විද්‍යා හා සෞඛ්‍ය පර්​ෙ‌ය්ෂණ ප්‍රකාශන ආයතනයක් වන නෙදර්ලන්තයේ එල්සිවියර් ආයතනය හා අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් එළිදක්වන ලද ලෝකයේ ඉහළම සියයට දෙකක විද්‍යාඥයන්ගේ 2020 ලැයිස්තුවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 24 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.   


2020 වසර අවසානය වන විට ලොව පුරා සිටින විද්‍යාඥයන් ලක්ෂයක පමණ පිරිසක් නිකුත් කර ඇති පර්​ෙ‌ය්ෂණ වාර්තාවල ඇතුළත් තොරතුරු යොදා ගනිමින් සකස් කර ඇති 2020 වසර සඳහා වන හොඳම සියයට දෙකක විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 කගේ නම් ඇතුළත්ව තිබීම ආඩම්බර විය හැකි කරුණකි.

   
අවම තරමින් පර්​ෙ‌ය්ෂණ ලිපි හෝ වාර්තා 05 ක් පළ කරන ලද පර්​ෙ‌ය්ෂකයන් ලක්ෂයකට වැඩි පිරිසක් තෝරාගෙන සියලු පර්​ෙ‌ය්ෂකයන් විද්‍යාත්මක කේෂ්ත්‍ර 22 කට හා උප කේෂ්ත්‍ර 176 කට බෙදාඇති අතර එම පිරිසෙන් ඉහළම සිටින සියයට 2 ක පිරිසගේ නම් මෙසේ ප්‍රකාශයට පත්කර ඇත. එම සියයට 2 ක පිරිස තෝරාගෙන තිබෙන්නේ මූලික නිර්ණායක කීපයක් මත පදනම්වය. ඒ අතර පරයේෂකයන් විසින් පළ කරන ලද පර්​ෙ‌ය්ෂණ පත්‍රිකා හා ලිපි වෙනත් පර්​ෙ‌ය්ෂකයන් සිය වාර්තා ලිපි සහ කෘති සඳහා කොපමණ ප්‍රමාණයක් උපුටා ගෙන තිබෙන්නේ ද (Citation) යන්න විශේෂයෙන් සලකා බලා ඇත. සම කර්තෘත්වයෙන් සිදුකරන ලද පර්​ෙ‌ය්ෂණ වෙනුවෙන් පර්​ෙ‌ය්ෂකයන් තනි තනි මට්ටමින් දක්වා ඇති දායකත්වය ද එහිදී සැලකිල්ලට ගෙන ඇති බව එල්සිවියර් ආයතනයේ වෙබ් අඩවියෙහි මේ ගැන පළ කර ඇති වාර්තාවෙහි සඳහන් වෙයි. 

 
අදාළ ලැයිස්තුවේ ඇතුළත් ශ්‍රී ලාංකේය විද්‍යාඥයන් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ (ව්‍යවහාරික විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ව්ලැද්මීර් ස්මැක්තින් (ජල සම්පත් පර්​ෙ‌ය්ෂක), මහාචාර්ය ස්ටීෆන් උහෙන්බ්රූක් (වැඩසටහන් අධ්‍යක්ෂ-ජල හා භූමි පරිසර පර්​ෙ‌ය්ෂණ වැඩසටහන), මහාචාර්ය ජනක ඒකනායක (ඉංජිනේරු පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකර (වයඹ විශ්වවිද්‍යාලය), ආචාර්ය අනුෂ්කා රාජපක්ෂ (වෛද්‍ය පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), මහාචාර්ය සේනක රාජපක්ෂ (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), චන්ද්‍රසේකා දිසානායක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න (වෛද්‍ය පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය නිලන්ති ද සිල්වා (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය චන්න ජයසුමන (වෛද්‍ය පීඨය-රජරට විශ්වවිද්‍යාලය), මහාචාර්ය එච්.ජේ. ද සිල්වා (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය නිරංජන් රාජපක්ෂ (කෘෂිකර්ම පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), විශ්‍රාමික මහාචාර්ය රන්ජන් රාමසාමි (වෛද්‍ය පීඨය-යාපනය විශ්වවිද්‍යාලය), ආචාර්ය ඉරේෂා මෙන්ඩිස් (කෘෂිකර්ම පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය නීලිකා මලවිගේ (වෛද්‍ය පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), මහාචාර්ය කාමිනී මෙන්ඩිස් (විශ්‍රාමික මහාචාර්ය වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය නිමල් සේනානායක (වෛද්‍ය පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය සුනෙත් අගම්පොඩි (වෛද්‍ය පීඨය-රජරට විශ්වවිද්‍යාලය), සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නදීරා ඩී. කරුණාවීර (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය අසිත එච්. ද සිල්වා (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), සචිත් මෙත්තානන්ද (වෛද්‍ය පීඨය - කැලණිය විශ්වවිද්‍යාලය) යන අය ඇතුළත්ය.   


