IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හෙලිකොප්ටරයකින් නෙළුම් මල් ඉසිද්දී අවසන් ගමන් ගිය කුඩු නඩුවේ සැකකරු

මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් හෙණහඬ පුපුරන්නා සේ එක දිගට වෙඩි හඬ ඇසුණේ ඒ අවට සිටි ජනතාව භීතියෙන් මුසපත් කරවමින්ය.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිට ආපසු පැමිණි පාතාල ලෝකය සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම්වල නිරත වූ බව කියන අයෙකි.


අධිකරණයේ විභාග වූ හෙරොයින් ජාවාරමට සම්බන්ධ නඩුවට පෙනී සිටි අවස්ථාවේ නඩු විභාගය වෙනත් දිනයකට කල් තැබීම නිසා උසාවිය ඉදිරිපිට පාරේ නතර කර තිබූ සිය  හයිබි්‍රඞ් වර්ගයේ මෝටර් රථයට ගොඩවූ අවස්ථාවේ එතනට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් එක්වරම දිගට හරහට වෙඩි තබා පලාගොස් තිබුණේද හයිබි්‍රඞ් වර්ගයේම මෝටර් රථයකිනි.
ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ 2014 වසරේ ජූනි මාසයේදී මෙම තැනැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමකට කොටුවී ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක්ද සමඟය.

02-helicoptaren-nelum-mal......
කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවූ මොහු අධිකරණයෙන් ඇප මත මුදාහැර ඇත්තේ මීට මාස පහකට පමණ ඉහතදීය.


මොහු මහර උසාවියට ගියේ මෙම නඩුව සඳහා පෙනී සිටීමටය.


දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් සේ සැලකෙන මාතර මධුෂ් නමැත්තා මොහුගේ සමීපතමයෙක් බවත් පොලිසියට දැනගැනීමට ලැබී ඇත.
මොහු මාතර මධුෂ් නමැත්තා සමඟ සමීප සම්බන්ධකම් පවත්වමින් දකුණු පළාතට කුඩු බෙදාහැරීමද සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.


රත්මලානේ පදිංචිව සිටි මොහු ඒ ප්‍රදේශය අතහැර දමා ගොස් ඇත්තේ රත්මලාන, ගොනාකෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටින පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ලෙස සැලකෙන පුද්ගලයෙකු සමඟ කාලයක් තිස්සේ  හටගෙන තිබූ විරසකයක් නිසාය.


දෙදෙනා අතර තිබූ මේ විරසකය සාමදාන කිරීමට හිටපු ඇමැතිවරයෙකු කිහිප වතාවක්ම උත්සාහ කර ඇතත් මේ නයි - පොළොං වෛරය නැතිකර දැමීමට ඔහුටවත් නොහැකි වී ඇති බව කියති.


කොයි මොහොතක හෝ ගොනාකෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටින පාතාල නායකයා හෝ ඔහුගේ ගෝල බාලයන් අතින් මැරුම්කෑමට තිබෙන ඉඩකඩ වැඩි නිසා මෙම තැනැත්තා ජීවිත ආරක්ෂාව පතා බිරිඳ හා දරුවාද සමග ජාඇල හා කඳාන ප්‍රදේශවල වරින්වර නිවාස කුලියට ගෙන පදිංචිව සිට ඇත.


කුඩු නඩුවට පෙනී සිටීමට මොහු පසුගිය ජූනි මස 23 වැනිදා පැමිණ ඇත්තේ රාගම, පේරලන්දේ පිහිටි නිවසේ සිටය.


ඝාතනයට ලක්වූ මොහුගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා සිරුර ගෙනාවේ රත්මලාන, ඥානේන්ද්‍ර පාරේ පිහිටි නිවස වෙතය.


අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ පසුගිය 27 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදීය.


පාතාල ලෝකය සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වුවත් බිරියට ඔහු දයාබර සැමියෙකි. මවට හා පියාට ඔහු ආදරණීය පුතෙකු විය.


