IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිසේ ගාන ජෙල් කා මත්වන ළමයි

පාසල ආසන්නයේම ඇති වෙළෙඳසලෙන් කුඩා පැකට් කිහිපයක් මිල දී ගත් සිසුන් සිව්දෙනා හෙමින් හෙමින් ඉදිරියට ඇදුනහ. පාසල අවසන්ව උපකාරක පන්ති සඳහා යමින් සිටි මේ සිව්දෙනාගේ ගමන් මාර්ගය ක‍්‍රමයෙන් වෙනස් වී තිබිණි. තම පාසලේම වැඩිහිටි සොහොයුරකු ලබාදුන් තොරතුරකට අනුව අපූරු වින්දනයක් ලබාගත හැකි යමක් අත්හදා බැලීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිණි. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ තම විදුහල ආසන්නයේම ඇති වසා දමා ඇති නිවසකි. ‘‘අපේ පුංචි අම්මගේ පුතත් මේව කාල තිබුණා. මාර ෆන් එකක් තියෙනව කියල තමයි කිව්වේ.’’ එක් අයෙක් කීවේය. ‘‘අයියෝ අපි තාම කන්න හිතනවා. කෙල්ලොත් කනවා මෙන්න මෙහෙ වරෙන් බය නැතුව’’ තරමක් අදිමදි කළ අයෙකුට එක් මිතුරෙක් කථා කළේ එලෙසිනි. සිව් දෙනාම එකග වූහ. කාලය කෙමෙන් ගෙවී ගියේය. තම පුතුන් නිවසට නොපැමිණීමෙන් මව්පියෝ කලබල වූහ. ඔවුන් පන්ති ගොස් නැත. මිතුරන්ගේ නිවෙස්වල සොයා බලද්දී දැනගන්නට ලැබුණේ එකට සිටින මිතුරන් සිව් දෙනකු අතුරුදන්ව ඇති බවයි. අධ්‍යාපන අධ්‍යක්ෂ වීරසේකර මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුමකින් කියවුණේ ඔහුගේ පුතා අධික වමනය හේතුවෙන් රෝහල් ගත කැර ඇති බවයි. පුතා සමග තවත් මිතුරන් තිදෙනකු ද රෝහල් ගත කැර තිබිණි. ඒ ආරංචියත් සමග මව්පියෝ රෝහලට යද්දී දරුවන් සිව්දෙනාම සිටියේ අව සිහියෙන් මෙනි. අනාවරණය වූයේ මේ දරුවන් හිසේ ආලේප කිරීමට ගන්නා ජෙල් වර්ගයක් කෑමට ගෙන ඇති බවයි. මෙය එක් පාසලක සිදුවූ දෙයක් පමණක් වුව ද මේ වනවිට ශී‍්‍ර ලංකාව පුරා පාසල් සිසුන් මේ ජෙල් කෑමට පුරුදුව සිටිති. වෛද්‍යවරුන් පවසන්නේ ජෙල් වර්ග සෑදීමට ගන්නා ඇතැම් සංයෝග හේතුවෙන් මත්වන බැවින් පාසල් දරුවන් මත්ද්‍රව්‍යයක් ලෙස ජෙල් වර්ග කෑමට ගන්නා බවයි. මත් වීම, මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය නොවූව ද මත්වීමට උපකාරීවන වෙනත් ද්‍රව්‍ය භාවිතා කිරීම පාසල් සිසුන්ට සුදුසු දෙයක් නොවේ. එහෙත් ඔවුහු දැන් එයට පුරුදු වී සිටිති. මේ පිළිබඳ අදහස් දැක්වූ මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා පවසන්නේ හිසෙහි ආලේප කරන ජෙල් ආහාරයට ගැනීමෙන් පාසල් සිසුන් පිළිකා රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. ගම්පහ, කොළඹ වැනි දිස්ති‍්‍රක්කවල ළමයින් දැඩි සේ මේ ජෙල් කෑමට ගොදුරු වී ඇති අතර ලංකාව පුරාම මෙය සිදුවන බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් මධ්‍යසාර අඩංගු මෙම ජෙල් වර්ගය ආහාරයට ගැනීම සහ නහයට ඉරීම තුළින් මත්වීමට උත්සාය ගන්නා බවයි. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘මේ ජෙල් ආහාරයට ගැනීම නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ලංකාව පුරාම රෝහල්වල මේ ආකාරයේ ළමයින් වාර්තා වී තිබෙනවා. ඇතැම් සිසුන් අධික ලෙස වමනය දමනවා. ඒ වගේම ඔවුන්ට දැඩි නිදිමත ස්වභාවයක් දක්නට ලැබෙනවා.’’ පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ලෙස විවිධ වර්ග කාලයෙන් කාලයට සැරිසරන ආකාරය දක්නට ලැබේ. බාබුල් නමැති බුලත් විට විශේෂය කලක් පාසල් සිසුන් අතර වසංගතයක් සේ පැතිර ගියේය. බීම වර්ගවලට වේදනා නාශක දමා පානය කිරීම ද අනතුරුව කැස්ස සඳහා ඖෂධයක් ලෙස ලබාගන්නා සිරප් වර්ගයක් ද මේ ආකාරයෙන්ම භාවිත කැරිණි. සිරප් සහ මත්වන ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් නොකරන ලෙස රජය විසින් බලපෑම් කිරීම හේතුවෙන් දැන් ඒවා ඖෂධ අළෙවිසල් වෙතින් මිලදී ගැනීමට ළමයින්ට හැකියාවක් නැත. මේ සමග ජෙල් වර්ග කරළියට පැමිණ තිබේ. තම කොණ්ඩය සැකසීම සඳහා පාසල් සිසුන් ජෙල් වර්ග භාවිත කිරීමත් ඒවා  ඕනෑම වෙළෙඳසලකින් පහසුවෙන් මිලට ගැනීමට හැකිවීමත් මෙය පාසල් සිසුන් අතර පැතිරයාමට හේතුවක් වී තිබේ. හිසේ තවරන ජෙල් වර්ගයක් ළඟ තබා ගත්තාට දෙමාපියන් හෝ ගුරුවරුන් සැක නොකිරීම ද මත්ද්‍රව්‍යයක් ලෙස ඒවා භාවිත කිරීමට පහසුවක් වී තිබේ. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ හිසේ තවරන ජෙල් ආහාරය සඳහා සැකසූ ද්‍රව්‍යයක් නොවන බැවින් එයින් සිදුවිය හැකි හානිය අති විශාල බවයි. මේවා ආහාරයට ගැනීම හෝ නාසයට ඉරීම නුසුදුසු බවත් පවසන හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘හිසේ තවරන ජෙල් වර්ගවලින් අතුරු ආබාධ රාශියක් ඇතිවිය හැකියි. ඒවා ආහාරයට ගැනීමෙන් ග‍්‍රැස්ට‍්‍රයිටිස්, උදරයේ තුවාල, විවිධ සංකූලතා, නිදිමත, පමණක් නොව පිළිකා පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙය ඉතාමත්ම හානිකර තත්ත්වයක්. නහයට ඉරීමෙන් එය ස්වසන පද්ධතියට ඇතුළු වීම නිසා හානි සිදුවෙනවා.’’ වෛද්‍යවරයා පවසන්නේ ජෙල් මත්ද්‍රව්‍යයක් ලෙස ගත්ත ද එයින් කිසිදු මත්වීමක් නොවන බවයි. විවිධ සංකූලතා සහ අතුරු ආබාධ ඇතිවීමේ අවධානම දැඩි බව ද හෙතෙම පෙන්වාදෙයි. මෙවැනි ජෙල් වර්ග වෙළෙඳ පොළට පැමිණි විගස විකිණී අවසන් වේ. ඇල්කොහොල් නොමැති බව සඳහන් ජෙල් වර්ග පමණක් වෙළෙඳ පොලේ දක්නට තිබේ. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ පාසල් සිසුන් විසින් මිල දී ගැනීම නිසාම මත්ද්‍රව්‍ය ඇතැයි ඔවුන් සිතා සිටින ජෙල් වර්ග අවසන් වන බවයි. මේ පිළිබඳව දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් අවධානය යොමු කළ යුතුය. තම පුතා හෝ දියණිය සතුව හිසෙහි ගල්වන ජෙල් පැකට්ටුවක් තිබුණ ද ඒ පිළිබඳ සැකයක් නොසිතූ මව්පියවරුන්ට දැන් එවැනි ජෙල් වර්ග පිළිබඳ සොයා බැලීමට සිදුව තිබේ. තම දරුවා ජෙල් ඇබ්බැහියට ගොදුරුවී පිළිකා මාරයාගේ ගොදුරක් වීමට පෙර රැක ගැනීමේ වගකීම දෙමාපියන් සහ ගුරුවරුන් අත රැඳී තිබේ.

