(සටහන - එස්.ඒ.වයි.ද සිල්වා)
දකුණේ උපත ලද අයකු පළමුවෙන් මේ රටේ අගමැති පදවියට පත්වූයේ ආචාර්ය විජයානන්ද දහනායක මහතායි. ඒ මෙරට පස්වැනි අගමැතිවරයා වශයෙනි.
1956 දී බලයට පත් අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූයේ ගාල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයානන්ද දහනායක මහතාය.

ඊට පෙර පැවති රජයෙන් පාසැල් දරුවන් දිවා විවේකයේදී කිරි වීදුරුවක් ලබා දීම සිදු කෙරිණි. එහෙත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා අගමැති පදවියට පත්වීමෙන් පසු කිරි වීදුරුව ලබාදීම අත්හිටුවා තිබිණි. විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ අනුමැතිය ඇතුව පාසල් දරුවන්ට නවතා තිබූ කිරි වීදුරුවත්, ඊට අමතරව බනිස් ගෙඩියකුත් ලබා දීමට පියවර ගත්තේය. මේ නිසා එවක පාසල් සිසුන් සියලූ දෙනාම දහනායක මහතා හැඳින්වූයේ ”බනිස් මාමා” යනුවෙනි. ඇමතිවරයෙක් වුවද දහනායක මහතාද එම ඇමතීමට දැඩි ප‍්‍රසාදයක් දැක්වූවා මිස එරෙහි වීමක් නම් නොවීය. පාසලේ දිවා කාලයේදී ලබා දුන් කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු පාසලේ සිසුවකු මිය ගියේය. එම මරණයට හේතුව පාසලෙන් දුන් කිරි පානය කිරීම නිසාම නොවීය.
වෙනත් අසනීපයකින් මියගොස් තිබිණි. මෙම සිද්ධිය මූලික කරගෙන වාමාංශික දේශපාලන නායකයෝ විජයානන්ද දහනායක ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී නොයෙකුත් අවලාද නගන්නට වූහ. පාසලෙන් දුන් කිරි වීදුරුව පානය කිරීම හේතුවෙන් මරණය සිදුවූ බව වාමාංශික දේශපාලන නායකයෝ කීහ. මේ අයගේ දැඩි වාග් ප‍්‍රහාරය පිළිබඳව දහනායක මහතා කලබල නොවීය. ”මේ පාසල් ශිෂ්‍යයා මිය ගිය බව ඇත්ත. පාසලෙන් දුන් කිරි වීදුරුවත් පානය කළ බවත් ඇත්ත. මිය යාමට පෙර කිරි වීදුරුව පානය කළ බවත් ඇත්ත. එහෙත් කිරි පානය කිරීම මරණයට හේතුව නොවෙයි. වෙනයම් අසනීපයකින් මිය ගොස් තිබෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු යම් කෙනෙක් බණ ගෙදරකට හෝ පන්සලකට ගොස් බණ අහල ගෙදර එන විට මිය ගියා කියල, එවිට ඒ මරණයට හේතුව බණ ඇසීමද? එහෙම වෙන්නේ නැහැ නේද? මේ මරණයත් ඒ වගේ සිද්ධියක් විතරයි.” අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතාගේ මෙම විග‍්‍රහයෙන් පසු වාමාංශික දේශපාලන නායකයෝ නිරුත්තර වූහ. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පසුව පැමිණ දහනායක මහතාට ප‍්‍රශංසා කළේය.
2025 නොවැම්බර් මස 04
173
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාමාංශික නායකයන් නිරුත්තර කළ ‘බනිස් මාමා’