IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සෞඛ්‍ය සේවයේ ලිංගික අතවර

සෞඛ්‍ය අමාත්‍යංශය තරම් ලිංගික අතවර පිළිබඳව පැමිණිලි ලැබෙන වෙනත් අමාත්‍යංශයක් නොමැති බව සෞඛ්‍ය ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අනුරාධපුරය හෙද විද්‍යාලයේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශකර තිබිණි. වෙනත් කිසිම අමාත්‍යංශයක නොමැති තරමට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ලිංගික බලහත්කාරකම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයිද ඇමැතිවරයා ප‍්‍රකාශ කර ඇත. අද කි‍්‍රයාත්මක වන අමාත්‍යංශ සංඛ්‍යාව 50 කට අධිකය. මේ අමාත්‍යංශ සියල්ලගෙන් ලිංගික අතවර වැඩි ප‍්‍රමාණයක් සිදුවන අමාත්‍යංශය තම අමාත්‍යංශය බව ප‍්‍රකාශ කළ එකම ඇමැතිවරයාත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා විය හැකිය. ඇමැතිවරයකු ප‍්‍රසිද්ධ රැුස්වීමක කිසිවක් ප‍්‍රකාශ කරනු ලබන්නේ දැඩි වගකීමකිනි. එය කිසිසේත් අසත්‍යයක් විය නොහැකිය. අපි මේ කී කතාව පසුපස ගියෙමු. මේ වනවිට රජයේ රෝහල් සංඛ්‍යාව 632කි. වෛද්‍යවරු 17080 ක් හෙදියන් 29929ක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ඊට අදාළ රෝහල්වල මුළු ශ‍්‍රම බලකාය 112334 කි. වර්ෂ 2009 දි ඒක පුද්ගල සෞඛ්‍ය වියදම රුපියල් 3496ක් වී ඇත. වර්ෂ 2010 දී සෞඛ්‍ය අංශය සඳහා වූ රාජ්‍ය වියදම රුපියල් බිලියන 73.8ක් වී ඇත. මේ තරම් විශාල ශ‍්‍රම බළකායක් ඇති සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ රෝහල්වල විනය පිරිහීම බලවත් අවාසනාවකි. රටේ ඉහළම තැනක සෞඛ්‍ය සේවාව තිබුණත් එහි කීර්තියට ගෞරවයට හා නම්බුවට හානිකර වන ලෙස සිදුවන මෙවැනි අතවර සෞඛ්‍ය සේවයට බරපතළ ප‍්‍රශ්නයක් වී ඇත. මෙවැනි සිදුවීමක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා විය. සුළු සේවිකාවන් දෙදෙනෙක් තම විවේක කාලයේදී රාති‍්‍ර නිදා ගන්නා අවස්ථාවේ හෙද නිලධාරින් දෙදෙනෙක් බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී හිරිහැර කළ බවට ඔවුන් පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අදාළ පුද්ගලයන් දෙදෙනා වැඩ තහනමට ලක් කළ අවස්ථාවේ ඊට විරුද්ධව නැගී සිටියේ රෝහලේ හෙදියන් පිරිසක් බව කියැවේ. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ පසුගිය 8 වැනිදාය. කාන්තාවන් හිංසනයට ලක්වන අවස්ථාවේ ඒ සඳහා නැගී සිටිය යුත්තේ විශේෂයෙන්ම කාන්තාවන්ය. එහෙත් මෙහිදී තමන්ට හිංසාවක් සිදුවූ බවට කාන්තාවන් දෙදෙනෙක් පැමිණිලි කර ඒ පිළිබඳව චූදිතයන් වැඩ තහනමට ලක් කළ අවස්ථාවේ ඒ තහනමට විරුද්ධව නැගී සිටියේ කාන්තාවන්මය. චූදිතයන් අනිවාර්ය නිවාඩු යැවීමට සිදුවූ අතර පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ඔවුන් දැන් සියලූ වැටුප් සහිතව නිවසට වී සිටිති. සිද්ධියට අදාළ චූදිතයන් දෙදෙනා සත්‍ය වශයෙන්ම වැරැදිකරුද, නිවැරැදිකරුද කියා ප‍්‍රකාශ කළ නොහැක. ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතී. හිංසනයට ලක්වූ සුළු සේවිකාවන් දෙදෙනාට දැන් එම රෝහලේ රාජකාරි කළ නොහැකි තත්ත්වයක් පවතින බව වාර්තාවේ. අනෙකුත් අයගේ රැවුම් ගෙරවුම් හා හිරිහැර කිරීම් නිසා වෙනත් ස්ථානයකට මාරු කර යවන ලෙසට ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර දැනටමත් එක් කාන්තාවක් වෙනත් රෝහලකට මාරුකර යවා ඇත. මෙවැනි තවත් අතවර කිරීමක් පිළිබඳව කොළඹට නුදුරු රෝහලකින් වාර්තාවී ඇත. රෝහලේ සුළු සේවක අංශයට පැමිණි තරුණියට දෙවන දිනයේ කංකානමගෙන් ( ඕවර්සියර්) පණිවිඩයක් ලැබී ඇත. මිනී කාමරයේ කිසියම් රාජකාරි කටයුත්තක් ඇති නිසා වහාම වාර්තා කරන ලෙසට එමගින් නියම කර ඇත. මෝචරියට ගිය සේවිකාවට බරපතල ලෙස හානියට පත් සිරුරක් එතැනින් ඉවත් කිරීමට උදව් කරන ලෙසට නියම කර ඇති බව සඳහන්වේ. තමන් සේවයට පැමිණි දෙවැනි දිනයේ වූ මෙම සිදුවීම දරා ගන්නට නොහැකිවූ සේවිකාව සිහිසුන් වී ඇති අතර ඇය යළි සිහිය ලබන විට කාමරයක් තුළ නිරුවතින් සිටි බව පැමිණිලිකර තිබේ. එම කාමරයේ දොර අගුළු දා තිබූ අතර ඇය කෑ ගසා අසල සිටි සේවිකාවක් ලවා දොර විවෘත කරවා ගෙන ඇත. මේ අප‍්‍රසන්න සිදුවීමෙන් කම්පාවට පත් එම තරුණිය ඉන්පසු සේවයට නොගියාය. විශේෂයෙන් සුළු සේවිකාවන් වශයෙන් සේවයට අලූතින් පත්වන තරුණියන්ගෙන් ඇතැමෙක් මෙවැනි බලහත්කාරකම් වලට භාජනය වෙති. වැඩි වශයෙන් ඔවුන්ගේ රාජකාරි කටයුතු සොයා බැලීමේ යෙදී සිටි කංකානම්වරයාගෙන් මෙවැනි අඩත්තේට්ටම්වලට මුහුණදීමට සිදුවන බව වාර්තාවේ. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සඳහා අදාළවන ආකාරයේ පරීක්ෂණයක් රෝහල්වලින්ම බිහිවී තිබීම අවාසනාවකි. ප‍්‍රධානියාගේ අවශ්‍යතාවයට ඉඩ නොලැබුනොත් ඒ මොහොතේ සිට විවිධාකර කෙනෙහිලිකම්වලට එම සේවිකාවන් ලක් වෙන බවද වාර්තාවේ. එවැනි කාන්තාවන් දුෂ්කර රාජකාරි සඳහා යෙදවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. එවැනි තැනැත්තියන් ප‍්‍රධානියාට අවනත වුවහොත් ඉතා පහසු රාජකාරිවල යෙදවීම සිදු වෙයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ලිංගික අතවර පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඇතැම් සුළු සේවිකාවන් පමණක් නොව හෙද සේවයේ යෙදෙන කාන්තාවන්ද අතවරයට පත්වන අවස්ථා වෙයි. බොහෝ විට මේවා පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඉදිරියටත් සේවය කිරීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙනි. වෛද්‍ය සේවයේ යෙදී සිටින ඇතැම් අය පිළිබඳ මෙහිදී සඳහන් කළ යුතුව ඇත. පරිපූර්ණ සර්ව සාධාරණ සේවයක් කරන බව සඳහන් කරන සෞඛ්‍ය සේවයේ ඇතැම් අය සිදු කරනු ලබන බලහත්කාරකම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් කි‍්‍රයාත්මක