සටන් බිම උණුසුම්ය. ප‍්‍රාණවත්ය. තෙමසක් කල් ඉක්ම ගියද සටන් බිම හැර නොයා සිටීමේ ධෛර්යය ඔවුන් සතුය. ඒ අවලාද මුගුරින් නොනැවතී පහර කමින්ය. ගිනි මද්දහනේ ගිනියම් හිරු රැුස් යටත් නා කපනා අනෝරා මහ වැසි යටත් දුවිල්ලත් දාහයත් පිරුණු වීදි මතත් ඔවුහු සටන් කළහ. රටක අනාගත බුද්ධිය තනන සිය දැනුම මව්බිමට දෑසක්ව පළඳවන ඔවුහු සටන් කළහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට තෙමසක් කල් ඉක්ම ගොස් තිබේ. මෙම තෙමසක කාලය පුරා සරසවි බිම පාළුවෙන් පිරී තිබිණි. දේශන ශාලා හුදකලා බවේ ගිලී තිබිණි. එහෙත් ජවාධික සරසවි ඇඳුරෝ සටන් කළහ. පීත්ත පටියක් සේ දිවෙන ගාලූ-කොළඹ මහ පාරේත් අගනුවර වීදි මතත් කැම්බල් පිටියේත් ඔවුන්ගේ ගැඹුරු හඬ රැව් දුන්නේය. රටක අනාගත බුද්ධිය තනන ප‍්‍රඥාවන්ත මිනිසුන්ගේ අරගලය තව දුරටත් නොසලකා හැරිය නොහැක. සටනට තෙමසක් කල් ඉක්ම ගොසිනි. ”විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වැඩි කරනු.”
සරසවි සටන |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සරසවි ආචාර්ය සටනේ මුල-මැද අග
නන්දේ Friday, 19 October 2012 12:26 AM
උගත් මෝඩයින්. අනේ පවු නේද? (නි)
ගුණරත්න Sunday, 14 October 2012 09:14 PM
මියගිය දරු දෙපළගේ ජීවිත? එහි පාඩුව එම පවුල් වලටයි. (නි)
සහන් Wednesday, 17 October 2012 09:44 AM
අනේ කොල්ලනේ උඹලා නොදනුවත්වම කෑ ගසා ජීවිත අහිමි කරගත්තේ අචාර්යවරුන්ගේ බඩගෝස්තරය සදහා නොවෙද? 6% ක් පෙන්වා නුඹලා මුලා කරගෙන නුඹලාගෙ හඩ අවදි කර නුඹලා උසිගැන්නුවා වුවත් රජය අවධානය යොමුකළේ ඔවුන් ඉල්ලා සිටි වෑටුප් වෑඩි කිරිම් ගෑන පමණි. (නි)
ලලිත් Tuesday, 16 October 2012 04:04 PM
ගින්නක් හටගත්තේය. එයට පිදුරු දමමින් සිටියා මිස ප්‍රශ්නය විසදීමට කිසිම පියවරක් නොගති. අවසානයේ පිදුරු සහ දර අවසන්වීමෙන් ගින්න නිවුනා මිස කිසිවකුත් එය නිවා දැමීමට පියවරක් ගත්තේ නැත. අළු යට හිනි තවමත් එසේමය. එබැවින් යලි කොයි මොහොතක හෝ මේ ගින්න නො ඇවිලේ යයි කාට නම් කිව හැකිද? (ස)
එන්.ජයසුන්දර Thursday, 18 October 2012 03:57 PM
මේ සේරම පඩි වැඩි වෙනකල් විතරයි..!(නු)