IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සිතුවමට පණ පෙවූ මහනුවර වැව රවුමේ වීදි සිත්තරා

ගීත ගැයීම  හා රඟපෑම මාධ්‍යයේ වැඩි වශයෙන් දකින්නට ලැබුනත් චිත්‍රයක් නිර්මාණය කිරිම වැඩි වශයෙන් මාධ්‍යයක දකින්නට නැති බවත් ගායක ගායිකාවන් නළු නිළියන් සේම චිත්‍ර ශිල්පීන්ද කලාකරුවන් බවත් චිත්‍ර ශිල්පීන්ට නැති අවධානය ලබා ගැනීමට තමා වීදි චිත්‍ර ශිල්පියකු ලෙස දිවයිනේ නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් සජීවී හැඩතල බලා චිත්‍ර නිර්මාණය කිරිමට පෙලඹුන බව  “ මහනුවර වැව රවුමේ වීදි සිත්තරා “ නමින් ප්‍රසිද්ද මංජුල ස්වර්ණපාලි පවසයි.

සේරුවාවිල ප්‍රදේශයේ උපත ලබා පාසල් කිහිපයක අධ්‍යාපනය හැදැරුවත් පාසලේදී සංගීතය චිත්‍ර කලාව ආදි කිසිම විෂයක් කෙරෙහි උනන්දුවක් දැක්වීමක් සිදු නොවුණු බවත් ඔහු කීවේය.

‘ඥාතියකුගේ මරණ ගෙදරකදී ගමේ අයියා කෙනෙකු රෙදි කැබැල්ලක  “ අනිච්චාවත සංඛාරා “කියල අඳිනවා මම බලන් හිටියා. ඒ නිර්මාණය දැකීමෙන් චිත්‍ර කලාවට ආසාවක් ඇතිවුනා. ඉන් පස්සෙ මම  යම් යම් ක්‍රම අනුව නොයෙක් අකාරයේ නිර්මාණ කළා. අපේ  ප්‍රදේශයේ අලි බෙටි බහුලව ඇති නිසා ඒවා වේලා නිර්මාණය කරන්න මම පෙළඹුණා. ඒ අතීතය ඉතාම සුන්දර හා කටුක අතිතයක්‘ යැයි ස්වර්ණපාලි සඳහන් කරයි. බවද මංඡුල ස්වර්ණපාලී මහතා  කීයා සිටි.

ඔහු සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.

‘චිත්‍ර කලාව ක්‍රමක් ක්‍රමයෙන් අත්හදා බලමින් ඉන්නකොට ඒ දවස්වල අපේ ගෙදර පොඩි පොඩි සාද තිබ්බා. මම ඩොල්කිය ගහන්න පුරුදු වුණා. අපේ මාම කෙනෙක් හිටියා සුසිල් මාමා කියලා. එයාගෙ කැඩිච්ච මැඩලින් එකක් තිබිල මට දුන්න හදාගන්න කියලා. මම ඒක හදාගෙන මම කෝඩ්ස් ටිකක් සර් කෙනෙක්ගෙන් ඉගෙන මගෙම මහන්සියෙන් සංගිතය දැනගෙන මේ වන කොට මට සංගීත භාන්ඩ 10 ක් පමන වාදනය කරන්න පුළුවන්. මම අලි මලපහ වලින් සෙරෙප්පු කාරාඹු වගේ තවත් නිර්මාණ එකතුවක් කරල ඒකට පේටන් බලපත්‍රයක් ගන්න සියලුම කටයුතු කළා. මොකද මම අලි මළපහ වලින් කරන නිර්මාණ කවුරුත් ලංකාවේ මේ වෙනකම් කරල නැ.මට ඒ සදහා අවශ්‍ය මුදල් හොයා ගන්න අවශ්‍ය වුණා. අනික මේ සදහා මට කැපවෙන්න වෙනව දිගු කාලයක් මට ඒ අවස්ථාව සදහා කන්න බොන්න දෙන්න කවුරුත් නැ. ඒ නිසා මම අවුරුදු   3ක් පමණ මිගමුව කඳාන ජා-ඇල අවට දුම්රියවල ගිත කියමින් ඒවට අවශ්‍ය මුදල් හොයා ගත්තා. අලි මළපහ වලින් නිර්මාණ එලිදැක්වුවාට එයට පේටන් බලපත්‍රයක් ගන්න විශාල මුදලක් යනව ඒකට මගේ ව්‍යාපාරයට තව කෙනෙක් හවුල් වුණා. නමුත් ප්‍රතිලාභ බොදා ගැනිම ඔහු විසින් වැරදි ආකාරයට කතා කළ නිසා එ‍් සිහිනය එතනින්ම නැති වුණා.