එම ලැයිස්තුවේ නම් සඳහන් ආචාර්ය මහාචාර්යවරුන් කීපදෙනෙකු ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ ජයග්‍රහණය ගැනත් ඔවුන්ගේ පර්​ෙ‌ය්ෂණ පදනම් ගැනත් පළ කර සිටි අදහස් මෙසේය.  


ලංකාවේ විද්‍යාඥයන් වැඩිදෙනෙකුගේ නම් සඳහන් වෙනවා නම් හොඳයි


මහාචාර්ය මෙත්තිකා විතානගේ   
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ව්‍යවහාරික විද්‍යා පීඨය   
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය   


ඒ ගැන සන්තෝෂයි. ලංකාවේ විද්‍යාඥයන් වැඩි පිරිසකගේ නම් ඇතුළත් වෙනවා නම් තමයි හොඳ. ලංකාවේ තව පර්​ෙ‌ය්ෂණ කරන ගොඩක් විද්‍යාඥයන් ඉන්නවනෙ. ඒ අයත් උනන්දුවෙන් තව පර්​ෙ‌ය්ෂණ කළොත් මේ තත්ත්වයට එන්න පුළුවන් වෙයි. 

 
මෙතන ප්‍රකාශයට පත් කරපු නම් ලැයිස්තු දෙකක් තියෙනවා. මගේ නමත් තියෙන මේ ලැයිස්තුව පළ වෙලා තියෙන්නෙ 2020 අවුරුද්දෙ කරපු පර්​ෙ‌ය්ෂණ මත පදනම්ව. තව ලයිස්තුවක් තියෙනවා විද්‍යාඥයන් එයාලගෙ ජීවිත කාලය පුරාවට කළ පර්​ෙ‌ය්ෂණ පදනම් කරගෙන හදපු ලැයිස්තුවක්. ඒ ලැයිස්තුවෙ විද්‍යාඥයන් 15 කගෙ විතර නම් ඇතුළත් වෙලා තියෙනවා.   


2020 අවුරුද්දෙ මම කරපු පර්​ෙ‌ය්ෂණ තමයි මේ සඳහා සැලකිල්ලට අරන් තියෙන්නෙ. කසළ

කළමනාකරණය, ජෛව අංගුලි, ජල පිරිපහදුකරණය, වායු දූෂණය ආදී ක්ෂේත්‍ර ඔස්සේ පරිසර දූෂණය අවම කර ගැනීමට අදාළව මම 2020 වසරෙදි කරපු පර්​ෙ‌ය්ෂණ තමයි මෙතනදි සලකලා තියෙන්නෙ.   
ඊට අමතරව ලෝක විද්‍යා ඇකඩමියෙන් පිරිනමන සම්මානයකුත් මට 2 වැනිදා ලැබුණා. වසරකට එක් විද්‍යාඥවරියකට විතරයි ඒ සම්මානය ලබා දෙන්නෙ. ඒ සඳහා වෙනත් විද්‍යාඥයෙක් අපේ නම් නාමයෝජනා කරන්න ඕන. ලංකාවේ ඒ සම්මානයට පාත්‍ර වූ පළමු විද්‍යාඥවරිය මම.   