සජීව විජේවීර
 



අදහස් (0)

හිසේ ගාන ජෙල් කා මත්වන ළමයි

ජගත් Wednesday, 16 May 2012 04:02 PM

තව ටික දවසකින් මොනව කයිද දන්නෑ ???

:       0       0

සනා Monday, 14 May 2012 01:17 AM

පවු අසරණ ළමයි.මේවා අනික් ළමයින්ටත් හොද පාඩම්

:       0       0

කුසුන් Thursday, 17 May 2012 12:56 PM

නියමයි......................හ්ම්ම්ම්ම්ම්

:       0       0

සනත් Friday, 18 May 2012 05:34 PM

තව ටික දවසකින් හොද පාඩම් තියෙයි......

:       0       0

අරවින්ද Saturday, 19 May 2012 09:46 PM

දැන් වෙන දේවල් අහන්නත් අකමැතියි....

:       0       0

රුවන් Tuesday, 10 July 2012 11:02 AM

නිශ්පාධනය වැඩි කරන්න වෙයි . මිල ඉහල යවන්න වෙයි, ඔලුවට ගාන්න වෙන දෙයක් හොයාගන්න වෙයි....

:       0       0

කොස්තා Tuesday, 15 May 2012 01:33 PM

දරුවනි, බිය නොවන්න.කන හැටි මම පෙන්වන්නම්

:       0       0

ජෙල් මල්ලි Friday, 18 May 2012 02:38 AM

ජෙල් නෙමෙයි කන්න තියෙන්නේ අසූචි

:       0       0

වජිර Wednesday, 16 May 2012 02:36 PM

ඕකත් එක රැල්ලක් විතරයි..පාසල් පද්ධතිය තුල ඔයිට වඩා බරපතල අනිසික්‍රියා සිදුවෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site