ඒ දයාබර බවට ආදරණීය බවට සීමා මායිම් නොවීය.


දයාබර සැමියාගේ ආදරණීය පුතුණුවන්ගේ අවසන් කටයුතු මහ ඉහළින්ම සිදුකිරීමට ඔවුන් තීරණය කරන්නට ඇත්තේද ඒ නිසාම විය යුතුය.


ඒ ගැන දොස් කීමට හෝ අවලාද නැගීමට නම් කාටවත් නොහැකිවා සේම එසේ කිරීමද කිසිසේත්ම සාධාරණ ද නොවේ.


අවමඟුල් කටයුතු සිදුකිරීමට බාරදී තිබුණේ දිවයිනේ සුපතල නමක් දිනා ඇති සුප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක් වෙතය.


මොහුගේ දේහය තැන්පත්කර තිබුණා යැයි කියන්නේ ලක්ෂ 20 ක් පමණ වටිනා අලංකාර මිනී පෙට්ටියකය.


මොහුගේ අවමංගල්‍යයේ සියලු කටයුතු සිදුකෙරුණ් වී.වී.අයි.පී. ලේබලය යටතේය.


වී.වී.අයි.පී. රථයකින් දේහය රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට ගල්කිස්ස සුසාන භූමිය කරා රැගෙන යන අතරවාරයේ ගුවනේ සිට හෙලිකොප්ටරයකින් මල් ඉස ඇත.


ඥානේන්ද්‍ර මාවත, තෙලවල හන්දියේදී සහ රත්මලාන ගුවන් තොටුපොළ හන්දියේදී අවස්ථා තුනකදී හෙලිකොප්ටර් යානයකින් මල් ඉසීම සිදුකර ඇති අතර ගුවනේ සිට ඉසින ලද මල් අතර වැඩිපුර තිබී ඇතැයි කියන්නේ නෙළුම් මල්ය.


මල් හෙළීම සඳහා යොදාගෙන ඇත්තේ පෞද්ගලික හෙලිකොප්ටර් යානයකි.


මේ සඳහා එම හෙලිකොප්ටර් යානය ලබාගත් ආයතනයට කුලිය වශයෙන් ලක්ෂ 1 1/2 ක පමණ මුදලක් පවුලේ අය විසින් ගෙවනු ලැබ ඇති බව පැවසේ.
මිනී පෙට්ටියට හා ගුවනින් මල් ඉසීමට ගිය වියදම ගැන තොරතුරු අනාවරණය කර ගනු ලැබ ඇත්තේ පොලිස් බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසිනි.
පාතාලයට සම්බන්ධ කුඩු ජාවාරම්වල නිරතව සිටි බව කියන අයෙක් මියගියාට පසු ඔහු වෙනුවෙන් ගුවනේ සිට මල් ඉසීමක් අසන්නට ලැබුණේ මුල් වතාවට බව පාතාල ක්‍රියාකාරකම් ගැන තතු දන්නා පොලිස් නිලධාරිහු රැසක්ම පැවැසූහ.


එහෙත් පාතාල නායකයින් මියගියාට පසු ගුවනේ සිට මල් ඉසීමක් ගැන පළමු වතාවට අසන්නට දකින්නට ලැබුණත් ලක්ෂ ගණන් වියදම් කර මිනීපෙට්ටි මිලදීගෙන සුචරිත විදිහට මහ ඉහළින් අවසන් කටයුතු සිදුකෙරුණු පාතාලයේ ප්‍රබල නායකයන් ගණනාවක් ගැන අසන්නට ලැබේ.