ලංකාවේ සාමාන්‍ය තත්ත්වයෙ පර්​ෙ‌ය්ෂණ පහසුකම් තියෙනවා. නමුත් ඒ පහසුකම් සමව බෙදී ගිහින් නෑ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පර්​ෙ‌ය්ෂණවලට අවශ්‍ය කරන අධිතාක්ෂණික උපකරණත් ප්‍රමාණවත් පරිදි ලංකාවේ පර්​ෙ‌ය්ෂණාගාරවල නෑ. ඒ නිසා අපි විද්‍යාඥයන් හැටියට විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවල අපි වැඩිවශයෙන් කරන්නෙ විදේශ රටවල ඉන්න විද්‍යාඥයන්ගේ සහාය අපේ පර්​ෙ‌ය්ෂණවලට ලබාගන්න එක.   


මගේ පර්​ෙ‌ය්ෂණ අපේ ආහාර රටාව ගැනයි   


මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකර   
පෝෂණ විද්‍යා අධ්‍යයනාංශය 
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය   


ගිය අවුරුද්ද සඳහා ප්‍රකාශයට පත් කරපු ලැයිස්තුවෙත් මගේ නම තිබුණා. ගිය වතාවෙ නම තිබුණු ස්ථානයට වඩා ස්ථාන 23000 ගාණකින් මම පෙරට ඇවිත් තියෙනවා. අපි පර්​ෙ‌ය්ෂණ පත්‍රිකා ජර්නල් පළ කළාට පස්සෙ ඒවාට ලැබිලා තියෙන පිළිගැනීම අනුව තමයි මේ ලැයිස්තුවට අපේ නම් ඇතුළත් වෙලා තියෙන්නෙ.   
මගේ විෂය ක්ෂේත්‍රය වෙන්නෙ ආහාර විද්‍යාව හා පෝෂණය. ඒ අතරින් මම වැඩිපුරම පර්​ෙ‌ය්ෂණ කරන්නෙ ක්‍රියාකාරී ආහාර ගැන. බෝ නොවන රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපේ වැරදි ආහාර පුරුදු හා ආහාර ප්‍රමාණාත්මකව නොගැනීම. අපි අඩුවශයෙන් භාවිත කරන ආහාර වර්ග අපේ ආහාර රටාවට එකතු කරගෙන බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියන එක ගැන තමයි මම වැඩිවශයෙන් පර්​ෙ‌ය්ෂණ කරන්නෙ. කුරක්කන්, අමු, මෙනේරි, තණ හාල් සම්බන්ධයෙන් මම පර්​ෙ‌ය්ෂණ කරනවා. රණවරා, බෙලිමල් වගේ සාම්ප්‍රදායික පාන වර්ග අපේ සෞඛ්‍යයට හිතකර ලෙස බලපාන්නෙ කොහොමද කියන එක ගැනත් පර්​ෙ‌ය්ෂණ පවත්වනවා. රාජ අල, දම් අල, රැවුල් අල වගේ ඌන භාවිතයේ තියෙන අල වර්ග ගැනත් මම පර්​ෙ‌ය්ෂණ පවත්වනවා. දියවැඩියා රෝගීන් සඳහා මේ අල වර්ගවලින් ලැබෙන ගුණය ගැන ඒ පර්​ෙ‌ය්ෂණවලදී මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. 

 
මගේ පර්​ෙ‌ය්ෂණවල ඉදිරි පියවරක් විදියට කොල්ලුයි පොත්ත ඉවත් නොකරන ලද හාලුයි එකතු කරලා හදපු ආහාරයකුත් තියෙනවා. ඒක සුපිරි වෙළෙඳසල්වලටත් දාලා තියෙන්නෙ. 

 
පර්​ෙ‌ය්ෂණ සඳහා ලංකාවේ තියෙන ඉඩ පහසුකම් ගැන නම් සෑහීමකට පත්වෙන්න බෑ. ජාතික විද්‍යා පදනම මගින් අපිට තරගකාරී පදනම යටතේ ප්‍රතිපාදන ලැබෙනවා. පහසුකම් තව සපයන්න පුළුවන් නම් අපිට වැඩියෙන් පර්​ෙ‌ය්ෂණ කරන්න පුළුවන්.   


