IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හෘදසාක්ෂියට එකඟව වැඩ කළ ජීවකයාණෝ

දින කිහිපයකට පෙර සිදුවූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය  වෛද්‍යවරයකු, මුද්‍රණ ශිල්පයේ ව්‍යවසායකයකු හා දැක්මක් සහිත දේශපාලනඥයකුගේ  වර්ණවත් ජීවිතය අවසන් කළේය. වෛද්‍ය ප්‍රනාන්දු මහතා දේශපාලනයේදී ගත් සමහර ස්ථාවරයන් සමඟ මා එකඟ නොවන්නට ඇත, එහෙත් මෙම සමාජයේ යහපත උදෙසා ඔහු සිතූ දේ පසුපස හඹා යාමේ ඔහුගේ ධෛර්යය හා දැක්ම අගය කරන්නෙක් වෙමි. ඔහුගේ ජයග්‍රහණ කිහිපයක් සහ වඩා හොඳ සමාජයක් බිහි කිරීමට දැරූ උත්සාහය ඉස්මතු කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔහු සාර්ථක පෞද්ගලික වෛද්‍ය සේවාවක නිරතව ඇති අතර රෝගීන්ට ගෙවිය හැකි ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට ප්‍රතිකාර කර  නමක් දිනා  සිටියේ ය. ජනතාව කෙරෙහි දැක්වූ ප්‍රියතාව  හේතුවෙන් ඔහු ජනතාව සමඟ නිතර සිටි බව ප්‍රදර්ශනය කළේය. මෙය දුටු  එක්සත් ජාතික පක්ෂය, 1977 මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කරන ලදී.

 වෛද්‍ය ප්‍රනාන්දු, පානදුර වාමාංශික බලකොටුව පෙරළා දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්විය. කෙසේ වෙතත්, ඔහුගේ විවෘත අදහස් දැක්වීම් නිසා පාර්ලිමේන්තුවේ ඔහුගේ ධුර කාලය කෙටි වූ අතර ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. ඔහු   දැරූ විකල්ප අදහස් සමඟ ගැටෙන විට  නායකත්වය ප්‍රශ්න කිරීමේ ප්‍රබලත්වයක් ඔහු සතු විය. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිවාසිකම් ඉවත් කිරීමට විරුද්ධ වීම ගැන ඔහු සැමවිටම සිහිපත් කරනු ඇත. රජයක් සිය බහුතරය තම විරුද්ධවාදීන් සමතලා කිරීමට යොදා ගන්නා විට රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පක්ෂ පිළිවෙත අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කර ඔහුගේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කළේය. අද අපට මුහුණ දීමට සිදුව ඇත්තේ 2/3 ක බහුතරයක් සහිත ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ ප‍්‍රමුඛ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීම පිළිබඳව තර්ජනයටයි.

වෛද්‍ය ප්‍රනාන්දු හෝටල්, වැවිලි, නිෂ්පාදන සිට අධ්‍යාපනය දක්වා විවිධ ක්ෂේත්‍රවල නියුතු වූ ව්‍යවසායකයෙකි. වෛද්‍ය ප්‍රනාන්දුගේ  පවුලේ බොහෝ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ සහ උගත් පුද්ගලයෝ සිටියහ.  අධ්‍යාපනයේ වටිනාකම ඔහු දැන සිටියේය. අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ ඉලක්කය ඔහු විසින්ම සකසා ගන්නා ලදී.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔහු වරක් පැවසුවේ,
“අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත්වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ අපේ ළමයින්ට දැනුම දීලා එයට නියම අගයක් ලබා දීමය.  ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පෞද්ගලික අංශය, රජය වගේම  රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් අවශ්‍යය”  යන්න ඔහුගේ අදහස විය.

එවකට අමාත්‍ය විශ්වා වර්ණපාලගේ දිරිගැන්වීම මත ඔහු සයිටම් ආයතනය පිහිටුවීමට කටයුතු කළේය. වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව සඳහා ප්‍රවේශය අවශ්‍ය වේ. ඒ සඳහා රජයේ රෝහල්වලට ප්‍රවේශවීමට ඇති කළ බාධක ඉවත් කරනුවස්  වර්තමානයේ  රජය විසින් පාලනය කරනු ලබන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සායනික පුහුණුව  වෙනුවෙන්  ඉදි කළේය.

අප රටේ වෛද්‍ය අධ්‍යාපන ගැටලු‍ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වරක් මාධ්‍යයකට මෙසේ ප්‍රකාශ කළේය.

“සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා? ඒක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පහර වදියි කියලා. ඒක නොකියා පෞද්ගලික අංශය විසින්  ආරම්භ කරන ලද  වෛද්‍ය වැඩසටහන් අවහිර කිරීමට වෙනත් විවිධ හේතු කියනවා”.

එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය අධ්‍යාපනය අපේක්ෂා කරන අපගේ ශ්‍රී ලාංකික සිසුහු ඉන්දියාවේ, නේපාලයේ, මැලේසියාවේ, බංග්ලාදේශයේ, ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, චීනය සහ රුසියාව වැනි වෙනත් රටවල වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වෙති. ශ්‍රී ලංකා රාජ්‍යයේ නියාමනය සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබා දීම වඩා හොඳ නොවේද? මෙමගින් විදේශයන්ට ඇදී යන විනිමය ඉතිරි කරගැනීමට වෛද්‍ය ප්‍රනාන්දු  මෙම වෛද්‍ය විද්‍යාලය හා රෝහල පිහිටුවිය. මෙමගින් රටට අවශ්‍ය විදේශ විනිමය සම්පත් ඉතිරි කරගත හැකි බව නොකියයි. විදේශීය සිසුන් ඇතුළත් කරගැනීම විදේශ විනිමය ඉපැයීමේ අවස්ථාවක් බවට පරිවර්තනය කළ හැකිය. තව ද, ඔවුන් නැවත අප රටට පැමිණි පසු වෛද්‍ය වෘත්තිකයකු ලෙස සුදුසුකම් ලැබීමට නම් ඇක්ට්-16 විභාගයට පෙනී සිට සමත් විය යුතුය.

සයිටම් වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. මම එවකට විපක්ෂයේ  වූ අතර රාජපක්ෂ රජයේ මෙම ව්‍යාපෘතියට එදා විපක්ෂය විරුද්ධ වූයේ නැත. 2015 දී අප බලයට පත්වන විට ව්‍යාපෘතිය ඉදිරියට යාමට බාධා නොකළෙමු. රාජපක්ෂ රජයේ මිත්‍ර පාර්ශ්වය ඔවුන්ම ආරම්භ කළ ව්‍යාපෘතියට  ජනතාව පෙළඹවීමත් සමඟම මෙම ව්‍යාපෘතියට එරෙහි විරෝධය වේගවත් විය. ජනතාව නොමඟ යවා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තම ප්‍රතිපත්තිය තමාම කැප කරන ශ්‍රී ලංකා දේශපාලනයේ ඛේදවාචකය මෙයයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ඉවත් කිරීමට විරුද්ධ වීම සහ අපේ රටේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමේ අවස්ථාව පුළුල් කිරීමට නිර්භීතව උත්සාහ කිරීම පිළිබඳව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සැමවිටම සිහිපත් කරනු ලැබේ. ඔහුගේ පරමාදර්ශය පුළුල් සමාජයේ යහපත උදෙසා අවසානයේ ජයග‍්‍රහණය කරනු ඇත.

(*** ඉරාන් වික්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී)



අදහස් (0)

හෘදසාක්ෂියට එකඟව වැඩ කළ ජීවකයාණෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1757 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site