පාතාල ලෝකයේ ප්‍රබලතම නායකයකුව සිටි ධම්මික අමරසිංහ නමැත්තා 2004 වසරේදී පමණ ප්‍රතිවාදී පාතාල කල්ලියක් අතින් ඝාතනය වුණා. ධම්මික අමරසිංහ නමැති පාතාල නායකයාගේ අවමඟුලත් ලොකුවට සිදුකෙරුණා. ලක්ෂ ගාණක් වටිනා මිනී පෙට්ටියක දේහය තැන්පත්කර තිබුණා. මොහුගේ දේහය  සහිත මිනී පෙට්ටිය ඔහුගේ නිවසේ සිට මාදම්පිටිය සුසාන භූමිය වෙත අරගෙන ආවේ අපේ රටේ නමගිය අවමංගල්‍ය සේවා සපයන ආයතනයකින් කුලියට ලබාගත් අශ්ව කරත්තයක තබාගෙන යැයි කිව්වේ විශ්‍රාම ලත් බන්ධනාගාර නියාමකවරයකු වන ඩබ්ලිව්.ඒ.ඩී. විජේදාස මහතාය.


විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා පවසන ආකාරයට ගෝනවල සුනිල් නමැති පාතාල නායකයාද වෙඩි කා මියගිය පසු ඔහුගේ අවමඟුල් කටයුතු සිදුකෙරී ඇත්තේද ඒ කාලයේ හැටියට ලොකු වියදමක් දරා සුපිරිතම ආකාරයටය.


ගෝනවල සුනිල් නමැත්තාගේ දේහය තැන්පත් කර තිබී ඇත්තේද අලංකාර මිනී පෙට්ටියකය.


මේ පාතාල නායකයා 1989 වසරේදී පමණ නිවසේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මැරුම් කෑවා. ළමයාව හොඳ පාසලකට ඇතුළු කරගන්න උදව් ඉල්ලන්න ගෝනවල සුනිල් හමුවීමට ඒ අවස්ථාවේ ගොස් සිටි බන්ධනාගාර නියාමකවරයෙක්ද මේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණා. විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා කීය.


 ගුවනින් හෙළනු ලැබූ මල් වරුසා මැද්දේ සුපිරිතම මිනී පෙට්ටියක සැතපී අවසන් ගමන් ගිය මෙම සැකකරුගේ ඝාතකයන් හඳුනාගෙන ඇතත් ඔවුන් තවමත් සිටින්නේ නිදැල්ලේය.


මෙම ඝාතනයෙන් පසු ඔවුන් ආගිය අතක් සොයා ගැනීමට නැත.


බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත කැලණිය සහකාර පොලිස් අධිකාරි ආර්.එච්.කේ.එන්. රණවීර මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  දහනක, උපපොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ. පියසිරි, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රවින්ද්‍ර සහ කඩවත පොලිස් ස්ථානාධිපති කේ. පද්මනාදන් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම් තුනක් මෙම සැකකරුගේ ඝාතකයන් සොයා පුළුල් පරික්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

හෙලිකොප්ටරයකින් නෙළුම් මල් ඉසිද්දී අවසන් ගමන් ගිය කුඩු නඩුවේ සැකකරු

දිලුක්ෂි Tuesday, 05 July 2016 10:08 AM

අහිංසක දෙමුපියෝන්ගේ දරුවන් පවා මතද්‍රව්‍ය වලට ඇබ්බැහි කරලා.ඒ මිනිසුන්ගේ සල්ලි වලින්ම ඔය විදියට විදියදම් කරලා මළගෙදර ලොකුවට කළත් වැඩක්ද මත්ද්‍රව්‍ය නිසා විනාශ වුන ගෙවල්වල මිනිස්සු මොන තරම් හිතෙන් දුක් විදිනවා ඇත්ද.(බ)

:       0       0

දසුන් Tuesday, 05 July 2016 05:28 AM

මල් ඉස්සට වැඩක් තියෙනවද යන්නේ අපායට නම්? (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 06 July 2016 08:12 AM

යම රජ්ජුරුවෝ පුදුම වෙන්න ඇති මේ වැඩේ දැකලා (බ)

:       0       0

සරණපාල Tuesday, 05 July 2016 09:30 AM

දසුන් කියන කතාව නම් හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site