පර්​ෙ‌ය්ෂණවලින් හොයා ගන්න දේ පාවිච්චි කරනවද?


මහාචාර්ය සුනෙත් අගම්පොඩි   
වෛද්‍ය පීඨය රජරට විශ්වවිද්‍යාලය 
 


මෙතනදි කියන්න ඕන පළවැනි කාරණය තමයි මෙතන ලැයිස්තු දෙකක් තියෙනවා. එකක් ජීවිත කාලය පුරාවටම කරපු පර්​ෙ‌ය්ෂණ මත පදනම්ව සකස් කරපු වාර්තාව. අනිත් වර්තාව තමයි 2020 වර්ෂයේ කරන ලද පර්​ෙ‌ය්ෂණ මත පදනම්ව එළිදක්වලා තියෙන නම් ලැයිස්තුව. මගේ නමත් ඇතුළත් වෙලා තියෙන මේ නම් ලැයිස්තුව සකස් කරලා තියෙන්නෙ 2020 වසර ඇතුළත අපි කරපු පර්​ෙ‌ය්ෂණ හා ඒවයෙ බලපෑම ලෝකයට දැනුණ විදියත් එක්ක. අපේ රටේ විද්‍යාඥයන් 24 ක් මේ ලැයිස්තුවෙ ඉන්න එක ගැන සන්තෝෂයි. නමුත් ප්‍රතිශතයක් ලෙස ගත්තහම විද්‍යා හා තාක්ෂණ අංශයෙන් අපි ඉදිරියට යන්න ඕන පෙරමුණට එන්න නම්.   
මම ප්‍රධාන කේෂ්ත්‍ර දෙකක් ඔස්සේ පර්​ෙ‌ය්ෂණ කරනවා. එකක් තමයි බෝ වන රෝග පිළිබඳ. ඒ යටතේ අපි 2007 ඉඳන් මී උණ හා වෙනත් බෝ වන වසංගත රෝග ගැන පර්​ෙ‌ය්ෂණ කළා. මාතෘ හා ළමා රෝග සම්බන්ධයෙන් කරපු විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණත් මේකෙදි සැලකිල්ලට ලක් කරලා තියෙනවා. මේ දෙඅංශයෙන්ම මම කරපු පර්​ෙ‌ය්ෂණ සැලකිල්ලට බඳුන් කරලා තියෙනවා. 

 
පර්​ෙ‌ය්ෂණ පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් කිව හැක්කෙ ලංකාවෙ විතරක් නෙවෙයි කිසි රටක පර්​ෙ‌ය්ෂකයන් තියෙන පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ කියන එක. මම යේල් විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයෙක් විදියට අවුරුද්දක් වැඩ කළා. කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකත් අවුරුද්දක් වැඩ කළා. ඒ අත්දැකීම් ඔස්සේ මට කියන්න පුළුවන් ලංකාවේ පර්​ෙ‌ය්ෂකයන් සඳහා තියෙන පහසුකම් හිතාගන්නවත් බැරි තරමට අඩුයි. අපේ තියෙන තව ප්‍රශ්නයක් තමයි පර්​ෙ‌ය්ෂණ පහසුකම් තියෙන්නෙ තිබිය යුතු තැන්වල නෙවෙයි. පර්​ෙ‌ය්ෂකයන් ඉන්නෙ කොහෙවත් පර්​ෙ‌ය්ෂණ පහසුකම් තියෙන්නෙ තව කොහෙ හරි. ඒ වගේම තමයි ලංකාවේ පර්​ෙ‌ය්ෂණ ප්‍රතිපාදන ඉතාමත් අඩු අගයක තියෙන්නෙ. ලංකාවේ පර්​ෙ‌ය්ෂණ පහසුකම් අඩු වුණාට අපිට පුළුවන් ලෝකයෙ වෙනත් රටවලින් අවශ්‍ය සහාය ලබා ගන්න. මගේ පර්​ෙ‌ය්ෂණවලට එවැනි විදෙස් ආයතනවල සහාය අරගෙන තියෙනවා.   
අපි ඒ විදියට විදෙස් රටවල්වල පර්​ෙ‌ය්ෂණ ආයතන සමග සාකච්ඡා කරලා තරගකාරී විදියට රටට ගේන මුදල් හා පහසුකම් ලංකාව ඇතුළෙ වියදම් කරන එක ගැනත් ප්‍රශ්න තියෙනවා. අපි මහන්සි වෙලා ලංකාවට සල්ලි ගෙනාවත් ඒවා වියදම් කරන්න කාලයක් බලන් ඉන්න වෙනවා ලංකාවේ තියෙන නීති රීති නිසා. ඒ ගැන නම් තියෙන්නෙ කලකිරීමක්. මොකද පර්​ෙ‌ය්ෂකයන්ට එහෙම මාස දෙක තුන බලන් ඉන්න බෑ. මම හිතන විදියට මේ ලැයිස්තුවෙ ලාංකික විද්‍යාඥයන් 50 කට වැඩි පිරිසකගෙ නම් ඇතුළත් වෙන්න ඉඩ තිබුණා මම කියපු අඩුපාඩු ටික හරිගස්සලා තිබුණා නම්.   


