IMG-LOGO

සඳළි - අඛිල - අංජු දූ පුත්තු සනහති ගුරුමාපිය උතුරන සෙනෙහසින්

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

නව බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳ නව වසරක ආරම්භයට ලෝකයාම මුහුණ දෙන්නේ එකී බලාපොරොත්තු පැතූ ආකාරයෙන්ම ඉටු කර ගැනීමටය. අවුරුදු සිරිත් විරිත් නිමාවත් සමග දැයේ දූ දරුවන් අතරින් දහස් සංඛ්‍යාත දූ පුතුන් පිරිසක් දෑස් දල්වනුයේ සිය අනාගතය සිහිනය සැබෑ කරනසරසවි පිවිසුම් ඉලක්ක සපුරා ගන්නටය. 

වෙන දා මෙන්ම බක්මහේ අග මෙකී විභාගේ ප්‍රතිඵල නිකුත් වූයේ දස දෙසින් දක්ෂයන් පිළිබඳ කතා බහ කරළියට ඔසවා තබමිනි.

රජයෙන් සැපයෙන පහසුකම් අනුව රජයේ සරසවියට මං පෙත් විවර කරගන්නට හැකි වනුයේ අතලොස්සක් වූ දරුවන්ටය. විභාග සමත් වුවත් එලෙස සරසවි මං ඇවිරී ඇත්තේ දරුවන්ගේ වරදක් නිසා නොව රටේ සම්පත් බෙදී ඇති අයුරිනි. 

දරුවන් සියල්ලෝම අදක්ෂයෝ නොවෙති. සරසවියට යා නොහැකි වූ සියල්ලෝම අසමත් වුවෝදනොවෙති. ඔවුන් සඳහා යා හැකි නොයෙක් මං පෙත් තවමත් විවරව පවතී. 

ඇති හැකි අයට පුද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම කාර් මික විද්‍යාල, වෘත්තීය අභ්‍යාස විද්‍යාල, තාක්ෂණික ආයතන මින් කීපයකි.අවශ්‍යවනුයේ නිසි මගපෙන්වීමක් පමණි. බටහිර වෙද නලාව ගෙලෙහි රුවා හිපොක්‍රටිස් පොරොන්දුව සපතකර මතු දිනක සිය දරු තිදෙනාම තමන් ගිය මඟ ගන්නේ නම් එවන් මව්පියවරු දෙපළක් තුළ ඇතිවනුයේ විස්තර කළ නොහැකි වූ ප්‍රීති ප්‍රමෝදයකි.   

සිය බලාපොරොත්තු ඉටුකර ගනිමින් දෙමව්පියන්ගේ සිහින යථාර් ථයක් කරන්නට සමත් වූ එම දූ පුතුන් මෙන්ම එම දූ පුතුන් ලද දෙමව්පියන්ද සැබවින්ම වාසනාවන්තය. මේ ඒ වාසනාවන්ත දරු පවුල ගැනය. 

ඔහු ඌව පළාතේ බොහෝ දෙනා දන්නා හඳුනන හිත හොඳ දොස්තර නොහොත් දොස්තර හොඳ හිතය. වෛද්‍ය සමන්ත රාමනායක මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ වූ චන්දිමා ජයසිංහද එම රෝහලේම වෛද්‍යවරියෙකි. 

හෘද සාක්ෂියට අනුව වෙදකම ධාර්මිකව කරන්නට ඔහු නිරන්තරව කැපවුණහ. යහපත වැපිරූ ඔවුනට යහපත බරණි පිටින් අටු කොටු පුරවාලීය. හෙට දවසේ මුලු පවුලම වෛද්‍යවරුම පස් දෙනෙකුගෙන් යුත් පවුලකඅභිමානය ගෙනෙනුයේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් උදාකරමිණි. 

පුතුන් දෙදෙනෙකු සහ දියණියක ගෙන් යුත්තේ මෙම පවුලේ දරුවන් අති දක්ෂයෝ වූහ. 

උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඒ තුනක් ලැබූ වැඩිමහල් දියණිය වූ යාමිණි හිමායා සඳලි රාමනායක බදුල්ල දිස්ත්‍රික්කයේ හය වැනියා වූවාය..  නිවුන් දරුවන් වූ අංජු නිසල් නිමන්ත රාමනායක දිස්ත්‍රික්කයේ සිව් වැනියා වෙමින් ඒත් තුනක සමාර්ථයට හිමිකම් කීය. අකිල නාරද හරිත රාමනායක ඒ දෙකක් සහ බී එකක් ලබමින් දිස්ත්‍රික්කයේ පනස් දෙවෙනි ස්ථානය හිමිකරමින් සරසවි පිමි සුමට හිමිකම් ලැබීය.

" අම්මයි තාත්තයි දෙන්නම වෛද්‍යවරු. එයාල වැඩ කරන විදිහ දැක්කම ආස හිතිලා අපි තුන්දෙනා ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීමට යොමු වුණා" ඒ සඳලි රාමනායකය. 
නිවුන් සොහොයුරන් හා වැඩිමහල් සොයුරිය යන තිදෙනා අතර විටෙක අඬ දබර වුවද මොහොතකින් ඒ අමතක කර සෙනෙහෙන් බැඳුනෝය. ඇය පැවසූ පරිදී තිදෙනා එක් එක් විෂයන්ට ප්‍රවීණතාවයක් දැක් විය. 

බදුල්ල ඇටම්පිටිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබ බදුල්ල විශාකා විද්‍යාලයේ පහේ ශිෂ්‍යත්වය සමත්ව බදුල්ල මධ්‍ය හා විද්‍යාලයේ උසස් අධ්‍යාපනයට යොමු වූවාය. නිවුන් දෙසොහොයුරෝ ද ප්‍රාථමික අධ්‍යාපනය ඇටම්පිටිය විද්‍යාලයෙනුත් ඉන් අනතුරුව ඌව විද්‍යාලයට ඇතුළත්ව පහේ ශිෂ්‍යත්වය සමත්ව බදුලු මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇත. ජීව විද්‍යා විෂය ධාරාවන් හැදෑරුවද ඔවුහු ඉඩ ලද අවස්ථාවන්හි ගායනා කළහ. සංගීත භාණ්ඩ .වාදනය කළහ මුල් අවස්ථාවන්හි දෙසොහොයුරෝ චෙස් ක්‍රීඩාවේ නිරත වී ඇත. නිවසේ සිය ක්‍රීඩා භාණ්ඩ අතර කැරම් දාම් චෙස් ක්‍රීඩා වල නිරත වීමට අවස්ථාව සලසාගෙන ඇත..

අංජු රාමනායක " පාසල් විෂය ඉගැන්වීම් නැවත ප්‍රගුණ කළා. අමතර පන්ති වලට සහභාගි වුණා. ගොඩක් වෙලාවට කළේ තුන්දෙනා එකතු වෙලා පාඩම් කල එක වෙන වෙනමත් පාඩම් කරනවා. කෙටි සටහන් සකස් කරලා නැවතත් අධ්‍යයනය කරනවා. පාසලේ හිටපු විදුහල්පතිවරයා මෙන්ම වර් තමාන විදුහල්පතිවරයාත් උදව් කළා. අම්මා තාත්තා පාසලේ ගුරුවරු වගේම අමතර පන්තිවල ගුරුවරුත් හැමෝම උදව් කළා. අවුරුදු දහයක ප්‍රශ්න පත්‍ර ලිවීම තුළ ක්‍රමවේදයන් මතක හිටිනවා. අලුත් ගණන්වලට ඒක උදව් වෙනවා. අපි එකතුවෙලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. ජීව විද්‍යාව පාඩම් කළා. රසායන විද්‍යාව පාඩම් වගේම ප්‍රශ්න පත්‍රත් කළා.


දුප්පතාට සලකන හිත හොඳ දොස්තර

දෙමව්පිය ආභාෂය දරුවන්ට නිරන්තරම ලැබේ. එනිසාම දෙමව්පිය මග ගන්නට දරුවෝ බොහෝ විට උත්සාහ කරති. දරුවන්ගේ කුසලතාවය ගැන කතා කරන විට එවන් දරුවන්ගේ දෙමව්පියන් කවරහුද යන්න විමසීම වටී. 

