IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


සීගිරිය

කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත. අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය. මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය. සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි. ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය. අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ. සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි. සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත. පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුර‍ට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි. සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි. ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය. පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි. සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති. 18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත. සීගිරි පර්වතය සීගිරියේ දර්ශනයක් ගුවනේ සිට කැටපත් පවුර සිංහ පාද සීගිරි පර්වතය මත ඇති මාළිගාවේ නටඹුන් ශෛලමය සිංහාසනය සීගිරි පර්වතයට යන දුර්ග මාර්ගය සීගිරියේ චිත‍්‍ර පිටපත් කිරීම හා පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කළ අවධියේ ගන්නාලද ඡායාරූප



අදහස් (20)

සීගිරිය

ගයා Wednesday, 13 June 2012 04:25 PM

සීගිරි බඹරු කොහේවත් යවන්න එපා

:       0       3

විශාකා Wednesday, 13 June 2012 05:09 PM

සිගිරිය ලෝක උරුමයකී. ලෝක උරුම රැකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.

:       2       1

සංජය Thursday, 09 October 2014 12:28 PM

කාශ්‍යප රජු රජකළ අවුරුදු 18ක් වගේ කෙටි කාලයකදී සීගිරිය වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නය කාගෙවත් සිතට නොඑන්න ඇති. (නි)

:       1       5

කුමුදුමලී Thursday, 07 June 2012 01:36 PM

බොහොම ස්තූතියි. කරුණාකර " හිරිවදුන්න" ඉතිහාස තොරතුරු පලකරන්න...

:       4       7

නිමල් ඇරෑපෝරුව Friday, 30 November 2012 09:31 AM

ලොකයටම උරුම වූ සීගිරිය මතු පරපුර වෙනුවෙන් රැක ගමු. (ස)

:       0       4

චමින්ද Thursday, 23 August 2012 01:45 PM

ඉතා හොඳයි මෙය අප රැක ගත යුතුයි, මෙවැනි තවත් ලිපි ඉදිරි පත් කරන්න අපගේ සහයෝගය ලබා දෙන්නම්.(ස)

:       0       1

චමික Thursday, 14 June 2012 01:33 PM

ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා

:       0       0

නිශාන්ත Monday, 19 December 2011 03:03 PM

කසුප් රජ බල කොටුව සිහගිරිය පර්වතය මවයි සිත මන ලොල්ව ලකඹ රේ ඔද තෙදය ලොව මවිත නොවේවිද පෑ විකුම් රජ නිරිද සිහ ගිරිය නිමාකරු නුඹයි කස්සප නිරිදු

:       2       0

සදුන් Thursday, 14 June 2012 01:36 PM

ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. බඹරු යවන්න එපා

:       0       0

ඩබ්.දුල්මිණි නිලන්ති Wednesday, 19 December 2012 02:45 PM

අ‍පේ යුතුකම ඉටු කරමු (ස)

:       0       0

සුපුන් Monday, 18 June 2012 07:03 AM

සීගිරියේ නිර්මතෘ කාෂ්‍යප රජතුමා ඒ බවට පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍ර සාක්ෂි දරනවා. හුදෙක් තම ජනප්‍රියත්වය උදෙසා එක් එක් පුද්ගලයන් විසින් එහි ඉතිහාසය විකෘති කිරීමට උත්සාහ ගැනිම අප හෙළා දැකිය යුතුයි.

:       0       0

නිමල් අමරසිරි Wednesday, 19 December 2012 03:47 PM

පෙර මුතුන් මිත්තන් අපට ලබා දී ඇති මේ දායාද ඉදිරි පරපුරටයි. අද පරපුරට මෙවන් මවිත කරන විස්කම් කිරීම තියා සිතන්නටවත් බැරිය එම නිසා මෙය රැක ගැනීම අප කාගේත් වගකීමයි (ස)

:       0       0

අමල් Friday, 22 June 2012 01:30 PM

අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන්ගේ වගකීමයි. (ස)

:       0       5

ගයාන් ප්‍රදීප් Thursday, 02 October 2014 10:10 AM

ඉතා හොද ඉදිරිපත් කිරීමක්.ඉදිරියට තවත් තොරතුරු පලකරන්න.(අ)

:       0       2

දෙනෙත් Thursday, 01 November 2012 05:46 PM

ඔබේ සේවය විශිෂ්ඨයි. (ස)

:       0       0

තිසරු නයනජිත් Sunday, 25 September 2016 04:19 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       4       7

නදීකා Friday, 03 June 2016 01:46 PM

ගොඩක් හොද දෙයක් මේක අපි ව‍ගේ පාසල් ‍යන ළමයිට තොරතුරු හොයාගන්නත් පුලුවන් (හේ)

:       0       2

අභිෂේක් Thursday, 21 June 2012 03:42 PM

ඉතා හොදයි.නෙලුම් පොකුණ ගැන විස්තරයක් මගේ ඊ-මේල් එකට එවන්න

:       0       1

තෙනූජා සුමින්දි Saturday, 15 December 2018 01:36 PM

ශීෂ්‍යාවක් ලෙස මට මෙය ප්‍රයෝජනවත් වුනා. සෑදූ සැමට ස්තුතිවන්ත වෙමි

:       0       1

දිනෙත් සත්සර Thursday, 10 December 2020 07:13 AM

හැකි නම් භාෂා කිහිපයකින් පල කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අයි.එම්.එෆ්.. රටේ ප්‍රශ්න විසඳෙයිද?
2024 ජුනි මස 18 115 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ලබාගෙන ඇති විස්තීරණ ණය පහසු කමේ තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 336ක් පසුගියදා නිකුත් කළේය. ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ප


පරිත්‍යාග රැසක් සිහිකරන හජ් වන්දනාව
2024 ජුනි මස 17 77 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (17) යෙදී ඇත. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.


මෝදිගෙන් ගතයුතු පාඩම්
2024 ජුනි මස 17 311 0

ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය, දෙවතාවක් අගමැති ධුරය හෙබවූ නරේන්ද්‍ර මෝදි හා නේරු පවුලේ බලයේ උරුමකරු වූ රාහුල් ගාන්ධි යන ප්‍රධාන තරගකරුවන් දෙදෙනාම කනස්


පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 17 94 0

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළින් කෝටි ගණනක් ගසාකෑ බවට චෝදනා ලැබ සිටින පොහොර සමාගම් හතකට සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ පහකට එරෙහිව අධිකරණයට කරුණු වාර


හිටිගමන් මතක් වූ දහතුන
2024 ජුනි මස 15 310 1

උතුරේ ඇතැම් දේශපාලනඥයන් ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන්නේද නැත්නම් වෙනම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේදැයි විවාද කරමින් සිටින අතර තුර දකුණේ ප


ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?
2024 ජුනි මස 15 201 0

මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1329 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3051 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site