විද්‍යාඥයන් පර්​ෙ‌ය්ෂණ කරලා හොයා ගන්න දැනුම ප්‍රයෝජනවත් විදියට ලංකාවේ පාවිච්චි වෙනවද කියන එක ගැන තියෙන්නෙ නම් විශාල ප්‍රශ්නාර්ථයක්. පර්​ෙ‌ය්ෂණ දත්ත මත පදනම් වෙලා ප්‍රතිපත්ති සම්පාදනය කරනවද කියන එක ලංකාවේ ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව අපිට ව්‍යුහාත්මක සැලැස්මක් නෑ. ප්‍රතිපත්ති සම්පාදන ආයතනවල තනතුරු හොබවන අයගෙ කැමැත්ත අකැමැත්ත මත තමයි පර්​ෙ‌ය්ෂණ දත්ත පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ. ඒක වැරදි දෙයක්.   


සමේ පිළිකා මර්දනයට රසායනික සංයෝගයක් නිපදවූවා


ආචාර්ය ඉරේෂා මෙන්ඩිස්   


අංශ ප්‍රධානී, ආහාරවිද්‍යා තාක්ෂණ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය   
විද්‍යාවට නිසි තැන දීලා කටයුතු කිරීම ඉතාම වැදගත්. අවිද්‍යාවෙන් වැඩ කරන්න ගියහම තමයි අපිට ගොඩක් වෙලාවට වරදින්නෙ. ඒ නිසා විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ කරන එක ලංකාවෙ වගේම ලෝක මට්ටමින් ඇගයීමට ලක් කරන එක වැදගත්. මොකද ඒ හරහා අනිත් විද්‍යාඥයන්ටත් විශාල උත්තේජනයක් ලැබෙනවා වැඩි වැඩියෙන් පර්​ෙ‌ය්ෂණ කරන්න. අපි කරපු පර්​ෙ‌ය්ෂණ හා ඒවා පළ කරලා තියෙන සංඛ්‍යාවයි ඒවා වෙනත් පර්​ෙ‌ය්ෂණ සඳහා උපුටා ගෙන ඇති ප්‍රමාණයයි සලකලා බලලා තමයි 2020 නම් ලැයිස්තුව සකස් කරලා තියෙන්නෙ. සමහරවිට 2019 වසර සඳහා තේරුණු විද්‍යඥයන් 2020 වසර සඳහා නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි 2020 වසරේ හොඳම විද්‍යාඥයන් වශයෙන් නම් කෙරුණු අැතැම් විද්‍යාඥයන් 2021 වසර සඳහා නම් නොවෙන්නත් ඉඩ තියෙනවා.   