නමුත් ඒ නිරිමානය කිරිමේ හැකියාව තවමත් මා සතුයි. ඒ වගේම සේරුවාවිල ගම් ප්‍රදේශයේම ආදරය කළ යුවතියක් වු නිමාලි සුභාෂනි සමග යුග ජීවිතයට එළැඹීමද මා ලද වස්තුවක්‘ යැයි ඔහු පැවසීය.

‘කෙසේ වෙතත් මේ වනකොට මගේ ආර්ථිකය හොඳටම නැති වෙලා. නමුත් මට සංගීත හැකියාව ජිට් කුංඩෝ සටන් කලාව වගේම මුර්ති කලාව,මැටි රුප ඇඹීම, බුදු පිළිම නෙලීම, ලී කැටයම් නිර්මාණය, අයිස් කාවින් නිර්මාණය, ගල් කැටයම් වගේම පෙන්සිල් ආර්ට්ස්, පැස්ටල් සිතුවම්, වෝටර් කලර්ස්, ඔයිල් පේන්ටින්, පාරම්පරික ක්‍රමයට චිත්‍ර ඇඳීමද හැකියාවක් ඇති නිසා ඉතාම ඉක්මනට දියුණු වෙන්න ඕන කියල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයකට මම සහභාගි වුණා. ඒ ප්‍රදර්ශනයේ මම රෑ 12 වෙනකම් චිත්‍ර ඇන්ඳා. ඉන් පසුවත් තවත් තැන් වලට ගිහින් චිත්‍ර ඇඳල සැහෙන මුදලක් හොය‍ාගෙන ස්ථාවරයකට ආවා‘ යැයි පැවසූ ස්වර්ණපාලි තමා ලත් දැනුම අන් අයටත් බෙදා දීමේ වුවමනාව නිසා මහනුවර වැව රවුමේ කිසියම් වස්තුවක් හෝ පුද්ගලයෙකු දෙස බලාගෙන සජීවී චිත්‍ර ඇඳීම ආරම්භ කළ බව කීය.

‘මහනුවර මට කිසි කෙනෙකුගෙන් මේ වන විට අවහිරයක් වෙලා නෑ. මම ඒ අයටත් ස්තුතිය  පුද කරනවා මගේ කටයුත්ත කරගෙන යන්න අවහිරයක් නොකිරීම සම්බන්ධයෙන්. මට හැකියාවක් තියෙනව මාස තුනකින් නිවැරදිව සිතුවමක් නිර්මාණය කිරිමට හැකි දක්ෂතාවයකින් යුත් දරුවෙකු බිහි කරන්න. එහෙම දරුවන් මම විශාල වශයෙන් මේ වන විට සමාජය‍ට බිහි කර අවසන්‘ යැයි ද ඔහු කීවේය.

ආරන්‍ය සේනාසන හා  විශාල වශයෙන් වෙහෙර විහාර සිතුවම් කළ  අතර සේරුවාවිල මංගල රජමහා විහාරයේ  බුදු පිළිම නිර්මාණය හා සිතුවම් කළ බවද මංජුල ස්වර්ණපාලි සිහිපත් කරනුයේ ගෞරවයෙනි. 077 583 6090/ 071 096 5102 ඔහු සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයන්ය. 

3-SERUWAVILA 10art615 art615 art615-2 art615-3art615-4



අදහස් (5)

සිතුවමට පණ පෙවූ මහනුවර වැව රවුමේ වීදි සිත්තරා

කමල් Friday, 17 June 2016 01:51 AM

තෙරුවන් සරණයි ඔබට! (නි)

:       0       0

අනුල Thursday, 16 June 2016 05:36 AM

උතුම් වූ දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

අජිත් Saturday, 18 June 2016 08:49 AM

ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

රූපා Wednesday, 15 June 2016 12:23 PM

කල ලොවේ විශ්වකර්ම පරපුරකට. නෑකම් කියනවද ඔයා. (අ)

:       0       0

සුපිපි සියපත Friday, 20 December 2019 07:52 PM

ෂා... ලස්සනයි. ඔබේ දුරකථන අංක සටහන් කර ගත්තා. පසුව කතා කරන්න. ජයවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29166 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18218 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11442 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 710 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site