ඔහු ඌව පළාතේ ජනප්‍රිය චරිතයකි. මට නම් ඔහු දොස්තර හොඳ හිතය. ප්‍රදේශයේ ජනාදරය දිනූ ඔහු හිත හොඳ දොස්තර මහතෙකි. මිනිසාට සමාජයට රටට යහපත සලසන කල්හි තමා කරා යහපත වාසනාව නිරායාසයෙන්ම පැමිණෙයි. එය සොබාදහමේ ප්‍රාතිහාර්යකි. 

වෛද්‍ය සමන්ත රාමනායක මහතාටත් වෛද්‍ය චන්දිමා ජයසිංහ මහත්මියටත් සිය ආදරණීය දරුවන් තිදෙනා ගෙන ආවේ සැබෑ වූ ආශිර්වාදයකි. ආශ්වාදයකි. සතුටකි. වාසනාවකි.ඒ සතුටවෛද්‍ය සමන්ත රාමනායකක මහතා මැදහත් සිතින් වචන වලට පෙරලුවේ මෙලෙසිනි.

" ඇතිවූ සතුට කියා නිම කරන්නට බැහැ. තුන්දෙනාට තුන්දෙනා හොඳින් වැඩ කළා. ඇත්තටම අපිට මැදිහත් වෙන්න වුවමනාවක් වුණේ නැහැ.”

දරුවන් දෙමව්පියන්ගේ බලපෑමකින් තොරව අධ්‍යාපන දිශාව තෝරා ගෙන ඇත. ඔවුන් දෙමව්පියන් යන මග බලා වෛද්‍ය ක්ෂේත්‍රය තෝරාගෙන ඇති බව රාමනායක මහතා පැවසීය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ඔවුහු ඒ නමයක් ලබා ගනින් සමත්වූහ. 

මේ හිත හොඳ දොස්තර මහතා ලෙඩුන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කළේ ඇටම්පිටිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නිලධාරීවරයා ලෙස සිටිනා අවධියේදීය. ඒ 2005 -2012 වකවානුවයි. ඇටම්පිටියේ සිට බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ යන නගරයන්ට පැමිණීමට ජනතාවට බොහෝ දුරක් ගෙවා දැමිය යුතුය. එනිසා අසනීපයකට බෙහෙතක් හේතක් ලබා ගැනීමට වෛද්‍යවරයෙක් හමුවට යාම දුෂ්කර කටයුත්තක්ම විය. මේ අපූරු වෛද්‍යවරයා රාජකාරී වෙලාවෙන් පසුව ම මහජනතාවට බෙහෙත් දීමට පුද්ගලික බෙහෙත් සාලාවක් ඇති කරනු ලැබීය. මුදල් නොමැති රෝගීන්ට දොස්තර මහතා මහතා  නොමිලේ ප්‍රතිකාර කිරීමට කාරුණික විය. 

එම කාලයෙන් පසුවද අඛණ්ඩව ගෙන ආ මේ ධාර් මිකවෙදැදුරු හිඳගල සිය පුද්ගලික බෙහෙත් ශාලාවේදීද නොනවත්වා පවත්වාගෙන යාමට කටයුතු කළේය. අදටත් මිලක් ගෙවා බෙහෙත් ලබාගත නොහැකි අයෙකු වේ නම් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම ඔවුන් ලද භාග්‍යයකි. එහි ඇති දැන්වීමෙහි. සල්ලි නැති නම් නොමිලේ ප්‍රතිකාර කරන අතර සල්ලි ඇති අය කැමති මුදලක් දී ප්‍රතිකාර ලබාගත හැකිය යනුවෙනි . 

ඒ නිසා රෝගීන්ටමුදලක් අතෙහි නොමැති වුවද බියක් සැකක් නොමැතිව ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සැලසුණි. ජීවක පරපුරේ මෙවන් වෙදදුරන් හමුවන්නේ කලාතුරකිනි, එනිසාම සොබාදහම දහම ඔහුට පෙරලා වාසනාව ගෙනෙනුයේද එනිසාම විය හැකිය.