මගෙ ආචාර්ය උපාධියට මම කළේ සමේ පිළිකා මර්දනය කළ හැකි රසායනික සංයෝගයක් නිපදවපු එක. ඒක කළේ ස්වාභාවික ආහාරමය ද්‍රව්‍යයක් අරගෙන ඒක රසායනික වෙනසකට බඳුන් කරලා. ඒ වෙනස් කරපු රසායනික ද්‍රව්‍යයෙන් සමේ පිළිකා මර්දනය කරන්නෙ කොහොමද කියන එක ගැන. මට ඒ සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් පේටන්ට් බලපත්‍රයකුත් තියෙනවා.   


උගන්වන ගමන්මයි අපි පර්​ෙ‌ය්ෂණ කරන්නෙ   


මහජන සෞඛ්‍ය පිළිබද 
මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න   
වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය 

 
අන්තර්ජාතික වශයෙන් පිළිගත් නිර්ණායක යොදාගෙන කරලා තියෙන මේ ශ්‍රේණිගත කිරීමට මගේ නමත් ඇතුළත්ව තිබීම ගැන සතුටුයි. ලංකාවේ අපිට පර්​ෙ‌ය්ෂණ කරන්න වෙලා තියෙන්නෙ ඉතාමත් අඩු පහසුකම් එක්ක. වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන අතරෙ තමයි අපිට පර්​ෙ‌ය්ෂණ කරන්න ඉඩ හදාගන්න වෙන්නෙත්. එවැනි පසුබිමක මේ වගේ පිළිගැනීමකට ලක් වීම ගැන සතුටුයි. මෙවැනි ඇගයීම් හරහා අපට පසුව එන්න ඉන්න විද්‍යාඥයන්ටත් පර්​ෙ‌ය්ෂණ කිරීම සඳහා හොඳ උත්තේජනයක් ලැබෙනවා.   
මම මේ වෙන කොට කථිකාචාර්යවරියක් වශයෙන් වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය අධ්‍යයනාංශයට සම්බන්ධ වෙලා අවුරුදු 20 ක් වෙනවා. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය පර්​ෙ‌ය්ෂණ කටයුතු ගොඩක් සිදුවෙන ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයට සීමා නොවී සායනික වෛද්‍ය විද්‍යාවල පරපෝෂිත විද්‍යාව වැනි ක්ෂේත්‍රවල ඉන්න ඉහළ මට්ටමේ පර්​ෙ‌ය්ෂකයන් සමගත් මට කටයුතු කරන්න ලැබුණා. ඒ අයගෙන් හුඟ දෙනෙක් මගෙ ගුරුවරු. ඒ අයත් එක්ක කනිෂ්ඨ මට්ටමේ සිට පර්​ෙ‌ය්ෂණ කටයුතු කරන්න ලැබීම මේ විදියට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ශ්‍රේණිගත කිරීමකට ඇතුළත් වීමට ශක්තිමත් අඩිතාලමක් වුණා. මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය රාජිත වික්‍රමසිංහ සහ මහාචාර්ය නිලන්ති ද සිල්වා වැනි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු සමග පර්​ෙ‌ය්ෂණ කටයුතුවල යෙදීමට හැකි වීම මට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මම සලකනවා. මගෙ මුල්ම පර්​ෙ‌ය්ෂණ කටයුතු සිදු වුණේ සර්ප දෂ්ටනය, එහි ව්‍යාප්තිය හා ඉන් ප්‍රජාව මත ඇතිවන බලපෑම ගැන. දකුණු ආසියාතිකයන්ගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද රෝග ආදිය පිළිබඳවත් මම දැනට පර්​ෙ‌ය්ෂණ කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කියන්නෙ දැවැන්ත පර්​ෙ‌ය්ෂණ සංස්කෘතියක් සහිත තැනක්.   


