස් (1)

2024 ඔබට කොහොමද?

ajith Monday, 08 January 2024 06:24 PM

වැසිකිළියට පවා ජ්‍යෝතිෂයට අනුව ගිය අපිට, අද මේ තරම් කෙල වුනේ ඇයි කියන එකයි බරපතල ප්‍රශ්නය...?

:       0       19

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 122 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 30 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 498 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 123 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 778 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 344 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1745 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1576 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site