 

ඇටම්පිටිය රෝහලට ඵලදායිතා සම්මාන

වෛද්‍ය වෘත්තීයට පමණක් සීමා නොවී සමාජ  මෙහෙවරක් කරන්නට වෛද්‍යවරයා පෙළඹීය. 

ඇටැම්පිටිය රෝහ‍ලේ ස්ථාන භාර වෛද්‍යනිලධාරියාව සිටියදී ඵලදායිතා සම්මාන පළාත් පළමු ස්ථානයත් ජාතික ඵලදායිතා   සම්මාන වැඩසටහනේ එම රෝහල් කාණ්ඩය අයත් සෞඛ්‍යා අංශයේ දෙවන ස්ථානය හිමිවූයේවෛද්‍යවරයා ඇතුළු කර්ය මණ්ඩලයේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසය.

රාජ්‍ය ආයතන, පන්සල් හා ගම්වැසියන් ඒකරාශී කරමින් විවිධ වැඩසටහන් ශ්‍රමදාන මෙන්ම කලින් කලට විවිධ උත්සව සංවිධානය කිරීම සිදු වූයේ ඔහුගේ මූළිකත්වයෙනි. මගපෙන්වීමෙනි. ලේ දන්දීම වැනි වැඩසටහන් ප්‍රදේශයේ රැකියා නොමැති පිරිස් වෙනුවෙන් ස්වයංරැකියා වැඩ මුළු පැවත්වීම බදුලු රෝහලට යොමුකොට ඇස් කන්නාඩි ලබාදීම සහ අක්ෂි සැත්කම්වලට යොමු කිරීම වැනි සමාජ සත්කාරක වැඩසටහන් රැසක පුරෝගාමීව කටයුතු කළ බව වෛද්‍යවරයා පැවසීය. කළ හොඳ ඔහු වටා කැරකෙන්නට වීම අරුමයක් නොවේ. 

" අපි හැම වෙලාවෙම ප්‍රාර් ථනා කරන්නේ රෝගියෙක් සුවපත් වීමට රෝගියකුට යහපතක් වීමටයි. තරහ ක්ෂණිකව ඇති වුණත් එයාටත් අපි සුවය සහ මෛත්‍රිය කරනව. ඒ වගේ අදහස් ආවාම අපට වරදින්න විදිහක් නැති වෙයි කියලා මං හිතනවා. 

තරහකාරයෝ නැහැ.අපි එක්ක තරහ උනත් බලෙන් හරි අපි යාලුවෙනවා. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඇතිවුන හොඳ සිතුවිල්ල ක්‍රියාවට නගන්නට මගේ බිරිඳගේ දරුවන්ගෙ සහාය ලැබෙනවා. ඉතින් අපට වරදින්න විදිහක් නැහැ. අපට ප්‍රශ්නයකුත් නැහැ"

ජීවක පරපුරේ ඇති වූ ඇතැම් කළු පැල්ලම් අපට මතකය. එකී ක්‍ෂේත්‍රයට කළු පැල්ලම් එක්කරමින් හිරගෙට නියම වූ ඇත්තන් ගැන අසා ඇත්තෙමු. දරිද්‍රතාව ඉවසා ලිය නොහැකිව සිය දුප්පත් පවුල ගොඩ නගා අග හිඟකම් මගහරවා ගැනීමට ගමෙන් නගරයට විත් ඇඟලුම් සේවයේ නිරත වූ යුවතියක දූෂණය කොට මීගමු රෝහලේ උඩුමහලෙන්  බිම හෙලූ හැටි අපට මතකය . 

ඉඳහිට එවන් කටුක අත්දැකීම් අතරට මෙවන් දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇති රට කෙතරම් සුන්දරද? මෙවන් වෛද්‍ය පවුලකින් හෙට දවසේ බිහිවන වෛද්‍යවරු තිදෙනා ගෙන්ද මාපිය උරුමයේ ගුණ සුවඳ විහිදෙනු ඇත. 

 

 



අදහස් (0)

සඳළි - අඛිල - අංජු දූ පුත්තු සනහති ගුරුමාපිය උතුරන සෙනෙහසින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 20 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 238 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site