වීමට මැළිකමක් දක්වන බවද වාර්තාවේ. සෞඛ්‍ය සේවයේ ස්ථානයක මළ පවාහන ටැංකියක් පිරිසුදු කිරීමේදී එහි තිබී උපත් පාලන කොපු 5000ක පමණ ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. මළ නාළිකාව හිරවී අප ද්‍රව්‍ය බැහැරවීම වැළකී තිබීම නිසා ඒවා පවිත‍්‍ර කිරීමට පැමිණි සේවකයන්ට මේවා දක්නට ලැබී ඇති අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරියකුද එය පරීක්ෂා කර ඇති බවද දැන ගන්නට ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශවලින් වාර්තාවන මෙවැනි දෑ බරපතල සිදුවීම්ය. රෝහල් යනු හෝටල් නොවේ. රාජකාරි අවස්ථාවේ හිංසනවලින් ඉතා සුළු ප‍්‍රමාණයක් පැමිණිලිකරනු ලැබුවත් සියයට 98ක පමණ ප‍්‍රමාණයක් වාර්තා නොවේ. උසස්වීම, මාරුවීම, පහසු සේවා ස්ථානයක් ලබා ගැනීම යනාදී හේතු නිසා හිංසන කි‍්‍රයා බොහොමයක් තමන්ටම විඳ දරා ගැනීමට සෞඛ්‍ය සේවයේ යෙදී සිටින බොහොමයක් කාන්තාවන්ට සිදුවී ඇත. මෙසේ වූයේ ඇයි? සෞඛ්‍ය ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විමසුවෙමු. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන ලිංගික බලහත්කාරකම් ප‍්‍රමාණය හැකිතාක් දුරට මග හැරවීම සඳහා සෑම රෝහලකටම පාහේ ”දුක්ගන්නා රාළ” කෙනෙක් පත් කිරීමට පියවර ගන්නා ලෙස චක‍්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී ඇත. රෝහලේ වෛද්‍යවරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ හෙදියක් දුක්ගන්නා රාළ වශයෙන් පත් කෙරෙනු ඇත. මීට අමතරව කාන්තා හිංසනය වෙනුවෙන් ලබන දඬුවම් හා පවත්නා නීති පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙසටද රෝහල් අධ්‍යක්ෂවරුනට උපදෙස් දී තිබෙනවා. මීට අමතරව පෝස්ටර් ව්‍යාපාරයක් මගින්ද හිංසනයේ බරපතළකම පිළිබඳව රෝහල් සේවකයන් දැනුවත් කරනවා. මේ හිංසනය පිළිබඳව සෞඛ්‍ය සේවකයන් දැනුවත් කිරීමට සිදුවී ඇත්තේ මෙවැනි කි‍්‍රයා පිළිබඳව ලැබෙන චෝදනා එන්න එන්නම වැඩිවී තිබීම නිසයි. අද රටේ ඉහළම තැනක සෞඛ්‍ය සේවාව තිබුණත් කනගාටුවෙන් වුවත් කිව යුතු දෙයක් තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ කීර්තියට, ගෞරවයට, නම්බුවට මෙවැනි සිදුවීම් බරපතළ ප‍්‍රශ්නයක්. මා පත්වී මාස 22ක් තුළ ලැබී ඇති පැමිණිලිවලින් වැඩි ප‍්‍රමාණය ලිංගික අතවර පිළිබඳවයි. සෞඛ්‍ය සේවයේ විනය, හික්මීම, ආරක්ෂා කිරීම සඳහා ලැබෙන එවැනි පැමිණිලි ගැන පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. සමහර අංශවල ප‍්‍රධානීන් මෙවැනි පැමිණිලි ගැන අවධානයක් යොමු කරන්නෙ නැහැ. හැම කෙනෙක්ම හෘද සාක්ෂියට එකඟව තනතුරට සුදුසු පරිදි කටයුතු කළ යුතුයි. ඒ විනය හික්මීම, සදාචාරය සැම කෙනෙක් ළඟම තිබිය යුතුයි.

දයාසීලි ලියනගේ
 



අදහස් (0)

සෞඛ්‍ය සේවයේ ලිංගික අතවර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site