ජනපති රටිනුත් එළවූ සිරියානු කැරැල්ල
අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය. සිරියානු විපක්ෂය සමඟ එක් වූ සන්නද්ධ කැරැලිකරුවෝ ක්රමානුකූලව සිරියාවේ නගර එකිනෙක ඔවුන්ගේ ග්රහණයට ගනිමින් අවසානයේ ඊයේ (8) ඩමැස්කස් අගනුවර අත්පත් කර ගත්හ.