ලංකාවේ තියෙන පර්​ෙ‌ය්ෂණ පහසුකම් ගැන සීයට සීයක්ම සෑහීමකට පත්වෙන්න බෑ. නමුත් ඒ වාතාවරණය හදාගන්න වෙන්නෙත් අපිටමයි. ඉහළ ප්‍රමිතියක් සහිත පර්​ෙ‌ය්ෂණ කිරීමට අන්තර්ජාතික පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම් සමග සහයෝගීතාවය ඉතා වැදගත්. දැනට පර්​ෙ‌ය්ෂණ සඳහා අප දිනාගන්නා අන්තර්ජාතික ප්‍රදාන විශ්වවිද්‍යාලයට ලබා ගැනීමට පෙර අමාත්‍යාංශ කීපයක් හරහා ඒ සඳහා අවසර ගන්න සිදු වී තිබෙනවා. මේ නිසා ඇති වන පමාව පර්​ෙ‌ය්ෂණවල කාර්යක්ෂමතාවය සහ අන්තර්ජාතික පිළිගැනීමට අයහපත් ලෙස බලපානවා. මෙවන් බාධක මැඩගෙන පර්​ෙ‌ය්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පිරුණු නව පරපුරක් ඇති කිරීමට මම උත්සාහ කරනවා. 

 
ආහාරවලින් නිස්සාරණය කරන අනුක අපේ සිරුරට බලපාන හැටි පර්​ෙ‌ය්ෂණ කළා   


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
ආචාර්ය නිරංජන් රාජපක්ෂ   
කෘෂිකර්ම පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය   


ආහාර හා Bio Medical Science කියන විෂය ක්ෂේත්‍රය ගැන තමයි මම වැඩි වශයෙන් පර්​ෙ‌ය්ෂණ සිදුකරලා තියෙන්නෙ. ආහාර ද්‍රව්‍යවලින් නිස්සාරණය කරගන්නා අණුක අපේ ශරීරයේ යහපැවැත්මට බලපාන ආකාරය ගැන එහිදී පර්​ෙ‌ය්ෂණ සිදුකර තියෙනවා. එල්සිවියර් ආයතනය හා ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 2019 වර්ෂයේ නිකුත් කළ හොඳම පර්​ෙ‌ය්ෂකයන් ලැයිස්තුවෙත් මගේ නම තිබුණා. 


2020 වසරේ ලැයිස්තුවටත් මගෙ නම ඇතුළත් වෙලා තියෙනවා. ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි අපේ රටේ පර්​ෙ‌ය්ෂණ සඳහා තියෙන පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒක එහෙමයි කියලා අපිට පර්​ෙ‌ය්ෂණ නොකර ඉන්නත් බෑ. පහසුකම් තියෙන මට්ටමින් පර්​ෙ‌ය්ෂණ කරගෙන යන්න පුළුවන් වුණාට මේ වගේ අන්තර්ජාතිකව පිළිගත් මට්ටමට පත්වීම සඳහා පර්​ෙ‌ය්ෂණ කරන්න ඒ පහසුකම් ප්‍රමාණවත් නෑ. ලෝකයේ දියුණුම රටවල ඉන්න පර්​ෙ‌ය්ෂකයනුත් සමග තරග කරලනෙ අපේ රටේ 24 දෙනෙක් මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නෙ. මේ ලැයිස්තුවෙ ඉහළම ඉන්නෙ දියුණුම තාක්ෂණය හා පහසුකම් තියෙන අමෙරිකාව කැනඩාව වගේ රටවල්. අපේ රටට ඒ රටවල් මට්ටමට එන්න නම් පර්​ෙ‌ය්ෂණ අංශයෙන් තවත් බොහෝ අංශ දියුණු වෙන්න ඕන.   


ඊළඟ වැදගත් කාරණය තමයි අපි පර්​ෙ‌ය්ෂණ මගින් සොයා ගන්නා දත්ත පාවිච්චි කරන්නෙ කොහොමද කියන කාරණය. ඒ කාරණයෙදි අපේ රට ඉන්නෙ පසුගාමී තැනක කිව්වොත් වැරදි නෑ. ඒක විද්‍යාඥයන්ගේම වරදක් විදියට මම දකින්නෙ නෑ. පිටරට විශ්වවිද්‍යාලවල විවිධ පෞද්ගලික සමාගම් මගින් පර්​ෙ‌ය්ෂණ පැවැත්වීම දිරිගැන්වීම සඳහා ගොඩනගපු ආයතන දැකිය හැකියි. ඒ සඳහා අවශ්‍ය සියලු පර්​ෙ‌ය්ෂණාගාර පහසුකම් වගේම පර්​ෙ‌ය්ෂකයන් සඳහා ගෙවීම්ද අදාළ සමාගම් විසින් සිදු කරනවා. අවසානයේ පර්​ෙ‌ය්ෂණවල ප්‍රතිඵල නිෂ්පාදන විදියට ඒ සමාගම් වෙළෙඳපොළට අරන් යනවා. අපේ රටේ එහෙම සංස්කෘතියක් නෑ.   


නිලධාරිවාදය නිසා පර්​ෙ‌ය්ෂණ කිරීම එපා වෙලා   


සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ   
වෛද්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලය   


ලංකාව වෙනුවෙන් මගේ නමත් මේ නම් ලැයිස්තුවට එක්ව තිබීම ගැන සතුටුයි. පර්​ෙ‌ය්ෂණ පහසුකම් නිසි පරිදි තියෙනවා නම් මීට වඩා පර්​ෙ‌ය්ෂකයන් පිරිසක් මේ ලැයිස්තුවට ඇතුල් වෙන්න ඉඩ තිබුණා. මගේ පර්​ෙ‌ය්ෂණ හරහා නොයෙක් රෝග හා සෞඛ්‍ය කාරණා ගැන සංකල්ප දියුණු කිරීමක් තමයි කරලා තියෙන්නෙ. පද්ධති ප්‍රවේශයකින් සංකල්ප ගොඩනැගීමක් කිව්වොත් නිවැරදියි. සමහර පත්‍රිකාවල ඒවා ගැන පුළුල් ලෙස විග්‍රහ කරලා තියෙනවා. ලංකාවේ පර්​ෙ‌ය්ෂණ සඳහා ලබා දෙන ජනාධිපති සම්මානත් මට මීට පෙර ලැබිලා තියෙනවා.   


විශ්වවිද්‍යාලවල පර්​ෙ‌ය්ෂණ කිරීම සඳහා පහසුකම් ඇති කරන්න කියලා අපි අවුරුදු ගාණක් තිස්සෙ කියලා තියෙනවා. නමුත් ලංකාවේ තියෙන නිලධාරීවාදය නිසා පර්​ෙ‌ය්ෂකයන්ට පර්​ෙ‌ය්ෂණ කරන එක තිත්ත වෙලා තියෙන්නෙ. උදාහරණයකට අපිට පර්​ෙ‌ය්ෂණ සඳහා පිටරටකින් ප්‍රදානයක් ගන්න අවශ්‍ය වුණොත් ඒ වෙනුවෙන් සකස් කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය ගැනීමට කැබිනට් මණ්ඩලයට යවන්න ඕන. කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබෙනකන් අපිට ඒ ගැන මොකුත් කරන්න බෑ. ඒක ප්‍රමාද වෙන කොට අදාළ ප්‍රදානය ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙන පිටරට සමාගම අපිව අතඇරලා වෙන රටකට ඒ ප්‍රදානය ලබා දෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා හැම අවබෝධතා ගිවිසුමක්ම කැබිනට් මණ්ඩලයට යවන්න අවශ්‍ය නෑනෙ. ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් තියෙන්න අවශ්‍යයි. පර්​ෙ‌ය්ෂණ ප්‍රදානයක් රටට ලැබුණට පස්සෙ රේගුවෙ රස්තියාදු වෙන්න වෙනවා. ඊළඟට විශ්වවිද්‍යාල පරිපාලනය ගන්නා ඇතැම් තීන්දු තීරණ නිසා එතනත් ප්‍රමාද සිදුවෙනවා. මේ සියලු කාරණා ගැනත් පර්​ෙ‌ය්ෂණ සඳහා පහසුකම් සලසන්නෙ කොහොමද කියන එක ගැනත් අපි ජාතික විද්‍යා පදනමෙන් සලකා බලමින් ඉන්නවා.

 

 

සාකච්ඡා සටහන :
උපුල් වික්‍රමසිංහ